Janahada

Janahada නිහඩ මිනිසුන් වෙනුවෙන් නැගෙන හඩ.

නිතිය වල් වැදී ඇති රටක. නිහඬ මිනිසුන්ගේ සියළු දුක්ඛ දෝමනස්සයන්, අදෝනාවන්, විලාපයන් බොල් අහසේ මැකී යනු ඇත. බහුතරයක් දේශපාලන පක්ෂ පුද්ගලික සමාගම් බවට පත්ව ලාභ ලබන ව්‍යාපාර බවට පත්ව ඇති යුගයක නිමිසුන් වෙනුවෙන් දේශපලනය කල යුතුයැයි සිතන මිනිසුන් වෙනුවෙන් ජන හඬ සයිබර් අවකාශයේ නැගෙනු ඇත.

23/11/2024

"සහල් ඒකාධිකාරය බිඳින්න හැකිදැයි ජනපති තමන්ගෙන්ම ප්‍රශ්න කළ යුතුයි"

සහල් ප්‍රශ්නය විසඳන්නට නම් රටේ සහල් ඒකාධිකාරය බිඳ දැමිය යුතු බවත් එය තමාට කළ හැකිදැයි ජනාධිපතිවරයා තමාගෙන්ම ප්‍රශ්න කරගත යුතු බවත් ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

අද රටේ ඉතා කුඩා කණ්ඩායමක් වී මිලදී ගැනීමේ සහ සහල් තොග වෙළෙ¼දාමේ යෙදී සිටින නිසා සියල්ල තීරණය කිරීමේ බලය ඔවුන් වෙත තිබෙන බවත් ආණ්ඩුව කළ යුත්තේ ගැසට් නිකුත් කිරීම නොව සහල් ඒකාධිකාරය බිඳ තරගකාරීත්වයක් ඇති කිරීම බවත් ඔහු පවසයි.

ඒ නිසා අනිවාර්යයෙන්ම රජයේ මැදිහත්වීමක් ඊට අවශ්‍ය නමුත් පාලකයන්ට ඒ පිළිබඳ දැක්මක් හෝ ඕනෑකමක් නොමැති නිසා අසරණ වෙන්නේ රටේ පොදු ජනතාව බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමට කලින් ඔහු සම්බන්ධයෙන් විශාල ප්‍රතිරූපයක් සහිත ප්‍රබන්ධයක් ගොඩනැඟූ අතර අද අයිස් කන්දක් දියවෙන සේ ඔහුගේ සැබෑ ස්වභාවය හෙළිවෙමින් තිබෙන බවත් එය තේරුම් ගැනීමට තිබෙන හොඳම ක්‍ෂේත්‍රය අපේ රටේ කෘෂිකර්මාන්තය බවත් ඒ මහතා කියයි.

සහල් මිල පාලනය කිරීමට විද්‍යාත්මක නොවන, තර්කානුකූල නොවන විසඳුම් ආණ්ඩුව ඉදිරිපත් කළ බවත් ඒ සඳහා ගැසට් නිකුත් කළ බවත් සිහිපත් කළ හෙතෙම මීට සති දෙකකට පමණ පෙර තමා මාධ්‍ය හමුවකදී සහල් මිලට සම්බන්ධ ගැසට් නිවේදනය හකුළා ගන්නා බවට අනාවැකියක්ද පළ කළ බවත් කීය.
- අනුරාධා හේරත් (මව්බිම)

11/06/2024

Address

Kelaniya

Alerts

Be the first to know and let us send you an email when Janahada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Janahada:

Share