Divisional Secretariat - Kandaketiya

Divisional Secretariat - Kandaketiya ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කන්දකැටිය
பிரதேச செயலகம் கந்தகெட்டிய

දිට්වා සුළි කුණාටුව නිසා පූර්ණ හානි වූ  ඒ.ඩි අජිත් ප්‍රියන්ත කුමාරසිංහ මහතාගේ  රු ලක්ෂ 50 ප්‍රතිපාදන යොදාගෙන බෝගහකුඹුර ව...
03/09/2026

දිට්වා සුළි කුණාටුව නිසා පූර්ණ හානි වූ ඒ.ඩි අජිත් ප්‍රියන්ත කුමාරසිංහ මහතාගේ රු ලක්ෂ 50 ප්‍රතිපාදන යොදාගෙන බෝගහකුඹුර වසමේ ඉදිවන නිවසේ වැඩ කටයුතු පරික්ෂා කිරිම 2026.09.02 වන දින ප්‍රාදේශිය ලේකම් තුමා විසින් සිදුකරන ලදි .මේ සඳහා වසම භාර ග්‍රාම නිලධාරි තුමා සහ ආපදා සහන සේවා නිලධාරිද සහභාගි විය.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවන්න.
02/09/2026

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරි හමුවන්න.

02/09/2026
02/09/2026
ජතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් හා “ Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියට  සමගාමීව මෙහෙය වන “දැය නංවන සපිරි ගමක්” -  ප්...
02/09/2026

ජතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් හා “ Clean Sri Lanka” ජාතික ව්‍යාපෘතියට සමගාමීව මෙහෙය වන “දැය නංවන සපිරි ගමක්” - ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ජාතික වැඩසටහන යටතේ කිරිවෙහෙර වසමේ 24 කණුව ගම්මානයේදී ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් අනුව 2026.08.31 දින
ඩිජිටල් ව්‍යවසායකත්වය හා හරිත ව්‍යවසායකත්වය පිලිබද දැනුවත් කිරීමේ සහ
ප්‍රජා ඵලදායිතා වැඩපොත පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායීතා ප්‍රවර්ධන අංශය විසින් සංවිධානය කර තිබිණි.

02/09/2026

නිර්මාණ භාරගැනීමේ දින දීර්ඝ කිරීම සම්බන්ධවයි - රාජ්‍ය ඡායාරූප උලෙළ - 2026

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 10/2026 හා 2026.07.05 දිනැති චක්‍රලේඛයට අදාලවයි.

මෙම චක්‍රලේඛයට අනුව නිර්මාණ හා අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2026 අගෝස්තු මස 31 වන දින ලෙස සඳහන් කර ඇත. මෙම දිනය 2026 සැප්තැම්බර් මස 15 වෙනි දින දක්වා දීර්ඝ කර ඇත.

වැඩි විස්තර සඳහා පහතින් ඇති වෙබ් දිගුවෙන් පිවිසෙන්න. නැතහොත් www.culturaldept.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න

වෙබ් දිගුව - https://culturaldept.gov.lk/index.php?option=com_content&view=article&id=320:2026-32&catid=13:news&Itemid=248&lang=si

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහාරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබනඇසිදිසි...
01/09/2026

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන

ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය - 2026
--------------------------------------------------------------------
පාසල් ශිෂ්‍ය ප්‍රජාවේ මාධ්‍ය සාක්ෂරතාව හා මාධ්‍ය සම්බන්ධ නිර්මාණකරණය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘ඇසිදිසි විදුමඟ පාසල් නිර්මාණ තරගාවලිය’ සඳහා නිර්මාණ කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම තරගාවලිය වඩාත් පුළුල් කරමින් 2026 වර්ෂයේදී තරග 10ක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම තරග කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ හා විවෘත යන වයස් කාණ්ඩවලින් පැවැත්වේ. (ඒ අනුව ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය හැර අනෙකුත් තරග අදාළ වයස් කාණ්ඩ එකකින් හෝ කිහිපයකින් හෝ පැවැත්වේ.) ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගය පාසල් ගුරුවරුන් සඳහා පමණක් පැවැත්වේ.

කනිෂ්ඨ : 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා
ජ්‍යෙෂ්ඨ : 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා
විවෘත : 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා (ඇතැම් තරග විවෘත කාණ්ඩයෙන් පමණක් පැවැත්වේ.)

මෙම තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් පැවැත්වේ. (ඇතැම් තරග සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යවලින් ද, ඇතැම් තරග භාෂා මාධ්‍යය නොසලකා විවෘත මාධ්‍යයෙන් ද පැවැත්වේ.)

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නියමිත තරගවලට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහභාගී විය හැකි අතර, පාසල් ගුරුවරුන් සඳහා නියමිත ‘හොඳම පර්යේෂණ පත්‍රිකාව’ තරගයට රජයේ / අර්ධ රාජ්‍ය / පෞද්ගලික / ජාත්‍යන්තර පාසල්වල ගුරුවරුන්ට සහභාගි විය හැකිය.

එක් එක් තරග සඳහා ඒ ඒ තරගවලට අදාළ පරිදි වයස් කාණ්ඩ හා භාෂා මාධ්‍යය වශයෙන් වෙන් වෙන්ව ජයග්‍රාහකයන් (ප්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන සහ කුසලතා සහතික) තෝරා ගන්නා අතර එම ජයග්‍රාහකයන් සඳහා වටිනා සහතික පත්‍ර හා ත්‍යාග පිරිනැමේ.

වැඩි විස්තර සඳහා පහත සබැඳිය ඔස්සේ පිවිසෙන්න
https://sinhala.news.lk/current-affairs/2026-96

01/09/2026

Address

Kendaketiya
90020

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+94552245874

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Kandaketiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Kandaketiya:

Shortcuts

Share