NPP Kesbewa

NPP Kesbewa හෙට පිණිස, මිනිස් සමූහයක අපේක්ෂාවේ එකමුතුව

TV දෙරණ 360 | හෙට(03) රාත්‍රී 10.30 ට
02/08/2026

TV දෙරණ 360 | හෙට(03) රාත්‍රී 10.30 ට

26/07/2026

පසුගියදා පැවති රනිල්,සජිත් හා නාමල් ඇතුලු විපක්ශයේ එකතු වීම පිලිබද මහජනතාව දක්වන අදහස්.

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව, 60 වන ලෝක බෞද්ධ  මහා සංඝ සමුලුව ශ්‍රී ලංකාවේදී. 💐
25/07/2026

පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව, 60 වන ලෝක බෞද්ධ මහා සංඝ සමුලුව ශ්‍රී ලංකාවේදී. 💐

ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහ ආහාර සුරක්‍ෂිතතාව වෙනුවෙන්  තවත් තීරණාත්මක පියවරක්!
24/07/2026

ජනතාවගේ සෞඛ්‍ය ආරක්‍ෂාව සහ ආහාර සුරක්‍ෂිතතාව වෙනුවෙන් තවත් තීරණාත්මක පියවරක්!

කැස්බෑව ජනතාවගේ බදු මුදල්, වඩා ථලදායි ලෙස නැවත කැස්බෑව ජනතාවටම!  මහජන සේවාවන් සදහා මුදල් අනුමත කිරීම අද දින(22)  කැස්බෑව...
23/07/2026

කැස්බෑව ජනතාවගේ බදු මුදල්, වඩා ථලදායි ලෙස නැවත කැස්බෑව ජනතාවටම! මහජන සේවාවන් සදහා මුදල් අනුමත කිරීම අද දින(22) කැස්බෑව නගරසභාවේ මහ සභා රැස්වීමේදී , එහි සභාපති තුමාගේඅග පෙන්වීම යටතේ පහත පරිදි සිදු විය.

🟢 කසළ ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 02 ක්, ට්‍රැක්ටර් ටේලර් 02 ක් මිළදී ගැනීමට රු. ලක්ෂ 420ක්.

🟢 කසළ කළමනාකරණය විධිමත් කිරීමට පියවර. ඉවතලන ගස් අතු,කාණු පස් උපයෝගීකර ගනිමින් වගා කටයුතු සඳහා කොම්පෝස්ට් මිශ්‍ර පස් සැකසීමේ නව වැඩසටහන ආරම්භ කිරීමට රු. ලක්ෂ 100ක්.

🟢 නගර අලංකරණය සහ පිළියන්දල නව බස් නැවතුම්පල යාබඳ ඉඩම හා පැරණි බස් නැවතුම්පල භූමිය තාවකාලික රථ ගාල් සඳහා රු.ලක්ෂ 125ක්.

🟢කැස්බෑව නව කාර්යාලයීය ගොඩනැගිල්ලේ හා පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ සුර්ය පැනල සවි කිරීමට රු. ලක්ෂ 70ක්.

🟢කසළ කළමනාකරණය වඩාත් කාර්යක්ෂම කිරීම සේවකයින් බඳවා ගැනීමට රු. ලක්ෂ 55ක්.

🟢බොල්ගොඩ ගඟ ආශ්‍රිතව පිරිසිදු කිරීමේ නව ව්‍යාපෘතිය සඳහා මෝටර් බෝට්ටු එන්ජිමක් මිළදී ගැනීමට රු.ලක්ෂ10ක්.

🟢කැස්බෑව වැව වටා මන්තීරුවේ ව්‍යායාම උපකරණ සවි කිරීම සඳහා රු. ලක්ෂ 10ක්.

🟢නිවාස සැලසුම් අනුමත කිරීම සහ මහජන පැමිණිලි පරික්ෂාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ත්‍රීරෝද රථ 02 ක් සහ කැබ් රථයක් මිළදී ගැනීම සඳහා ලක්ෂ 100ක්.


2026 වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි
22/07/2026

2026 වසරේ මුල් මාස 6 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 9 ඉක්මවයි

11/07/2026

බලශක්ති සුරක්ශිතතාවය කරා ගමන් ගන්නා රට.. 💡 "අඩු විදුලි බිලක්, බලශක්ති සුරක්ශිතතාවයෙන් යුත් රටක්!" 💡

හෘද  සැත්කම් සදහා අධි තාක්ශනික  කැත් ලැබ් (Cardiac Catherterixation Laboratory) 16 ක් රට පුරා රෝහල් වලට! ඔබේ ජීවිත සුරක්...
03/07/2026

හෘද සැත්කම් සදහා අධි තාක්ශනික කැත් ලැබ් (Cardiac Catherterixation Laboratory) 16 ක් රට පුරා රෝහල් වලට! ඔබේ ජීවිත සුරක්ශිතතාවය වෙනුවෙන් අපි වග වෙමු..

හෘද සැත්කම් වෙනුවෙන් මාස 10-12 පමණ කාලයක් waiting list සිටින රෝගින්ගේ කාලය, මාසක් දක්වා අඩු කිරිමින් ඔවුන්ගේ ජීවිතය සුරක්ශිත කිරීම වෙනුවෙන් නව කැත් ලැබ් ඒකක (Cardiac Catherterixation Laboratory) 16 ක් පහත සදහන් රෝහල් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දෙන ලදි.

කොළඹ ජාතික රෝහල 3
යාපනය ශික්ෂණ රෝහල 1
කලුබෝවිල ශික්ෂණ රෝහල 1
නුවර මහ රෝහල 1
අනුරාධපුර ශික්ෂණ රෝහල 2
කුරුණෑගල ශික්ෂණ රෝහල 1
බදුල්ල මහ රෝහල 1
මඩකලපුව මහ රෝහල 1
රත්නපුර ශික්ෂණ රෝහල 1
ගාල්ල ජාතික රෝහල 1
දිස්ත්‍රික් රෝහල ත්‍රිකුණාමලය 1

මීට අමතරව තවත් රෝහල් කිහිපයක් සදහාද මෙම කැත් ලැබ් ඒකක ලබා දීමට නියමිතයි.


ඩෙංගු වලින් ආරක්ශා වෙමු! ජාතික වගකීම ඉටු කරමු!  ජාතික ඩෙංගු මර්දන  වැඩ සටහනට සමගාමීව, මාකන්ද නැගෙනහිර කොඨ්ඨාසයේ ඩෙංගු මද...
01/07/2026

ඩෙංගු වලින් ආරක්ශා වෙමු! ජාතික වගකීම ඉටු කරමු! ජාතික ඩෙංගු මර්දන වැඩ සටහනට සමගාමීව, මාකන්ද නැගෙනහිර කොඨ්ඨාසයේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ශා කිරීම හා සුද්ද පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පසුගිය ජුනි 28 දින ක්‍රියාත්මක කෙරිනි. මේ සදහා එම කොට්ඨාසයේ නාගරික මන්ත්‍රී අමරජීව සහෝදරයා ප්‍රමුඛ මාකන්දන නැගෙනහිර ග්‍රාම නිලධාරී තුමිය, සංවර්ධන නිලධාරී තුමිය, සමෘද්ධි නිලධාරී තුමිය හා ජාතික ජන බලවේගයේ සහෝදර සහෝදරියන් ප්‍රමුඛ ප්‍රදේශයේ ජනතාව එක්විය.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!💐
29/06/2026

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!💐

ශ්‍රී ලාංකේය ජාතියේ ගමන්මඟ අර්ථ සම්පන්න ලෙස වෙනස් කළ උතුම් වූ බුදු දහම මෙරටට ලැබුණේ අද වන් වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනකදීය.

ථෙරවාද බෞද්ධ දර්ශනයේ සහ සම්ප්‍රදායේ කේන්ද්‍රස්ථානයක් බවට අපේ රට පත් වීමේ ආරම්භයද අනුබුදු මිහිදු හිමියන්ගේ ලංකාගමනය සමඟ සනිටුහන් කෙරුණු අතර, සමාජ පරිවර්තනයක් සමග අධ්‍යාත්මික ප්‍රබෝධක් ජනිත කිරීමට හේතු වූ එම අසිරිමත් සිදුවීම හුදු ආගමික අර්ථයෙන් ඔබ්බට ගොස් අප රටෙහි සංස්කෘතික, සමාජීය සහ දේශපාලන ආදී සෑම ක්ෂේත්‍රයකම වඩා දියුණු සැකැස්මක් නිර්මාණය කළේය.

එමෙන්ම, ජාතියක් ලෙස නැගී සිටීමේ ශක්තිමත් අත්තිවාරමක් සමඟ අධ්‍යාපනයේ පරිවර්තනයක්ද ඇති කළ බුදු දහම, පන්සල පිරිවෙන බවට පත් කරමින් රටේ ජනතාව තුළ අධ්‍යාත්මික පෙරළියක් ඇති කිරීම උදෙසා දැනුමේ කේන්ද්‍රස්ථානයක සමාජ මෙහෙවරද ඉටු කළේය. එපමණක් නොව වාස්තු විද්‍යාව, චිත්‍ර කලාව, වාරි කර්මාන්තය, ගෘහ නිර්මාණ ශිල්පය, කැටයම් කලාව ආදී කලා නිර්මාණයන්ගේ නව පරිවර්තනයක් ඇති කරමින් අප ජාතිය ප්‍රෞඪ ජාතියක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීය.

එවන් අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක වත්මන් උරුමකරුවන් වන අප සියලු දෙනාහට අද දවසේ පැවරී ඇති අත්හළ නොහැකි වගකීම වන්නේ මේ වන විට සමාජය තුළින් වියැකී යන සාරධර්ම සහ හර පද්ධතින් යළි කැඳවාගෙන එමින්, ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීමට එක්ව කැපවීමයි. එහිදී පාර්ලිමේන්තුව, රාජ්‍ය ආයතන ඇතුළු සියලු සංදර්භයන් තුළට ශිෂ්ටත්වය කැඳවාගෙන ඒමේ අරගලයේ අපි මේ වන විටත් නිරතව සිටින්නෙමු.

ආචාරධාර්මික පැවැත්මක් නොමැති රටකට සැබෑ දියුණුවක් කරා ළඟා විය නොහැකිය. මිහිදු මහරහතන් වහන්සේ දේශනා කළ “චුල්ලහත්ථිපදෝපම” සූත්‍රයෙන් අවධාරණය කෙරෙන්නේ අනුපූර්ව ශික්ෂණයේ වැදගත්කමයි. බුදු දහමත් සමග මෙරටට ලැබුණු එම අභිමානවත් ශිෂ්ට සම්පන්න සමාජයේ උරුමය ලක් පොළොව මත ප්‍රතිෂ්ඨාපනය කරමින්, රටට ඇවැසි ආචාරධාර්මික, සමාජයීය සහ පාරිසරික නව ආකල්ප සහිත නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'යි මම සියලු දෙනාට ආරාධනා කරමි.

සැමගේ හදවත් දයාවෙන්, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් ආලෝකමත් වන පින්බර පොසොන් මංගල්‍යයක් වේවා!

අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජූනි මස 29 දින

இலங்கைத் தேசத்தை நாகரிக வளர்ச்சியடைந்த தேசமாக மாற்றி, பெருமைமிக்க ஒரு நாகரிகத்திற்கு பாதை அமைத்த உயரிய பௌத்த தர்மம் இந்நாட்டிற்கு கிடைத்தது இன்று போன்றதொரு பொசொன் பௌர்ணமி தினத்திலேயாகும்.

தேரவாத பௌத்த தத்துவத்தினதும் பாரம்பரியத்தினதும் மையமாக எமது நாடு உருவான ஆரம்பமும் மஹிந்த தேரரின் இலங்கை வருகையுடன் இணைந்து வரலாற்றில் பதியப்பட்டதுடன் சமூக மாற்றத்துடன் ஆன்மீக விழிப்புணர்வை ஏற்படுத்தக் காரணமான அந்த அற்புதமான நிகழ்வு, வெறும் மத ரீதியான அர்த்தத்திற்கு அப்பால் சென்று, எமது நாட்டின் கலாசார, சமூக, அரசியல் ஆகிய ஒவ்வொரு துறையிலும் மேலும் முன்னேற்றமான ஒரு கட்டமைப்பை உருவாக்கியது.

இதே போன்று, ஒரு தேசமாக எழுச்சி பெறுவதற்கான பலமான அடித்தளம் பௌத்த தத்துவத்துடன் எமக்குக் கிடைத்த அதேவேளை, கல்வியில் மாற்றத்தையும் ஏற்படுத்திய பௌத்த தர்மம், விகாரைகளையும் பிரிவேணாக்களையும் உருவாக்கி நாட்டு மக்களிடையே ஆன்மீக புரட்சியை ஏற்படுத்துவதுடன், அறிவை வழங்கும் சமூகப் பணியையும் நிறைவேற்றுவதில் பெரும் பங்களிப்பைச் செய்தது. அது மாத்திரமன்றி கட்டிடக்கலை, சித்திரக் கலை, நீர்ப்பாசனம், வீடமைப்பு, சிற்பக் கலை போன்ற கலைப் படைப்புகளின் புதிய மாற்றத்தையும் ஏற்படுத்துவதன் மூலம் எமது தேசத்தை பெருமைமிக்க தேசமாக உலகின் முன் உயர்த்தி நிறுத்தியது.

அத்தகைய பெருமைமிக்க, மேலான வரலாற்றின் இன்றைய பாரம்பரிய வாரிசுகளான நாம் அனைவருக்கும் இன்றைய தினத்தில் சுமத்தப்பட்டுள்ள தவிர்க்க முடியாத பொறுப்பாவது, இன்று சமூகத்தினுள் அழிந்து கொண்டிருக்கும் நற்பெறுமானங்களையும் அடிப்படைக் கோட்பாடுகளையும் மீண்டும் மீட்டெடுத்து நாகரிகம் நிறைந்த தேசத்தைக் கட்டியெழுப்புவதில் ஒன்றிணைந்து அர்ப்பணிப்புடன் செயற்படுவதேயாகும். அதில், பாராளுமன்றம், அரச நிறுவனங்கள் உள்ளிட்ட அனைத்துத் துறைகளுக்கும் நாகரிகத்தைக் கொண்டுவருகின்ற இப் போராட்டத்தில் நாம் இன்னமும் தீவிரமாக ஈடுபட்டுள்ளோம்.

நெறிமுறை இல்லாத நாடொன்று முன்னேற்றத்தை அடைய முடியாது. மஹிந்த தேரர் போதித்த சுல்லஹத்திபதோபம சூத்திரம் வலியுறுத்துவது, படிமுறையான பயிற்சியின் அவசியத்தையாகும். பௌத்த தர்மத்துடன் இந்நாட்டிற்குக் கிடைத்த அந்தப் பெருமைமிக்க நாகரிக சமூகத்தை மீண்டும் இலங்கை மண்ணில் மீள் நிலைநிறுத்துவதன் மூலம், நாட்டிற்குத் தேவையான ஒழுக்கவியல், சமூகவியல் மற்றும் சூழலியல் சார்ந்த புதிய மனப்பாங்குகளைக் கொண்ட நவீன நாகரிக தேசத்தை கட்டியெழுப்புவதற்காக மென் மேலும் உறுதி பூண்டு கைகோர்த்துக் கொள்வோம்! என நான் அனைவரையும் அழைக்கிறேன்.

உங்கள் அனைவருக்கும் கருணை, இரக்கம், ஞானம் ஆகியவற்றால் இதயங்களை ஒளிரச்செய்யும் புண்ணியமிக்க பொசொன் தின வாழ்த்துகள்!

அநுர குமார திசாநாயக்க
ஜனாதிபதி
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசு
2026 ஜூன் மாதம் 29 ஆம் திகதி

It was on a Poson Full Moon Poya Day such as today that the noble teachings of Buddhism, which profoundly transformed the course of the Sri Lankan nation, were first bestowed upon this land.

The arrival of Arahat Mahinda Thera marked the beginning of Sri Lanka's emergence as a centre of Theravada Buddhist philosophy and tradition. That momentous event, which gave rise to both a spiritual awakening and a far-reaching social transformation, extended far beyond its religious significance and laid the foundation for a more advanced cultural, social and political order throughout the country.

Buddhism not only established a strong foundation for the nation to flourish but also brought about a transformation in education. By turning temples into centres of learning and monastic education, it fulfilled a vital social role as a hub of knowledge, fostering a profound spiritual renaissance among the people. Moreover, it inspired remarkable developments in architecture, painting, irrigation engineering, building design, wood carving and other artistic traditions, elevating our nation to a position of distinction and pride before the world.

As the present-day heirs to such a glorious and noble heritage, we all bear an inescapable responsibility to revive the values and moral principles that are gradually fading from society and to work together towards building a civilised State. In this endeavour, we are already engaged in the struggle to restore civility across all spheres of public life, including Parliament and State institutions.

No nation can achieve genuine progress without an ethical foundation. The Cūḷa Hatthi Padôpama Sutta, expounded by Arahat Mahinda Thera, underscores the importance of gradual training and disciplined development. By re-establishing on Sri Lankan soil the proud legacy of the civilised society that came with Buddhism, let us join hands with unwavering determination to build a modern and enlightened State founded upon the ethical, social and environmental values that our nation so urgently requires.

I therefore invite all citizens to unite in this noble endeavour with strength and conviction.

May this sacred Poson Festival illuminate every heart with compassion, loving-kindness and wisdom.

Anura Kumara Dissanayake
President
Democratic Socialist Republic of Sri Lanka
29th June, 2026

Address

Kesbewa
10300

Alerts

Be the first to know and let us send you an email when NPP Kesbewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share