SCBU- DGH Kilinochchi

SCBU- DGH Kilinochchi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SCBU- DGH Kilinochchi, Public Service, Kilinochchi.

01/08/2022

Time to thank some special people , and be grateful for the timely donations they have made to SCBU- DGH Kilinochchi during the past few months.

Mrs.Sajeewi Ediriweera from UK- THANKYOU SO MUCH FOR the litmann paediatric stethoscope you have donated to our premature baby unit! We are forever grateful to you!

Mr. Nishantha hewamaddumage and Mrs. Diane Samaranayake- THANKYOU FOR YOUR DONATION OF NEONATAL ENDO TRACHEAL TUBES when we needed it the most!

We are forever grateful for your timely donations.
Just to remind you all that your donations help to save tiny little babies on daily basis!

Thankyou so much! May you be blessed with all the good things in life!
🙏
- With love from all of us at at
Special Care Baby unit-
Kilinochchi District General Hospital

The look -after going through three  hectic weeks...
20/05/2022

The look -after going through three hectic weeks...

A very Happy birthday to the lady of the house , our incharge nursing officer Sangeetha miss!She is the best incharge nu...
23/03/2022

A very Happy birthday to the lady of the house , our incharge nursing officer Sangeetha miss!
She is the best incharge nursing officer ever , with skill, dedication, a heart of gold, and a wonderful personality.
Thankyou for running the PBU smooth and for your dedication to make it shine!
Happy birthday dear miss!

සිංහබාහු කතාවේ සිංහයා වගේ නුඹව පරෙස්සම් කරන්න බැරි උනා දුවේ,ගල්ලෙනක දමා සිරකර,කුරිරුකමක් නැති ලෝකෙකනීතිය  අත නොපොවනා -මා...
30/11/2021

සිංහබාහු කතාවේ සිංහයා වගේ
නුඹව පරෙස්සම් කරන්න බැරි උනා දුවේ,
ගල්ලෙනක දමා සිරකර,
කුරිරුකමක් නැති ලෝකෙක
නීතිය අත නොපොවනා -මායිමේ

පරෙස්සම් කරන් විසබවින් ලෝකයේ
තියාගන්නවා සත්තයි අපේ ම ඇස් මානයේ
තව චුට්ටක් ලොකු වෙනකම්
කොච්චර වෙහෙසක් වූවත්,
බලාගන්න ටයි පැතුවේ සිංහසීවලී වගේ.

අපේ පුංචි සිංහසීවලි
පරිවාසෙන් අරන් ගියා අන්තිමේ දී.

ලයට හී සර වැදී සිංහයා මිය ගියේ
කඳුලක් වත් තිබුණේ නෑ ඔහුගේ ඇස් දෙකේ
ඉතින් මමත් අඬන්නේ නෑ රත්තරන් දූවේ
නුඹේ ම අම්මලා නොවුනත් අපිත් ඒ කුලේ

මලක් වගේ නුඹ පිපියන් දැන් ඉන්න කැලේ
කවදාවත් පරවෙන්නෑ නුඹ අපේ හදේ

අපේ පුංචි සිංහසීවලී
පරිවාසෙන් අරන් ගියා අන්තිමේ දී..

Thankyou Dr. Deshamuka Karunatilake for donating two neonatal stethescopes to SCBU- DGH Kilinochchi .  A very timely and...
26/11/2021

Thankyou Dr. Deshamuka Karunatilake for donating two neonatal stethescopes to SCBU- DGH Kilinochchi . A very timely and valuable donation.

We wish a very happy birthday to ur lovely daughter duleesha who turned one yesterday, and may she be blessed always with good health and happiness!

සුරංගනා කතාවක් නොවේ.කෙත්සි බබා ඉපදෙන්නේ කිලිනොච්චි මහා රෝහලේ ඉතාම නොමේරූ ඉතාම අඩු බර දරුවෙක් ලෙස ගර්භනී  සමයේ 25වන සතියේ...
23/08/2021

සුරංගනා කතාවක් නොවේ.

කෙත්සි බබා ඉපදෙන්නේ කිලිනොච්චි මහා රෝහලේ ඉතාම නොමේරූ ඉතාම අඩු බර දරුවෙක් ලෙස ගර්භනී සමයේ 25වන සතියේ,(POA 25 weeks) ග්‍රෑම් 630 ක ( birth weight - 630 grams) උපත් බරකින්. ( කෙත්සි කියන්නේ ඇගේ අම්මාගේ නමෙන් අහුලා ගත් කොටසක්) සාමාන්‍ය යෙන් දරුවකු ජීවත් කිරීම පවා අසීරු මෙම ඉතාම නොමේරූ අවදියේ ඉපදෙන ඇයගේ පණ කෙන්ද ආරක්ෂා කරගන්න ට උපන් මොහොතේ ඉඳන්ම වගකියන්නේ කිලිනොච්චි රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය තුමා ප්‍රමුඛ ව එහි වෙද,හෙද කණ්ඩායමයි.

හුස්ම ගැනීම ට පවා අපහසු ඒ නොමේරූ පෙනහළු මැෂින් වලට අමුණා, ඖෂධ, ප්‍රතිජීවක,රතු රුධිරාණු, රුධිර පට්ටිකා ආදී අටරෝසියක් බෙහෙත් සහ ප්‍රතිකර්ම, රැයක් දවාලක් නොබ ලා, බොහොම සීරුවට ලබා දීම නිසා, මේ දරුවා සියලු සන්කූලතා මැඩ ගෙන කෙසේ හෝ ජීවත් වීමට වාසනාව ලබනවා. උපතින් සති දෙකක අවසන ඇය කෘතිම ශ්වසන ආධාරක හෝ ඔක්සිජන් කිසිවක් අවශ්‍ය නැති, කුඩා මී පැටියෙක් වැනි පෙනුමැති, පණ ගැහෙන පුංචි ජීවිතයක්!! ( එ විට බර ග්‍රෑම් 570ක් පමණ!)

ඉතින් මේ ඔක්කොම වැඩ කටයුතු නොමේරූ ළදරු ඒකකයක වැඩ කරන අපට අයිති රාජකාරි කියමුකෝ.ප්‍රශ්න පටන් ගන්නේ මේ කුඩා දැරියගෙ අම්මා ඇයව එපා කියලා රෝහලෙන් යන්නටම ගියාම! අවුරුදු 19ක මව උසාවියට කියා සිටිනවා ඇය අවිවාහක බව සහ දරුවා ට පියෙක් නොමැති බව. දරුවා ජීවත් වුවහොත් පරිවාසයකට බාර දෙන පොරොන්දුව පිට , අප එක්කයේ ද අනුමැතිය ඇතිව උසාවිය ඇයට යන්න ට ඉඩ දෙනවා.

එතැනින් එහාට මේ පුංචි කෙල්ලගේ ජීවිතය පිළිබඳව සහ අයිතිය පිළිබඳව සියලු වගකීම අප නොමේරූ ළදරු ඒකකය මත පැටවෙන වා.

ලොකුම ප්‍රශ්නෙ දරුවාට සති 3ක් විතර වෙලා සම්පූර්නයෙන් මව් කිරි වලින් පමනක් ජීවත් කරවන්නට පුළුවන් තරමට සුව උනා ම කිරි දෙන්නට අම්මෙක් නැති වීම! ටික දවසක ට වෙනත් pbu එකේ ලෙඩ දරුවන් ගේ අම්මලා ඇයගේ කිරි දෙන වැඩේට සහාය වෙනවා..ඒත් ඉන්පසු විසඳුමක් නැති නිසා අපිට නොමේරූ ළදරු කිරිපිටි ඇයට පටන් ගැනීම ට සිදු වෙනවා.

කොහොමහරි අම්මෙක්ගේ කිරි පොදක්, උණුහුම ක්, ආදරයක් නැතිව, චූටි විදුරු පෙට්ටියක් ඇතුලේ මේ චූටි මී පැටියෙක් වගේ දරුවා දවසින් දවස ලොකු වෙනවා.. ඇයගේ බෙහෙත් හේත් වලට අමතරව සියලු සාත්තු සප්පායම් සිදු කෙරෙන්නේ අපේ නොමේරූ ළදරු එක්ක යේ කාර්ය මණ්ඩලය අතින්. ඇයට ඇඳුම් නැහැ, කිරි පිටි නැහැ, පැම්පර්ස් නැහැ. . ඒ සියලු දේටම විශේෂඥ වෛද්‍යතුමා ගේ පටන් මුළු එක්කයේම වෙද, හෙද, සාත්තු සේවක සියලු දෙනා ඇප කැප වෙනවා. වීදුරු පෙට්ටියෙන් එළියට ගන්න තරම් ලොකු උනාම ( බර කිලෝ 1.3 ක්) අපි ඇය වෙනුවෙන් ලස්සන තොටිල්ල ක් හදනවා.. කොට්ට , ඇතිරිලි, සෙල්ලම් බඩු , වෛවර්ණ ඇඳුම් දවසෙන් දවස ඇයට එකතු වෙනවා... කිරි පිටි ඉවරවෙනකොට කවුරුහරි දුවල ගිහින් ඇයට කිරිපිටි ගේනවා. පැම්පර්ස් ගේනවා.. කිසිම අඩුපාඩුවක් කරන්නේ නෑ.

රෝගී දරුවන් 20ක් බලනගමන් අපේ කරුණාවන්ත හෙදියන් මේ කෙල්ල ට කිරි හදා පොවනවා.. උදේ ට හවසට ඇය ව නාවනවා..කවුරුන් හෝ තෑගි දුන් ලස්සන ගවුම් ඈ ට අන්දනවා. අපි ටිකට් වල ලියන කටයුතු, මුදා හැරීමේ කාඩ්පත් ලිවීම් කරන්නේ කෙල්ලව වඩාගෙන.. මාස 3 ත් පනිද්දී හොඳටම හුරතල් වෙන්න පුරුදු වෙලා කෙල්ල රෑ එළි වෙනකම් අඬන වා. කිරි දුන්නත් නිදි කරවගන්න බෑ.ඉතින් ඒ වෙලාව ට වඩා ගෙන කොරිඩෝ දිගේ ඉස්පිරිතාලේ වටේ ඇවිදින්න ඕ න!!

ඉතින් ඔන්න ඔහොම ලොකු වෙලා හුරතලේට ලස්සනට හැදිච්ච අපේ pbu එකේ පුංචි කුමාරි ට දැන් වයස මාස 5ක්! අම්මෙක් තාත්තෙක් නැති උනත් දෙමවුපියෝ ඉන්න දරුවෙක් හැදෙන වැඩෙන තරම් ආදරයෙන්, සැප පහසුවෙන් ඇය අපේ කිලිනොච්චි නොමේරූ ළදරු එක්ක යේ ලොකු වෙනවා..

ඉතාම අඩු බරින් උප න් ඇයගේ දැන් බර කිලෝ 3කට ආසන්නයි. දැන් චූටි අත පය නටවනවා. අපි එක්ක හිනාවෙනවා. ඔඩොක්කුවෙ වාඩි වෙලා හුරතල් වෙනවා...

වීදුරු පෙට්ටියක් ඇතුලේ හුස්ම ගන්න වත් බැරුව උගුරෙන් පහළට බට දාගෙන හිටපු පුංචි මී පැටියෙක් වගේ කෙල්ලමද මේ ඉන්නේ කියලා වෙලාවකට හිතෙනවා. ඒ වෙලාවට දැනෙන සතුට වචනයෙන් කියන්න බෑ.

ඔව් එයා තාම අපි ළඟ. පරිවාස යට බාර දෙන්න කියලා උසාවි නියෝගයක් එනකම්ම එයා කිලිනොච්චි රෝහල් නොමේරූ ළදරු එක්ක යේ අපිත් එක්කම ඉඳීවි. එක අම්මෙක් තාත්තෙක් නෙවෙයි එයාට ආදරේ කරන අම්මලා තාත්තලා ගොඩක් එක්ක.

කොයි තරම් ලොකු වගකීම ක් උනත්, කවදා හෝ එයා අපේ එකකයෙන් නිදහස් වෙනකම් අපි ඔක්කොම එකම පවුලක් වගේ එයාව බලාගන්න තීරණය කරලා ඉවරයි. එයා වෙනුවෙන් දරන්න වෙන මහන්සිය සහ වියදම් අපි කොහොමහරි දරනවා.. ඒ ක අපේ රස්සාවට අදාලද නැත්ද , කියලා අපි මොහොතකටවත් කල්පනා කරලා නෑ. කුඩා දරුවෙක් ඔබට සිටිනවා නම් ඔබ දන්නවා ඇති ළමයා වෙනුවෙන් දරන්න වෙන මහන්සිය සහ වියදම. සමහර විට ඔබ දරුවා බලාගන්නේ දෙමවුපියන් සේවක සේවිකාවන් ගේත් උදව්වෙන් වෙන්න ඇති. එහෙත් පැය 24duty ශිෆ්ට් කරනගමන් ( ඉතාම කාර්යබහුල , තවත් රෝගී දරුවන් 15ක් 20ක් අතර සිටින pbu එකක) අපි ඔක්කොම එකතුවෙලා මේ අපිට අයිතියක් වත් උරුමයක් වත් නැති, අපේ නොවෙන දරුවෙක් ව අපේ වගේ බලා ගන්නවා. ඇය මේ ලෝකේ වාසනාවන්තම දැරියක් නෙවෙයි ද?

සුරංගනා කතාවක් නොවේ. කිලිනොච්චි නොමේරූ ළදරු ඒකකයට ආවොත් හැබැහින් ම ඇයව දැක බලා ගන්න පුළුවනි!

21/07/2021
And the whole world shinesWhen a baby smiles..😍🙏
12/07/2021

And the whole world shines
When a baby smiles..😍🙏

Address

Kilinochchi

Website

Alerts

Be the first to know and let us send you an email when SCBU- DGH Kilinochchi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category