NXT GEN

NXT GEN THIS IS A YOUTH CHARITY ORGANIZATION

රුහිරු පූජා - 2023 ලේ දන්දීමේ වැඩසටහන      🩸වයස 18 -55 අතර බර 50Kg ට වැඩි නිරෝගී කෙනෙක්ද...??      🩸 ලේ දෙන එක තවම පුරුද...
02/12/2023

රුහිරු පූජා - 2023 ලේ දන්දීමේ වැඩසටහන

🩸වයස 18 -55 අතර බර 50Kg ට වැඩි නිරෝගී කෙනෙක්ද...??
🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද...??
🩸 තාම ලේ දීලම නැද්ද ...??
🩸 එහෙමත් නැත්තන් බයද...??

ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්, ලේ දන් දීලම නැති අයට බය නැති කරගන්න අවස්ථාවක් දෙන්නත්, එහෙම අයගෙ බය සැක නැති කරල හරිම ආදරණීය විදියට මේ පින් කටයුත්ත කරගන්න අපි අවස්ථාවක් සූදානම් කලා.

වසර හයකට පෙර හදිසි අනතුරකින් අප අතරින් සමුගත් ලක්ෂාන් බණ්ඩාර සොයුරාට පින් පිණිස පස්වන වරට NXT GEN අපිත් දෙමාපියන් සහ මිතුරන් එකතු වෙලා තමා මේ ලේ දන්දීමේ කඳවුර සංවිධානය කරලා තියෙන්නෙ.

තාම කිසිම දවසක ලේ දීල නැති, නමුත් ලේ දෙන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් කොහොමහරි එදාට එන්න.
ලේ බැංකුවෙ සේවය කරන්නෙ ඉතාම ආදරණීය කාර්ය මණ්ඩලයක්. ඉතින් ඔයාලට කිසිම අපහසුතාවයකින් තොරව වැඩේ කරගන්න පුලුවන්.

මේක එසේ මෙසේ පිනක් නෙමෙයි, දාන උප පාරමිතාවක්. අනිත් දේ තමයි ඔයාලා දෙන එක රුධිර ඒකකයකින් ජීවිත තුනක් බේරගන්න දායක වෙනවා. ඔයා එනකොට තව ඔයාගෙ යාලුවෙක් එක්කන් එන්න. පින් කටයුත්තක් තවත් කෙනෙක්ට පුරුදු කිරීමම මහත් වූ පිනක් වෙනව.

#දෙසැම්බර්_25 සෙනසුරාදා, නත්තල් දවසේ විජයවර්ධන ශ්‍රී මහා විහාරයට (කිරිල්ලවල කන්දේ පන්සලට) එන්න. ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කලහැකි ඕනෑම ලියවිල්ලක් හෝ එහි ඡායාරූපයක් රැගෙන ඒමට කාරුණික වන්න.
https://maps.app.goo.gl/4Reos2EXw3frEcPF7

එහෙනම් එදාට එන්න, අදම දිනය වෙන් කරගන්න.

රුහිරු පූජා - 2022 ලේ දන්දීමේ හා ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන      🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද...??      🩸 එහෙ...
10/12/2022

රුහිරු පූජා - 2022 ලේ දන්දීමේ හා ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන

🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද...??
🩸 එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ...??
🩸 නැත්තන් බයද...??
🩸වයස 18 -55 අතර බර 50Kg ට වැඩි නිරෝගී කෙනෙක්ද...??

ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්,
ලේ දන් දීලම නැති අයට බය නැති කරගන්න අවස්ථාවක් දෙන්නත්,
එහෙම අයගෙ බය සැක නැති කරල හරිම ආදරණීය විදියට මේ පින් කටයුත්ත කරගන්න අපි අවස්ථාවක් සූදානම් කලා.

තාම කිසිම දවසක ලේ දීල නැති,
නමුත් ලේ දෙන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් කොහොමහරි එදාට එන්න.
ලේ බැංකුවෙ සේවය කරන්නෙ ඉතාම ආදරණීය කාර්ය මණ්ඩලයක්. ඉතින් ඔයාලට කිසිම අපහසුතාවයකින් තොරව වැඩේ කරගන්න පුලුවන්.

ඔයා එනකොට තව ඔයාගෙ යාලුවෙක් එක්කන් එන්න.
පින් කටයුත්තක් තවත් කෙනෙක්ට පුරුදු කිරීමම මහත් වූ පිනක් වෙනව.
මේක එසේ මෙසේ පිනක් නෙමෙයි, දාන උප පාරමිතාවක්. අනිත් දේ තමයි ඔයාලා දෙන එක රුධිර ඒකකයකින් ජීවිත තුනක් බේරගන්න දායක වෙනවා.

ඒ වගේම ඔයාලගෙ ඇස් පරීක්ෂා කරගන්නත් පැනමා අක්ෂි රෝහල සමඟ සම්බන්ධව අක්ෂි සායනයක්ද සූදානම් කර තිබෙනවා. එහිදී පූර්ණ අක්ෂි පරික්ෂාව හා අක්ෂි රෝග හඳුනාගැනීමට නොමිලේම පහසුකම් සලසලා තියෙනවා.

ඒ වගේම මෙවර සුපුරුදු NXT GEN අපිත් සමඟ රෑනගල එකමුතු සුබසාධක සමිතියත් එක්ව මේ පින්කම සිදුකිරීම විශේෂයෙන්ම මතක් කරන්නත් ඕනේ.

ඔයාලත් #දෙසැම්බර්_25 සෙනසුරාදා, නත්තල් දවසේ විජයවර්ධන ශ්‍රී මහා විහාරයට (කිරිල්ලවල කන්දේ පන්සලට) එන්න. ජාතික හැඳුනුම්පත් අංකය තහවුරු කලහැකි ඕනෑම ලියවිල්ලක් හෝ එහි ඡායාරූපයක් රැගෙන ඒමට කාරුණික වන්න.
https://maps.app.goo.gl/F7fEXuhmYpnNJX6p8

එහෙනම් එදාට එන්න, අදම දිනය වෙන් කරගන්න.

අවුරුද්දටත් කලින් අවුරුදු අරන් NXT GEN අපි ගියා මතක පොත් වැඩසටහනත් අරන් අඹන්පොල ඉන්න ඉගෙන ගන්න ආස, ඒත් ඉ‌ගෙන ගන්න බැරිව ...
12/04/2022

අවුරුද්දටත් කලින් අවුරුදු අරන් NXT GEN අපි ගියා මතක පොත් වැඩසටහනත් අරන් අඹන්පොල ඉන්න ඉගෙන ගන්න ආස, ඒත් ඉ‌ගෙන ගන්න බැරිව ආර්ථික අපහසුතා වලින් පීඩා විඳින පුංචි නංගිලා මල්ලිලා ටිකකට අපට හැකි අයුරින් උදව් කරන්න. රටම අරගල කරන මොහොතක ජීවිතයම අරගලයක් වූ ඒ නංගිලා මල්ලිලාට පොත්, බෑග්, පෑන්, පැන්සල් වලින් පිරුනු අංග සම්පූර්ණ පාසල් උපකරණ කට්ටලයක් දෙන්න අපිට හැකි වුනා වගේම ඒ මූණු වලට හිනාවක් ගේන්නත් අපිට හැකි වුනා.

අප සැමදෙනාගේම මූලාරම්භය වු Sri Wijaya Dhamma School හි නියෝජ්‍ය ප්‍රධානාචාර්ය යටගම ඛේමානන්ද පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු ගුරුභවතුන්ගෙන් ලැබුනු අවවාද හා උපකාර ගෞරවයෙන් සහ ආදරයෙන් සිහිපත් කරනවා..

ආරම්භයේදී සිටම තමන්ගේ අදහස් සහ අත්දැකීම් ලබා දෙමින් හා අඹන්පොල ප්‍රදේශය සම්බන්ධ කර අවසානයේ ප්‍රවේසමෙන් ආපසු අප නිවෙස් බලා පැමිණිනෙන තුරුම සොයාබැලූ සාවින්ද පැතුම් සොයුරාටත් ඔහුගේ පියාණන්ටත් බෙහෙවින් ස්තූතියි..

මතක පොත් වැඩසටහන සාර්ථක කර ගැනීමට සහය වුනු සෑම දෙනාටමත් NXT GEN සියළු දෙනාටමත් මේ පින මේ සතුට ලැබේවා. සියළු දෙනාටම ස්තුතියි...


ොත්

වයඹ පළාතේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල සිටින පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන *"මතක පොත්" 202...
20/03/2022

වයඹ පළාතේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල සිටින පාසල් දරුවන්ට ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහන *"මතක පොත්" 2022 / 04/ 03 දින _NXT GEN_ තරුණ සංවිධානය* මඟින් පවත්වන අතර එම දරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍යන් පහත පරිදි වේ

▫️️පිටු 200 කොටු රූල් පොත්
▫️️පිටු 200 දික් රූල් පොත්
▫️️පිටු 120 දික් රූල් පොත්
▫️️පිටු 80 දික් රූල් පොත්
▫️️පිටු 160 කොටු රූල් CR පොත්
▫️️පිටු 160 දික් රූල් CR පොත්
▫️️පිටු 120 දික් රූල් CR පොත්
▫️️පිටු 40 චිත්‍ර පොත්
▫️️පෑන් ( නිල් කලු රතු)
▫️️පැන්සල්
▫️️පැන්සල් පර්ස්
▫️️වතුර බෝතල්
▫️️පාට 24 පාට පෙට්ටි
▫️️කටර්
▫️️මකන
▫️️අඩිරූල් 15cm
▫️️කවකටු පෙට්ටි
▫️️A4 100 බන්ඩල්
▫️️ගම් බෝතල්
▫️️බෑග්
▫️️සපත්තු
යන ආදිය අවශ්‍ය කර ඇත.

ඉහත සදහන් ද්‍රව්‍යන් ගෙන් හෝ මුදලින් උපකාර කළ හැකි අය සිටීනම් අප හා එක්ව *මතක පොත්* වැඩසටහනට සම්බන්ධ වන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු .

ගිණුම් තොරතුරු :-
Ishara Gankandage
70615711
BOC - Kadawatha 2nd

විමසීම් :-
ඉෂාර - 071 948 0880
දිල්ශාන් - 077 594 7573
පමුචිත - 077 824 1304
උදිත - 075 664 4863

වයඹ පළාතේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල සිටින ඉගෙන ගන්නා වයසේ  දරුවන් කිහිප දෙනෙකුට ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් උපකරණ සහ වියළ...
19/03/2022

වයඹ පළාතේ ආර්ථික අපහසුතා සහිත පවුල්වල සිටින ඉගෙන ගන්නා වයසේ දරුවන් කිහිප දෙනෙකුට ඉගෙන ගැනීමට අවශ්‍ය පාසල් උපකරණ සහ වියළි ආහාර ලබාදීම සඳහා වූ 'මතක පොත්' වැඩසටහනට මුදල් සපයා ගැනීමට සිදුකළ car wash එකට නන් අයුරින් සහය වූ ඔබ සැමට අපගේ ස්තූතිය!

ඔබත් එන්න
14/03/2022

ඔබත් එන්න

රුහිරු පූජා - 2021සිව් වසරකට පෙර අප අතරින් වෙන් වූ ලක්ෂාන් බන්ඩාර සොයුරා සිහිපත් කරමින් දෙසැම්බර් 25වන දින රාගම රුධිර පා...
29/12/2021

රුහිරු පූජා - 2021

සිව් වසරකට පෙර අප අතරින් වෙන් වූ ලක්ෂාන් බන්ඩාර සොයුරා සිහිපත් කරමින් දෙසැම්බර් 25වන දින රාගම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමඟ එක්ව සිදුකල රුහිරු පූජා 2021 ලේ දන්දීමේ කඳවර සාර්ථකව සිදුකිරීමට අපට හැකි විය. රුධිර ඒකක 124ක් දවස අවසානයේදී ජාතික රුධිර සංචිතයට එකතු කිරීමට අපට හැකියාව ලැබුනා. සියලුම රුධිර දායකයින් හා හැකි අයුරින් සහයෝගය දැක්වූ සැමට ස්තූතියි.

#රුහිරු_පූජා_2021

රුහිරු පූජා - 2021🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??🩸 එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ..??🩸 නැත්තන් බයද.....?? ඉ...
19/12/2021

රුහිරු පූජා - 2021

🩸 ලේ දෙන එක තවම පුරුද්දක් කරගත්තෙ නැද්ද..??
🩸 එහෙම නැත්තන් තාම ලේ දීලම නැද්ද ..??
🩸 නැත්තන් බයද.....??

ඉඳල හිටල ලේ දන් දෙන අයට ඒක මාස 4 න් 4 ටම කරන්න පුරුද්දක් ඇති කරන්නත්,
ලේ දන් දීලම නැති අයට අවස්ථාවක් දෙන්නත්,
එහෙම අයගෙ බය සැක නැති කරල හරිම ආදරණීය විදියට මේ පින් කටයුත්ත කරගන්න අවුරුදු 4කට කලින් අපි අතරින් වෙන්වුනු ලක්ෂාන් බණ්ඩාර සිහි කරලා අපි ආයෙත් අවස්ථාවක් සූදානම් කලා.

ඔයාලත් #දෙසැම්බර්_25 සෙනසුරාදා, විජයවර්ධන ශ්‍රී මහා විහාරයට (කන්දේ පන්සලට) එන්න.
https://maps.app.goo.gl/ndH5dGpNRrb1NWsp7

ඔයා එනකොට තව ඔයාගෙ යාලුවෙක් එක්කන් එන්න.
පින් කටයුත්තක් තවත් කෙනෙක්ට පුරුදු කිරීමම මහත් වූ පිනක් වෙනව.
මේක එසේ මෙසේ පිනක් නෙමෙයි. දාන උප පාරමිතාවක්.

https://forms.gle/71LRBEkUe2atQCbc9
උඩ තියෙන ලින්ක් එකට ගිහිල්ලා වෙලාවක් වෙන් කරගෙනම එන්න පුලුවන්නම්, අපගේ අනෙකුත් වැඩ ටික කළමනාකරණය කරගන්න එය බොහොම පහසු වේවි.

තාම කිසිම දවසක ලේ දීල නැති,
නමුත් ලේ දෙන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවනම් කොහොමහරි එදාට එන්න.
ලේ බැංකුවෙ සේවය කරන්නෙ ඉතාම ආදරණීය කාර්ය මණ්ඩලයක්. ඉතින් ඔයාලට කිසිම අපහසුතාවයකින් තොරව වැඩේ කරගන්න පුලුවන්.

ඒ වගේම කොරෝනා වලට බය වෙන්න එපා.
ලේ දන්දීමේ කඳවුර තුල සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශකයන් ක්‍රියාත්මකයි වගේම, එහි සිටින රෝහල් කාර්ය මන්ඩලය වැක්සින් එන්නත් 3ම දීල තියෙන්නෙ.

එහෙනම් එදාට එන්න, අදම දිනය හා වේලාව වෙන් කරගන්න.

රුහිරු පූජා - 2021 රටේ පවතින එදිනෙදා රුධිර අවශ්‍යතා 100% සපුරා ගන්නේ රුධිර දායකයින්ගේ පරිත්‍යාගයෙනි. කොරෝනා වසංගත හේතුවෙ...
10/12/2021

රුහිරු පූජා - 2021

රටේ පවතින එදිනෙදා රුධිර අවශ්‍යතා 100% සපුරා ගන්නේ රුධිර දායකයින්ගේ පරිත්‍යාගයෙනි. කොරෝනා වසංගත හේතුවෙන් සමස්තයක් ලෙස පහත වැටී ඇති රුධිර සංචිත ඉහල නැංවීමට සහයක් ලෙස වාර්ෂිකව පවත්වන රුහිරු පූජා වැඩසටහනට සහභාගි වී ඔබත් සහය වන්න.

ලියාපදිංචි වීමට - https://forms.gle/71LRBEkUe2atQCbc9

ඉහත සඳහන් ලින්ක් එක හරහා ලියාපදිංචි වී වේලාවක් වෙන්කර පැමිණීමෙන් ඔබගේ වටිනා කාලය ඉතුරු කරගැනීමට මෙන්ම පිටස්තර පුද්ගලයන් සමඟ සමීපව කටයුතු කිරීම අවම කරගත හැක.

Location - https://maps.app.goo.gl/ndH5dGpNRrb1NWsp7

#රුහිරු_පූජා_2021

2021/02/04 ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 73ක්. අභිමානවත් 73 වැනි නිදහස සමරන ඊයේ දින අපේ NXT GEN  ස්වේච්ඡා සංවිධානය එ...
05/02/2021

2021/02/04 ශ්‍රී ලංකාවට නිදහස ලැබිලා අවුරුදු 73ක්. අභිමානවත් 73 වැනි නිදහස සමරන ඊයේ දින අපේ NXT GEN ස්වේච්ඡා සංවිධානය එක්ව පළමුවන සමාජ ගොඩ නෑගීමේ පියවර වශයෙන් හුස්ම වෙනුවෙන් යුතුකමක් 2021 යන නමින් රුක් රෝපණ වැඩසටහනක් බෙම්මුල්ල ප්‍රදේශයේ සහ විජයවර්ධන ශ්‍රී මහා විහාරයේ දී පවත්වන ලදි. මෙහි දී විජයවර්ධන ශ්‍රී මහා විහාරයේ විහාරාධිපති තෝරපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ අනුදැනුම යටතේ ශ්‍රී විජය දහම්පාසල් උප ප්‍රධාන ආචාර්ය යටගම ඛේමානන්ද හිමිපානන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි .මෙහි දී ශ්‍රී ලංකා වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ ගම්පහ වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය සහ ගම්පහ බීට්ටු වන නිලධාරි ඩිරොෂන් පෙරේරා මහතාත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැදවුම්කරු සහ ගම්පහ ආසන සංවිධායක එමෙන්ම හිටපු පලාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් ගුණවර්ධන මහතාගේ ද සහභාගීත්වයෙන් පවත් වන ලදි. එහි දී මී පැල 25ක් සහ කුඹුක් පැල 25ක් බෙම්මුල්ල ප්‍රදේශයේ ද පුවක් පැල 50 ක් ඉඹුල්ගොඩ ශ්‍රී විජයවර්ධන ශ්‍රී මහා විහාරයේ ද රෝපනය කරන ලදී. මේ සදහා අප සංවිධානයේ සාමාජික සාමාජිකාවන් ඉමහත් දායකත්වයක් දක්වන ලදි. වසර පුරාවටම මෙම සමාජ මෙහෙවර විවිධ අංශන් යටතේ සිදු කිරීමට බලාපොරොත්තු වන අතර අප හට සහයෝගය දක්වන ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තූතියි..

2021/02/04, 73 years since the independence of Sri Lanka. Celebrating the proud 73rd Independence Day yesterday, our NXT GEN Voluntary Organization jointly organized a tree planting program called Duty for breath 2021 in the Bemmulla area and at the Wijewardena Sri Maha Viharaya as the first step in building society. The event was held under the patronage of the Chief Incumbent of the Wijewardena Sri Maha Viharaya, Ven.Thorapitiya Ananda Thero with the participation of the Deputy Principal of Sri Vijaya Dhamma School, Ven. Yatagama Khemananda Thero.Mrs. Dewani Jayathilaka, Gampaha Forest Officer, Sri Lanka Forest Department Mr. Diroshan Perera, Gampaha Beat Forest Officer, Convener of the Sri Lanka People's Front, Gampaha Electoral Organizer Mr. Lakshman Gunawardena, Member of the Provincial Council were also present at the occasion. 25 mee plants and 25 kumbuk plants were planted in Bemmulla area and 50 arecanut plants were planted in Imbulgoda Wijewardena Sri Maha Viharaya. The members of our organization made a great contribution for this.We hope to carry out this social mission throughout the various aspects and thank you very much to all of you who support us.

Address

Kirillawala

Telephone

+94719480880

Website

Alerts

Be the first to know and let us send you an email when NXT GEN posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category