19/08/2026
දිරියෙන් නැගී සිටීමට වෙර දරන ප්‍රජාව වෙනුවෙන් "සිහින ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ රැකියාවක් සඳහා මානසික පෙළඹවීම ඇති කිරීමේ ඇරමුණින් උපදේශන වැඩසටහනක් දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2026.08.07 වන දින පවත්වන ලදී
දොම්පෙ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස් නිශ්ශංකආරච්චි මහත්මාගේ උපදෙස් හා මග පෙන්වීම මත සමාජ සේවා නිලධාරී සුමුදු ලියනගේ මහතා සහ මානව සම්පත් නිලධාරි කමල් විතානආරච්චි මහතා විසින් වැඩසටහන සංවිධානය කරනු ලැබීය.
මෙම වැඩසටහන සඳහා සම්පත් දායකත්වය දොම්පෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරි දුලන්ජා සමරනායක මහත්මිය විසින් සපයන ලදී