United National Party - Kalutara-Official

United National Party - Kalutara-Official This is the official UNP page. United National Party.

⛔ පොහොට්ටුව තමන්ගේම අපේක්ෂකයෙක් දානවලු.😀නාමල්ට හෙටක් හදන්න මහින්ද ඒ තීරණය ගන්න ඇති.ඒත් අපි බලමු මහින්දගේ බලකඳවුරේ සම්පූර...
29/07/2024

⛔ පොහොට්ටුව තමන්ගේම අපේක්ෂකයෙක් දානවලු.😀

නාමල්ට හෙටක් හදන්න මහින්ද ඒ තීරණය ගන්න ඇති.
ඒත් අපි බලමු මහින්දගේ බලකඳවුරේ සම්පූර්ණ පදාසයක් රනිල් ගාවට ගොඩ ගැහුනම නාමල්ට හෙටක් ඉතුරුවෙයි ද කියලා.😀

පස්සෙ රනිල් පක්ෂය කැඩුවා කියන වාදබයිලාව පොහොට්ටු පාක්ෂිකයන්ට කියලා ඒ අයගේ ඡන්දෙන් පවතින්න මහින්ද රාජපක්ෂ කල්පනා කරනාවනම් ඒක විහිළුවක්.

මොකද මහින්දට යුද්ධය නිසා මිනිස්සුන්හෙ කෙළහිගුණ දැක්වීම 2014 අවසන් වුනා. ආයේ 2019 රාජපක්ෂලාට ලැබුනේ බෝම්ඹය නිසා මිනිස්සුන්ගේ ඇතිවුන ආකල්පමය වෙනස නිසා ලැබුන ජනවරමක්. ඒ 69 ලක්ෂයක ජනවරම මේ රට හොඳ තැනකට ගෙන්න දීපු ඡන්දයක් මිසක් ඒ මිනිස්සු මෙව් රට බංකලොත් වෙන්න බලාගෙන දීපු ඡන්දයක් නොවෙයි.

පස්සෙන් පහු මිනිස්සුන්ට තෙරුම් ගියා ඒ බෝම්ඹය හුදෙක් අන්තවාදී ප්‍රහාරයක් පමණක් නොව එය ඒ වනවිට ජනප්‍රියව සිටි අගමැති රනිල් වික්‍රමසිංහව ඒ වසරේ ජනාධිපතිවරණයේන් පරාජය කරන්න එවකට ජනාධිපති සිරිසේනගෙත් සහයෙන් කරපු කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විත්තිය.

ඊට පස්සෙ ආපූ අර්බුධයෙදී ඒ මිනිස්සු දැක්ක එයල හැමදාම ප්‍රතික්ෂේප කල රනිල් වික්‍රමසිංහ තමන් වැඩකාරයෝ කියල හිතන් උන්න රාජපක්ෂලාට වඩා දක්ෂයෙක් විත්තිය. පොහොට්ටු මිනිස්සු විතරක් නොවෙයි පොහොටු මිනිස්සු පර්ලිමේන්තුවට පත්කර එවපු මැති ඇමතිවරු පවා අත්දැක්කා රාජපක්ෂ නායකත්වයට වඩා රනිල් වික්‍රමසිංහගේ නායකත්වයේ ඇති දක්ෂතවය.

ඒ නිසා මහිදගාව උන්න කාංචනට වඩා ගෝඨාබය ගාව උන්න අලිසබ්‍රිට වඩා වෙනස් කාංචනලා , අලිසබ්‍රිලා ඇතුළු ඇමතිමණ්ඩලයක් අරගලයෙන් පස්සෙ මේ රටේ රනිල්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වුනා.

ඒ පොහොට්‍ටු නායකයොයි, පාක්ෂිකයොයි ආයේ රාජපක්ෂලාව තෝරාගන්නේ නෑ. ඔවුන් දනටම රනිල්ව තෝරාගෙන ඉවරයි. ඒ නිසා පොහොට්ටුව මොන තීරණය ගත්තත් ඒක රනිල්ට බලපාන්නෙ නෑ.

මන්දයත්,
ඒ හැටනව ලක්ෂයේ ඡන්ද දායකයන්ගේ බලාපොරොත්තුව ඉටුකලේ රනිල්, රට බෙරාගත්තේ රනිල්, අර්බුධයන් රට එගොඩ කලේ රනිල්, පෝලිම් යුගය ඉවරකරලා එලැබෙන්න ගිය සාගතයෙන් මුදවාගත්තේ රනිල්.

ඒ වගේම තම දේශපාලන ජිවිතය පුරා රනිල් හදලා වඩලා ලොකු මහත්කල දෙශලාපන දරුවන් බොහෝමයක් පහුගිය පාර පාර්ලිමේන්තු ආවේ සජබයෙන්, ඒ රනිල් හොඳනැති නිසා නොවෙයි, බෝම්ඹයත් ඊට පසු පක්ෂයේ සහයෙන් ආපු ආපෙක්ශකයත් පැරදුන නිසා පාර්ලිමේන්තු එන්න විකල්පයක් ලෙස කඳවුරක් හදගන්න අවශ්‍යය නිසා පමණයි.

ඒ දරුවන් සියල්ලම පාහේ ආයේ මහගෙදරට එකතුවෙන්න අතරමැදි සන්ධානයකට එකතුවුනාම.. නියත වශයෙන්ම ඡන්ද ලක්ෂ 70කට වඩා අරන් මුළු ඡන්ද වලින් 51% ක් අරන් මී ලඟට ජනාධිපතිවෙන්න රනිල් වික්‍රමසිංහම තමයි මිත්‍රවරුණී.

ස්තූතියි.
Yohan Fernando

Address

400 Kotte Road, Pita
Kotte

Telephone

+94112865375

Alerts

Be the first to know and let us send you an email when United National Party - Kalutara-Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to United National Party - Kalutara-Official:

Share