The Blueprint SJB

The Blueprint  SJB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Blueprint SJB, Political Party, No 815, E. W. Perera Road, (Pitta Kotte Road) Ethul Kotte, Sri Lanka, Kotte.

17/01/2024

ජාතික විද්වත් සභාව මාතර ශාඛාව විසින් සoවිධානය කරන්නට යෙදුන ජනතා පසු විපරම ...

The Blueprint SJB ☎️✔️

සජිත් ප්‍රේමදාස මහතා The Blueprint රැගෙන මාතරට ☎️📘සමගි ජන බලවේගයේ ජාතික විද්වත් සභාව මාතර ශාඛාව විසින් සංවිධානය කළ ආර්ථි...
14/01/2024

සජිත් ප්‍රේමදාස මහතා The Blueprint රැගෙන මාතරට ☎️📘

සමගි ජන බලවේගයේ ජාතික විද්වත් සභාව මාතර ශාඛාව විසින් සංවිධානය කළ ආර්ථික හා න්‍යායාත්මක දැක්ම වන The Blueprint පස් වැනි දිග හැරුම මාතර Pearl Place උත්සව ශාලාවේදී ඊයේ ( 13 ) දින පැවැත්විණි.
සමගි ජන බලවේගයේ නායක වර්තමාන විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හසීම්, එරාන් වික්‍රමරත්න සහ ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මැතිතුමාගේ සහභාගීත්වයෙන්. රංජිත් මද්දුම බණ්ඩාර සහ අනෙකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජාතික බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින්, මාතර ප්‍රදේශයේ විද්වත් වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ සමාජ ක්‍රියාකාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

එහිදී පොදු ආර්ථිකය පිළිබඳව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හසීම් මහතා කියා සිටියේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රථම ආර්ථික අර්බුදය ඇතිවූ ආකාරය පිළිබඳව දැනගත යුතු බවයි. ආර්ථික අර්බුදය පිළිබඳවත් ආර්ථික අර්බුදයෙන් ඇතිවූ අරගලය පිළිබඳවත් මත දෙකක් ඇති බවත් එය මිථ්‍යා මතය හා දාර්ශනික මතය ලෙස නම් කළ හැකි බවත් පෙන්වා දුනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP ය සෑම රජයකටම පාහේ රාජ්‍ය බලය ලබා ගන්නට උදව් කර පසුව ඔවුන් විවේචනය කරන බවයි. මේ බ්‍රෝකර් දේශපාලනයෙන් මිදී සැබෑ දේශපාලන ධාරාවට පිවිසීමට ඔවුන්ට කිසිදු වැඩපිළිවෙළක් හෝ අත්දැකීමක් නැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් " 2015 අපි රට බාරගන්නකොට තිබුණු දළ දේශීය නිෂ්පාදනය 10% සිට 13% දක්වා වර්ධනය කරලා තමයි අපි රට බාර දුන්නේ. විදේශ සංචිත ලෙස ඩොලර් බිලියන 7.6 එක්කයි අපි රට දුන්නේ. අපේ කාලේ උද්ධමනය 70% පසු කළා. කවුරුත් කිව්වේ නෑ බඩු මිල වැඩි, බැංකු පොලිය වැඩියි, ව්‍යාපාර කරගන්න බෑ කියලා. අපි ණය ගත්තේ 89.9% රාජපක්ෂල ගත්ත ණය ගෙවන්න. රට වටේ හැට නම ලක්ෂයක් මුලා කරලා ඊළඟට රජය බලයට ඇවිත් රජයේ බදු ආදායම කපා හැරියා. මාස දොළහෙන් රට බංකොලොත් වුණා. රාජ්‍ය ආදායම බිලියන 600 කින් අඩු වුණා. සමගි ජන බලවේගය විදිහට අපි ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා සීමිත සම්පත අපි යොදවන්නේ මානව සම්පත ගොඩනඟන්න කියලා. එතන තමයි මේ රටේ අනාගතය. අපි ඒක දන්නවා අපි ඒක කරනවා " යයිද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ආචාර්ය රොහාන් පල්ලෙවත්ත මහතා අදහස් දක්වමින් කියා සිටියේ " මෑතකදී මම එක සමුළුවකට සහභාගි වුණා. මම එතනදි ආයෝජකයන්ට විවෘත ආරාධනාවක් කළා. නමුත් ඔවුන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඔවුන්ට ඇති දුෂ්කරතාවයන් පිළිබඳවයි. මිලියන 22ක් වැනි ජනගහනයක් සඳහා ආයෝජන ලංකාවට රැගෙන ඒම ප්‍රතිඵල දායක නොවන බවයි. ඒ වෙලාවේ මම කිව්වා ආසියාවේ තියෙන එකම රට තමයි ඉන්දියාව සහ පකිස්ථානය එක්ක එකවර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරපු කියලා. එතනදි මට පුළුවන් වුණා ඔවුන්ට අවබෝධ කරලා දෙන්න ලංකාව තුළ ව්‍යාපාර කරනවා නම් එය ලෝකයේ පහෙන් එකක වෙළඳපලක් සඳහා ඔබ කරන ආයෝජනයක් කියලා" ආයෝජන ගෙන ඒමේදී රාජ්‍ය අංශයේ සෘජු මැදිහත්වීම සහකාර්යක්ෂමතාවය ඉතා වැදගත් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වෘත්තීයවේදීන්ගේ සභාව අමතමින් කියා සිටියේ" ලෝකයේ රටවල් දෙකක් තුනක් පමණක් සමාජවාදය ක්‍රියාත්මක කරන රටවල් ලෙස පැවතියද සමහර සමාජවාදී යැයි කියාගන්නා රටවල් උග්‍ර ධනවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බවයි. රටක් ගොඩනගන්නට අවශ්‍ය මාර්ගය ධනවාදය බව තමනුත් තමන්ගේ පක්ෂයක් පිළිගන්නා බවයි. " සමහරු කියනවා UNP එක සහ සමගි ජන බලවේගයේ ආර්ථිකය එකම ධනවාදය බවයි. මේ වෙලාවේ පැහැදිලිව කියන්න ඕනේ UNP එක අනුගමනය කරන්නේ ගජ මිතුරු ධනවාදයයි. සමගි ජන බලවේගයේ අපි අනුගමනය කරන්නේ මානුෂීය ධනවාදයයි. අද මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය ප්‍රජා සත්කාර වැඩසටහන් කෙරෙනවා. මේ සේරම කෙරෙන්න මුදල් ඕනේ, සම්පත් ඕනේ, ධනය උත්පාදනය වෙන්න ඕනේ. ඒක කරන්න පුළුවන් මානුෂීය ධනවාදයට විතරයි. ධනවාදය තුළත් විෂමතාවය තියෙනවා. දිනන එක්කෙනා දිනනවා පරදින එක්කෙනා පරදිනවා. ඒ විෂමතාවයන්ට අවශ්‍ය මොහොතේ ක්‍රියාමාර්ග අරගෙන ඉදිරියට යෑම තමයි සමගි ජන බලවේගයේ මානුෂීය ධනවාදයැයිද ප්‍රකාශ කළේය.

Leader සැබෑ පුතානෝ Real Son සැබෑ පුතානෝ The Blueprint SJB ☎️

13/01/2024

දවස අදයි 💪
The Blueprint SJB Today @ Mathara ☎️
5pm - 8pm

හෙට මාතරට 👇 The Blueprint  SJB  ☎️
12/01/2024

හෙට මාතරට 👇
The Blueprint SJB ☎️

11/01/2024

මූනවල් දෙකක් තියන මහ බබා කවුද 😁
මහබබා බලන්න වීඩියෝව 👇
The Blueprint SJB ☎️

Address

No 815, E. W. Perera Road, (Pitta Kotte Road) Ethul Kotte, Sri Lanka
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when The Blueprint SJB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share