UNP Professionals

UNP Professionals This is the official face book page of the Group of United National Party Professionals

එක්සත් ජාතික පක්ශයේ වෘතීය වේදීන් 'UNP Professionals' හි 2024/2025 වසර සදහා නිලධාරි මණ්ඩලය පත්කිරීම ඊයේ දිනයේදී සිරිකොත ප...
01/08/2024

එක්සත් ජාතික පක්ශයේ වෘතීය වේදීන් 'UNP Professionals' හි 2024/2025 වසර සදහා නිලධාරි මණ්ඩලය පත්කිරීම ඊයේ දිනයේදී සිරිකොත පක්ශ මූලස්තානයේදී පක්ශ මහලේකම් ගරු පාලිත රංගෙ බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී සභාපති ලෙස ඉංජිනේරු භාරත තෙන්නකෝන් සහ ලේකම් ලෙස දොස්තර නන්දික සෙම්බකුට්ටිආරච්චි මහතා පත්වීම් භාරගන්නා ලදී.
ඊට අමතරව දිස්ත්‍රික් සම්බන්දීකරණ නිලධාරීන් සහ අනෙකුත් සෙසු නිලතල සදහා වෘතිය වේදීන් පත් කලේය.
ඉදිරි ජනාධිපති මැතිවරණයේදී ජනාධිපති රන්ල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ශ වෘතියවේදීන්ගේ වැඩපිලිවෙල පිලිබදව වැඩිදුරටත් සාකච්චා කල අතර සිරිකොත ඩිජිටල් කරණ වැඩපිලිවෙල සම්බන්ධවද මෙහිදී සාකච්චා කල අතර එහි වැඩකටයුතු තවත් දින කිහිපයකින් ආරම්භ කිරීමට අවශය කටයුතු සකසන මෙන් මහලේකම්තුමා දැනුම්දෙන ලදී.

11/07/2024
10/07/2024

ඊයෙ ජුලි 9 නිසා මිනිස්සු ආණ්ඩු විරෝධයක් දක්වයි කියලා සමහරු හිතන් හිටියා..
ඒත් Ground reality එක වෙනස්..
Supply chain එක හොදට වැඩ කරන නිසා මිනිස්සු හම්බ කරගන්න වැඩේට සෙට් වෙලා..
තෙල් , ගෑස් පෝලිම් නැති යථා තත්වයට පත්වූ ජන ජීවිතය බැලු බැලු හැම අතම පේනවා..
පහුගිය වෙසක් , පොසොන් සැණකෙළි දෙකට තිබුණු උද්‍යෝගයෙන් ඒක පෙනුනා..
දුප්පත්ම මිනිහට අස්වැසුමෙන් ආධාරයයි, ගොවියට උරුමයෙන් ඉඩම් ටිකයි ලැබෙනවා..
ගමට විදේශ රැකියාත් එනවා..
තෙල් , පොහොර ටික ලැබිල වවන මිනිහා වවනවා..
සංචාරක ව්‍යාපාරය පණ ගහලා..
වෘත්තීකයො වැඩට යනවා..
මිනිස්සු කාල , බීල හැකි පමණ විනෝදෙන් ඉන්නවා..

තමන්ගෙ දේශපාලන ව්‍යාපෘතියෙ downfall එක පෙනෙනකොට කලබල වූ පිරිසක් විතරක් නාහෙන් අඩනවා පේනවා බුකියෙ..
ආණ්ඩු විරෝධය කෘතිමව හදන්නයි ඔවුන් වර්ජන රැල්ලක් ගේන්නෙ..

නමුත් යථාර්ථය වෙනස්..

හැමදේම අඩුපාඩු දකින ඒ කණස්සලුකාරයින් නොවන යථාර්ථවාදී මිනිස්සු ටික වෙලාවට සංවිධානය වේවිེ..!

ප්‍රියංකර මහගම්මුල්ලගේ
වෛද්‍ය , නීතිඥ
එජාප සංවිධායක
හම්බන්තොට




තිත්ත ඇත්ත..
09/07/2024

තිත්ත ඇත්ත..

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා - ජනපති.රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින...
07/07/2024

රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරනවා - ජනපති.
රට ආර්ථික වශයෙන් ගොඩනැඟෙමින් තිබෙන අවස්ථාවේ එය කඩාකප්පල් කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටින බවත්, ආර්ථික අර්බුදය හමුවේ වුවද මෙම වසරේදී ලබා දිය හැකි වැටුප් වැඩිවීම් රාජ්‍ය සේවකයන්ට ලබා දුන් බවත්, ලබන අයවැයෙන් ද ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට නොහැකි වූ අවස්ථාවේ ලක්ෂ 05කින් රාජ්‍ය සේවය කප්පාදු කරන ලෙස ඇතැමුන් පැවසුවද තමා එලෙස නොකළ බවත්, වැට් බද්ද 18%කට ගෙන එමින් එම වැටුප් නිසි වේලාවට ලබාදීමට කටයුතු කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තවදුරටත් ජනතාව මත බදු බර පැටවිය නොහැකි බව ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ “නීති ගරුක රටක්’ යන තේමාව යටතේ වැල්ලවාය මහජන ක්‍රීඩාංගනයේ ඊයේ (06) පස්වරුවේ පැවති ඌව පළාත් ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් බලගැන්වීමේ වැඩමුළුවට එක්වෙමිනි.

நாட்டை பொருளாதார ரீதியில் கட்டியெழுப்பும் வேளையில் சிலர் சீர்குலைக்க முயற்சிப்பதாகவும், அரச சேவையாளர்களுக்கு இவ்வருடத்தில் மீண்டும் சம்பள அதிகரிப்பு வழங்க முடியாது எனவும், ஆனால் 2025 ஆம் ஆண்டுக்கான வரவு செலவு திட்டதில் அதற்கான நிதியை ஒதுக்க முடியுமென எதிர்பார்க்கப்படுவதாகவும் ஜனாதிபதி ரணில் விக்ரமசிங்க தெரிவித்தார்.

கடந்த பொருளாதார நெருக்கடியை அடுத்து அரச உத்தியோகத்தர்களுக்கு சம்பளம் வழங்க முடியாமற்போன வேளையில், 5 இலட்சம் அரச ஊழியர்களுக்கு சம்பளம் குறைக்க வேண்டும் பலர் கூறிய போதும் தான் அதைச் செய்யவில்லை எனவும், VAT வரியை 18% இற்கு கொண்டு வந்து சம்பள அதிகரிப்பை வழங்கியிருப்பதாகவும் தெரிவித்த ஜனாதிபதி, இனியும் மக்கள் மீது வரிச்சுமையை சுமத்த முடியாது எனவும் வலியுறுத்தினார். “சட்டத்தை மதிக்கும் நாடு” எனும் தொனிப்பொருளில் வெல்லவாய பொது விளையாட்டரங்கில் நேற்று (6) நடைபெற்ற ஊவா மாகாண சமூக பொலிஸ் குழு உறுப்பினர்களின் வலுவூட்டல் செயலமர்வில் கலந்து கொண்ட போதே ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இதனைத் தெரிவித்தார்.

President Ranil Wickremesinghe emphasized that some individuals are attempting to disrupt the country’s economic progress. He announced that despite the economic crisis, the government has managed to implement salary increases for public servants this year and assured that necessary allocations will be made in the upcoming budget.

During the last economic crisis, some suggested cutting 500,000 public service jobs due to an inability to pay government salaries. However, the President stated that he did not follow this advice and instead increased VAT to 18% to ensure salaries were paid on time. He also emphasized that the tax burden on the people cannot be increased any further. President Wickremesinghe made these remarks at the Uva Provincial Community Police Committee members’ empowerment workshop, held yesterday (06) at the Wellawaya Public Stadium under the theme “A Law-Abiding Country.”

𝙍𝙚𝙖𝙙 𝙈𝙤𝙧𝙚: https://tinyurl.com/cu38kcwx

| | | | | #සිරිකොතමන්දිරය 🇱🇰

💪💪💪
06/07/2024

💪💪💪

රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතුයි වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ ...
06/07/2024

රට තුළ නව ආර්ථික ක්‍රමයක් මෙන්ම නව දේශපාලන ක්‍රමයක් ද
නිර්මාණය විය යුතුයි

 වගකීම් භාරගත හැකි මෙන්ම සත්‍ය නොබියව ප්‍රකාශ කළ හැකි දේශපාලන නායකයන් රටට අවශ්‍යයි
 සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන ඉදිරියට යමු
 ඇතැමුන් ආදර්ශයට ගන්නා ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් අසාර්ථක පුද්ගලයෙක්
 සිංහල ජාතිය කිසිදා සිඟමන් යැද්දේ නැහැ - අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් තුළින් මෙරට ආර්ථිකය ඉහළට ඔසවා තබනවා
 එම වැඩපිළිවෙළේදී බැංකු පද්ධතියට පුළුල් වගකීමක් පැවරෙනවා

බැංකුකරුවන්ගේ සංසඳයට එක් වෙමින් ජනපති පවසයි

රට තුළ නව ආර්ථිකයක් ගොඩනඟන විට නව දේශපාලන ක්‍රමයක් ද නිර්මාණය විය යුතු බවත්, වගකීම් භාරගෙන කටයුතු කළ හැකි පිරිසක් මෙන්ම නොබියව සත්‍ය ප්‍රකාශ කරන පිරිසක් එම දේශපාලන ක්‍රමවේදය තුළ බිහිවිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (05) සංවිධානය කර තිබූ බැංකුකරුවන්ගේ සංසඳයට සහභාගී වෙමිනි.

රට හමුවේ ඇති ආර්ථික අභියෝගය තමා ජනතාව හමුවේ නොබියව ප්‍රකාශ කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රට එම අර්බුදයෙන් ගොඩගැනීමට හැකි නිවැරදි වැඩපිළිවෙළ ද මේ වන විට පැහැදිළිව රටට ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.

එම වැඩපිළිවෙළ හැර වෙනත් වැඩපිළිවෙළක් රටට නොමැති බව පැවසූ ජනාධිපතිවරයා සිහින ලෝකවල කටයුතු නොකර රටට අවශ්‍ය වැඩපිළිවෙළ හඳුනාගෙන රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට සහාය වීම සියලුදෙනාගේ වගකීම බවද පැවසීය.

ඇතැමුන් ආජර්ටිනාවේ මාටින් ගුස්මාන් ආදර්ශයට ගෙන කථා කළද ඔහු අසාර්ථක පුද්ගලයෙකු බව පැවසු ජනාධිපතිවරයා තවත් පිරිසක් ලෝක නායකයන්ගෙන් මුදල් ඉල්ලාගෙන එන ලෙස තමන්ට පැවසුවත් සිංහල ජාතිය කිසිදා සිඟමන් යැදි ජාතියක් නොවන අතර ස්වඋත්සාහයෙන් නැගි සිටින ජාතියක් බවද අවධාරණය කළේය.

අපනයන ආර්ථිකයක් මත පදනම්ව රට වේගවත් සංවර්ධනයක් කරා ගෙන යාම තම අරමුණ බව පැවසු ජනාධිපතිවරයා අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, එම වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යාමේ දී බැංකු පද්ධතියට විශාල වගකීමක් පැවරෙන බවත් කියා සිටියේය.

මෙහිදී ජාතික බැංකුකරුවන්ගේ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.
ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහභාගී වූ සාකච්ඡාවක් ද පැවැත්විණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
අද අප ආර්ථික වශයෙන් බොහෝ දුර පැමිණ තිබෙනවා. එදා ජෙට්වින් හෝටලයේ සිට මෙම ගාලු මුවදොර හෝටලය දක්වා සිදු වු දේ මම අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ ගිය ගමන, මාගේ නිවසත් ගිනිබත් කරගෙන ගියා. කෙසේ හෝ අද අප ඉදිරියට පැමිණ තිබෙනවා. නමුත් තව දුර යාමට තිබෙනවා. අපේ බැංකු පද්ධතිය ආරක්ෂා කර නොගතහොත් ආර්ථිකය ආරක්ෂා කර ගන්න නොහැකි වන බව මම එදා පැහැදිළිව ප්‍රකාශ කළා. බැංකු පද්ධතිය බිඳ වැටුණහොත් ආර්ථිකය නැති වෙනවා.
එදා මට මේ රට භාර ගැනීමට සිදු වුණා. අප සියලුදෙනා එකතුව රටේ ආර්ථිකය නඟා සිටුවීමේ වැඩ කටයුතු ආරම්භ කළා. අද එහි ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා. මේ සියල්ල අපට එකවර ලැබෙන්නේ නැහැ.
ණය ආපසු ගෙවීමේ දී වසර 04ක් ණය නොගෙවා සිටීමටත්, ගෙවිය යුතු ණය මුදලින් ඩොලර් බිලියන 08ක් අඩු කිරීමටත් දැන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථිකය නැවත දියුණුවෙමින් පවතිනවා. දැන් අප රටක් ලෙස සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. අපට රුපියල් බිලියන 08ක ණය සහනයක් ලැබුණ නිසා අපට දැන් අලුත් ආර්ථිකයකට යාමට ඉඩ කඩ තිබෙනවා. එහිදී අපනයන ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නීති පද්ධතිය අප මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.
අප මෙතැනින් ඉදිරියට යා යුතුයි. මෙහිදී විශාල වැඩකොටසක් බැංකු පද්ධතියට හිමි වෙනවා. අපි මේ මුදල් සොයා ගන්නේ කොහෙන්ද. අප විදේශ ආයෝජන ගෙන ඒමට අවශ්‍යයි. එවිට බැංකු දියුණු වෙනවා. අප තවම මෙම ඉලක්කයට ළගා වී නැහැ.
අප කැඩුණු ආර්ථික ක්‍රමය සකස් කරගෙන ඉදිරියට ගියත් කැඩුණු දේශපාලන ක්‍රමය තවම සකස් කරගෙන නැහැ. එදා නායකයන් බයේ දිව්වා. එවන් තත්ත්වයක් තිබෙනවා නම් , මොකක්ද මේ රටේ තිබෙන දේශපාලන නායකත්වය. එවන් නායකයන්ට රට ඉදිරියට ගෙන යන්න පුළුවන්ද? එදා ඔවුන් බිය වී පැන ගියේ ඔවුන් ළඟ විසඳුමක් නොතිබූ නිසයි.
හිටපු ජනාධිපතිවරයා ඉවත් වූ පසුව මේ රටේ සාමය සහ ස්ථාවරත්වය බිඳ වැටෙන්න ගියා. ඇතැම් අය මට අගමැතිකමින් ඉවත් වෙන්න කිව්වා. එහෙම දේශපාලන ක්‍රමයකින් රටක් ඉදිරියට ගෙන යන්න පුළුවන්ද,
අපි ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කළ විට සුනිල් හ‍ඳුන්නෙත්ති මහතා නඩුවක් දැම්මා. එම නඩුවෙන් කියැවෙන්නේ “ආනයන පදනම් කරගත් ආර්ථිකයක් අවශ්‍යයි” කියලා. අද අපට ආර්ථික ගැටළුවකට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ අප ආනයන ආර්ථිකයක කටයුතු කිරීම නිසයි.
ඒ වගේම තව කෙනෙක් ආර්ජන්ටිනාවේ මාටින් ගුස්මාන් ගැන කියනවා. ඔහු අසාර්ථක පුද්ගලයෙක්. නැත්නම් ලෝකය වටේ ගිහින් නායකයන්ගෙන් සල්ලි ඉල්ලගෙන එන්නලු. මම හිඟා කන මිනිහෙක් නෙවෙයි, ඒ වගේම සිංහල ජාතිය හිඟා කන ජාතියක් නොවෙයි. ඒ වගේම ඇතැම් අය තවම කියනවා අලුත් දෙයක් ඕන කියලා. ඒ කියන්නේ ආනයන පදනම් කරගත් ආර්ථිකයක්ද ?

මම දවසක් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ඇහුවා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එපා කියද්දි, ආර්ථික ගැටලුවක් තිබෙද්දි ඇයි බදු අඩු කළේ කියලා. එතුමා කිව්වා ව්‍යාපාරිකයෝ සියලුදෙනා මෙය අඩුකරන්න කියලා කිව්වා කියලා. එතුමා ඇත්ත කිව්වේ. එය මම දන්නවා. ඒ අය මගෙනුත් ඇහුවා ඇයි ඔයා බදු අඩු කළේ නැත්තේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බදු අඩු කළා කියලා. අද එහෙම කියපු අය හොයා ගන්නත් නැහැ. අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයා තනි වෙලා ඉන්නවා.
අපි නිසි ලෙස තෝරාගෙන රටට අවශ්‍ය වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි. සිහින ලෝකවල ඉන්න හොඳ නැහැ. අපි සත්‍ය දැනගෙන වැඩ කළ යුතුයි. අද අපි ගන්න පියවර අනුව තමයි අපේ ඉදිරි ගමන තීරණය වන්නේ. අපි රටේ ආර්ථිකය හදනවා වගේම අලුත් දේශපාලන ක්‍රමයක් සකස් කළ යුතුයි. වගකීම් භාරගෙන ඉදිරියට යා හැකි පිරිසක් වගේම ඇත්ත තත්ත්වය දැනගෙන බය නැතිව කතා කළ හැකි පිරිසක් එමඟින් නිර්මාණය විය යුතුයි. එසේ නොමැතිව මේ රටට අනාගතයක් නැහැ.
අපි සෑමවිටම ඇත්ත කථා කළා. දේශපාලනයේ දී ඇත්ත කියන්න බය විය යුතු නැහැ. ආණ්ඩුවට පක්ෂද, විරුද්ධද කියන එක නොවෙයි, ඇත්ත ප්‍රකාශ කළ යුතුයි. මම සෑම පක්ෂයකින්ම පිරිස එක් කරගෙන මෙම ආණ්ඩුව ඉදිරියට ගෙන ගියා. පක්ෂවල විනයක් තිබුණේ නැති වුණාට ආණ්ඩුවේ විනයක් තිබුණා. බය නැතුව කණ්ඩායමක් අපත් සමඟ එක් වුණා. පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව අපත් සමඟ එකතු වුණා. අද අපි ආර්ථිකය සකස් කරගෙන තිබෙන මට්ටමට අපේ දේශපාලන ක්‍රමය තවම පැමිණ නැහැ. ඒ ගැන අවධානය යොමු කරමින් අප වැඩ කළ යුතුයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා
අසේල ප්‍රනාන්දු මහතා 2022 අප්‍රේල් 22 මේ සංගමයේ රැස්වීම පවත්වපු අවස්ථාවේදී අපේ රට තිබුණේ විශාල අර්බුදයක. අර්බුදයේ උච්චතම අවස්ථාව ආසන්නයට පැමිණ තිබුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අපේ පක්ෂයේ එකම මන්ත්‍රීතුමා. එතුමාට සියලුදෙනා ආරාධනා කළා මෙතනට පැමිණ බැංකුකරුවන් අමතන්න කියලා. එදා ඔබ අහපු ප්‍රශ්න මට මතකයි. ඒ වගේම එදා එතුමා ඔබට ලබා දුන් උපදෙස් ද මට මතකයි.
විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අප කටයුතු කළ යුතුයි කියන කාරණාව එතුමා එතැනදී සඳහන් කළා. පාර්ලිමේන්තුව තුළත් ඒ වගේම එවකට රජයේ ප්‍රධානීන් සියලු දෙනාටමත් ඒ කාරණය එතුමා දැනුම් දී තිබුණා. අවසානයේ එතුමා ලබා දුන් උපදෙස් එතුමාටම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව උදාවුනා. ජනාධිපති ධූරය භාරගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කාලයකදී එතුමා ඒ ප්‍රශ්න සියල්ලම එකින් එක ලිහන්න පටන් ගත්තා.
පළමුවෙන්ම රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කළා වගේම අපේ බදු ප්‍රතිපත්තිය සහ රාජ්‍ය වියදම් පාලනය කිරීමටත් කටයුතු කරමින් අද පවතින තත්ත්වයට රට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදුකළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රාජ්‍ය පාලන විනිශ්චය පිළිබඳ වාර්තාව ලබාගත් කලාපයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වුණා. ඒ වාර්තාව අනුව වංචාව හා දූෂණය මැඩ පැවැත්වීම ඇතුළු කරුණු 15ක් පිළිබඳ අප වැඩ කටයුතු ආරම්භ කළා.

ඒ නිසා අද අප යම් ස්ථාවර භාවයට පත්වී තිබෙනවා. අප ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළද මේ වන විට සාර්ථකව අවසන් කරමින් පවතිනවා. රටේ ආර්ථිකය ඉහළ නංවාලීමේදී බැංකු ක්ෂේත්‍රයේ ඔබ සියලු දෙනාගේත් සහය අවශ්‍ය වෙනවා. ඔබේ සහාය ලැබුණොත් අපට වේගයෙන් මේ රට ගොඩනැගීමට හැකියාව පවතිනවා.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, කොළඹ වරාය නගරයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රේවන් වික්‍රමසූරිය, රාජ්‍ය හා පෞද්ගලික බැංකු සභාපතිවරුන්, ජාතික බැංකුකරුවන්ගේ සංගමයේ ලේකම් අසේල ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු නිලධාරී මණ්ඩලය, බැංකු විධායක නිලධාරින් ඇතුළු බැංකු ක්ෂේත්‍රයේ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-07-06

#සිරිකොතමන්දිරය

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමි...
05/07/2024

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති ආකාරයට ඩොලර් බිලියන 03ක ණය කපා හැරීමක් සිදුවන බවත් ඒ අනුව ගෙවීමට තිබූ ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් රටේ ජනතාවට ලබාදීමට හැකි වූ බව අද (05) පෙරවරුවේ කුරුණෑගල වයඹ පළාත් ශ්‍රවණාගාරයේ පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය - PMD

கடன் மறுசீரமைப்பு செயல்முறை தொடர்பாக, இருதரப்பு கடன் வழங்குநர்களிடமிருந்து 05 பில்லியன் டொலர் கடன் வட்டி நிவாரணமும் வணிக கடன் வழங்குநர்களிடமிருந்து 03 பில்லியன் டொலர் கடன் நிவாரணமும் கிடைத்திருப்பதால், இலங்கை செலுத்த வேண்டிய கடனிலிருந்து 08 பில்லியன் டொலர் நிவாரணத்தை நாட்டு மக்களுக்காகப் பெற முடிந்துள்ளதாக ஜனாதிபதி ரணில் விக்ரமசிங்க இன்று (05) முற்பகல் குருணாகலில் நடைபெற்ற உறுமய காணி உறுதி வழங்கும் நிகழ்வில் தெரிவித்தார். - PMD

Addressing the Urumaya Freehold Land Deed Ceremony in Kurunegala today, President Ranil Wickremesinghe announced that the debt restructuring process will include $5 billion in loan interest relief from bilateral creditors & a $3 billion debt write-off from commercial creditors providing the country with a total relief of $8 billion - PMD

#සිරිකොතමන්දිරය

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා ...
03/07/2024

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන්
තම සේවය කැප කළ යුතුයි
 විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි

 උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ දෙන්නේ නැහැ - ඒ වෙනුවෙන් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ග

 මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති
විපක්ෂයෙන් ද ඉල්ලයි

 උසස්වීම් හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්නේ නැහැ

 ඉදිරියේදී ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය මාර්ගගත තාක්ෂණය ඔස්සේ

2159කට නව ගුරු පත්වීම් ප්‍රදානය කරමින් ජනපති පවසයි

ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළයුතු බවත් විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසිවෙකුට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට ඉඩ නොතබන බවත්, ඒ පිළිබඳ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සොයා බැලීමට තමා නීතිපතිවරයාට උපදෙස් දී තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය හා උපාධිධාරින් හා ඩිප්ලෝමාධාරින් හට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී අද (03) පැවති උත්සවයට එක්වෙමිනි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස මෙහිදී සියලු දෙනාගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස විපක්ෂයෙන් ද ඉල්ලීමක් කළේය.

එසේම ගුරු මාරු සහ උසස්වීම් ක්‍රමවේදය ඉදිරියේ දී මාර්ගගත ක්‍රමය (online) හරහා සිදු කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව පැවසූ ජනාධිපතිවරයා උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලට අදාළව කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ නොතබන බවද අවධාරණය කළේය.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියේ සාමාන්‍ය සේවක පුරප්පාඩු වෙනුවෙන් 60 දෙනෙකු සඳහා පත් වීම් ප්‍රදානය කිරීම හා උපාධිධාරින් 1706 දෙනෙකු සහ ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරී 453කට ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව පත්වීම් ප්‍රදානය කිරීමට එක් විය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

පරිපාලන සේවයට සහ ගුරු සේවයට ඇතුළත් වන ඔබ සියලුදෙනාට මම සුබ පතනවා. අද ඔබ භාරගන්නේ ඉතා වැදගත් වගකීමක්. පසුගිය වසර දෙකේ රට බංකොලොත් වූ අවස්ථාවේ සහ එම බංකොලොත් භාවයෙන් මිදීමට අප පියවර ගත් අවස්ථාවේ දී වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන ඉහළ දැමුවා. පුරප්පාඩු සඳහා පමණක් නොව අතිරික්ත ගුරුවරුන් බඳවා ගැනීමට ද කටයුතු කළා. අසීරු කාලයේ වුවද එවන් පියවර ගනු ලැබුවේ රටේ අනාගතය දෙස අවධානය යොමු කරමින් බව කිවයුතුයි.

අපේ අනාගතය වන්නේ දරු පරපුරයි. අනාගත පරපුරට නව දැනුම ලබාදෙමින් වෙනස් වන ලෝකයේ නවීන තාක්ෂණ දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට රජය කටයුතු කරන්නේ ඒ නිසයි. එය අප සියලුදෙනාගේ වගකීමක් වෙනවා.
ඒ නිසා ගුරු වෘත්තියට ඇතුළත් වන සියලුදෙනා අනාගත පරපුර වෙනුවෙන් තම සේවය කැප කළ යුතුයි. එසේම විනයක් ඇතිව කටයුතු කළ යුතුයි. විනයක් නොමැතිව රටක අධ්‍යාපනය පවත්වාගෙන යා නොහැකියි. ඔබේ පන්ති කාමරයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 40 -50ක් පමණ සිටිය හැකියි. නමුත් ගුරුවරයා සහ හමුදා නිලධාරියා අතර වෙනසක් තිබෙනවා. හමුදා නිලධාරින් යටතේ සිටින්නේ පුහුණුව ලැබූ වැඩිහිටියන්. නමුත් ඔබ යටතේ සිටින්නේ පුහුණුව ලබා දිය යුතු වසර 18 නොඉක්මවූ පිරිසක්. මේ පිළිබඳ අවධානය යොමු කර කටයුතු කළ යුතුයි. අපි රටේ අධ්‍යාපනය රැක ගන්නේ නැත්නම්, අධ්‍යාපන ක්‍රමය කඩාකප්පල් කරනවා නම් අපේ අනාගත පරපුර අපට අහිමි වෙනවා.
රටේ ආර්ථිකය ගොඩනැඟීමට නම් අප වේගයෙන් ඉදිරියට යා යුතුයි. එහිදී ඉදිරි වසර 20 – 25 තුළදි ඩොලර් බිලියන 85ක් වූ අපේ දළ දේශීය නිෂ්පාදනය අවම වශයෙන් ඩොලර් බිලියන 350ක් දක්වාවත් ඉහළ නංවා ගැනීමට අප උත්සාහ කළ යුතුයි. අපේ අනාගත පරපුර වෙනුවෙන් එය සිදු කළ යුතුයි.
ඒ අනුව දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කරමින් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට කටයුතු කිරීම අප සියලුදෙනාගේ වගකීම වෙනවා. ගුරු සේවය අනෙකුත් සේවාවන්ගෙන් වෙනස් සේවාවක් බව කිවයුතුයි. එම ගරුත්වය ආරක්ෂා කරන්න.
අද පාසල්වල විනය ආරක්ෂා කිරීමට සිදුව තිබෙනවා. පාසල්වල සිදුවන මෙම වර්ජන යහපත් දෙයක් නොවෙයි. එසේ වර්ජන සිදු කිරීමට හේතුවකුත් නැහැ. 2022 වසරේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ එකම වැටුප් වැඩිවීම සිදු කළේ ගුරුවරුන් වෙනුවෙන්. මේ වසරේදී අප රාජ්‍ය සේවයේ සියලුදෙනා වෙනුවෙන් රුපියල් දස දහසක දීමනාවක් ලබා දුන්නා. රටේ ආර්ථික තත්ත්වය සමඟ ඊට වඩා දීමට හැකියාවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඇතැම් වෘත්තීය සමිති මෙය සංශෝධනය කර වැඩිපුර ලබා දෙන්න කියා ඉල්ලනවා. මම මෙහිදී පුදුම වන්නේ ගුරු සේවයෙන් ද වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටීම පිළිබඳවයි. අප ඔවුන්ට දෙවරක් වැටුප් වැඩිවීම් ලබා දී තිබෙනවා.
පසුගියදා ගුරුවරුන් වැඩ වර්ජනයක් කළා. ඔවුන් පන්තිකාමරවලට ආවේ නැහැ. ඔවුන් වර්ජනය කළේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණිලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු අනෙක් පිරිසත් පැමිණිලා, කෑ ගහලා, ජනාධිපති කාර්යාලට එන්න උත්සාහ කරලා, බැරියර් සොළවමින්, කදුළු ගෑස් මැද උද්ඝෝෂණ පවත්වන්නේ එම ස්ථානයේදීයි. එය අලුත් සිදුවීමක් නොවෙයි. නමුත් ගරු වෘත්තියට එය ගැළපෙන්නේ නැහැ.
අතීතයේ ගුරුවරු වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා විට පොත්වල අත්සන් කරන්නේ නැතිව දරුවන්ට ඉගැන්නුවා. ඇතැම් රටවල කළු පටියක් පැළඳගෙන පැමිණ උගන්වනවා. නමුත් පසුගිය වැඩ වර්ජනය සම්පුර්ණයෙන්ම වෙනස්.
දමිළ සහ මුස්ලිම් පාසල්වල මේ තත්ත්වය දකින්න ලැබුණේ නැහැ. ඔවුන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන ගියා. ඒ වගේම ජාත්‍යන්තර පාසල්වල සහ පුද්ගලික පාසල්වල ද අධ්‍යාපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන ගියා. නමුත් සිංහල මාධ්‍ය සියලු පාසල්වල අධ්‍යාපනය නතර කළා. සාමන්‍ය ගම්වල දුප්පත් දරුවන් යන්නේ මේ පාසල්වලට. එය ගුරු වෘත්තියේ වගකීමක් ද කියා මම ප්‍රශ්න කිරීමට කැමතියි. දෙමළ සහ මුස්ලිම් පාසල්වල ගුරුවරු අධ්‍යාපනයේ වැදගත්කම අවබෝධ කරගෙන සිටියා. නුවරඑළිය වැනි ප්‍රදේශවල සිංහල මාධ්‍ය පාසල් නොපැවැත්වෙන විට, දෙමළ මාධ්‍ය පාසල්වල අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. රටේ මෙවැනි තත්ත්වයක් ඇති වෙන්න බැහැ.
ඇතැම් පාසල්වල ගුරුවරුන්ට පාසල් නොඑන ලෙස තර්ජනය කරලා තිබුණා. ජනතාව ආණ්ඩුවට බනිනවා මොකුත් කළේ නැහැ කියලා. ඒ වගේම විපක්ෂයට බනිනවා මොවුන්ට සහයෝගය දෙනවා කියලා. එය හොද තත්ත්වයක් නොවෙයි.

උදේ 7.30 සිට දහවල් 1.30 දක්වා සෘජුව හෝ වක්‍රව කිසි කෙනෙක්ට පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න බැහැ. ඒ පිළිබද යෝජනාවක් ලබාදෙන ලෙස මම නීතිපතිතුමාට දැනුම් දුන්නා. පාසල වසා දමා හෝ වර්ජනය කර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කිසිවෙකුට බැහැ. අපට අනාගත පරපුර වෙනුවෙන් එම පියවර ගැනීමට සිදු වෙනවා.
ඒ වගේම ගුරු මාරු ක්‍රමය පරිගණකගත කරන්න පුළුවන් ද කියලා මම ඊයේ ඇමතිතුමා සමඟ සාකච්ඡා කළා. උසස්වීම්වලට අදාළව හෝ ගුරු මාරුවීම්වලදී කිසිවෙකුට අසාධාරණයක් වීමට ඉඩ දෙන්න බැහැ. ඒ වගේම මින් පසුව මේ පිළිබඳ වඩා තදින් ක්‍රියා කිරීමට සිදුවනු ඇති බව ප්‍රකාශ කිරීමට කැමතියි. ඇතැම් පිරිස් මා සමඟ අමනාප විය හැකියි. නමුත් ඇත්ත තත්ත්වය එයයි. අපි අපේ දරුවන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීම වෙනුවෙන් සියලු පියවර ගත යුතුයි.
ඒ නිසා දරුවන්ගේ අනාගතය දෙස අවධානය යොමු කර කටයුතු කරන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා. ඒ වගේම මම විපක්ෂයෙනුත් විශේෂ ඉල්ලීමක් කරනවා මෙම කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය දෙන්න එපා කියලා. මොකද ජනතාවගේ හඬට ඇහුම්කන්දී, දෙමව්පියන්ගේ හඬට ඇහුම්කන් දී කටයුතු කිරීමට අපට සිදු වෙනවා. අද දින ගුරු වෘත්තියට ඇතුළත්වන ඔබ සියලුදෙනාට මම නැවත වරක් සුබ ප්‍රාර්ථනා කරනවා.
අධ්‍යාපනය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
මේ ආකාරයට ගුරු පත්වීම් ලබාදීම ලෙහෙසි පහසු කාර්යයක් නොවෙයි. ආර්ථිකය අර්බුදයක් පවතින අවස්ථාවක වුවත් මෙම ගුරු පත්වීම් ලබාදීමේ අභියෝගය අප භාරගත්තා. අද 2000කට ආසන්න ප්‍රමාණයකට ජාතික පාසල් සඳහා ගුරු පත්වීම් ලබාදීමට හැකියාව ලැබී තිබෙනවා. ආර්ථික අර්බුදයන් රට මුදවා ගෙන ආර්ථික ස්ථාවරයක් ඇතිකර මෙවැනි පත්වීම් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ගිය ආර්ථික වැඩපිළිවෙළ අද වන විට සාර්ථක වී තිබෙනවා. රට බංකොලොත් වී තිබූ මොහොතක වුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් ඇමතිවරයා ලෙස මුදල් වෙන් කිරීම නිසා ඔබට පත්වීම් ලබා දීමට හැකි වුණා . නමුත් මේ පත්වීම අරගෙන වෘත්තීය සංගම්වල ක්‍රියාමාර්ගවලට එකතු වී දරුවන්ගේ අනාගතය අඳුරු කරන්න එපා. ඔබ උපාධිධාරීයකු ලෙස අධ්‍යාපන ගමනක් ගියේ ඔබට ගුරුවරුන් ලබාදුන් අධ්‍යාපනය නිසයි. නමුත් ඔබ දරුවන්ට අධ්‍යාපනය නොදී වෘත්තිය ක්‍රියා මාර්ගවලට ගියොත් අඳුරු වන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.
අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහතා අධ්‍යාපන ඇමතිවරයා ලෙස ඉදිරිපත් කළ පනතකට එදා සිටි ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ගත්තේ පොත අත්සන් නොකර දරුවන්ට ඉගැන්වීම තුළින්. ඒවා ආදර්ශයට ගනියි කියා මා විශ්වාසස කරනවා .
රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ජාතික අධ්‍යාපන ආයතනය ඇති කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් සංවිධාන ශක්තියක් ඇතිකිරීමට කටයුතු කළා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනත ගෙනාවේ එවකට අධ්‍යාපන ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතායි. විද්‍යා පීඨ බිහිකළෙත් වතමන් ජනාධිපතිවරයා යි. එයින් වසරකට පන්දහසක් පමණ ගුරුවරුන් බිහිවෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයට මහඟු සේවාවක් කළ කෙනෙක් අද ජනාධිපතිවරයා වීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ වාසනාවක්. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරියෙකුට කිසි කෙනෙකුට අත නොපා රැකියා අවස්ථා ලබාගැනීමට හැකියාව තිබිය යුතුයි. ඉදිරියේදී සිදු කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් රැකියාවන්ට ගැලපෙන උපාධිධාරීන් බිහි කිරීමට කටයුතු කරනවා. මානව සම්පත නිසියාකාරයෙන් කළමනාකරණය කිරීම තුළින් රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් කළ හැකියි.
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, රාජ්‍ය අමාත්‍යවරුන් වන විජිත බේරුගොඩ, අරවින්ද කුමාර් යන මහත්වරුන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2024-07-03

02/07/2024
සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න - ජනපති.අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂව...
30/06/2024

සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න – පසුව දේශපාලනය කරන්න - ජනපති.
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටට ආදරය කරන සියලුදෙනා එක්කර ගනිමින් නිහඬවම ඉකුත් දෙවසර තුළ රට වෙනුවෙන් පුළුල් වැඩ කොටසක් ඉටු කළ බව පැවසූ ජනාධිපතිවරයා මෙම නව දේශපාලන ගමන ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යාමට සියලුදෙනා කැපවිය යුතු බවද සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වත්මන් රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අද (30) මාතර කොටුව ක්‍රිඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

| | | | | #සිරිකොතමන්දිරය 🇱🇰

Address

400, Sri Jayawardenapura
Kotte

Website

Alerts

Be the first to know and let us send you an email when UNP Professionals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP Professionals:

Share