27/08/2026
50 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලිය.
2026/09/15 හා 16 යන දෙදින දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
කුරුණෑගල සහ පුත්තලම් දිස්ත්‍රික් මලල ක්‍රීඩා තරග ජයග්‍රහණය කරමින් වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලැබූ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් වඩ වඩාත් ඔප්නැංවීම සඳහාත් ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමේ තරග අත්දැකීම් ලබාදීම සඳහාත් සින්තටික් ධාවන පථයක (Synthetic track) තරග වැදීමට අවස්ථාව සලසා දීම තුළින් වයඹ පළාතේ මලල ක්‍රීඩාව තවදුරටත් ඉදිරියට ගෙන ඒම සඳහා මෙවර වයඹ පළාත් මලල ක්‍රීඩා තරගාවලිය මෙම ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම තරගාවලිය නැරඹීම සඳහා ක්‍රීඩාශීලි ඔබ සැමට ගෞරවනීය ආරාධනා...🙏🙏🙏