NPP Kurunagala

NPP Kurunagala Official NPP Page of Kurunegala District

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි හා පූර්ණ හානි සිදුවූ නිවාස සඳහා වන්දි මුදල් පිරිනැ...
31/05/2026

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිට්වා සුළි කුණාටුවෙන් අර්ධ හානි හා පූර්ණ හානි සිදුවූ නිවාස සඳහා වන්දි මුදල් පිරිනැමීම සහ නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රතිපාදන යටතේ නිවාස 20 ක් සඳහා චෙක්පත් ලබාදීම මහජන ආරක්‍ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල ,නිවාස ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් ගුණරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි. මෙහිදී ප්‍රතිලාභීන් 72කු සඳහා චෙක්පත් ප්‍රදානය කරන ලදී.

30/05/2026

ආර්ථිකය පිළිබඳව අපිට නිවැරදි දැක්මක් තියනවා

30/05/2026
රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීව මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක...
30/05/2026

රජයේ නිවාස ප්‍රතිපත්තියට සමගාමීව මෙරට අඩු ආදායම්ලාභී පවුල්වල නිවාස අවශ්‍යතාවය සපුරාලීම සඳහා වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මකයි. ඒ අනුව වත්මන් රජය මගින් ක්‍රියාත්මක නිවාස වැඩසටහන් දෙකක් යටතේ නිවාස අවශ්‍යතාවය සහිත ප්‍රතිලාභී පවුල් 72ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 238 ක (රුපියල් මිලියන 2.38) වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය ඊයේ (29) සිදුකෙරිණි.

නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණේ කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී යි.

ඉන් රුපියල් ලක්ෂ අසූවක චෙක්පත් ප්‍රදානය කෙරුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක ‘තමන්ගෙම තැනක් - ලස්සන ජීවිතයක්’ නිවාස ආධාර වැඩසටහන යටතේයි. ඒ යටතේ අඩුආදායම්ලාභී පවුල් විස්සක් සඳහා රුපියල් එක්ලක්ෂ පනස්දහස බැගින් වූ චෙක්පත් විස්සක් මුල් අදියර යටතේ පිරිනමන ලදී.

මෙම ආධාර නිවාස වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් 2026 වසරේදී නිවාස දහසක් ඉදිකිරීමට යෝජිතයි. ඒ අතුරෙන් නිවාස 816ක වැඩ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.

කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් නිවාස 59ක් ඉදි කරනු ලබයි. අද දින වන විට ඉන් නිවාසලාභීන් 52ක් සඳහා අදියර කිහිපයක් යටතේ චෙක්පත් ප්‍රදානය අවසන් කර ඇති අතර නිවාස වැඩ කටයුතුද මේ වන විටත් ආරම්භ කර තිබේ. තවත් හඳුනාගත් නිවාසලාභීන් හත් දෙනෙකු සඳහා මුල් අදියරේ චෙක්පත් ප්‍රදානය කිරීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය කටයුතු සම්පාදනය කර තිබේ.

මෙම චෙක්පත් ප්‍රදානයට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී ඇතිවූ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වූ, අර්ධ හා පූර්ණ නිවාස හානි සිදුවූ පවුල් සදහාද මෙහිදී චෙක්පත් ප්‍රදානය කෙරිණි. ඒ යටතේ ආපදා හේතුවෙන් පූර්ණ නිවාස හානි වූ පවුල් 4ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ විස්ස බැගින් වූ චෙක් පත් හතරක්, අර්ධ නිවාස හානි සිදුවූ පවුල් 32ක් සඳහා රුපියල් ලක්ෂ තුනක වටිනාකමකින් යුත් චෙක්පත් ප්‍රදානය කිරීම හා පවුල් 16ක් සදහා රුපියල් ලක්ෂ දෙකක වටිනාකමකින් යුත් චෙක්පත් වශයෙන් ආපදාවට ලක්වූ පවුල් 52ක් සදහා චෙක්පත් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද පණ්ඩිතරත්න මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින්, කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් ඊ.එම්.පී.පී. ඒකනායක මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක මෙම නිවාස වැඩසටහන්වල සම්බන්ධීකරණ කටයුතු සහ මෙහෙයවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කළමනාකරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විසිනි.
dinamina

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වෙසක් දින පණිවුඩය..🙏සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාව...
30/05/2026

ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ වෙසක් දින පණිවුඩය..🙏
සම්බුදු තෙමඟුල සැමරෙන වෙසක් උත්සවය ලොව පුරා වෙසෙන බෞද්ධ ජනතාවගේ උතුම්ම මංගල්‍යයයි. බෞද්ධ උරුමයන්ගෙන් සුපෝෂිත ප්‍රෞඪ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකේය ජනතාව ලෝකවාසී බෞද්ධයන් සමඟ එක්ව මෙම උතුම් තෙමඟුල බැතියෙන් සමරති.

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවිඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමකි. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සමස්ත ධර්මස්කන්ධයම ගොඩනැගී ඇත්තේ මෛත්‍රිය, කරුණාව, මුදිතාව සහ උපේක්ෂාව යන සතර බ්‍රහ්ම විහරණයන් මූලික කරගනිමිනි.

එමෙන්ම සාමය, සහජීවනය සහ සංහිඳියාව පිළිබඳ පරමාදර්ශී පාඩම බුදුන් වහන්සේ මෙන්ම සියලු ශාස්තෘන් වහන්සේ අනුදැන වදාළ ධර්මයයි. බාහිර ලෝකයේ සාමය ස්ථාපිත කිරීම සඳහා ප්‍රථමයෙන් පුද්ගලයාගේ අභ්‍යන්තර ආධ්‍යාත්මික සාමය තහවුරු විය යුතු බව බුදු දහම පෙන්වා දෙයි. පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන මෙම අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව අප පසක් කොටගත යුතුය. පසුගියදා මෙරට පාද යාත්‍රාවේ නිරත වු වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ විසින්ද ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබූයේ එම පණිවිඩය බව මම විශ්වාස කරමි.

එමෙන්ම, වෙසක් සැමරුම ආගමික උත්සවයක් මෙන්ම වසර දහස් ගණනක් පුරා ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සාමූහිකත්වය සහ කලාත්මක නිර්මාණශීලීත්වය විදහා දක්වන විශිෂ්ට සංස්කෘතික මංගල්‍යයක්ද වේ. වෙසක් සැමරුම හා සමගාමීව ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සංවිධානය කෙරෙන දාන, ශීල, භාවනා, ධර්ම දේශනා වැඩසටහන් මෙන්ම ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් සංවිධානය කෙරෙන දන්සැල්, බොදු බැති ගී, අලංකාරවත් පහන් කූඩු, දර්ශනීය තොරණ, සැරසිලි ආදිය බෞද්ධයන් පමණක් නොව සියලු ආගම් වලට අයත් ලාංකිකයන්ගේ එකමුතුවෙන් විචිත්‍රවත් වේ. ඒ අනුව සියලු ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, එකමුතුව සහ සහජීවනය වර්ධනය කෙරෙන වෙසක් සැමරුම සංහිඳියාවේ සංකේතයක් බවද අවිවාදිතය.

අවිහිංසාව, දයාව සහ සියලු සත්වයන් කෙරෙහි පවතින අප්‍රමාණ මෛත්‍රිය පෙරදැරි කරගත් සම්බුදු දහමේ හරයන් තවදුරටත් අප ජීවිතවලට එක් කර ගැනීමට සියලු දෙනාට ආරාධනා කරමින් සදහම් සිසිලෙන් සැම සිත් නිවී සැනසෙන අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා’යි ශුභාශිංසනය කරමි.

අනුර කුමාර දිසානායක

ජනාධිපති - ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයෙ

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්පුංචි ආණ්ඩුවෙන් පුනුරුදය ගමට වැඩසටහන යටතේ ජංගම සේවා වැඩසටහන  05/26 නිකවැරටිය රංදෙනිගම කොට්ඨාස...
27/05/2026

පොහොසත් රටක් ලස්සන ජීවිතයක්
පුංචි ආණ්ඩුවෙන් පුනුරුදය ගමට වැඩසටහන යටතේ ජංගම සේවා වැඩසටහන 05/26 නිකවැරටිය රංදෙනිගම කොට්ඨාසයේ දනිකිතව සමිති ශාලා භූමියේදි නිකවැරටිය ප්‍රාදේශීය සභා සභාපති නිලන්ත බණ්ඩාර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් පැවතිනි
මේ අවස්ථාව සඳහා රංදෙනිගම කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වික්‍රම සිරිවර්ධන සහෝදරයා හා රාජ්‍ය නිලධාරීන් එක් විය..

නිල්වලා ලවන බාධකයෙන් හානියටපත් ගොවීන්ට වසර හතකට පසු වන්දි.
27/05/2026

නිල්වලා ලවන බාධකයෙන් හානියටපත් ගොවීන්ට වසර හතකට පසු වන්දි.

26/05/2026
සංචාරක පැමිණීම අඛණ්ඩව ස්ථාවරයි. 2026 වසරේත් මැයි මස තුළ මිලියනයේ සීමාව පසු කරයි!​පසුගිය 2025 වසරේ වාර්තාගත සාර්ථකත්වය එල...
26/05/2026

සංචාරක පැමිණීම අඛණ්ඩව ස්ථාවරයි. 2026 වසරේත් මැයි මස තුළ මිලියනයේ සීමාව පසු කරයි!

​පසුගිය 2025 වසරේ වාර්තාගත සාර්ථකත්වය එලෙසම රඳවා ගනිමින්, අඛණ්ඩව දෙවන වසරටත් මැයි මාසය නිමවීමට පෙර මෙරටට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියනයේ සීමාව පසුකර තිබෙනවා!

Address

Kurunegala

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Kurunagala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share