Youth Buddhist Association - Ridi Viharaya

Youth Buddhist Association - Ridi Viharaya Venerable Thibibatuwawa Sri Siddhartha Buddharakkitha Nayaka Thera and our aim is to mobilize the you

ඓතිහාසික රිදී විහාරය කියන්නේ බෞද්ධය ජනතාව හට ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් විහාරස්ථානයකි . බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන ‍රැවන්වැලි සෑය ඉදිකිරිමේදි වස්තුව නොමැතිව දුටු ගැමුණු රජතුමා කනස්සල්ලෙන් සිටි අවස්ථාවේ එහි වැඩ නිම කිරිමට හැකි වුයේ රිදි විහාරයෙන් මතු වු රිදී ගොබය නිසයි . ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති හිමියන් වන්නේ මල්වතු පාර්ෂවයේ මහා නායක අති පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංග

ලාභිධාන මහා නායක හිමිපානන් වහන්සේ වන අතර වර්ථමාන භාරකාර නායක හිමියන් වන්නේ ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ෂවයේ කාරක සංඝ සභික ඓතිහාසික රිදි විහාරයේ භාරකාර පූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ බුද්ධරක්ඛිත නායක හිමියන් වන අතර වුන් වහන්සේගේ අවවාද අනුසාසනා හා මග පෙන්විම අනුව තරුණ පිරිස එකරාසි කරගෙන ආගමික, සමාජිය,ආර්ථික හා පාරිසරික වැඩ සටහන් ක්‍රියාත්මක කිරිම අපේ අරමුණයි..

31/08/2026
ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ල්‍යයේ රන්දෝලි පෙරහර ආරම්භ කිරීමට පෙර ප...
30/08/2026

ඓතිහාසික රිදීවිහාරස්ථ කුමාර බණ්ඩාර සත්පත්තිනි දේවාලයන්හි වාර්ෂික ඇසළ පෙරහැර මංගල්ල්‍යයේ රන්දෝලි පෙරහර ආරම්භ කිරීමට පෙර පාර බැලීමේ චාරිත්‍රය අද දින (අගෝ. 30) පස්වරුවේදී සුබ මොහොතින් සිදු කෙරිණි.

ප්‍රථම රන්දෝලි පෙරහර හෙට දින රාත්‍රී 10.05ට යෙදෙන සුබ මෙහොතින් අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් සමඟින් ගමන් ආරම්භ කර පෙත්මඟ ඔස්සේ වීදි සංචාරය කර දේවාලයට ගෙවදීමට නියමිත ය.

මෙවර ඓතිහාසික රිදී විහාරයේ ඇසළ පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ඔබගේ ආරක්ෂාව සඳහා පහත උපදෙස් හැකිතරම් අනුගමනය කරන්න.
29/08/2026

මෙවර ඓතිහාසික රිදී විහාරයේ ඇසළ පෙරහර නැරඹීම සඳහා පැමිණෙන ඔබගේ ආරක්ෂාව සඳහා පහත උපදෙස් හැකිතරම් අනුගමනය කරන්න.

වයඹ පළාතේ විශාලතම මෙන් ම අලංකාරතම ආගමික සංස්කෘතික කලා මංගල්‍ය.කුරුණෑගල - රිදීගම ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර ...
23/08/2026

වයඹ පළාතේ විශාලතම මෙන් ම අලංකාරතම ආගමික සංස්කෘතික කලා මංගල්‍ය.

කුරුණෑගල - රිදීගම ඓතිහාසික රිදී විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර 2026

🟠 අභ්‍යන්තර පෙරහර - අගෝස්තු 22 දින සිට අගෝස්තු 25 දින දක්වා

🟡 කුඹල් පෙරහර - අගෝස්තු 26 දින සිට අගෝස්තු 30 දින දක්වා

🔵 රන්දෝලි පෙරහර - අගෝස්තු 31 දින සිට සැප්තැම්බර් 04 වන දින දක්වා

🟢 දිය කැපීම - සැප්තැම්බර් 05 දින

🟥 අවසන් රන්දෝලි මහ පෙරහර සැප්තැම්බර් 04 සිකුරාදා දින රාත්‍රී 7.18ට යෙදෙන සුභ මොහොතින් අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් සමඟින් රිදීගම නගරය දක්වා වීදි සංචාරය කර සැප්තැම්බර් 05 වන දින දැදුරු ඔයේ දිය කැපුම් තොටින් දියකැපීමෙන් පෙරහර මංගල්‍ය නිමාවට පත් වේ.

ඔබ සැමට පින්බර ආරාධනා !

මැලිබන් කිරි අභයදාන වැඩසටහන යටතේ 2748 වැනි ගවයා ඇතුළුව මරණයට කැප වූ කිරි ගවයින් පස් දෙනෙකු නිදහස් කර භාරකරුවන්ට ලබාදීම අ...
16/08/2026

මැලිබන් කිරි අභයදාන වැඩසටහන යටතේ 2748 වැනි ගවයා ඇතුළුව මරණයට කැප වූ කිරි ගවයින් පස් දෙනෙකු නිදහස් කර භාරකරුවන්ට ලබාදීම අද දින (අගෝ 16) ඓතිහාසික රිදී විහාරස්ථානයේදී සිදු කෙරිණි.

මෙම පිංකම සඳහා පූජ්‍ය දේතිලිඅංගේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ⁣පූජ්‍ය හෙම්මාතගම පියදස්සී හිමිපාණන් වහන්⁣සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා, මැලිබන් සමාගමේ අධ්‍යක්ෂවරුන් ඇතුළුව විධායක නිළධාරීන් ද, ස්වර්ණවාහිනී මාධ්‍ය නාලිකාවේ නිළධාරීන්, රිදීගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල නිලධාරීන්, රිදී විහාරස්ථ තරුණ බෞද්ධ සංගමයේ නිළධාරීන් සහ සාමාජිකයින්, ප්‍රදේශයේ ජනතාව ඇතුළු පිරිස සහභාගී විය.

ඓතිහාසික රිදී විහාරයේ ඇසළ පෙරහැර නැකත් සීට්ටුව 🙏
05/08/2026

ඓතිහාසික රිදී විහාරයේ ඇසළ පෙරහැර නැකත් සීට්ටුව 🙏

Address

Youth Buddhis TAssociation-Ridi Viharaya, Ridigama
Kurunegala
60040

Telephone

+94724395770

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Buddhist Association - Ridi Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share