Dunusinghe Family

Dunusinghe Family Dunusinghe family

30/08/2023
අවසන් ආචාරය...!≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈හිඳගොල්ලේ ව්සූ...අදදින දිවි සැරියෙන්සමුගෙන යන (නන්දා පුංචි )නන්දා දුනුසිංහ... සෙනෙහෙබර මා...
25/07/2023

අවසන් ආචාරය...!
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

හිඳගොල්ලේ ව්සූ...
අදදින දිවි සැරියෙන්
සමුගෙන යන (නන්දා පුංචි )නන්දා දුනුසිංහ... සෙනෙහෙබර මාතාවට ගම්වාසී සියළුම නෑදෑ හිත මිතුරන් වෙනුවෙන් මෙලෙස අවසන්බුහුමන් සටහන තබමි.
∞∞∞∞∞∞

අන්දා සිනිඳු සුදු සළුවෙන්
ගත සරසා...
රන්දා කඳුළු සෝ සයුරේ
අප නිරසා...
නන්දා පබවතිය ගෙනයයි
මරු මෙලෙසා...
මන්දා.. නිහඬ වෙමුඅපි ඇගෙ ගුණ පසසා...

කොහොමත් පිටව යා යුතු මේ ගමන් මඟේ...
අපටත් කියා දී අනියත දිවියෙ රඟේ.....
වෙන්වී යන ඔබ‍ට පතනෙමි නිවනෙ රඟේ..
සොහොවුරු, ඥාති වැලපුම මේ ලෙසින් නැඟේ....

නන්දනීය නමකිනි ඔබ
පතල උනේ...
මන්දහාසයෙන් අපහට
පෑව සෙනේ...
වින්දනීය මුදු හදවත
නිහඬ උනේ...
බැන්ද සෙනේවිල කිම
මෙලෙසින් සිඳුනේ...

සෙනෙහස පුදා දරුවන්
සුමඟට යවලා...
මඳහස විදා හිමිසඳ හා
එකලු වෙලා...
නිදහස් ලෙසින් කොට
යුතුකම් නොපිරිහෙලා..
සිරිමත් ලෙසින් සිටි ඔබ අද නිහඬ වෙලා...

සොහොයුරු සොයුරියන් සමඟින් එකට බැඳී...
අමයුරු ලෙසින් දරුවන් හා පෙමින් සැදී...
විසිතුරු වදන් පා දෙසවන් අතර රැන් දී...
සිටියුරු වනන්නට මට මේ අකුරු මදී...

සසරේ මතු භවයකදි යලි
හමු වේවා...
නැතිනම් නිවන හිමි කොටගෙන සැනසේවා...!
**************************
@හිඳගොල්ලේ
දයශාන්ත
කාරියවසම්.
≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈≈

01/07/2023

Address

Karaweddana, Thorayaya
Kurunegala

Telephone

+94777418045

Website

Alerts

Be the first to know and let us send you an email when Dunusinghe Family posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category