Chief Secretariat North Western Province

Chief Secretariat North Western Province වයඹ සැමදා සැමට ඉදිරියෙන්

වයඹ පළාත තුළ පිහිටි ඉඩම්වල වෙළඳපල වටිනාකම් නිශ්චය කිරීම සඳහා ඩිජිටල් සිතියම් සහිත භූගෝලීය තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්ම...
11/08/2026

වයඹ පළාත තුළ පිහිටි ඉඩම්වල වෙළඳපල වටිනාකම් නිශ්චය කිරීම සඳහා ඩිජිටල් සිතියම් සහිත භූගෝලීය තොරතුරු තාක්ෂණ පද්ධතියක් නිර්මාණය කිරීමේ වැඩසටහන.

නිශ්චල දේපලවල අයිතිය හුවමාරුවීමේදී ලියා සහතික කරනු ලබන සාධන පත්‍ර සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව වයඹ පළාතේ ප්‍රධාන ආදායම් ප්‍රභවයක් වන අතර එහි මුද්දර ගාස්තුව තීරණය වන්නේ එම දේපලේ වෙළඳපල වටිනාකම මතය. එබැවින් වයඹ පළාත තුළ පිහිටි ඉඩම්වල වෙළඳපොල වටිනාකම් සම්බන්ධ යාවත්කාලීන වූ තොරතුරු පැවතීම, එම කාර්යභාරය ඉටු කරන පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට, නීතිඥවරුන්ට මෙන්ම මේ පිළිබඳ උනන්දුවක් දක්වන වෙනත් පාර්ශවයන්ට ඉතා ප්‍රයෝජනවත් වේ.
ඒ අනුව, වයඹ පළාත තුළ පිහිටි ඉඩම්වල වෙළඳපල වටිනාකම් නිශ්චය කිරීමේ වැඩසටහනක් 2008 වර්ෂයේ දී මුල් වරට සිදුකර ඇතී අතර, එය අවසන් වරට යාවත්කාලීන කර ඇත්තේ 2018 වසරේදීය. යටිතල පහසුකම් සංවර්ධනය භෞතික හා සමාජීය සාධකවල සාධනීය සිදුවී ඇති වෙනස්කම මත වර්තමානය වන විට ඉඩම් වල වෙළදපල වටිනාකම සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බැවින් පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉඩම්වල වටිනාකම තීරණය කිරීමේ දී මෙම තොරතුරු මුලාශ්‍රයක් ලෙස භාවිතා කරන බැවින්ද, ආදායම් එකතු කිරීමේ කාර්යය වඩාත් විධිමත්ව, කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුක්ත ක්‍රියාත්මක කල යුතු බැවින්ද, වඩත් නිවැරදි වු ඉඩම් වටිනාකම නිරුපනය වන යාවත්කාලීන වූ මූලාශ්‍රයක් පැවතීම කාලීන අවශ්‍යතාවයක් වන බැවින්ද ඒ සඳහා ඩිජිටල් සිතියම් සහිත භූගෝලීය තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතියක් කිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් වයඹ පළාත් ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතාගේ ප්‍රධනත්වයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

මේ සඳහා නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (මූල්‍ය), නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්), ප්‍රධාන ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ නිලධාරීන්, වයඹ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, පළාත් සභා GIS ඒකකයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වන ලදී.

වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ශ මණ්ඩල රැස්වීම.වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම එහි සභාපති/ප්‍රධාන ලේක...
11/08/2026

වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ශ මණ්ඩල රැස්වීම.

වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම එහි සභාපති/ප්‍රධාන ලේකම් අයි.එම්. අයි. ඉලංගකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යක්ශ මණ්ඩල සාමාජික විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය සරත් කොටගම මහතා,අධ්‍යක්ශ මණ්ඩල සාමාජික ආචාර්ය මහින්ද මොරගොල්ල මහතා සහ පළාත් පරිසර අධිකාරියේ ලේකම්/ අධ්‍යක්ෂ .එස්.කේ.ඒ.වන්නිආරච්චි මහතා ඇතුළු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2026.08.05 දින ප්‍රධාන ලේකම් කාර්‍යාලයේදී පවත්වන ලදී.

2026 වර්ෂයේ වයඹ පළාත් සභාවේ ලේකම්වරුන්ගේ අටවන රැස්වීම 2026.08.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී වයඹ ප්‍ර...
05/08/2026

2026 වර්ෂයේ වයඹ පළාත් සභාවේ ලේකම්වරුන්ගේ අටවන රැස්වීම 2026.08.04 දින ප්‍රධාන ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී වයඹ ප්‍රධාන ලේකම් අයි.එම් අයි ඉලංගකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ සඳහා වයඹ පළාත් සභාවේ සියලුම ලේකම්වරුන් එක් වූහ.

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන්න සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුමට අදාලව සංවිධානය කෙරුණ පා...
30/07/2026

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන්න සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුමට අදාලව සංවිධානය කෙරුණ පා ගමන 2026.07.28 දින සිදු කෙරෙණි.

මෙම පාගමන සදහා වයඹ පළාත් ගරු අණ්ඩුකාරවර තිස්ස වර්ණසූරිය මැතිතුමා, වයඹ ප්‍රධාන ලේකම් අයි.එම්.අයි.ඉලංගකෝන් මහතා, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා, වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරු, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරු, වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු සම්බන්ධ නිලධාරීන්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිලධාරීන්, කුරුණෑගල පොලිසිය ඇතුලු රාජ්‍ය ආයතනවල නිලධාරී්න් රැසක් එක්වූහ.

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන්න සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුමට අදාලව සුපිළිපන් දිවුරුම...
28/07/2026

සුපිළිපන්න රාජ්‍ය සේවයක් සඳහා වන "සුපිළිපන්න සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් " ජාතික මෙහෙයුමට අදාලව සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව කියවීම.

වයඹ ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ නිලධාරීන් එම සුපිළිපන් දිවුරුම / ප්‍රතිඥාව ලබා දුන් අවස්ථාව. මේ සදහා වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් සහ ප්‍රධාන ලේකම් කාර්‍යාලයේ සියළුම නිලධාරීන් එක්ව සිටියහ.

වයඹ පළාත් කෘෂිකර්ම උපදේශකවරුන් මුහුණ දෙන වෘත්තිය ගැටලු පිළිබඳව වයඹ පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය සමග පැවැති සාකච්ඡාව වයඹ ප...
27/07/2026

වයඹ පළාත් කෘෂිකර්ම උපදේශකවරුන් මුහුණ දෙන වෘත්තිය ගැටලු පිළිබඳව වයඹ පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය සමග පැවැති සාකච්ඡාව වයඹ පළාත් ප්‍රධාන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන ලේකම් කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. මේ සඳහා වයඹ ප්‍රධාන ලේකම්තුමන්, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්තුමන්, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) යන මහත්වරුන් එක් වූහ.

2026 ජූලි මස 14 දින පැවැත්වෙන 101වෙනි හස්තිශෛලපුර ශ්‍රී දළදා පොසොන් පෙරහැර  පෙර ගමන් යමින් ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ශ...
14/07/2026

2026 ජූලි මස 14 දින පැවැත්වෙන 101වෙනි හස්තිශෛලපුර ශ්‍රී දළදා පොසොන් පෙරහැර පෙර ගමන් යමින් ඓතිහාසික කුරුණෑගල රාජධානියේ ශ්‍රී දළදා වහන්සේ විරාජමානව වැඩසිටි ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයට පෙරහැර කරඬුව වැඩමකොට සිදුකරනු ලැබූ ගිලන්පස සම්බුද්ධ පූජාව හා ආශිර්වාද පිරිත් සජ්ජායනය (13) දින සවස වයඹ ආණ්ඩුකාර කාර්යාල පරිශ්‍රයේ ඉපැරණි දළදා මාළිගාව පිහිටි පුණ්‍ය භූමියේදී පැවැත්විණි.

මහාවිහාර පාර්ශවයේ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක රාජකීය පණ්ඩිත අතිගෞරවාර්හ රැකව ශ්‍රී ජිනරතනාභිධාන මා හිමිපාණන් වහන්සේ සහ ඇත්කඳ රජමහා විහාර භාරකාර ගෞරවාර්හ වීරපොකුණේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති මෙම අවස්ථාවට වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා, වයඹ පළාත් සභාවේ සභාපතිතුමා, වයඹ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ද, රාජ්‍ය නිලධාරින්ද විහාරස්ථ සියළු සංවිධානයන්හි නිලධාරින්ද එක්ව සිටියහ.

සීමිත පදනම මත වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කල නිලධාරීන් 09 දෙනෙකු වෙත 2026.07.13 දින පත්ව...
14/07/2026

සීමිත පදනම මත වයඹ පළාත් සභා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධිශ්‍රේණියට උසස් කල නිලධාරීන් 09 දෙනෙකු වෙත 2026.07.13 දින පත්වීම් ලිපි ප්‍රධානය කිරීම වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ සුරතින් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණි.

වයඹ ප්‍රධාන ලේකම්තුමා,ආණ්ඩුකාරවර ලේකම්තුමා ඇතුළු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මධුෂ ඉලංගසේකර මහතා විසින් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා වෛද්‍ය උපකරණ ප්‍රදා...
11/07/2026

පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මධුෂ ඉලංගසේකර මහතා විසින් වයඹ පළාත් සභා රාජ්‍ය සේවා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීම 2026.07.08 දින සිදු කෙරිණි.

එම අවස්ථාවට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පරිපාලන) එම්.එම්.ඒ.බී.මහවත්ත මහතා එක්විය.

2026.07.08

මෑත කාලීනව දේශීය හා විදේශීය පුහුණු වැඩමුළු හා පාඨමාලා තුලින් ලබාගත් දැනුම කුසලතා හා අත්දැකීම් පළාත් සභාවේ නිලධාරීන්ගේ ධා...
11/07/2026

මෑත කාලීනව දේශීය හා විදේශීය පුහුණු වැඩමුළු හා පාඨමාලා තුලින් ලබාගත් දැනුම කුසලතා හා අත්දැකීම් පළාත් සභාවේ නිලධාරීන්ගේ ධාරිතාව ඉහළ නැංවීම සඳහා යොදාගැනීමේ හැකියාව පිළිබඳ සාකච්ඡාමය වැඩසටහනක් වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

වයඹ ප්‍රධාන ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

2026.07.09

Address

01 Floor, Office Complex
Kurunegala
68000

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30

Telephone

+94372231769

Alerts

Be the first to know and let us send you an email when Chief Secretariat North Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Chief Secretariat North Western Province:

Shortcuts

Share