Sri Lanka Mahajana Party

Sri Lanka Mahajana Party This is a Official page of People's Party of Sri Lanka, This was Founded by Late Vijaya Kumarathunga in 22nd January 1984. Reg.

This is a Registered and Reputed Political Party in Sri Lanka. No. - EC/RPP/1984/13
( ශ්‍රී ලංකා මහජන පක්ෂය)

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය පිළිබඳව සමාජයේ ක...
28/05/2026

අල්ලස් හෝ දූෂණ වංචා විමර්ෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක මහතාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය පිළිබඳව සමාජයේ කතාබහක් මතුව තිබේ.

ඒ පිළිබඳව විධිමත් විනය පරීක්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ අත්සන් සහිතව කොමිෂන් සභාවේ සභාපතිතුමන්ට අද දින ලිඛිතව ලිපියක් භාරදෙන ලදී.

ඒ සඳහා මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා ඇතුළු පිරිසක් අත්සන් තබන ලද අතර, අප පක්ෂය වෙනුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක මහතා අත්සන් තබා ලිපිය භාරදීමේ අවස්ථාවට එක්වන ලදී.

#ඒකාබද්ධවිපක්ෂය
#මහජනපක්ෂය

Eid Al Adha !     #මහජනපක්ෂය
28/05/2026

Eid Al Adha !

#මහජනපක්ෂය

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බලකෙරෙන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවට අප පක්ෂය නියෝජනය කරමින්, පක්ෂය...
27/05/2026

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා බලකෙරෙන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ අද පැවති මාධ්‍ය හමුවට අප පක්ෂය නියෝජනය කරමින්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක මහතා සහභාගීවිය.

මේ සඳහා විපක්ෂ නියෝජනය කරමින් ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් ද අලුතින් එක්වීම පිළිබඳව සතුටට පත්වෙමු.

#මහජනපක්ෂය #ඒකාබද්ධවිපක්ෂය #පළාත්සභා

ඊයේ දින, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් කැඳවා තිබූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාව...
27/05/2026

ඊයේ දින, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය විසින් කැඳවා තිබූ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාව අවසානයේදී එම සංවිධානය විසින් නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ...

2026-05-26
මාධ්‍ය නිවේදනය

පළාත් සභා ජන්ද විමසීම කඩිනමින් පැවැත්වීම සහ එකී ඡන්ද විමසීම පැවැත්වීමේ ක්‍රමය පිළිබඳ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සාකච්ඡාවක් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් අද (26) කොළඹදී පැවැත්වින.

දේශපාලන පක්ෂ ලේකම්වරුන් හා නියෝජිතයින් මෙන්ම නිරීක්ෂණ සංවිධාන නියෝජිතයින්ද සම්බන්ධවී සිටි එම සාකච්ඡාවේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, පළාත් සභා මැතිවරණය කල්යාමට හේතුවූ කරුණු මෙන්ම කඩිනමින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ගතයුතු පියවරයන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්විය.

එම සාකච්ඡාවට සම්බන්ධවී සිටි විපක්ෂයේ දේශපාලන පක්ෂ හා නිරීක්ෂණ සංවිධාන 42 අතුරින් එක් දේශපාලන පක්ෂයක් හැර අනෙකුත් සියලුම පක්ෂ පහත සඳහන් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූ අතර එම ඒකාබද්ධ ප්‍රකාශය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත් ආණ්ඩු පක්ෂය වෙත යොමුකිරීමටද තීරණය විය.

“2026 මැයි මස 26 වන දින හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනයේදී පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කරන ලද රැස්වීමට සහභාගී වූ දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ අනෙකුත් නියෝජිතයින් වන අප, 2017 අංක 17 දරණ පනතට පෙර පැවති මැතිවරණ ක්‍රමයට අනුව දැනට කල් තබා ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමේ යෝජනාවට එකඟ වූ අතර, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අවසන් ප්‍රතිඵලය ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කිරීමටද එකඟ විය. එමෙන්ම ස්වේච්ඡා පදනමක් මත කාන්තා සහ තරුණ නියෝජනය 25% ක් ලෙස සහතික කිරීමටද එකඟ විය.”

විපක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ, සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි මහලේකම් පා.ම රංජිත් මද්දුම බණ්ඩාර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පා.ම සාගර කාරියවසම්, පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි ලේකම් හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න, දෙවන පරපුර නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් උවිඳු විජේවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සිරිතුංග ජයසූරිය, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නියෝජනය කරමින් පා.ම ෂානක්කියන් රාසමාණික්කම්, ශ්‍රී ලංකා මහජන පක්ෂ නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක, ඊ.පී.ඩී.පී සංවිධානය නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික එම්.අයි මුරුගන්, එක්සත් ජනරජ පෙරමුණු ලේකම් බන්දුල චන්ද්‍රසේකර, අඛිල ඉලඞ්කෛ ද්‍රවිඩ මහාසභා පක්ෂය නියෝජනය කරමින් එහි නායක ආචාර්ය කේ.විග්නේෂ්වරන්, දමිල ප්‍රගතශීලි සන්ධානය නියෝජනය කරමින් එහි නායක පා.ම මනෝ ගනේෂන්, එක්සත් වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි මධ්‍යම කාරක සභික ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, මලෛයග අරසියල් අරංගම් නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් හිටපු පා.ම එම්. තිලකරාජ්, ජනසෙත පෙරමුණ නියෝජනය කරමින් එහි සභික ඩබ්.ඩී.එස් වීරසිංහ, කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් හිටපු පා.ම වීරසුමන වීරසිංහ, සමාජවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් එහි සාමාජික විල්ෆ්‍රඩ් ජයසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කරමින් එහි ජී. තිලකසිරි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් එහි මහලේකම් නිසාම් කාරියප්පර්, පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් නාලක පෙරේරා, VIEW මැතිවරණ නිරීක්ෂණ ආයතනයේ අනුශාසක මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නිරීක්ෂණ හා අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, CaFFE සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකීන්, ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක රසාංග හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මීට සහභාගීව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මෙම සාකච්ඡාවට ජාතික ජනබලවේගයේ මහලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා සහභාගී වූ අතර පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව්දෙනාම මීට සහභාගීව සිටියහ.

රෝහණ හෙට්ටිආරච්චි,
විධායක අධ්‍යක්ෂ

මෙම සාකච්ඡාවට එක් වූ ජාතික ජන බලවේගය හැර අනෙකුත් බොහෝ පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පළාත් සභා ඡන්ද විමසීම පිළිබඳව යාපනයේ දී කළ ප්‍රකාශයට දැඩි ලෙස විරෝධය දැක්වූහ.

22/05/2026

බ්‍රිතාන්‍ය යටත්විජිතයක් වශයෙන් පැවැති ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් නිදහස ලැබූ දිනය ලෙස සැලකෙන ශ්‍රී ලංකා ජනරජ දිනය අදට (22) යෙදී ඇත.

බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත වූ යේ 1972 මැයි මස 22 දාය. එදා සිට මැයි 22 වෙනිදා ජනරජ දිනය ලෙස නම්කර ඇත.

වසර සියයකට අධික කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය ජනරජ ව්‍යවස්ථාව මගින් නැවතත් මෙරටට හිමිවිය.

1815 දී ඉංග්‍රීසීන් විසින් උඩරට ගිවිසුම හරහා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් කර ගැනුණු අතර එතැන් පටන් මෙරට පරමාධිකාරී බලය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය වෙත පැවරුණි. ඉන්පසුව මේ රට පාලනය කෙරුණේ බ්‍රිතාන්‍යයේ සිහසුන දරණ තැනැත්තා හෝ තැනැත්තිය විසින් පත්කර එවනු ලැබූ ආණ්ඩුකාරවරයෙකු මගිනි.

ඉංග්‍රීසීන් විසින් ගෙනගිය අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව මෙරට ජාතික වීරයන් මෙහෙයවන ලද නොනිමි අරගල හමුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් අවස්ථා කිහිපයකදීම සිදුකෙරුණි. එහෙත්මෙරට ජාතික නායකයින් අපේක්ෂා කළ අරමුණු ඒවායින් ඉටු නොවූයෙන් මවු බිමට නිදහස පතා ජාතික නිදහස් ව්‍යාපාර තවදුරටත් දියත් විය.

මෙම නිදහස් ව්‍යාපාරවල සහ ඒවායේ පුරෝගාමී ජාතික විරුවන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙරට ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාවක් සනිටුහන් කරමින් 1948 පෙබරවාරි 4 වනදින ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍යයෙන් නිදහස හිමිවිය.

1948 දී මෙරටට හිමිවූයේ ඩොමීනියන් තත්ත්වයේ නිදහසකි. තවදුරටත් ශ්‍රී ලංකාවේ රජ්‍ය නායකයා වූයේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් පත්කරන ලද අග්‍රආණ්ඩුකාරවරයා ය.එසේම මෙරට ඇතැම් කරුණු පිළිබඳ අවසන් බලය පැවරී තිබුනේ එංගලන්තයේ ආයතනයන්ට ය.බ්‍රිතාන්‍ය කිරීටය වෙනුවෙන් අග්‍රාණ්ඩුකාරවරයා අත්සන් කරන තුරු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කරන පනතක් වුවද නීතිගත වූවේ නැත. විශේෂයෙන්ම මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කර හදිසි නීතිය පැනවූ අවස්ථාවේදී සන්නද්ධ සේනාවන්හි සේනාධිනායක වූයේ ඔහුය.එසේම ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණ බලය පැවතියේද එංගලන්තයටය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මුළුමනින්ම නිදහස් වී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිණිය ප්‍රමුඛ රජය විසින් සම්මත කරගත් ජනරජ ව්‍යවස්ථාව මගිනි.එය සමස්ත රටම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් විය.එමගින් සියවසකටත් වැඩි කලක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරී භාවය සහ මාතෘභූමියේ පරමාධිකාරී බලය නැවතත් මෙරටටම හිමි කරගැනීමට හැකි විය.

#මනුස්සකම #ජනරජදිනය

ජන සටනට පණ පොවමු.
20/05/2026

ජන සටනට පණ පොවමු.

ආරාධනා...🙏

#ඒකාබද්ධවිපක්ෂය
Sugeeshwara Bandara සුගීෂ්වර බණ්ඩාර Premnath C. Dolawatte

අප පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායිකා තුෂාරි පරණවිතාන මහත්මියගේ අභාවප්‍රාප්ත පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා ...
19/05/2026

අප පක්ෂයේ කැස්බෑව ආසන සංවිධායිකා තුෂාරි පරණවිතාන මහත්මියගේ අභාවප්‍රාප්ත පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, ජ්‍යෙෂ්ඨ උප සභාපති සමීර සේනානායක, නියෝජ්‍ය ලේකම් දිලින් කරුණාපාල, උප ලේකම් අනුර ශ්‍රීනාත් හෙට්ටිආරච්චි යන මහත්වරු එක්වූහ.

එතුමාට නිවන් සුව අත්වේවා !

19/05/2026

ශ්‍රී ලංකා මහජන පක්ෂය ද සාමාජිකත්වය දරණ සමාජවාදී ජනතා පෙරමුණ විසින් අද දින බොරැල්ල මංසන්ධියේදී පැවති උද්⁣⁣ඝෝෂණය සඳහා අප පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයින් වන සමීර සේනානායක, දිලින් කරුණාපාල, අනුර ශ්‍රිනාත් හෙට්ටිආරච්චි සහ දුම්රිය සේවක සංගමයේ එච්. ටී.එල්. කාලිදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමිපාණ...
16/05/2026

ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන අනුශාසක, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමිපාණන් පසුගියදා ඉන්දියාවේ නාග්පූර් හිදී පැවති ගෝලීය සාම සමුළුවේ ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සහභාගීවූ අවස්ථාව...

Address

#25, Linkwood Place, Wehera
Kurunegala
60000

Telephone

+94372229993

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Mahajana Party posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sri Lanka Mahajana Party:

Share