ආර්ථික නිදහස් අරගලය - Kurunegala District

ආර්ථික නිදහස් අරගලය - Kurunegala District Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ආර්ථික නිදහස් අරගලය - Kurunegala District, Political organisation, Kurunegala.

01/08/2026

தற்போதைய NPP நிர்வாகத்தில் பொறுப்புகளை வகிப்பவர்கள், ஒரு பதவியின் சலுகைகளும் நன்மைகளும் அது ஆற்றும் பொறுப்பின் பிரதிபலிப்பே என்பதைப் புரிந்துகொள்வது அவசியம். எனவே, தற்போதைய நிர்வாகத்தின் அலட்சியம் மற்றும் திறமையின்மையால் குடிமக்கள் இழக்கும் எதற்கும் அவர்களே பொறுப்பாவார்கள். கடமைகளையும் பொறுப்புகளையும் நிறைவேற்றுவதற்கான வளங்களும் வசதிகளும் இல்லாததால் ஒருவர் திறமையற்றவராக இருந்தாலோ அல்லது திறமையற்றவராக மாறியிருந்தாலோ, பதவி விலகுவதே பொறுப்பான தேர்வாக இருக்கும். இந்த உண்மையை ஒப்புக்கொள்ளாமல் தொடர்ந்து பதவியில் நீடிப்பது, பயனற்ற விளக்கங்களை மட்டுமே உங்களுக்கு விட்டுச்செல்லும், ஆனால் அலட்சியங்களுக்கும் திறமையின்மைகளுக்கும் உங்களையே பொறுப்பாக்கும்.

It is important that those who hold responsibilities in the current NPP administration understand that the perks and benefits of a given job role is a reflection of the responsibility it serves. Hence anything that the citizens will lose due to negligence and incompetency of the current administration will be responsible for the same. It would be the responsible option to resign, if one is incompetent or has become incompetent due to lack of resources and facilities to fulfill the duties and responsibilities. The act of continuation without acknowledging the very fact will leave you with worthless explanations but responsibility for the negligences and incompetencies.

ජා.ජ.බ රජයේ වගකීම් දරණ සියල්ල තේරුම් ගතයුතුයි වගකීම් වලට සාපේක්‍ෂව වරප්‍රසාද සහ දීමනා ලබාදෙනු ලබන්නේ පැවරී ඇති වගකීම් ඉටුකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට බවත්, වර්තමාන රජයේ නොසැලකිල්ල සහ නොහැකියාව මත ජනතාවට අහිම වන සියල්ල සඳහා වගකීමෙන් බැඳෙන බැවින් තමන් ට ඉටුකිරීමට නොහැකි වගකීම් හෝ ඉටුකළ හැකි වගකීම් වෙනුවෙන් ලැබිය යුතු සම්පත් සහ පහසුකම් නොලැබීම තුල ඉටු කල නොහැකි තත්වයක් තුල ඉල්ලා අස්වීම වගකීමෙන් කටයුතු කිරීමක් බවත්, එසේ නොකිරීමට කිසිඳු හේතුපාඨයක් පසුවට ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවන බවත් හොඳින් අවධාරණය කරගත යුතුය.

12/06/2026

දශකයකට අධික කාලයක්, අප විසින් පෙර පරම්පරාවන් වලට බලය සහ තීරණ ගැනීමේ අවස්තාව ලබා දී, ඔවුන්ගේ වැඩකටයුතු වලට බාධා නොකර; අපගේ කාලය, ශ්‍රමය, දැනුම, අදහස් සහ නිර්මාණශීලිත්වය, ඔවුන් වෙනුවෙන් කැප කර, ඔවුන්ගේ වරප්‍රසාද සහ ජීවන අවශ්‍යතා නඩත්තු කරමින්, ඔවුන්ට අප බලාපොරොත්තු වන ලෝකය නිර්මාණය කිරීමට, කාලය ඇතුළු සියල්ල ලබා දුන්නෙමු.

නමුත්, ඔවුන් අප බලාපොරොත්තු වන ලෝකය නිර්මාණය කිරීම වෙනුවට, ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතා සහ පෞද්ගලික ලෝකය වෙනුවෙන්, අප ලබා දුන් සියල්ල අවභාවිතා කළේය. ඊට පසු පරම්පාරවල සමහරු ද, තම තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන්, සමස්ථ ජනසමාජයට සහ රටට වන හානිය නොතකා, හුදෙක් ලාභ ප්‍රයෝජන සඳහා, එකී පරම්පරාවේ, අන්ධ භක්තික වහළුන් බවට ස්වයංව පත්වෙමින්, කටයුතු කර ඇත.

නැවත හැරී බලන විට, වර්ථමාන ආණ්ඩුවේ මාස 20ක පාලනයේ ක්‍රියාකාරිත්වය ඇතුළුව, අපට ගම්‍ය වන කරුණ නම්; අපගේ දැනුම, අවබෝධය, නිර්මාණශීලිත්වය ඇතුළු, එකී මෙකී නොකී සියළු දේ ලබාදුන්නද; පෙර පරම්පරාවන් විසින්, ඔවුන්ගේ පෞද්ගලික සුඛවිහරණයට අප ලබාදුන් සියල්ල අවභාවිතා කරමින්; රටත්, ජාතියත්, අපගේ මෙන් ම අනාගත පරම්පාරවන් වල අනාගතය කොල්ලකමින් පවතී.

අනුරතන්ත්‍රය එකී කොල්ලකරුවන්ගේ පරම්පරාවේ දිගුවේ අවසන් පුරුක. ඒ පරම්පරාවේ තීරක බලය හිමි වූ තැනැත්තන්ගෙන්, අපට ලබාගත හැකි ජයග්‍රහණ, තවදුරටත් නැත.

ඔවුන් ප්‍රෝඩාවේ සහ මුළාවේ ප්‍රතිමූර්තියන්. මෙය හුදෙක් ප්‍රකාශයක් නොව, ඔවුන්ට වසර 10කට අධික කාලයක් සේවය කරමින්, නිහඬව අධ්‍යනය කරමින්, ලබාගත් අවබෝධයක්.

ඒ නිසා තරුණ/තරුණි පරම්පරාව විසින් වගකීම් ලබාගැනීමට ඉදිරිපත් විය යුතුය. අප පරම්පාරාවේ ද බැටළුවන් සේ රඟපාන, හිවළුන් ඇත. පෙර පරම්පාරාව කර වැරැද්ද, නිවැරදි වන්නේ; අප පරම්පරාවේ හිවළුන් ට, බලය නොදී ගුණගරුක තරුණ/තරුණි නායකයන්ට/නායිකාවන්ට අවස්ථාව ලබා දී, ඔවුන් මත වගකීම් පවරා, ඔවුන් හරහා අප බලාපොරොත්තු වන ලෝකය, අප විසින් ගොඩනැගිය යුතුය. එය අපට කිසිවකු නොදෙනු ඇත, ඒ නිසා අප තනි තනිව වෙනුවට, එක පවුරක් සේ එකමුතු වෙමින්, පෙර පරම්පරා වල ගුණගරුක වැඩිහිටියන් ගේ අවවාද අනුසාසනා සහිතව, ඉදිරියට යා යුතුය.

මෑතක දී සිදුවන, බලවත් තනතුරුහිමියන් විසින්, නව අදහස් විමසීම තුලින් ගම්‍ය වන්නේ, ඔවුන් ට නව අදහස් හෝ නිර්මාණශීලිත්වයක් නැති බවත්, තනතුරු වරප්‍රසාද ටික ඕනා බවය.

ඔවුන් නොකිය කියන්නේ, ඔවුන්ට මේ තනතුරු වල වරප්‍රසාද භුක්ති විදීම සඳහා, මෙහි වගකීම් කොටස ඉෂ්ඨ කිරීමට, ඔවුන්ට නව අදහස් හෝ නිර්මාණශීලිත්වයක් නැති බැවින්, දක්‍ෂ පිරිස් තම තමන්ගේ නිවාස වල, අපාදුක් විදිමින්, දක්‍ෂයන්ට උරුම ලෝකය වෙනුවට, දුක කඳුල උරුමකම් ලබමින්, ඔවුන්ට ඔබගේ නව අදහස් සහ නිර්මාණශීලීත්වය ලබා දෙන්න, ඔවුන්ගේ තනතුරු රැකගන්න.

පසුව ඔවුන් මළදාට, ඔවුන්ගේ නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන, ඔවුන්ගේ විකෘති, පරපෝෂිත ගතිපවතින ජාන හිමි කුමරුන්ට සහ කුමාරියන්ට ඇතුළු, ඔවුන්ට වහල් සේවය කල අය විශ්‍රාම යන පසුබිමක, ඔවුන්ගේ ජාන වලට වහල්කම් කරන අලුත් වහළුන්ට, පහල මට්ටමේ තනතුරු වරප්‍රසාද ටික භුක්ති විදීම සඳහා සහ ඔවුන්ගේ ජාන වලට ඉහල තනතුරු ටික භුක්ති විදීම සඳහා, තවත් වටයකින් දක්‍ෂයන්ව ගෙදර තබා, ඔවුන්ගේ හැකියාවන් කොල්ල කමින් ඉදිරියට යාමය.

මේ චක්‍රය දීර්ඝකාලයක් පවත්වා ගෙන ආ අතර, තව දුරටත් එය පවත්වාගත නොහැකි තත්වයකට පත්ව ඇත. මින් ඉදිරියට ඔය සෙල්ලමට දක්‍ෂයන් සහය නොදෙන්නේ, ඔවුන්ගේ ප්‍රෝඩාවේ සහ මුලාවේ හෙළුව දැන් නිරාවරණය වී ඇති බැවිණි.

ඔය පිළිබඳව කතාකර කාලය නාස්ති කරනවා වෙනුවට, අපගේ පරම්පරාව විසින්, අපගේ පරම්පරාවේ දක්‍ෂයන්ට, තීරක බලය සහ වගකීම් ලබාගැනීමට අවශ්‍ය, ජනතාවරමක් වෙනුවෙන්, කාලය කැපකරමු.

🇱🇰

10/06/2026

මේ රටේ යම් බදු ගෙවන ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් වේ නම් ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය අනිවාර්‍ය කිරීම තුල අපහසුතාවයට පත් වෙච්ච,

එවැනි පුද්ගලයින් මේ Tharindu Liyanage කියන මනුස්සයට පිං දෙන්න ඕනේ.

දැන් එවැනි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පෙර පරිදි බදු ආකෘතිය හරහා බදු ගෙවිය හැක.

අලුත් නායකයෙක් එක්ක - පරිණත වැඩපිළිවෙලක්පැත්තකට විසිවුණු දක්‍ෂයන්ට වගකීම් ගන්නඑන්න ප්‍රථම තරුණ ජනාධිපති පත් කරගන්න👉 Thar...
31/05/2026

අලුත් නායකයෙක් එක්ක - පරිණත වැඩපිළිවෙලක්

පැත්තකට විසිවුණු දක්‍ෂයන්ට වගකීම් ගන්න

එන්න ප්‍රථම තරුණ ජනාධිපති පත් කරගන්න

👉 Tharindu Liyanage

ඔබ විසින් මෙතෙක් කල් උදව් කරපු දේශපාලන පරම්පාරව,ඔබ බලාපොරොත්තු වන ලෝකය, නිර්මාණය කර ඇති නම්,දේශපාලනය වෘත්තීය ලෙස කිරීමට ...
24/05/2026

ඔබ විසින් මෙතෙක් කල් උදව් කරපු දේශපාලන පරම්පාරව,

ඔබ බලාපොරොත්තු වන ලෝකය, නිර්මාණය කර ඇති නම්,

දේශපාලනය වෘත්තීය ලෙස කිරීමට උනන්දු වෙන අය හැරෙන්නට,

ඔබට දේශපාලනය කිරීමේ අවශ්‍යතාවයක්, ඇති වූ යේ කෙසේ ද?

පිට කොටුවේ, පික් පොකට් හොරා,

"අන්න හොරා, අන්න හොරා" කියමින් දිව යන්නේ,

සමාජය මග හරවා, බේරී යාමට ය.

තම තමන් ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා,

මුළු සමාජ දෙහයම,

පද්ධතියක් ලෙස ග්‍රහණය කරගෙන ඇති, පරපෝෂිතයන්,

අපගේ සාමුහික අභිලාශ සහ සිහින යටපත් කරමින්,

විටෙක හොරා ලෙස ද,

විටෙක පොලිස් ලෙසද,

මුළු මහත් සමාජයම රවටමින්,

කරන, හොරා පොලිස් සෙල්ලමු නතර කරවමු.

රට බංකොලොත් කරපු දේශපාලන පරම්පාරාවේ,

අන්තිම පුරුක වන අනුර ගෙන් අපට ලැබිය හැකි ජයග්‍රහණ මොනවාද?

විවේචනය වෙනුවට, වගකීම් අතට ගෙන,

ගුණාත්මක වැඩිහිටි පරම්පරාවේ සහය ලබා ගනිමින්,

තරුණ අපි ඉදිරියට පැමිණිය යුතුය.

තව දුරටත් පරන දේශපාලන පරම්පරාවෙන්,

අපට ලබා ගත හැකි ජයග්‍රහණ නැත,

පරන දේශපාලන පරම්පරාව වෙනුවෙන් පෙනීසිටීම වෙනුවට,

පරිණත දූරදර්ශී දර්ශනයක් සහ වැඩපිළිවෙලක ඇති,

තරුණ නායකයින් වෙනුවෙන් පෙනී සිටිමු,

උදව් කරමු,

ඔවුන්ව ජයග්‍රහණය කරවමු!

- Tharindu Liyanage

20/05/2026

අප විසින් රාජ්‍ය නායකත්වයට පැමිණීමට බලාපොරොත්තු වන මූලික අරමුණ ආර්ථික නිදහස වූවත් ඉන් එහාට ගිය දර්ශණයක් සහ චින්තනයක් අප සතුය. එකී දර්ශනය සහ චින්තනය, අප විසින් ඉදිරි ජනාධිපතිවරණය තුල, ප්‍රතිපත්ති ඇතුළත් ක්‍රියා අයිතමයන් සහිත ප්‍රකාශනයක් සැලැස්වීමට කටයුතු කරන්නෙමු.

මෙහි එක් පුළුල් කරුණක් සමාජය හමුවේ නිරාවරණය කිරීමට කැමැත්තෙමු. එනම්:

පුරවැසියා ලෙස පරමාධිපත්‍ය බලය භාවිත කොට ජනතා නියෝජිතයන් මාර්ගයෙන් ආණ්ඩුවක් බිහිකරන්නේ සහ බදු මුදල් හරහා රාජ්‍ය පරිපාලන නිළධාරීන් සමඟ රාජ්‍ය නඩත්තු කරන්නේ, අපට පුරවැසියන් ලෙස තනි තනි ව කල නොහැකි සාමාජීය අවශ්‍යතා ඉටුකරලීමේ වගකීම ආණ්ඩුව සහ රාජ්‍ය මත පැවරීමය. නමුත් පසුගිය දශක ගණනාවක සිට සිඳුව ඇත්තේ, එකී වගකීම් ඉටුකරලීමට ක්‍රියාකිරීම වෙනුවට, නව නීති පනවා, එකී වගකීම් නැවත පුරවැසියා වෙත පැවරීමය. ඉන් නොනැවතී හිටපු දේශපාලන සහ රාජ්‍ය පරිපාලන පරම්පරාවන්, නැවත පුරවැසියාටම පැවරූ වගකීම්, පුරවැසියා ඉටු නොකරන්නේ නම්, පුරවැසියාට දඩුවම් නියම කිරීමට කටයුතු සැලැස්වීම යි. මේ පිළිබඳව, සිනහ වෙන්න ද, හඬන්න ද නැතහොත් කෝපය පිටකරන්න ද යන්න ජනතාව සතුය. අපගේ යෝජනාව නම් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති ස්වයං නිවැරදි කිරීමේ මාර්ගය තෝරා ගැනීමය.

අප විසින්, පුරවැසියා පවරපු වගකීම්, ඉටු කිරීමට කටයුතු කරන්නෙමු, එකී වගකීම්, නීති මාර්ගයෙන් නැවත පුරවැසියාට පවරා, එය ඉටුනොවන තැන, පුරවැසියාට දඩුවම් කරන නීති, හකුලන්නට කටයුතු කරන්නෙමු.

මෙය අපගේ රාජ්‍ය පාලනයේ මූලික වෙනසක් වනු ඇත!

நாட்டை வழிநடத்துவதற்கான நமது விருப்பத்தின் முதன்மையான முக்கிய நோக்கம் “பொருளாதார சுதந்திரம்” கொண்டு வருவதாகும். ஆயினும், அந்த நோக்கத்திற்கு அப்பாற்பட்ட மிக விரிவான தொலைநோக்குப் பார்வையும் சிந்தனையும் நம்மிடம் உள்ளது. இந்த தொலைநோக்குப் பார்வையையும் சிந்தனையையும் அடுத்த ஜனாதிபதித் ஜனாதிபதி தேர்தலின் போது இலங்கை குடிமக்களுக்கு ஒரு கொள்கை மற்றும் செயல் திட்ட ஆவணமாக முன்வைப்போம்.

இருப்பினும், அந்தப் பரந்த கருத்தாக்கங்களில் ஒன்றை நாங்கள் பொதுமக்களின் பரிசீலனைக்கு முன்வைக்க விரும்புகிறோம். அது என்னவென்றால்:

குடிமக்களாகிய நாம், தேர்ந்தெடுக்கப்பட்ட பிரதிநிதிகள் மூலம் ஒரு அரசாங்கத்தை நிறுவுவதற்கான நமது இறையாண்மை அதிகாரத்தைப் பயன்படுத்துகிறோம். மேலும், வரிகளைச் செலுத்துவதன் மூலம் அரசையும் நிர்வாகத்தையும் நாம் பராமரிக்கிறோம். குடிமக்களாகிய நாம், தனிப்பட்ட முறையில் நம்மால் நிறைவேற்ற முடியாத சமூகத் தேவைகளைப் பூர்த்தி செய்யும் பொறுப்பை அரசாங்கத்திற்கும் அரசுக்கும் ஒப்படைக்கிறோம். ஆனால், கடந்த சில பத்தாண்டுகளில் என்ன நடந்திருக்கிறது என்றால், அந்தப் பொறுப்புகளை நிறைவேற்றுவதற்குச் செயல்படுவதற்குப் பதிலாக, அரசியல் அதிகாரமும் நிர்வாக அதிகாரிகளும் புதிய சட்டங்களைத் திணித்து, அந்தப் பொறுப்புகளை மீண்டும் குடிமக்களிடமே மாற்றிவிட்டனர். மேலும், தங்களுக்கு மீண்டும் ஒப்படைக்கப்பட்ட பொறுப்புகளை நிறைவேற்றத் தவறினால் குடிமக்களைத் தண்டிப்பதற்காக, முந்தைய தலைமுறை அரசியலும் பொது நிர்வாகமும் சட்டங்களை உருவாக்கியுள்ளன. இதைப் பற்றிச் சிரிப்பதோ, அழுவதோ அல்லது தங்கள் கோபத்தை வெளிப்படுத்துவதோ மக்களின் கையில்தான் உள்ளது. ஜனநாயகத்தில் சுயதிருத்தப் பாதையைத் தேர்ந்தெடுப்பதே எங்களின் முன்மொழிவு.

குடிமக்களால் நம்மிடம் ஒப்படைக்கப்பட்ட பொறுப்புகளை நிறைவேற்ற நாம் பாடுபடுவோம்; சட்டங்கள் மூலம் அந்தப் பொறுப்புகளை மீண்டும் குடிமக்களிடம் மாற்றுவதை நிறுத்துவோம்; மேலும், அத்தகைய பொறுப்புகளை நிறைவேற்றாததற்காக குடிமக்களைத் தண்டிக்கும் சட்டங்களை மக்களே இயற்றி ரத்து செய்யவும் நாம் பாடுபடுவோம்.

இது நமது ஆட்சியில் ஒரு அடிப்படை மாற்றமாக அமையும்!

The foremost important objective of our hope to lead the nation is to bring “Economic Freedom”. Yet, we have a far more broader vision and a thinking beyond that objective. This vision and thinking we shall present to Sri Lankan citizens as a policy and an action plan document during the next presidential election.

However, we wish to expose one of those broader concepts to public consideration. That is:

We as the citizens, we practice our Sovereign rights to elect our representatives to form a government and we pay taxes to maintain public administrators and a state, in order to delegate and transfer the responsibility of, fulfillment of, some of the social requirements, that we as citizens cannot address at an individual level. Instead of fulfilling these requirements, what has taken place for the past few decades by the past political generations and the public administration generations is that, re-transferring that responsibility back to citizens through law, and further escalation that practice by introducing laws to punish the citizens for not fulfilling those social requirements. We wonder whether to laugh, cry or to release rage is something that public needs to decide on. Our proposal is to practice sweetest thing about democracy, which is to apply self correction path.

We shall fulfill the responsibilities that were delegated and transferred to us. We shall abolish laws that re-transfer these responsibilities back to citizens which leads to punishing them for their inaction.

This will be one of the fundamental difference in our governance!

Address

Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when ආර්ථික නිදහස් අරගලය - Kurunegala District posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share