Governor Media Unit - North Western Province

Governor Media Unit - North Western Province Official News & Updates from Governor's Media Unit - ආණ්ඩුකාර මාධ්‍ය ඒකකයෙන් නිකුත් කරන නිල පුවත්

කුරුණෑගල නගර සැළසුම අනුව,යෝජිත  නගර සංවර්ධන සැලැස්ම(2021-2030) සඳහා අවශ්‍ය අමතර ජල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටළු සහ කුර...
07/09/2026

කුරුණෑගල නගර සැළසුම අනුව,යෝජිත නගර සංවර්ධන සැලැස්ම(2021-2030) සඳහා අවශ්‍ය අමතර ජල සැපයුම සම්බන්ධයෙන් පවතින ගැටළු සහ කුරුණෑගල මහනගර සභා සීමාවේ මේ වන විටත් පවතින ගැටළු පිළිබඳව සාකච්ඡාවක් වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

ආණ්ඩුකාර ලේකම්තුමා,කුරුණෑගල නාගරික කොමසාරිස්තුමා, නාගරික සංවර්ධන අධිකාරිය, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය නියෝජනය කරමින් එම ආයතනයන්හි නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.07

ඓතිහාසික දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම රජමහා විහාරයේ අභිමානවත් 49 වන  ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 2026 සැප්තැම්බර් මස 05 ව...
06/09/2026

ඓතිහාසික දඹදෙණිය ශ්‍රී විජේසුන්දරාරාම රජමහා විහාරයේ අභිමානවත් 49 වන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහැර 2026 සැප්තැම්බර් මස 05 වන දින වීදි සංචාරය කරන ලදී.

දඹදෙණි හත්පත්තුවේ ප්‍රධාන සංඝනායක දඹදෙණිය රජමහා විහාරාධිපති ආයුර්වේද වෛද්‍ය පූජ්‍ය නාරංගොඩ සංඝානන්දාභිධාන නාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පැවති මෙම අවස්ථාවට වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ගුණසේන යන මහත්වරුන්ද නාරම්මල ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු දේශපාලන අධිකාරියද, නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු නිලධාරින්ද එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.05

රිදීගම රිදී විහාරයේ අවසන් රන්දෝලි මහා පෙරහැර 2026 සැප්තැම්බර් 04 දින රිදීගම නගරය දක්වා වීදි සංචාරය කරන ලදී.ඓතිහාසික රිදී...
05/09/2026

රිදීගම රිදී විහාරයේ අවසන් රන්දෝලි මහා පෙරහැර 2026 සැප්තැම්බර් 04 දින රිදීගම නගරය දක්වා වීදි සංචාරය කරන ලදී.

ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී බුද්ධරක්ඛිත නා හිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් පැවති මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න,කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගීතා හේරත්, එම්.කේ.එම් අස්ලම් යන මහත්වරුන්ද, රිදීගම ප්‍රාදේශීය සභා සභාපතිතුමා ඇතුළු සභාපතිවරුන් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ද, රිදීගම ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරින්ද රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන නියෝජිතයින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.04

පවතින සහ ඉදිරියට ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණික තත්ත්වය  හමුවේ  ඇති වීමට ඉඩ ඇති නායයෑම්, ගංවතුර හා නියඟය යන ස්වභාවික ආපදා ...
05/09/2026

පවතින සහ ඉදිරියට ඇතිවිය හැකි එල්නිනෝ කාලගුණික තත්ත්වය හමුවේ ඇති වීමට ඉඩ ඇති නායයෑම්, ගංවතුර හා නියඟය යන ස්වභාවික ආපදා තත්ත්වයන්ට පූර්ව සූදානම්වීම අරමුණ කරගනිමින් විශේෂ ආපදා කළමනාකරණ සාකච්ඡාවක් අද(04)දින කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය හා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්, නියෝජ්‍ය පොලිස්පතිතුමා ඇතුළු නිලධාරීන්,ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරින් හා රාජ්‍ය නිලධාරින්ද එක්ව සිටියහ.

පවතින වියලි කාලගුණික තත්ත්වය දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා අවශ්‍ය ජලය කලමණාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක්විය.
එමෙන්ම පුද්ගල ගිනි තැබීම් නිසා ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බවත් එබැවින් ගිනි තැබීම් වලින් වැලකීමට අවශ්‍ය පියවරයන් හඳුනාගත යුතු බවත්, මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයට ලක්විය.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.04

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් හමුවූ වයඹ පළාත් කෘෂිකර...
04/09/2026

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් හමුවූ වයඹ පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය ඔවුන් වර්තමානයේ මුහුණ දී ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කලහ. වසර ගණනාවක් තිස්සේ පැවති වෘත්තීමය ගැටළු කීපයක් මුල්කරගනිමින් පළාත් කෘෂිකර්ම උපදේශක සංගමය විසින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් 2026. 07. 20 වැනි දින සිට ආරම්භ කළ අතර, එම වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අවස්ථා කීපයකදී වයඹ පළාත් බලධාරීන් සමග සාකච්ඡා කළද එම ගැටළු සඳහා නිශ්චිත සාධාරණීය විසඳුම් නොලැබුනු බව ඔවුන් මෙහිදී දැනුවත් කලහ.

එම නිසා වෘත්තිය සමිති සාමාජිකයින් දිගින් දිගටම අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතව සිටි අතර අද දින එම ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමා, කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු බලධාරීන් දැනුවත් කළහ.

එහිදී නව බඳවාගැනීම් සංශෝධනය කර උසස්වීම් ලබාදීම,විශේෂ පන්තියේ පුරප්පාඩු සම්බන්ධයෙන් උසස්වීම් ලබා නොදීම,කෘෂිකර්ම උපදේශක කොට්ඨාසවල හා විශේෂ පන්තියේ තනතුරුවල වැඩ බැලීම සඳහා විධිමත් පත්වීම් ලිපි හා දීමනා ලබාදීම වැනි ගැටළුවලට විසඳුම් හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කල අතර වෘත්තිය ගැටළු සම්බන්ධයෙන් මෙහිදී විසඳුම් ලැබුණි.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.04

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමය අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශා...
04/09/2026

වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ සමස්ත ලංකා බිත්තර නිෂ්පාදන සංගමය අතර සාකච්ඡාවක් ආණ්ඩුකාර කාර්යාලයීය රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කල අතර පඬුවස්නුවර ප්‍රාදේශීය සභා සභාපතිතුමා ,සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපතිතුමා ඇතුළු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.04

2026.09.04 පුවත්පත් වාර්තා...දිනමිණ...
04/09/2026

2026.09.04 පුවත්පත් වාර්තා...දිනමිණ...

2026.09.02..පුවත්පත් වාර්තා..දිනමිණ..
03/09/2026

2026.09.02..පුවත්පත් වාර්තා..දිනමිණ..

ජාත්‍යන්තර පොල් දිනය Ceylon king coconut villages 250 ශ්‍රී ලංකාවේ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ දැවැන්ත ජාතික වැඩස...
02/09/2026

ජාත්‍යන්තර පොල් දිනය Ceylon king coconut villages 250 ශ්‍රී ලංකාවේ තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමේ දැවැන්ත ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය පොල්වගා කිරීමේ මණ්ඩලයේ පන්නල මහයාය පොල් පැළ තවාන් පරිශ්‍රයේදී වැවිලි ප්‍රජා සහ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි .

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිල, වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වැවිලි ප්‍රජා සහ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු දේශපාලන අධිකාරියද වැවිලි ප්‍රජා සහ යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, ජාත්‍යන්තර පොල් ප්‍රජාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජෙල්ෆිනා සී.අලෝව්, කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්තුමා, පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරින්ද එක්ව සිටියහ.

වගාකරුවන්ගේ දෑත් ශක්තිමත් කර,තැඹිලි නිෂ්පාදන තුලින් ශ්‍රී ලංකාව හා ජාත්‍යන්තර වෙළඳපොළ යාකෙරෙන දැවැන්ත ව්‍යාපෘතියක් මේ තුලින් නිර්මාණය කිරීම මෙහි අරමුණයි.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.02

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මිනිරන් පතලක් වන කුරුණෑගල දොඩම්ගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ(කහටගහ පතල)  වයඹ ආණ්ඩුකාර තිස්...
01/09/2026

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මිනිරන් පතලක් වන කුරුණෑගල දොඩම්ගස්ලන්ද කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ(කහටගහ පතල) වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මැතිතුමා සහ චීන සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ Mr.NiLisheng මහතා ඇතුළු චීන දූත පිරිස නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

වයඹ පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම්තුමිය, වයඹ සංවර්ධන අධිකාරියේ සභාපතිතුමිය ඇතුළු නිලධාරින්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වයඹ පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය
2026.09.01

Address

Governor Office
Kurunegala
60000

Alerts

Be the first to know and let us send you an email when Governor Media Unit - North Western Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Governor Media Unit - North Western Province:

Shortcuts

Share