Divisional Secretariat - Lunugala

Divisional Secretariat - Lunugala "විශ්වාසයෙන් විශිෂ්ඨත්වයට"

-----අපගේ දැක්ම------
"විශ්වාසයෙන් විශිෂ්ඨත්වයට"

---අපගේ මෙහෙවර---
රාජ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින්,
නිසි මග පෙන්වා දෙමින්,
අවැසි පහසුකම් සලසමින්,
නිරතුරුව විපරමින් යුතුව,
ප්‍රදේශයේ පුද්ගල හා සමාජ තත්වයන් ඉහල නැන්වීම අපගේ මෙහෙවරයි."

23/08/2026

"දිවියට සුවයක් - දහමට සවියක්"
බදුල්ලේ පළමු වතාවට පැවැත්වූ සර්ව ආගමික විශේෂ වෛද්‍ය සායනය මුතියංගණ විහාරයේදී@

භෞතික මෙන්ම ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් සමාජ සංස්ථාවක් ගොඩනැගීම උදෙසා පූර්වගාමී මෙහෙවරක් ඉටුකරන අතිපූජනීය මහා සංඝරත්නය ඇතුළු සියලුම ආගමික පූජකතුමන්ලාගේ කායික හා මානසික සෞඛ්‍යය සාධනය කිරීමෙන් ලස්සන ජීවිතයක් ගත කරන මිනිසුන් වෙසෙන පොහොසත් රටක් ගොඩනැගීමේ උතුම් අරමුණ පෙරදැඩි කරගනිමින් "දිවියට සුවයක් - දහමට සවියක්" විශේෂ වෛද්‍ය සායනය අද (22) දවස පුරා බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඌව පළාත් සභාව එක්ව සංවිධානය කළ මෙම පූර්ණ වෛද්‍ය සායනය සඳහා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා සංඝරත්නය ඇතුළු අන්‍ය ආගමික පූජකතුමන්ලා විශාල පිරිසක් සහභාගී වූහ.

බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ පැවැති මෙම සායනයේදී කායික රෝග, දන්ත, අක්ෂි හා ආයුර්වේද ඇතුළු සියලුම රෝගී තත්ත්වයන් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර ලබාදීමට කටයුතු කෙරිණි. මේ සඳහා 'ලංකා හොස්පිටල්' සහ 'විෂන් කෙයාර්' ආයතන සිය දායකත්වය දැක්වූ අතර, අවශ්‍ය පරීක්ෂණාගාර පහසුකම් සපයන ලද්දේ කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලය විසිනි.

බදුල්ල මුතියංගන රාජමහා විහාරාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැති මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, තරුණ කටයුතු අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක, බුද්ධශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරියේ මැතිඇමැතිවරුන්ද, ඌව පළාත් ප්‍රධාන ලේකම්ළ බදුල්ල දිස්ස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක්ද එක්ව සිටියහ.

21/08/2026
බදුල්ලේ සියලු ආගමික පූජ්‍ය පක්ෂය උදෙසා විශේෂ වෛද්‍ය සායනයක් අගෝස්තු 22 දා මුතියංගන විහාරස්ථානයේදී“දිවියට සුවයක් දහමට සවි...
18/08/2026

බදුල්ලේ සියලු ආගමික පූජ්‍ය පක්ෂය උදෙසා විශේෂ වෛද්‍ය සායනයක් අගෝස්තු 22 දා මුතියංගන විහාරස්ථානයේදී

“දිවියට සුවයක් දහමට සවියක්” යන තේමාව පෙරදැරි කරගනිමින්, බදුල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නය ඇතුළු සියලු ආගමික පූජ්‍ය පක්ෂය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විශේෂ වෛද්‍ය සායනයක් එළඹෙන 2026 අගෝස්තු 22 වන සෙනසුරාදා දින බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මහා සංඝරත්නය ප්‍රමුඛ සියලු ආගමික පූජ්‍ය පක්ෂය වෙනුවෙන් කායික හා මානසික සුවතාවය තහවුරු කිරීමේ මූලික අරමුණින් පැවැත්වෙන මෙම විශේෂ වෛද්‍ය සායනය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බදුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලය, බදුල්ල දිස්ත්‍රික් ජාතික භික්ෂු පෙරමුණ, ඌව පළාත් සභාව සහ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබයි.

18/08/2026
"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන ලුණුගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන==================================...
08/08/2026

"අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන
==================================

ප්‍රජා සහභාගිත්වය තුළින් පවිත්‍ර දේශයක් සඳහා වූ ජාතික පුරවැසි මෙහෙවර"අත්තම" ජාතික වැඩසටහනට අදාළව
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්තම වැඩසටහනේ ප්‍රධාන වැඩසටහන හොප්ටන් මුත්තුමාරි අම්මාන් දේවාල පරිශ්‍රයේ දී ...

විශේෂ ස්තූතිය : කෙසෙල්වත්ත ජල පාරිභෝගික සහ සුබසාධක සමිතිය

අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන – ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  ප්‍රධාන වැඩසටහන📍 ලුණුගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අ...
07/08/2026

අත්තම ජාතික පවිත්‍රතා වැඩසටහන – ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රධාන වැඩසටහන

📍 ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හොප්ටන් , කෙසෙල්වත්ත මුත්තුමාරි අම්මාන් දේවාල පරිශ්‍රය
🗓️ 2026 අගෝස්තු 08 (සෙනසුරාදා)
⏰ උදෑසන 8.00 ට

💚 “එකමුතුව එක්වෙමු – පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු!”

( #අත්තම

Address

Passara/Lunugala Road
Lunugala Town
90535

Opening Hours

Monday 08:15 - 16:15
Tuesday 08:15 - 16:15
Wednesday 08:15 - 16:15
Thursday 08:15 - 16:15
Friday 08:15 - 16:15

Telephone

+94552263725

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Lunugala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Lunugala:

Shortcuts

Share