13/03/2024
ලෝකයේම වැරදි දකිනවා.
ලෝකය මේ ආකාරයෙන් තිබිය යුතු බව සිතනවා.
මිනිසුන් වෙනස්විය යුතු බව සිතනවා.
මිනිසුන්ව විනිශ්චය කරමින් මෝඩයෙකු විලසින් කාලය කාදමන මිනිසුන්ගෙන් කීයෙන් කීදෙනාද තමන්ව දකින්න වෑයම් කරන්නෙ.
තමන්ව වෙනස් කරන්න උත්සහ කරන්නෙ.
ලෝකය ගැන වදවෙමින් කාලය නාස්ති නොකරන්න.
ලෝකය අහඹුවක් නොවේ.
ලෝකය රිද්මයකි.
අනෙකා වෙනස් කිරීමට අවශ්‍යනම් පළමුව ඔබ තුලින් පටන් ගන්න.
ඔබ වෙනස් වන්න. ඔබ යහපත් වන්න.