08/08/2025
තරුණ හා ශිෂ්‍ය ව්‍යාපාර යනු බලයේ රූකඩ නොව, ප්‍රගතියේ හවුල්කරුවන්ය... අපේ විශ්ව විද්‍යාලවල සිට ග්‍රාමීය තරුණ සමාජ දක්වා, තරුණ ශ්‍රී ලාංකිකයන් රටේ සියලු වෙනස්කම් වලට හේතු පාදක වන වඩාත්ම ක්‍රියාශීලී ප්‍රේරක බලවේගය වී තිබේ. නමුත් අද, ආර්ථික අර්බුදය සහ දේශපාලන වෙනස්කම් මධ්‍යයේ, අප කනස්සල්ලට කරවන කරුණක් ඉස්මතු වී තිබේ. එය, “පාලක ප්‍රභූ පැලැන්තිය විසින් තරුණ ආයතන දේශපාලනීකරණය කිරීමයි”. අපට සාධාරණ අනාගතයක් ගොඩනගන්නට නම්, තරුණ ව්‍යාපාර ස්වාධීන කිරීමත්, සියලු දේශපාලනික මතිමතාන්තර දරන තරුණ තරුණියන් සහභාගී කරවන සහ ධනාත්මක වෙනසකම් කෙරෙහි අවධානය යොමු කරන ආකාරයෙන් පවත්වා ගැනීම සහතික කළ යුතුය.
තාරුණ්‍යයේ බලය සහ හැකියාව
----------------------
සෑම සමාජයක්ම තුළ, තරුණයන් ශක්තිය, නිර්මාණශීලිත්වය සහ ධෛර්යය නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 25%කට වඩා වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 30ට අඩු අය වෙති. එය හුදු සංඛ්‍යාලේඛනයක් නොව “ භාවිතා නොකළ ජාතික බලයකි”. නමුත් සුදුසු ලෙස මග නොපෙන්වන්නේ නම්, මෙම ශක්තිය නොසලකා හැරීමට, හැසිරවීමට, හෝ යටපත් කිරීමට හැකිය.
ශ්‍රී ලංකාවේ නිදහසින් පසු ඉතිහාසය දෙස බලන්න. 1971 සහ 1987-89 ජේවීපී නැඟිටීම් තුළ තරුණ අසතුට, අසහනය හා අවිශ්වාසය ගැඹුරින් මුල් බැසගෙන තිබුණේය. උතුරේ සහ නැගෙනහිර, 1970 දශකයේ දෙමළ ශිෂ්‍ය සම්මේලනය එවක බලයේ සිටි රාජ්‍ය විසින් නොසලකා හැරීම සහ සුළු කොට තකා බැහැර කිරීම නිසා ඇති වූ සටන්කාමී බෙදුම්වාදී මතවාදයේ බලපෑම අදටත් සමාජය තුළ හොල්මන් කරයි.
මේ තරුණ හැඟීම් සහ ඒවා ඉදිරිපත් කිරීම හුදු දේශපාලන සිදුවීම් නොව “අනතුරු ඇඟවීම්” විය. තරුණයන්ට හඬ, ගෞරවය සහ අවස්ථා ලබාදීම ප්‍රතික්ෂේප කළ විට ඔවුන් විකල්ප ලෙස ආන්තික ක්‍රමවේද අනුගමනය කරයි.
ශිෂ්‍ය ව්‍යාපාර ස්වයං-සංවිධානය වී වගකිව යුතුය
----------------------
සෞඛ්‍ය සම්පන්න තරුණ ව්‍යාපාරයක් දේශපාලන පක්ෂයක රූකඩයක් නොවිය යුතුය. එසේම එය අවුල් සහගත, ව්‍යුහගත නොවූ බලවේගයක්ද නොවිය යුතුය. ඒ වෙනුවට, ශිෂ්‍ය සහ තරුණ ව්‍යාපාර අවංකභාවයෙන් ස්වයං-සංවිධානය වීමට ඉගෙන ගත යුතුය, එයට ඇතුළත්වන්නේ:
ප්‍රජාතන්ත්‍රවාදී නායකත්ව ව්‍යුහ (විනිවිදභාවයෙන් තේරී පත්වීම).
විවිධත්වය සහ සියල්ලන්ම ඇතුළත් කිරීම (ග්‍රාමීය, නාගරික, ස්ත්‍රී පුරුෂ සමබරතාවය, බහු වාර්ගික).
දේශපාලන ස්වාධීනත්වය (සැඟවුණු න්‍යාය පත්‍ර නැතිව).
වගකීම (පොදු මුදල් විස්තර හෙළිදරව් කිරීම, තීරණ වාර්තා).
විනය සහ අහිංසාව (ජන කැරලි උපක්‍රම සඳහා ඉඩ නැතිව).
උදාහරණ 01 - අන්තර්-විශ්ව විද්‍යාල ශිෂ්‍ය සම්මේලනය (IUSF)
----------------------
දශක ගණනාවක් තිස්සේ, IUSF ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය බලමුලු ගැන්වීමේ ප්‍රමුඛ බලවේගයක් වී තිබේ. එය අධ්‍යාපනය පෞද්ගලිකරණයට විරුද්ධ වීමේ සහ ශිෂ්‍ය අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර තිබේ. නමුත් එම IUSF දේශපාලන පක්ෂ සමඟ සම්බන්ධ වීම, ගැටුම්කාරී ක්‍රමවේද භාවිතා කිරීම සහ ශ්‍රී ලාංකික ශිෂ්‍ය හඬවල් සම්පූර්ණ විවිධත්වය නියෝජනය කිරීමට අසමත් වීම සඳහාද විවේචනයට ලක්ව තිබේ.
ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහ, සියල්ලන්ම ඇතුළත් කිරීම සහ විනිවිදභාවයයන ප්‍රධාන කරුණු නොමැතිව ක්‍රියාත්මක වෙන ශිෂ්‍ය ව්‍යාපාර/තරුණ ව්යාපාර, සියලු දෙනා නියෝජනය කරන වේදිකාවක් වෙනුවට කිහිප දෙනෙකුගේ ප්‍රතිරාවයක් බවට පත්වීමේ අවදානම තිබේ.
රාජ්‍යයේ කාර්යභාරය තරුණ ක්‍රියාකාරිකම් පාලනය කිරීම නොව, ඒ සඳහා ආරක්ෂිත අවකාශයක් නිර්මාණය කිරීමයි. මෙයට ඇතුළත්වන්නේ:
සාමකාමී විරෝධතා සහ සංගම්වීමේ නිදහස සඳහා නීතිමය ආරක්ෂාව.
සැබෑ උපදේශන බලතල ඇති තරුණ සභා ඉටු වීම.
තරුණයන්ට බලපාන පොදු අරමුදල් ඔවුන් තීරණය කරන සහභාගිත්ව අයවැය මත පදනම්වීම.
පොලිසිය සහ නිලධාරීන් වගකිව යුතු ලෙස ක්‍රියාත්මක වීම සඳහා ස්වාධීන පැමිණිලි යන්ත්‍රණයක් ගොඩනැගීම.
තරුණ නව්‍යකරණ සහ ක්‍රියාකාරිකම් සඳහා පක්ෂභේදයෙන් තොර අරමුදල් සහ උපදේශනය ලබාදීම.
උදාහරණ 02 - ජාතික තරුණ සේවා සභාව (NYSC)
----------------------
1969 දී ස්ථාපිත කරන ලද NYSC මුලදී දූරදර්ශී අදහසක් විය. එය වූ කාලි, ජාතික සංවර්ධනයට තරුණයන්ට ව්‍යුහගත කාර්යභාරයක් ප්‍රදානය කිරීමයි. නමුත් 1970 දශකයේ, දේශපාලන පීඩනය යටතේ, එය සමාජවාදී මතවාද ප්‍රචාරණ වාහකයක් බවට පත්වූ අතර, තරුණ සංගම්වල වැඩසටහන් පක්ෂ බඳවාගැනීමේ මුහුණුවර ලෙස පුළුල්ව සලකනු ලැබීය.
නැවතත් 1980-90 දශකවල, ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යටතේ සහ පසුව, චරිත රත්වත්ත යටතේ, එය රටපුරා තරුණ සමාජ ජාලයක් ලෙස නැවත නගාසිටුවන ලද නමුත් විවේචකයන් තර්ක කළේ පක්ෂයට පක්ෂපාතීන් තරුණ නිලධාරීන් ලෙස පත් කර ඇති බවත් සැබෑ ක්‍රියාකාරිකම් අධෛර්ය කර ඇති බවත්ය.
තරුණ ආයතන දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ, ස්වාධීනව පාලනය වන සහ දේශපාලනඥයන් සඳහා නොව තරුණයන් සඳහා සැලසුම් කළ යුතුය.
අද තරුණ සමාජවල දේශපාලනීකරණය
----------------------
පසුගිය මාස කිහිපය තුළ, ශ්‍රී ලංකාව පුරා තරුණ සමාජ ශාලා සහ සභාවල දේශපාලන මැදිහත්වීම පිළිබඳව පොදු විරෝධතාවය වර්ධනය වී තිබේ. රජය දේශපාලනික වශයෙන් සම්බන්ධිත පුද්ගලයන් පත් කිරීම ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ ඒ ආශ්‍රිත ගම්මාන මට්ටමේ තරුණ සමාජ ශාලාවල නායකත්ව කාර්යභාර සඳහා, දිගු කාලයක් සේවය කළ ස්වේච්ඡා සේවකයන් සහ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පැත්තකට දමා තිබේ. ශ්‍රී ලංකා තරුණ සමාජ සම්මේලනය විසින්ම මෙම දේශපාලනීකරණයට විරෝධය දක්වා ඇති අතර, කලක් තරුණ සවිබලගැන්වීමේ වේදිකාවක් වූ NYSC, දැන් පාලක පක්ෂයේ බඳවාගැනීමේ මෙවලමක් බවට පරිවර්තනය කරන බව ප්‍රකාශ කර තිබේ. විරුද්ධ පක්ෂයේ සාමාජිකයන් සහ පූර්ව රජයේ අමාත්‍යවරුන් පවා මෙම ප්‍රවණතාවට විවේචනය කර ඇති අතර, එය තරුණ ආයතනවල විශ්වාසය සහ ස්වාධීනත්වය භයානක ලෙස ඛාදනය කිරීමක් ලෙස හැඳින්වෙති. තරුණ සංවිධාන දේශපාලන න්‍යාය පත්‍රවල ව්‍යාපෘතියක් බවට පත්වන්නේ නම්, ඒවා ඔවුන්ගේ විශ්වසනීයත්වය අහිමි වන අතර ඔවුන් සවිබලගත කිරීමට අදහස් කරන පරම්පරාවම විරුද්ධ කර ගැනීමේ අවදානමක් ඇත.
අරගලය 2022 අපට ඉගැන්වූ දේ
----------------------
2022 දී, ශ්‍රී ලාංකික තරුණයන්, සියලු ක්ෂේත්‍රවලින්, වගකීම, යුක්තිය සහ ක්‍රම වෙනස්කම් ඉල්ලමින් එකට එකතු විය. ඔවුන් අවසරය එනතුරු බලා සිටියේ නැත. ඔවුන් කිසිදු එක් දේශපාලන මතවාදයක් අනුගමනය කළේ නැත. ඔවුන් ඩිජිටල් වේදිකා හරහා සංවිධානය වූ අතර, ප්‍රජා සටන් බිම් නිර්මාණය කළ අතර, නීතිමය දැනුවත්කිරීමේ සැසි පවත්වන ලද අතර විරෝධතාකරුවන් අතර විනයද පවත්වා ගත්හ.
එය ශ්‍රී ලංකාව මෑත කාලයේ දැක ඇති තරුණ නායකත්වයේ හොඳම ස්වරූපය විය.
නමුත් පසුව සිදු වූයේ කුමක්ද? තිරසාර ව්‍යුහයන් නොමැතිව, ව්‍යාපාරය සුසංයෝගතාව අහිමි කළේය. දිශානතියක් නොමැතිව, එම තරුණ ශක්තිය දිගුකාලීන දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා සම්පූර්ණයෙන්ම පරිවර්තනය කළ නොහැකි විය.
ස්වයංසිද්ධ ව්‍යාපාර සඳහා පවා උපාය මාර්ග, සම්බන්ධීකරණය සහ ව්‍යාපාර පශ්චාත් ප්‍රතිපත්ති ප්‍රභව මත පදනම් කරගත් ගමන් මගක් අවශ්‍ය කරයි.
ලෝකය අපට පෙන්වන දේ
----------------------
චිලී
2010 දශකයේ, චිලී ශිෂ්‍යයන් අධ්‍යාපනය සඳහා මහා විරෝධතාවයන්ට නායකත්වය දුන්හ. ඔවුන් ප්‍රබල ප්‍රතිපත්ති යෝජනා සකස් කළ අතර, සිවිල් සමාජය සමඟ වැඩ කළ අතර, අවසානයේ රජය සිය සම්පූර්ණ විශ්ව විද්‍යාල අරමුදල් ආකෘතිය ප්‍රතිසංස්කරණයට තල්ලු කළහ.
දකුණු කොරියාව
1980 දශකයේ, දකුණු කොරියානු ශිෂ්‍යයන් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන සටනේ කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කළහ. ඔවුන්ගේ ව්‍යාපාර අහිංසක, ඉහළ සංවිධානාත්මක සහ සදාචාරාත්මක බවින් පිරී තිබුණු අතර ඔවුන් හමුදා ඒකාධිපත්‍යයේ අවසන් කිරීමට සාර්ථකව හේතු විය.
එක්සත් ජනපදය SNCC
SNCC (Student Nonviolent Coordinating Committee) ශිෂ්‍ය අවිහිංසා සම්බන්ධීකරණ කමිටුව 1960 දශකයේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රධාන තරුණ නායකත්වයෙන් යුත් සංවිධානවලින් එකකි. එය පුහුණුව, විනයගරුක අහිංසාව සහ ඡන්දදායක අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කළේය.
හොන්කොන්
මෙම කුඩා තරුණ ව්‍යාපාරය පසුව ඩිජිටල් තරුණ බලමුලු ගැන්වීම හරහා අධිකාරීවාදී පාලනයට අභියෝග කරන කේන්ද්‍රීය බලයක් ලෙස තරුණ ව්යාපාරයකට කළ හැකි ප්රමාණය පෙන්නුම් කළේය. කෙසේ වෙතත්, එය රාජ්‍ය පළිගැනීමේ, ඩිජිටල් නිරීක්ෂණ සහ නායකත්වයෙන් තොර වීමෙන් සිදුවන ඛණ්ඩනයේ අවදානම ද හෙළිදරව් කළේය.
කළ යුත්තේ කුමක්ද?
----------------------
තරුණ නායකයන්ට,
විවෘත, විනිවිදභාව සහිත නායකත්ව ආකෘති ගොඩනඟන්න.
මතවාදවලට වඩා ගැටලුවලට ප්‍රමුඛත්වය දෙන්න.
අහිංසාව සහ විනය පවත්වන්න.
පැහැදිලිව සහ සත්‍ය සාධාරණ ලෙස සන්නිවේදනය කරන්න.
දිගුකාලීනව සිතන්න, විරෝධතාවේ සිට ප්‍රතිපත්ති දක්වා.
ප්‍රතිපත්ති සම්පාදකයන් සිදු කල යුත්තේ කුමක්ද?,
විරෝධතා කිරීමේ අයිතිය නීතිගත කර ආරක්ෂා කරන්න.
ස්වාධීන තරුණ ප්‍රතිපත්ති සභා නිර්මාණය කරන්න.
දේශපාලන හීන් නූල් සූත්තර නොමැතිව තරුණ නව්‍යකරණ සහ ක්‍රියාකාරිකම්වලට අරමුදල් සපයන්න.
පොලිස් මැදිහත්වීම් අඩු සහ අයිතිවාසිකම් පදනම් කරගත් ප්‍රවේශයන් පුහුණු කරන්න.
හුදු සංකේතයක් ලෙස නොව සැබෑ ලෙසම තරුණයන්ට ප්‍රතිපත්ති මේසයට ආරාධනය කරන්න.
එය අප සියල්ලන්ට වැදගත් වන්නේ ඇයි?
----------------------
තරුණයන් හුදක් හෙට නායකයන් නොව; ඔවුන් අද දවසේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදය, සමානත්වය සහ සංවර්ධනය පිළිබඳ අපගේ පොරොන්දු සඳහා අපගේ වගකීම මතක් කර දෙන හඬයි.
තරුණ සංවිධාන සහ ආයතන දේශපාලන අතකොළු බවට හසු වීමට අපි ඉඩ ලබා දීම යනු තරුණ පරම්පරාවක ගැබ් වූ අසීමිත හැකියාවන් නිස්කාරණයේ බිලි දීමකි. නමුත් ස්වාධීන, සියලු දෙනාම සම්බන්ධ කරගන්නා සහ ප්‍රතිපත්තිමය තරුණ ව්‍යාපාරයක් ගොඩනැගීමට සමත් වුව හොත්, එය අපේ ජාතිය සැබවින්ම පරිවර්තනය කරන මහා ශක්තියක් නිසි ලෙස භාවිතා කිරීමකි. එබැවින් අපි දේශපාලන අරමුණු සම්පූර්ණ කරන්නට නොව, ශ්‍රී ලංකාවේ අනාගතය සදහා කැප වන තරුණ ව්‍යාපාරයක් අප ගොඩනගමු.
අපගේ whatsapp සමුහයට එකතුවෙන්න.
https://chat.whatsapp.com/KbFx87jxiMw5yX1BKkY5Ee
#තරුණයන්රූකඩනොවන #තරුණආයතනආරක්ෂාකරන්න #ස්වාධීනතරුණනායකත්වය #ශ්‍රීලංකාතරුණබලය #අරගලය