National Child Protection Authority

National Child Protection Authority National Child Protection Authority is to create a child friendly and protective environment for chi

The National Child Protection Authority was established by the parliament of Sri Lanka (by the Act No.50 of 1998) for the purpose of advising the government on policies and laws on the prevention of child abuse and the protection and treatment of children who are victims of such abuse and the co-ordination and monitoring of action against all forms of child abuse.

ඔක්තෝබර් මස 11 වන දිනට යෙදෙන ජාති්‍යන්තර ගැහැණු ළමයාගේ දිනට සමගාමීව  ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කෙටි චිත්‍රපට තරඟා...
24/08/2026

ඔක්තෝබර් මස 11 වන දිනට යෙදෙන ජාති්‍යන්තර ගැහැණු ළමයාගේ දිනට සමගාමීව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කෙටි චිත්‍රපට තරඟාවලියික් සජවිධානයකරනු ලැබේ.

තරඟාවලිය සඳහා කෙටි චිත්‍රපට හෝ AI Generated -චිත්‍රපට නිර්මාණයකර ඉචිරිපත්කළ හැක.
ඔබත් කෙටි චිත්‍රපට නිර්මාණයෙහි දක්ෂයෙක් නම් ඔබේ නිර්මාණයත් අප වෙත යොමු කරන්න.

පසල් අංශය, උසස් අධ්‍යාපන අංශය සහ විවෘත්ත අංශය යටතේ ඔබට නිර්මාණ ඉදිරිපත්කල හැක.

2026 සැප්තැම්බර් 25 දින හෝ එදිනට පෙර නිර්මාණ දෘඩ තැටි (DVD ) ගත කොට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත යොමුකරන්න.

ලිපිනය
සභාපති, ජාතික ළමා අරක්ෂක අධිකාරිය, අංක:330, තලවතුගොඩ පාර, මාදිවෙල, ශ්‍රී ජයවර්ධනපුර.

ළමා ආරක්ෂාව පිළිබද විශ්ව විද්‍යාල සිසුන් සඳහා පවත්වන විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ 2026.08.24 දින විශ...
24/08/2026

ළමා ආරක්ෂාව පිළිබද විශ්ව විද්‍යාල සිසුන් සඳහා පවත්වන විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන යටතේ 2026.08.24 දින විශ්ව විද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් වෙනුවෙන් පුහුණුව ලබාදීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඒකාබද්ධව විශ්ව විද්‍යාල සිසුන් සඳහා ළමා ආරක්ෂාව වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් සම්බන්ධවීම සඳහා මෙම අවස්ථාව ලබාදී තිබේ.

මේ සඳහා කොළඹ විශ්ව විද්‍යාල, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල, කැළණිය විශ්ව විද්‍යාල,පේරාදෙණිය විශ්වවිද්‍යාල, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාල, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාල, වයඹ විශ්ව විද්‍යාල, රුහුණ විශ්ව විද්‍යාල, යන විශ්ව විද්‍යාල සිසුන් මේ සඳහා සහභාගී විය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාණ්ඩලික නිලධාරි විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.08.14 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රධ...
14/08/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ මාණ්ඩලික නිලධාරි විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීම 2026.08.14 දින ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රධාන කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැත් වුණි.

මෙම රැස්වීම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර ඒ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ එස්.බී නානායක්කාර මහත්මිය අධ්‍යක්ෂ ජනරාල් (ක්‍රම සම්පාදන), සුභාෂිනි කහටපිටිය මහත්මිය - අධ්‍යක්ෂ(සැලසුම් හා මෙහෙයුම්), ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අසංක සෙනවිරත්න මහතා ඇතුළු මාණ්ඩලික නිලධාරින් සහභාගී විය.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළ උතුරු මැද පළාත තුළ සේවය කරන දිස්ත්...
14/08/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහනට අදාළ උතුරු මැද පළාත තුළ සේවය කරන දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරීන්, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2026.08.14 දින පැවැත්වුණි.

හෙට දවසේ නායකයින් වන අපගේ දූ දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කරන සුරක්ෂිත අනාගතයක් උදෙසා එක්ව පෙරටම!

The provincial training programme for District Child Protection Officers, District Psychosocial Officers, and Divisional Child Protection Officers serving in the North Central Province, organized by the National Child Protection Authority under the "Student Ambassador National Programme," was held on 14.08.2026.

Moving forward together towards a secure future that ensures the protection and rights of our children—the leaders of tomorrow!


ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන" ට අදාළ බස්නාහිර පළාත තුළ සේවය කරන දිස්ත...
14/08/2026

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන "ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන" ට අදාළ බස්නාහිර පළාත තුළ සේවය කරන දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන්, දිස්ත්‍රික් මනෝ සමාජීය නිලධාරීන්, ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහන 2026.07.24 පැවැත්වුණි.

හෙට දවසේ නායකයින් වන අපගේ දූ දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කරන සුරක්ෂිත අනාගතයක් උදෙසා එක්ව පෙරටම!

The Provincial Training Programme for District Child Protection Officers, District Psychosocial Officers, and Divisional Child Protection Officers serving in the Western Province, organized by the National Child Protection Authority under the "Student Ambassador National Programme," was successfully held on 24.07.2026.

Moving forward together towards a secure future that ensures the protection and rights of our children—the leaders of tomorrow!


14/08/2026
ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන නව සංශෝධනය පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා All ...
12/08/2026

ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කරමින් දණ්ඩ නීති සංග්‍රහයට ගෙන එන නව සංශෝධනය පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා All Ceylon Jamiyyathul Ulama - ACJU සභාවේ නියෝජිතයන් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් 2026 අගෝස්තු 10 වන දින පවත්වන ලදී.

මෙම හමුව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, නීති අධ්‍යක්ෂිකා ප්‍රීතිකා සකලසූරිය මහත්මිය සහ සයිබර් විමර්ශන සහකාර මිෆ්රාජ් මහතා යන නිලධාරීහු සහභාගී වූහ.

මෙහිදී ළමා ආරක්ෂණය වෙනුවෙන් මෙම නීතිමය සංශෝධනයේ ඇති කාලීන අවශ්‍යතාවය සහ එහි වැදගත්කම පිළිබඳව සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයින් දැනුවත් කිරීමට කටයුතු කෙරිණි.

A special meeting was held on 10th August 2026 to inform and brief the representatives of the All Ceylon Jamiyyathul Ulama (ACJU) regarding the proposed legal amendment to the Penal Code prohibiting corporal punishment on children.

The delegation from the National Child Protection Authority included Chairperson (Retired High Court Judge) Ms. Preethi Inoka Ranasinghe, Legal Director Ms. Preethika Sakalasooriya, and Cyber Investigation Assistant Mr. Mifraj. During the meeting, the delegation briefed the ACJU representatives on the significance and timely necessity of this legal amendment for child protection.


ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ගෙන එන දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනය පිළිබඳව 2026 ජූනි 11 පිළිබ...
12/08/2026

ළමයින්ට ශාරීරික දඬුවම් පැමිණවීම තහනම් කිරීම සම්බන්ධයෙන් ගෙන එන දණ්ඩ නීති සංග්‍රහයේ නව සංශෝධනය පිළිබඳව 2026 ජූනි 11 පිළිබඳව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව උන්වහන්සේගේ අවධානය යොමු කිරීම සඳහා විශේෂ හමුවක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය ක්ලිෆඩ් පෙරේරා මහතා, නීති අධ්‍යක්ෂ ප්‍රීතිකා සකලසූරිය මහත්මිය සහ සැලසුම් හා නියාමන සහකාර අධ්‍යක්ෂ දිමුත් ගලප්පත්ති මහතා යන නිලධාරීහු සහභාගී වූහ. මෙම සංශෝධනයේ වැදගත්කම සහ ළමා ආරක්ෂණය වෙනුවෙන් එහි ඇති කාලීන අවශ්‍යතාව පිළිබඳව මෙහිදී උන්වහන්සේ දැනුවත් කරන ලදී.

A special meeting was held to inform and brief His Eminence Malcolm Cardinal Ranjith regarding the proposed legal amendment to the Penal Code prohibiting corporal punishment on children.

The delegation from the National Child Protection Authority included Deputy Chairman Prof. Clifford Perera, Legal Director Ms. Preethika Sakalasooriya, and Assistant Director (Planning & Monitoring) Mr. Dimuthu Galappaththi. During the audience, His Eminence was briefed in detail on the significance and timely necessity of this legal amendment for child protection.

📢 Job Opportunities at NCPA!The National Child Protection Authority is hiring for the following positions:✅1. Board Secr...
10/08/2026

📢 Job Opportunities at NCPA!

The National Child Protection Authority is hiring for the following positions:

✅1. Board Secretary (JM 1-1) 01 Post (Colombo)

✅2. Psychosocial Officer (JM 1-1) 01 Post (Colombo)

✅3. Investigation Assistant (MA 3) 02 Posts (Colombo)

✅4. Planning Assistant (MA 3) 01 Post (Colombo)

✅5. Cyber Watch Assistant (MA 3) 01 Post (Colombo)

✅6. Program Assistant (MA 3) 02 Posts (Colombo)

✅7. Divisional Child Protection Officer (MA 3) 25 Posts (Colombo)

✅8. Driver (PL 3) 02 Posts (Colombo)

🗓 Apply on or before: 24th August 2026
📄 More info & application:
https://childprotection.gov.lk/si/2024/2026vacancies-s
https://childprotection.gov.lk/en/2024/ncpa-vacancies-2026-e
https://childprotection.gov.lk/ta/2024/ncpa-vacancies-2026-t

📬 Send your application via registered post.
📌 Mention the post & exam language on the top left corner of the envelope.

2023 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව තිරසර වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද "ළමා ආරක්ෂණය පිළිබඳ විශ්...
07/08/2026

2023 වසරේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ ඒකාබද්ධව තිරසර වැඩසටහනක් ලෙස ආරම්භ කරන ලද "ළමා ආරක්ෂණය පිළිබඳ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති ජාතික වැඩසටහන" අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යනු ලබයි. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය විශ්වවිද්‍යාල සහ ජාතික ළමා ආරක්ෂක සම්බන්ධීකරණය වෙමින් ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ ජාතික වගකීම ඉටුකරමින් සිටී.

මෙහි ප්‍රගතිය සහ ඉදිරි දැක්ම පිළිබද සාකච්ඡා කිරීම සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල 17හි විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති සම්බන්ධීකාරකවරුන් සමඟ සාකාච්ඡාවක් 2026 අගෝස්තු 06 වන දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත් වුණි.

මෙම අවස්ථාව සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ගරු සභාපති හිටපු මහාධිකරණ විනිසුරු ප්‍රීති ඉනෝකා රණසිංහ මහත්මිය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ගරු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. කොළඹ විශ්වවිද්‍යාලය, කැළණි විශ්වවිද්‍යාලය, රජරට විශ්වවිද්‍යාලය, මොරටු විශ්වවිද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්වවිද්‍යාලය, වයඹ විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය, වවුනියා විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපති සම්බන්ධීකාරකවරුන් මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්‍යක්ෂ (සැලසුම් හා තොරතුරු) ඇතුළු නිලධාරීන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍ය තානාපතිවරුන් මේ සාකච්ඡාව සඳහා සම්බන්ධවිය.

Address

330, Thalawathugoda Road
Maharagama
SRIJAYAWADRENAPURA,

Opening Hours

Monday 09:00 - 16:15
Tuesday 09:00 - 16:15
Wednesday 09:00 - 16:15
Thursday 09:00 - 16:15
Friday 09:00 - 16:15

Alerts

Be the first to know and let us send you an email when National Child Protection Authority posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Child Protection Authority:

Shortcuts

Share