Divisional Irrigation Engineer's office - Katugampola

Divisional Irrigation Engineer's office - Katugampola Government organization

2024.01.11 බ්‍රහස්පතින්දා දින කටුගම්පල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ  සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්...
12/01/2024

2024.01.11 බ්‍රහස්පතින්දා දින කටුගම්පල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ සියලුම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මාකඳුර වෙල්කම් විලේජ් වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 90ක් සඳහා දිවා ආහාරය, වාරිමාර්ග කාර්යාල පරිශ්‍රය තුළම පිළියෙල කර, වැඩිහිටියන් සඳහා පිළිගන්වන ලදී.
එම අවස්ථාවට කුරුණෑගල වාරිමාර්ග අධ්‍යක්ෂ කාර්යාලයේ වාරිමාර්ග අධ්‍යක්ෂ තුමිය ඇතුළු කිහිප දෙනෙකු සහභාගි විය. මෙම පුණ්‍ය කර්මය සඳහා සහභාගි වූ සහ නන් අයුරින් දායක වූ සැමට හද පිරි ප්‍රණාමය. 🌼🙏🙏🙏

2024 නව වර්ෂය ආරම්භය.......💚ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය - කටුගම්පොල
02/01/2024

2024 නව වර්ෂය ආරම්භය.......💚
ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය - කටුගම්පොල

DIE' office katugampola....
26/05/2021

DIE' office katugampola....

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන කටුගම්පොල කොට්ඨාසයේ කොක් ඔය අමුණ ප්‍රතිසංස්කරණය සමාරම්භය..
03/03/2021

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන කටුගම්පොල කොට්ඨාසයේ කොක් ඔය අමුණ ප්‍රතිසංස්කරණය සමාරම්භය..

"කතරක් වෙන්ට ඉඩ නොමහැර මවු ලංකා..පණනල මෙන් සුරකිමු ඇල දොළ ගංගා"(ලෝක ගංගා දිනය 2020 නිමිත්තෙනි)ලෝක ගංගා දිනය, ලොව පුරා ඇත...
25/09/2020

"කතරක් වෙන්ට ඉඩ නොමහැර මවු ලංකා..පණනල මෙන් සුරකිමු ඇල දොළ ගංගා"

(ලෝක ගංගා දිනය 2020 නිමිත්තෙනි)

ලෝක ගංගා දිනය, ලොව පුරා ඇති ගංගා, ඇළදොළ හා ජල මාර්ග පිළිබඳ සැමරීමක්‌ කෙරෙන දිනයකි. එහි දී අප සතු ගංගාවල ඇති වැදගත්කමණී, එහි ප්‍රයෝජන හා ගංගාවලට එල්ල වී ඇති තර්ජන ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වේ. ශ්‍රී ලංකාවේ පමණක්‌ නො ව ලොව පුරා ගංගා විවිධ තර්ජන බොහොමයකට මුහුණ පා ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ දී එම ගැටලූ විසඳා ක්‍රියාකාරී මානව මැදිහත්වීම් මගින් ගංගාවල සුරක්‌ෂිතතාව රැකගන්නේ කෙසේ දැයි සිතා බැලීම අප සතු වගකීමකි.

ගංගා ඇළදොළවල වැදගත්කම පිළිබඳ සැමරීමට හෝ ඒ පිළිබඳ අවධානයක්‌ යොමු කිරීමට හෝ දිනයක්‌ වෙන් කිරීම පිළිබඳ යෝජනාවට පදනම වූයේ 1980 සිට බටහිර කැනඩාවේ ආචාර්ය මාර්ක්‌ ඇන්ජලෝ විසින් ආරම්භ කර මෙහෙයවන ලද කැනේඩියානු ගංගා දිනයකි. අනතුරුව එවැනි ගංගා දිනයක්‌ පැවැත්වීමේ අවශ්‍යතාව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමත කරන ලද අතර ලොව පුරා විසිරී ඇති ගංගාවලට හිතැති පිරිස්‌ විසින් වාර්ෂිකව මේ ලෝක ගංගා දිනය සමරනු ලබයි. 2005 වර්ෂයේ දී පළමු ලෝක ගංගා දින සැමරීමේ උත්සවය ඉතා සාර්ථකව බොහෝ රටවල දී පවත්වනු ලැබී ය. එතැන් සිට ක්‍රමයෙන් වර්ධනය වූ ලෝක ගංගා දිනය වර්තමානය වන විට වාර්ෂිකව සැම සැප්තැම්බර් මාසයකම හතර වැනි ඉරිදා සමරනු ලැබේ. මෙවර, එනම් 2020 වර්ෂයේ දී එය සැප්තැම්බර් මස 27 දිනට යෙදී තිබේ.

ගංගාවක්‌ යනු මිනිස්‌ ප්‍රජාවගේ ම ජීවිතයේ කොටසකි. ඒ බව ඈත ඉතිහාසයේ ගංගා ආශ්‍රිත ව බිහි වූ ජනපදවලින් පිළිබිඹු වේ.

ගංගාවක්‌ යනු මුහුදට හෝ වැවකට හෝ විලකට හෝ වෙනත් ගංගාවකට හෝ ගලා බසින විශාල ස්‌වාභාවික ජල ප්‍රවාහයක්‌ ලෙස අර්ථකථනය කළ හැකි ය. ගංගාවක්‌ ආරම්භ වන්නේ ජල මූලාශ්‍රයකිනි.

එලෙස පවතින මූලික ජල මූලාශ්‍ර කිහිපයක්‌ දක්‌නට ලැබේ. ඒවා නම් ස්‌වාභාවික උල්පත්, වැසි ජලය, අයිස්‌ හෝ ග්ලැසියර සහ ස්‌වාභාවික විල්ලූ ය. මේවා අතරින් වඩාත් ම කැපී පෙනෙන ප්‍රභවයන් වන්නේ ස්‌වාභාවික උල්පත් සහ වැසි ජලයයි.

ස්‌වාභාවික උල්පත් යනු පොළොව තුළින් භූගතව ගලා යන ජල මාර්ගයි. ශ්‍රී ලංකාවේ මධ්‍යම කදුකරයෙන් ඇරඹෙන බොහොමයක්‌ ගංගාවල ජල මූලාශ්‍රය ස්‌වාභාවික උල්පත් ය. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගලා යන බොහෝ ගංගා වැසි ජලයෙන් පෝෂණය වන අතර එවැනි වියළි කලාපීය ගංගා සමහරක්‌ වියළි කාලවල දී වියළී යයි. ශ්‍රී ලංකාවේ දැකිය නොහැකි නමුත් අයිස්‌ හෝ ග්ලැසියර ම`ගින් ජනනය වන්නා වූ ගංගා, දිය වන අයිස්‌ හෝ ග්ලැසියර් ම`ගින් පෝෂණය වේ. මේ ආකාරයේ ගංගා බොහොමයක්‌ ම සීත රටවල බහුලව දක්‌නට ලැබේ. ඉන්දියාවේ සින්දු ගංගාව, යුරෝපයේ ඩැනියුබ් ගංගාව වැනි ගංගා, අයිස්‌ හා ග්ලැසියර ම`ගින් ජනනය වන ගංගා සඳහා උදාහරණ වේ.

ගංගා සාමාන්‍යයෙන් කදුකරයෙන් ඇරඹී ගුරුත්වය යටතේ නිම්න හරහා පැමිණ තැනිතලා හරහා මුහුද කරා ගමන් කරයි. එලෙස ගලා යන ගංගාවක එහි ගමන් මාර්ගය, ගංගා ප්‍රභවය, භූලක්‌ෂණ, භූවිද්‍යාත්මක ගතිගුණ වැනි කරුණු මත පදනම් ව එහි හැඩය හා ස්‌වරූපය වෙනස්‌ වේ. පොළොව මත ගලා යන ප්‍රධාන ගංගාවට අලුතින් සම්බන්ධ වන ගංගා අතු ගංගා ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ.

ජල මූලාශ්‍රයකින් ආරම්භ වන ගංගාවක්‌ ප්‍රධාන අවධීන් තුනකට වෙන් කර දැක්‌විය හැකි ය. එනම් යෞවන අවධිය, පරිණත අවධිය සහ වෘද්ධ අවධිය ලෙස ය.

ගංගාවක්‌ සාමාන්‍යයෙන් ආරම්භයේ දී කුඩා වන අතර ආරම්භයේ දී ඒ සතු විභව ශක්‌තිය ඉතා විශාල අගයක පවතියි. එලෙස ම එය විශාල බෑවුම් සහිත ප්‍රදේශ හරහා ගමන් කරයි. යෞවන අවධියේ දී ගංගාවක දක්‌නට ලැබෙන ලක්‌ෂණ අතර මූලික වශයෙන් ම අධික වේගයෙන් ගලා යන ජල කඳ හේතුවෙන් පස්‌ ඛාදනය වීමේ ක්‍රියාවලිය සිදු වේ. එලෙස ම ගංගාවල ඉහළ ප්‍රදේශවල දී යෞවන අවධියේ දී ඇති කරන්නා වූ මනරම් දිය ඇලි පරිසරයට ගෙන එන්නේ ඉමහත් සුන්දරත්වයකි. ගංගාව පරිණත අවධියේ දී බෑවුම වඩාත් අඩු වන අතර ගංගාව බොහෝ අතු ගංගාවලට සම්බන්ධ වන බැවින් එය වඩාත් පුළුල් වේ. එවිට ගංගාව තවදුරටත් ඉහළ ප්‍රදේශවලින් ඉවුරු ඛාදනය වී පැමිණෙන පස්‌ අංශු ද සම`ගින් සැලකිය යුතු තරමේ බරක්‌ ද එනම් ගංගාභාරය රැගෙන යනු ලබයි.

වෘද්ධ අවධියේ දී ගංගාව සාමාන්‍යයෙන් එම පළල ම වන අතර එහි ගංගාව ගලා යන භූමි ප්‍රමාණය ද විශාල ය. මේ අයුරින් ගංගාවක්‌ ඉතා ම දිගු ගමන් මාර්ගයක්‌ දිගේ මුහුද දෙසට ගලා යයි. මේ අවධියේ දී ගංගාව ගලා යන වේගය අඩු වන බැවින් ගංගාව ඉහළ ප්‍රදේශවලින් රැගෙන එන පාංශුමය ද්‍රව්‍ය එනම් ගංගාභාරය ගංගාවේ තැනින් තැන තැන්පත් කිරීමක්‌ සිදු කරයි.

ගංගාවක්‌ මේ ගමන් මාර්ගය දිගේ ගලා යන විට මානව ප්‍රජාවට මෙන්ම සත්ත්ව හා ශාක ප්‍රජාවට ද ඉටු කරන මෙහෙය අතිමහත් ය.

ගංගාවක්‌ ගලන හඬ ඇසෙන මානයේ සිට එදෙස බලා සිට මනසට දැනෙන සැහැල්ලූව මානව ප්‍රජාවට ලැබෙන්නා වූ මිල කළ නොහැකි දායාදයකි.

මෙලෙස ඉමහත් සේවාවක්‌ සලසනු ලබන ගංගාවලට මිනිස්‌ ප්‍රජාව ගෙන් ලැබීමට අවශ්‍ය කළගුණ සැලකීම ලැබෙන්නේ ද යන්න ගැටලූවකි.

ගංගාවල වැලි ගොඩ දැමීම සහ ගංගාවලට අපද්‍රව්‍ය එකතු කිරීම ඊට සිදුකරන හානි අතුරින් ප්‍රධාන ස්‌ථානයක්‌ ගනු ලබයි.

ගංගාවල යහ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාවේ ගංගා පිළිබඳව ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයතනය වන වාරිමාර්ග දෙපාර්තමේන්තුව ම`ගින් කෙරෙන සේවාව අතිමහත් ය.

කෙසේ වුව ද ගංගාවල වැදගත්කම පිළිබඳව සලකා බැලීම ලෝක ගංගා දිනයට පමණක්‌ සීමා නො විය යුතු අතර ගංගා සුරක්‌ෂිත ව සුපිරිසිදුව තබාගැනීම මානව වර්ගයා සතු සඳුවකාලීන යුතුකමක්‌ මෙන්ම වගකීමක්‌ ද වේ.

"ඇළදොළවල හා ගංගාවල ගලා යන දිළිසෙන ජලය, ජලය පමණක්‌ නො ව අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයයි. අප ඔබට ඉඩම විකුණන්නේ නම්, එය පාරිශුද්ධ වූවක්‌ බව ඔබ මතක තබාගත යුතු ය, විල්වල පැහැදිලි ජලයේ ඇති සැම සෙවණැල්ලක්‌ ම මගේ ජනතාවගේ ජීවිතයේ සිදුවීම් හා මතකයන් ගැන සඳහන් කරයි. ජලය මිමිණුම් න`ගන්නේ මගේ සීයාගේ කටහඬයි"

- සියෑටල්-

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු
එම්. ඩී. ජනක ප්‍රියන්ත වික්‍රමසූරිය

කටුගම්පොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලයේ නව බුදුමැදුර ඉදිකිරීමේ වැඩ කටයුතු අද දින (2020/09/18) පූජ්‍ය පොල්ගම්ප...
18/09/2020

කටුගම්පොල ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්‍යාලයේ නව බුදුමැදුර ඉදිකිරීමේ වැඩ කටයුතු අද දින (2020/09/18) පූජ්‍ය පොල්ගම්පොල පියනන්ද හිමිපාණන් විසින් සුබ මොහොතින් මුල් ගල තබා ආරම්භ කරන ලදී

මා ඔය මා ඔය යන ශ්‍රී ලංකාවේ පිහිටන දිඟම ගඟකි. දිගින් කිලෝමීටර් 110 පමණ වන මෙහි උපත කෑගලු දිස්ත්‍රික්කයේ රාක්ෂව නම් කන්දෙ...
16/09/2020

මා ඔය

මා ඔය යන ශ්‍රී ලංකාවේ පිහිටන දිඟම ගඟකි. දිගින් කිලෝමීටර් 110 පමණ වන මෙහි උපත කෑගලු දිස්ත්‍රික්කයේ රාක්ෂව නම් කන්දෙන් පටන් ගන්නා අහුපිනි ඇලෙන් නිර්මාණය වේ. අසුපිනි ඇල්ල යනු ඓතිහාසික ජනප්‍රවාදයේ රස තැනකි. වලගම්බා රජතුමා සොලීන්ගෙන් පලා යන විට රාක්ෂා කන්දෙන් අශ්වයා පැන්නූ නිසා ඒ හරහා නම වැටුන බව සඳහන්ය. බස්නාහිර සහ වයඹ පලාත් මායිමෙන් ගලා ගොස් මීගමුව කොච්චිකඩේ අසලින් මුහුදු දිය වැලද ගනී.

පොල්ගහවෙල,අලව්ව,ගිරිඋල්ල,පන්නල හරහා ගලා යන මේ හරහා දැකිය විශාල පාලම් වෙයි.අලව්වේදීත් මහනුවර කොළඹ මාර්ගය හරහා ගලන මෙය පොල්ගහවෙලදී දුම්‍ රිය මාර්ගයද හරස් කරයි.ගිරීල්ලේදී බස්නාහිර සහ වයඹ පලාත විශාල පාලමකින් වෙන් කරයි.

මහ ඔය වූ කලී එකල වැලි ගොඩ දැමීම් බහුලව කල ජල මාර්ගයකි.ඒ නිසා වර්තමානයේදී ඇතැම් තැන් ඉතාම ගැඹුරු නිශ්චල ජලය ගලා යෑම් දැකිය හැකිය..ඇතැම් ස්තාන විශාල් ගල් පර්වත සහ පැතලි ගල් තලා වලින් වැසී යයි.

මනස්කාන්ත දර්ශනයක් ඇති මහ ඔයේ සුන්දර අප්‍රකට තැන් බොහෝය.
යකාබැඳි ඇල්ල යන කොටස ඉන් එකකි.එයද ජනප්‍රවාදයක් ලෙසින් යකෙකු මගින් විශාල ගල් බැම්මක් සකස් කර ඔය පිටාර ගලන අවස්ථාවලදී ගම බේරාගත් බව කියැවේ .වර්තමානයෙදී ත් ඒ විශාල ඎජුකෝණාසාකාර ගල් බැම්ම දැකිය හැකිය.

වත්මන් හීදී දැකිය හැකි කණගාටුවට කරුණ නම් හෝටල් සහ කාර්මාන්ත ශාලා අපද්‍රව්‍ය මෙම මහ ඔයට නිකුත් කරනු ලැබීමත් විනෝදාස්වාදය පිණිස පැමිණෙන තරුණ පරපුර විසින් පොලිතීන් වීදුරු ප්ලාටික් ආදියෙන් ඔයේ ඉවුරු දූෂණය කිරීමත් ය .

ඔබ සැබෑ පරිසර හිතකාමියෙකු නම් ඔබ රැගෙන එන සියලු අපද්‍රව්‍ය ඔබම රැගෙන යාම ඔබේ පරම යුතුකමකි.

(උපුටා ගැනීමකි)

යකා බැදි ඇල. දඹදෙනිය රාජධානියටත් වඩා ඉපැරණික්‍රි.පු.2 සියවසට එහා අයිති පුරා වස්තුවකි. පිටිගල් කෝරලයේ මාකදුර නම් පෞරාණික ...
15/09/2020

යකා බැදි ඇල.

දඹදෙනිය රාජධානියටත් වඩා ඉපැරණි
ක්‍රි.පු.2 සියවසට එහා අයිති පුරා වස්තුවකි. පිටිගල් කෝරලයේ මාකදුර නම් පෞරාණික මහා වෙල් යාය අස්වද්දනු පිණිස අතීතයේ මහා බල ඇල යනුවෙන් දුටුගැමුණු රජුගේ වරලද එහිම උපන් ගෝඨයිම්බර යෝධයා නම් ප්‍රාදේශීය නායකයා විසින් ඉදි කෙරුන යකා බැදි ඇල මෙයයි. එය ඉදිකිරීම වලකාලූ යක්ෂ වංශිකයෙකු අල්ලා වේල්ලට තබා බැද ඉදිකල හෙයින් එය යකා බැදි ඇල්ල නම් විය.

එය එහි ඉතිහාස කතාවයි. ගෝඨයිම්බර වැසියන්ගේ නටබුන් ගිරිඋල්ල සිට සිංගක්කුලිය ගෝනුල්ල ඉරබඩගම සදලංකාව කූඩවිල පෝෂණය කල මා ඔය නිම්නය පුරා පැතිරී ඇතිබව අදට දන්නෙ අල්පම පිරිසකි. ඒ සියල්ල අද වැලලී යමින් පවතී.

මාකදුර උස්සාන වාරිමාර්ග ව්‍යාපාරය  පුනරුත්ථාපනය
10/09/2020

මාකදුර උස්සාන වාරිමාර්ග ව්‍යාපාරය පුනරුත්ථාපනය

නිකපිටිය අමුණ
08/09/2020

නිකපිටිය අමුණ

Nikapitiya scheme
13/07/2020

Nikapitiya scheme

Cultivation in office premises
10/07/2020

Cultivation in office premises

Address

Makandura

Website

Alerts

Be the first to know and let us send you an email when Divisional Irrigation Engineer's office - Katugampola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Irrigation Engineer's office - Katugampola:

Share