Ministry of Fisheries Sri Lanka

Ministry of Fisheries Sri Lanka Ministry of Fisheries of Sri Lanka remains committed for the management of the Fishery Resource

ශ්‍රී ලංකා ධීවර නියෝජිතයින්ට ඉන්දියාවෙන් විශේෂිත ධාරිතා සංවර්ධන පුහුණුවක්! 🐟✨ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවල කළමනාකරණ, මෙහෙයුම...
04/09/2026

ශ්‍රී ලංකා ධීවර නියෝජිතයින්ට ඉන්දියාවෙන් විශේෂිත ධාරිතා සංවර්ධන පුහුණුවක්! 🐟✨

ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවල කළමනාකරණ, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් ඉහළ නැංවීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන දින 10ක ජාත්‍යන්තර පුහුණු වැඩසටහනක් මේ මස 14 සිට 23 දක්වා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ නගරයේ VAMNICOM ආයතනයේදී පැවැත්වේ. පිටත්ව යාමට පෙර විශේෂ සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි.

✅ ගාල්ල, මාතර, කළුතර සහ පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් 3 දෙනෙකු, ධීවර සමිති 17ක නියෝජිතයින් සහ ජාතික ධීවර මහා සම්මේලනයේ ලේකම්වරයා මීට එක්වෙති.

✅ ඉන්දියාවේ සාර්ථක සමූපකාර ක්‍රමවේද, අලෙවිකරණ උපායමාර්ග, ආයතනික ධාරිතා සංවර්ධනය සහ ආර්ථික බලගැන්වීම පිළිබඳ ප්‍රායෝගික හා ක්ෂේත්‍ර පුහුණුව හිමිවේ.

✅ 2025 අප්‍රේල් මස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළ, ශ්‍රී ලාංකිකයින් විවිධ ක්ෂේත්‍ර 700 ක් සඳහා වාර්ෂිකව ලබාදෙන විශේෂිත ධාරිතා පුහුණු ධීවර ක්ෂේත්‍රයට හිමිවූ ප්‍රථම අවස්ථාව මෙයයි.

වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: www.fisheries.gov.lk

ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට....ශ්‍රී ලංකා ධීවර සමිති තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඒවායේ කළමනාකරණ, ...
04/09/2026

ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට....

ශ්‍රී ලංකා ධීවර සමිති තවදුරටත් ශක්තිමත් කිරීම සහ ඒවායේ කළමනාකරණ, මෙහෙයුම් සහ ආර්ථික හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයේ මූල්‍ය සහාය ඇතිව දින 10 ක ධාරිතා සංවර්ධනය ගොඩනැගීමේ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක වේ.

මෙම පුහුණු වැඩසටහන ශ්‍රී ලංකාවේ ධීවර සමිති ශක්තිමත් කිරීම සහ ගොඩනැගීම සඳහා ඉන්දියානු සමූපකාර ක්ෂේත්‍රයේ නිරීක්ෂණ හා ධාරිතා සංවර්ධන වැඩසටහන ලෙස නම් කර ඇත.

ඉන්දියානු රජයේ මූල්‍ය සහාය ඇතිව ඉන්දියාවේ Vaikunth Mehta National Institute of Cooperative Management ආයතනය (VAMNICOM) විසින් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සැප්තැම්බර් මස 14 වන දින සිට 23 වන දින දක්වා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පූනේ හිදී පැවැත්වේ.

මෙම පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ ධීවර සමිතිවල සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.

இலங்கை மீனவர் சங்க பிரதிநிதிகள் குழுவினர் இந்தியாவிற்கு....

இலங்கை மீனவர் சங்கங்களை மேலும் பலப்படுத்துவதற்கும், அவற்றின் முகாமைத்துவம், செயற்பாடு மற்றும் பொருளாதார ஆற்றல்களை மேம்படுத்துவதற்கும், இந்திய அரசாங்கத்தின் நிதி உதவியுடன் 10 நாட்கள் கொண்ட திறன் அபிவிருத்தி பயிற்சி நிகழ்ச்சித்திட்டம் ஒன்று நடைமுறைப்படுத்தப்படுகிறது.

இப்பயிற்சி நிகழ்ச்சித்திட்டம், இலங்கையில் மீனவர் சங்கங்களை பலப்படுத்துவதற்கும் கட்டியெழுப்புவதற்குமான "இந்திய கூட்டுறவுத் துறையின் அவதானிப்பு மற்றும் திறன் அபிவிருத்தி நிகழ்ச்சித்திட்டம்" எனப் பெயரிடப்பட்டுள்ளது.

இந்திய அரசாங்கத்தின் நிதி உதவியுடன், இந்தியாவின் Vaikunth Mehta National Institute of Cooperative Management (VAMNICOM) நிறுவனத்தினால் ஏற்பாடு செய்யப்பட்டுள்ள இப்பயிற்சி நிகழ்ச்சித்திட்டம், செப்டெம்பர் மாதம் 14ஆம் திகதி முதல் 23ஆம் திகதி வரை, இந்தியாவின் மகாராஷ்டிரா மாகாணத்தில் அமைந்துள்ள பூனேயில் இடம்பெறவுள்ளது.

இப்பயிற்சி நிகழ்ச்சித்திட்டத்திற்காக இலங்கையின் மீனவர் சங்கங்களைச் சேர்ந்த 20 உறுப்பினர்களைக் கொண்ட குழுவொன்று கலந்துகொள்ளவுள்ளது

04/09/2026

බහුදින නොවන ධීවර යාත්‍රා පැවරීමේ සම්පූර්ණ ක්‍රියාවලිය

*‘එල් නිනෝ’ මගින් සාගර මත්ස්‍ය සම්පත සහ වෙරළබඩ ප්‍රජාවට සිදුවන බලපෑම් පිළිබදව නාරා (NARA) ආයතනයෙන් පුළුල් විද්‍යාත්මක  ප...
02/09/2026

*‘එල් නිනෝ’ මගින් සාගර මත්ස්‍ය සම්පත සහ වෙරළබඩ ප්‍රජාවට සිදුවන බලපෑම් පිළිබදව නාරා (NARA) ආයතනයෙන් පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක්*

‘එල් නිනෝ’ (El Niño) බලපෑම හේතුවෙන් අනාගතයේදී ඇතිවිය හැකි කාලගුණික තත්ත්වයන් මගින් ශ්‍රී ලංකාවේ සාගර පද්ධතිය, මත්ස්‍ය සම්පත සහ ධීවර කර්මාන්තය කෙරෙහි ඇතිවිය හැකි බලපෑම් කල්තියා තක්සේරු කිරීම සඳහා වූ පුළුල් දත්ත විශ්ලේෂණ කටයුතු ඇතුලත් පර්යේෂණ මාලාවක් ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) මගින් ආරම්භ කර ඇත. මෙම පර්යේෂණ කටයුතු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතන සහ පර්යේෂණ ආයතනවල සහභාගීත්වයෙන් දීප ව්‍යයාප්තව සිදුකරන බව නාරා ආයතනයේ සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර සිටී.

එම පර්යේෂණ මගින් සාගර උෂ්ණත්වය, සාගර දියවැල්, මත්ස්‍ය විශේෂවල ව්‍යාප්තිය සහ සංක්‍රමණය, මත්ස්‍ය සම්පත අඩු වැඩි වීම ඇතුළු විවිධ සාගරික දත්ත අඛණ්ඩව රැස් කරමින් විශ්ලේෂණය කරනු ලබයි.විශේෂයෙන්ම, ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් සාගර පරිසරයේ සිදුවිය හැකි වෙනස්කම්, ඒවා මත්ස්‍ය විශේෂවල ගහනය අවම වීම සහ සංක්‍රමණය කෙරෙහි ඇතිකරන බලපෑම්, මත්ස්‍ය නිෂ්පාදනයේ සිදුවිය හැකි වෙනස්කම් සහ කොරල් පර ඇතුලු අනිකුත් සාගර පරිසර පද්ධතියන්ට සිදුවන බලපෑම් පිළිබඳව පර්යේෂණ සිදුකෙරේ. එමෙන්ම, සාගර සම්පත්වල සිදුවන වෙනස්කම් ධීවර කාර්මිකයන්ගේ ජීවනෝපායට සෘජුවම බලපෑ හැකි බැවින්, වෙරළබඩ ප්‍රජාවගේ සාමාජීය-ආර්ථික තත්ත්වයන් පිළිබඳවද පර්යේෂණ කණ්ඩායම්වල අවධානය යොමුවී ඇත.

මේ හරහා, ශ්‍රී ලංකාවේ සාගර සහ මත්ස්‍ය සම්පතෙහි සිදුවිය හැකි වෙනස්කම් පූර්වයෙන් හඳුනා ගැනීමටත්, එහි බලපෑම් තක්සේරු කිරීමටත් අවශ්‍ය විද්‍යාත්මක තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇතැයි නාරා ආයතනය අපේක්ෂා කරයි. මෙම පර්යේෂණවල ප්‍රතිඵල, ‘එල් නිනෝ’ වැනි කාලගුණික වෙනස්වීම් නිසා ධීවර ක්ෂේත්‍රයට ඇතිවිය හැකි අභියෝග පූර්වයෙන් පුරෝකථනය කර, ඊට ගැලපෙන පරිදි ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට, සම්පත් කළමනාකරණ පියවර සහ පූර්ව අනතුරු ඇඟවීමේ සැලසුම් සකස් කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බව මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම, ධීවරයන්ගේ ජීවනෝපාය ආරක්ෂා කිරීම, සාගර සම්පත් තිරසාර ලෙස භාවිත කිරීම සහ අනාගතයේදී ඇතිවිය හැකි කාලගුණික අභියෝගවලට ධීවර ක්ෂේත්‍රය සූදානම් කිරීම සඳහා මෙවැනි විද්‍යාත්මක පර්යේෂණ ඉතා වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වර්තමානයේ රට තුළ මත්ස්‍ය මිල ඉහළ යාමට ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවක් නොවන බව නාරා සභාපති මහාචාර්ය සනත් හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය. වත්මන් මත්ස්‍ය මිල ඉහළ යාම සහ එල් නිනෝ නිසා අනාගතයේදී ඇතිවිය හැකි බලපෑම් එකිනෙක සම්බන්ධ කර බැලීම නිවැරදි නොවන බව සඳහන් කළ ඔහු, මෙරට තුල එල් නිනෝ තත්වයක් පවතින බවට මෙතෙක් විද්‍යායාත්මක සාක්ෂි නොමැති බවත්, ඒ හේතුවෙන් ‘එල් නිනෝ’ හේතුවෙන් මත්ස්‍යය සම්පත අඩු වීම සිදු වනවා යන්න කිව නොහැකි බවත් පැවසීය. ‘එල් නිනෝ’ පිළිබඳව මෙම පර්යේෂණ සිදුකරනු ලබන්නේ අනාගතයේදී සාගර පද්ධතියට දේශගුණික විපර්යාස මගින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව විද්‍යාත්මකව තක්සේරු කර, පූර්ව පියවර ගැනීමේ අරමුණින් පමණක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

*மீன் விலை அதிகரிப்புக்கு எல்நினோ காரணமில்லை*

*கடல்மீன் மற்றும் கடல் வளங்களுக்கு ஏற்படக்கூடிய தாக்கங்கள் தொடர்பில் நாரா நிறுவனத்தினால் விரிவான விஞ்ஞான ஆய்வு*

‘எல் நினோ’ (El Niño) தாக்கத்தின் காரணமாக எதிர்காலத்தில் ஏற்படக்கூடிய காலநிலை மாற்றங்கள், இலங்கையின் கடல் சூழலியல் அமைப்பு, மீன்வளம் மற்றும் மீன்பிடித் தொழில்துறையில் ஏற்படுத்தக்கூடிய தாக்கங்களை முன்கூட்டியே மதிப்பிடுவதற்காக, விரிவான தரவு பகுப்பாய்வுகளை உள்ளடக்கிய தொடர் ஆய்வுகளை தேசிய நீர்வள ஆராய்ச்சி மற்றும் அபிவிருத்தி முகவர் நிறுவனம் (NARA) ஆரம்பித்துள்ளது.

இந்த ஆய்வுப் பணிகள், கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சு உள்ளிட்ட தொடர்புடைய அரச நிறுவனங்கள் மற்றும் ஆராய்ச்சி நிறுவனங்களின் பங்களிப்புடன் நாடளாவிய ரீதியில் முன்னெடுக்கப்படுவதாக நாரா நிறுவனத்தின் தலைவர் பேராசிரியர் சனத் ஹெட்டியாராச்சி தெரிவித்துள்ளார்.

இந்த ஆய்வுகளின் கீழ், கடல் நீரின் வெப்பநிலை, கடல் நீரோட்டங்கள், மீன் இனங்களின் பரவல் மற்றும் இடம்பெயர்வு, மீன் வளத்தின் அதிகரிப்பு மற்றும் குறைவு உள்ளிட்ட பல்வேறு கடல்சார் தரவுகள் தொடர்ச்சியாகச் சேகரிக்கப்பட்டு பகுப்பாய்வு செய்யப்படுகின்றன.

குறிப்பாக, ‘எல் நினோ’ நிலைமையின் காரணமாக கடல் சூழலில் ஏற்படக்கூடிய மாற்றங்கள், அவை மீன் இனங்களின் எண்ணிக்கைக் குறைவு மற்றும் இடம்பெயர்வில் ஏற்படுத்தக்கூடிய தாக்கங்கள், மீன் உற்பத்தியில் ஏற்படக்கூடிய மாற்றங்கள், அத்துடன் பவளப்பாறைகள் உள்ளிட்ட ஏனைய கடல் சூழலியல் கட்டமைப்புகளுக்கு ஏற்படக்கூடிய பாதிப்புகள் தொடர்பிலும் இந்த ஆய்வுகள் முன்னெடுக்கப்படுகின்றன.

அதேவேளை, கடல் வளங்களில் ஏற்படும் மாற்றங்கள் மீனவர்களின் வாழ்வாதாரத்தில் நேரடித் தாக்கத்தை ஏற்படுத்தக்கூடியவை என்பதால், கடலோர சமூகங்களின் சமூக மற்றும் பொருளாதார நிலைமைகள் தொடர்பிலும் ஆய்வுக் குழுக்கள் கவனம் செலுத்தி வருகின்றன.

இதன் மூலம், இலங்கையின் கடல் மற்றும் மீன்வளங்களில் எதிர்காலத்தில் ஏற்படக்கூடிய மாற்றங்களை முன்கூட்டியே அடையாளம் காணவும், அவற்றின் தாக்கங்களை மதிப்பிடுவதற்குத் தேவையான விஞ்ஞானத் தகவல்களைப் பெற்றுக்கொள்ளவும் முடியும் என நாரா நிறுவனம் எதிர்பார்க்கிறது.

இந்த ஆய்வுகளின் முடிவுகள், ‘எல் நினோ’ போன்ற காலநிலை மாற்றங்களால் மீன்பிடித் துறைக்கு எதிர்காலத்தில் ஏற்படக்கூடிய சவால்களை முன்கூட்டியே கணிப்பதற்கும், அதற்கேற்ற வகையில் கொள்கைத் தீர்மானங்களை மேற்கொள்வதற்கும், வள முகாமைத்துவ நடவடிக்கைகள் மற்றும் முன்கூட்டிய எச்சரிக்கைத் திட்டங்களைத் தயாரிப்பதற்கும் அதிகாரிகளுக்கு உதவியாக அமையும் என பேராசிரியர் சனத் ஹெட்டியாராச்சி தெரிவித்துள்ளார்.

குறிப்பாக, மீனவர்களின் வாழ்வாதாரத்தைப் பாதுகாத்தல், கடல் வளங்களை நிலையான முறையில் பயன்படுத்துதல் மற்றும் எதிர்காலத்தில் ஏற்படக்கூடிய காலநிலை சவால்களுக்கு மீன்பிடித் துறையைத் தயார்படுத்துதல் ஆகியவற்றுக்கு இத்தகைய விஞ்ஞான ஆய்வுகள் மிகவும் முக்கியத்துவம் வாய்ந்தவை எனவும் அவர் சுட்டிக்காட்டியுள்ளார்.

தற்போதைய மீன் விலை உயர்வுக்கு ‘எல் நினோ’ காரணமல்ல

எவ்வாறாயினும், தற்போது நாட்டில் காணப்படும் மீன் விலை உயர்வுக்கு ‘எல் நினோ’ நிலைமை காரணமாக இல்லை என நாரா நிறுவனத்தின் தலைவர் பேராசிரியர் சனத் ஹெட்டியாராச்சி மேலும் தெளிவுபடுத்தியுள்ளார்.

தற்போதைய மீன் விலை உயர்வையும், ‘எல் நினோ’ காரணமாக எதிர்காலத்தில் ஏற்படக்கூடிய தாக்கங்களையும் ஒன்றுடன் ஒன்று தொடர்புபடுத்திப் பார்ப்பது சரியானதல்ல என அவர் தெரிவித்துள்ளார்.

இலங்கையில் தற்போது ‘எல் நினோ’ நிலைமை காணப்படுவதாக உறுதிப்படுத்துவதற்கான விஞ்ஞான ஆதாரங்கள் இதுவரை இல்லை எனவும் அவர் குறிப்பிட்டுள்ளார்.

எனவே, ‘எல் நினோ’ காரணமாக நாட்டில் மீன் வளம் குறைந்து வருவதாகக் கூற முடியாது எனவும் அவர் தெரிவித்துள்ளார்.

‘எல் நினோ’ தொடர்பான இந்த ஆய்வுகள், எதிர்காலத்தில் காலநிலை மாற்றங்களினால் கடல் சூழலியல் அமைப்பில் ஏற்படக்கூடிய தாக்கங்களை விஞ்ஞான ரீதியாக மதிப்பிட்டு, அவற்றை எதிர்கொள்வதற்கான முன்கூட்டிய நடவடிக்கைகளை மேற்கொள்வதற்காகவே முன்னெடுக்கப்படுகின்றன என பேராசிரியர் சனத் ஹெட்டியாராச்சி மேலும் தெரிவித்துள்ளார்.

මෙලින්චිමුනෙයි මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් පිළිබඳ ගැටලුව.නීතිමය සහ තාක්ෂණික අධ්‍යයනයන් පදනම් කරගෙන පියවර ගැනේ.ජනතාවගේ සාධ...
31/08/2026

මෙලින්චිමුනෙයි මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් පිළිබඳ ගැටලුව.
නීතිමය සහ තාක්ෂණික අධ්‍යයනයන් පදනම් කරගෙන පියවර ගැනේ.
ජනතාවගේ සාධාරණ ඉල්ලීම් සලකා බලනු ලැබේ – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

යාපනය, කයිට්ස් මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ මුහුදු කූඩැල්ලන් (Sea Cucumber) ගොවිපළවල් පිහිටුවීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේද සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම් පිළිබඳව විධිමත් නීතිමය හා තාක්ෂණික අධ්‍යයනයන් පදනම් කරගෙන සුදුසු පියවර ගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ක්‍රිස්තුරාජා ධීවර සමූපාකාර සමිතියේ සභාපති ඒ. මරියදාස් මහතාගේ ප්‍රධානත්වයෙන්, ධීවර නියෝජිතයින් 50 කට වැඩි පිරිසක් අද (31) කොළඹ පිහිටි ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේදී නියෝජ්‍ය අමාත්‍යවරයා හමුවී තමන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශයක් භාර දුන්හ. මෙහිදී මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ තමන් වෙත විධිමත්ව ලබාදී ඇති මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සඳහා වන අවසරපත්‍ර ඉදිරියටත් පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර නියෝජිතයෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ, ජාතික ජලජජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) මඟින් අක්කරයක භූමි ප්‍රමාණයක මුහුදු කූඩැල්ලන් වගා ගොවිපළවල් පිහිටුවීම සඳහා පසුගියදා නිර්දේශිත ලිපි ලබාදී තිබුණි.

මෙවැනි තත්ත්වයක් තුළ, අදාළ මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් සඳහා අවසර ලබා නොදිය යුතු බවත්, එසේ අවසර ලබා දුනහොත් සුළු පන්න ධීවරයින්ගේ ජීවනෝපායට බලපෑම් සිදුවිය හැකි බවත්, ඇතැම් පාර්ශ්වයන් මාධ්‍ය හමුවක් පවත්වමින් මීට පෙර චෝදනා කර තිබූ බව ධීවර නියෝජිතයෝ පෙන්වා දුන්හ. එම අවසර ලබාදීමේ ක්‍රියාවලියේ දී නීති උල්ලංඝනය වී ඇති බවටද චෝදනා එල්ල වී තිබිණි.

එම මතභේදාත්මක තත්තවය හමුවේ, අදාළ ධීවර ජනතාව සමඟ සාකච්ඡා කර, ඔවුන්ගේ ඉල්ලීම් සහ චෝදනා පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා කියා සිටියේ, අදාළ ගැටලුව සම්බන්ධයෙන් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර මහතා දැනුවත් කර ඇති අතර, කරුණු විධිමත්ව පරීක්ෂා කර ඉදිරි පියවර ගැනීමට සාකච්ඡා කල බවයි.

තවද, මෙම කරුණෙහිදී පක්ෂ දේශපාලනයට හෝ වෙනත් බාහිර බලපෑම්වලට ඉඩක් නොමැති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මුහුදු ආශ්‍රිත ඕනෑම කටයුත්තක් අදාළ නිලධාරීන් සහ තාක්ෂණික නිපුණතාවයන් සහිත පිරිස් සමඟ විධිමත්ව සාකච්ඡා කිරීමෙන් පසුව පමණක් අවසාන තීරණ ගන්නා බවද සඳහන් කළේය.

තාක්ෂණික හා නීතිමය අධ්‍යයනයන් පදනම් කරගෙනම මුහුදු කූඩැල්ලන් ගොවිපළවල් පිළිබඳ මූලික පියවර ගත් බවත්, සුළු පන්න ධීවරයන්ගේ එදිනෙදා ධීවර කටයුතුවලට හෝ ඔවුන්ගේ ජීවනෝපායට බලපෑමක් නොවන පරිදි අවධානය යොමුකර ඇති බවත් ඔහු පැවසීය.

එසේම, මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ජනතාවගේ සාධාරණ ඉල්ලීම්ද සලකා බලමින්, සුළු පන්න ධීවරයන්ගේ සුබසාධනය සහ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම ආරක්ෂා වන පරිදි, අදාළ නිලධාරීන් සමඟ වැඩිදුර උපදෙස් ලබාගෙන ඉදිරි පියවර පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදුකරන බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා සහතික විය.

මෙම හමුවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් බී.කේ.කොලිත කමල් ජිනදාස මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් සහ මෙලින්චිමුනෙයි ප්‍රදේශයේ ධීවර නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

மெலிஞ்சிமுனை கடல் அட்டை பண்ணைகள் விவகாரம்
சட்ட, தொழில்நுட்ப ஆய்வுகளின் அடிப்படையில் நடவடிக்கை மக்களின் நியாயமான கோரிக்கைகள் கருத்திற்கொள்ளப்படும் – பிரதி அமைச்சர் ரத்ன கமகே


யாழ்ப்பாணம், ஊர்காவற்றுறை மெலிஞ்சிமுனை பகுதியில் கடல் அட்டை பண்ணைகள் அமைப்பது தொடர்பாக எழுந்துள்ள கருத்து வேறுபாடுகள் மற்றும் அப்பகுதி மக்களின் கோரிக்கைகள் குறித்து முறையான சட்ட மற்றும் தொழில்நுட்ப ஆய்வுகளின் அடிப்படையில் உரிய நடவடிக்கைகள் மேற்கொள்ளப்படும் என கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் பிரதி அமைச்சர் ரத்ன கமகே தெரிவித்தார்.

மெலிஞ்சிமுனை பகுதியைச் சேர்ந்த கிறிஸ்துவரசர் கடற்றொழிலாளர் கூட்டுறவுச் சங்கத்தின் தலைவர் ஏ. மரியதாஸ் தலைமையில் 50-க்கும் மேற்பட்ட மீனவ பிரதிநிதிகள் இன்று (31) கொழும்பில் உள்ள கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் அமைச்சில் பிரதி அமைச்சரை சந்தித்து, தமது கோரிக்கைகள் அடங்கிய மனுவொன்றை கையளித்தனர். இதன்போது, கடல் அட்டை பண்ணைகள் தொடர்பில் விரிவான கலந்துரையாடலும் இடம்பெற்றது.

மெலிஞ்சிமுனை பகுதியில் தங்களுக்கு முறையாக வழங்கப்பட்டுள்ள கடல் அட்டை பண்ணைகளுக்கான அனுமதிகளை தொடர்ந்து வழங்குவதற்கு தேவையான நடவடிக்கைகளை மேற்கொள்ளுமாறும் மீனவ பிரதிநிதிகள் பிரதி அமைச்சரிடம் கோரிக்கை விடுத்தனர்.

கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் அமைச்சின் வழிகாட்டலின் கீழ், தேசிய நீர்வாழ் உயிரின வளர்ப்பு அபிவிருத்தி அதிகார சபையான (NAQDA) ஏற்பாட்டில், அண்மையில் ஒரு ஏக்கர் பரப்பளவில் கடல் அட்டை உற்பத்திப் பண்ணைகளை அமைப்பதற்கான பரிந்துரைக் கடிதங்கள் வழங்கப்பட்டிருந்தன.

இந்நிலையில், குறித்த கடல் அட்டை பண்ணைகளுக்கு அனுமதி வழங்கக்கூடாது என்றும், அவ்வாறு அனுமதி வழங்கப்பட்டால் சிறு கடற்றொழிலாளர்கள் பாதிக்கப்படக்கூடும் என்றும், அனுமதி வழங்கும் செயற்பாட்டில் விதிமீறல்கள் இடம்பெற்றுள்ளதாகவும் சில தரப்பினர் முன்னதாக ஊடக சந்திப்பொன்றின் மூலம் குற்றச்சாட்டுகளை முன்வைத்திருந்ததாக மீனவ பிரதிநிதிகள் சுட்டிக்காட்டினர்.

இதனையடுத்து, குறித்த விவகாரம் தொடர்பில் சம்பந்தப்பட்ட மீனவ மக்களுடன் கலந்துரையாடி, அவர்களின் கோரிக்கைகள் மற்றும் முன்வைக்கப்பட்டுள்ள குற்றச்சாட்டுகள் தொடர்பில் தெளிவுபடுத்திக் கொள்வதற்காக இச்சந்திப்பு ஏற்பாடு செய்யப்பட்டது.

இதன்போது கருத்துத் தெரிவித்த பிரதி அமைச்சர் ரத்ன கமகே, குறித்த விவகாரம் தொடர்பில் கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகரிடம் ஏற்கனவே அறியப்படுத்தியுள்ளதாகவும், இவ்விடயம் தொடர்பில் உரிய முறையில் ஆராய்ந்து அடுத்தகட்ட நடவடிக்கைகளை மேற்கொள்ளுமாறு கலந்துரையாடப்பட்டுள்ளதாகவும் தெரிவித்தார்.

மேலும், இந்த விடயத்தில் தனிப்பட்ட கட்சி அரசியலுக்கோ அல்லது வேறு எந்தப் பின்னணிக்கோ இடமில்லை எனத் தெரிவித்த பிரதி அமைச்சர், கடல் சார்ந்த எந்தவொரு நடவடிக்கையும் சம்பந்தப்பட்ட அதிகாரிகள் மற்றும் தொழில்நுட்ப நிபுணர்களுடன் முறையாகக் கலந்துரையாடிய பின்னரே இறுதி முடிவுகள் எடுக்கப்படும் எனவும் குறிப்பிட்டார்.

தொழில்நுட்ப மற்றும் சட்டரீதியான ஆய்வுகளின் அடிப்படையிலேயே கடல் அட்டை பண்ணைகள் தொடர்பான முதற்கட்ட நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டதாகவும், சிறு கடற்றொழிலாளர்களின் அன்றாட தொழில் நடவடிக்கைகளுக்கோ அல்லது அவர்களின் வாழ்வாதாரத்திற்கோ பாதிப்பு ஏற்படாத வகையில் தேவையான கவனம் செலுத்தப்பட்டுள்ளதாகவும் அவர் தெரிவித்தார்.

அதேவேளை, மெலிஞ்சிமுனை பகுதி மக்களின் நியாயமான கோரிக்கைகளையும் கருத்திற்கொண்டு, சிறு கடற்றொழிலாளர்களின் நலன்களை முழுமையாகப் பாதுகாக்கும் வகையில், சம்பந்தப்பட்ட அதிகாரிகளுடன் மேலதிக ஆலோசனைகளை மேற்கொண்டு அடுத்தகட்ட நடவடிக்கைகள் வெளிப்படைத்தன்மையுடன் முன்னெடுக்கப்படும் எனவும் பிரதி அமைச்சர் உறுதியளித்தார்.

இந்தச் சந்திப்பில் கடற்றொழில், நீரியல் மற்றும் கடல்வளங்கள் அமைச்சின் செயலாளர் பீ.கே. கோலித்த கமல் ஜினதாச உள்ளிட்ட அமைச்சின் அதிகாரிகள் மற்றும் மெலிஞ்சிமுனை பகுதியைச் சேர்ந்த கடற்றொழிலாளர் பிரதிநிதிகள் கலந்துகொண்டனர்.

ධීවර ක්ෂේත්‍රයේ අනාගත සුරක්ෂිතභාවය උදෙසා: නවක ධීවර නිලධාරීන් වෙනුවෙන් මූලික පුහුණු වැඩසටහනක් ඇරඹෙයි!ධීවර, ජලජ හා සාගර සම...
31/08/2026

ධීවර ක්ෂේත්‍රයේ අනාගත සුරක්ෂිතභාවය උදෙසා: නවක ධීවර නිලධාරීන් වෙනුවෙන් මූලික පුහුණු වැඩසටහනක් ඇරඹෙයි!

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, දිස්ත්‍රික්ක 15ක ධීවර කාර්යාල සඳහා අලුතින් බඳවා ගනු ලැබූ ධීවර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කරන ලද පස්දින මූලික පුහුණු වැඩසටහනේ පළමු අදියර අද (31) ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී දවස පුරා පැවැත්වේ.

නවක නිලධාරීන් සියලුදෙනා කණ්ඩායම් පහක් යටතේ පුහුණු කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු අදියර සඳහා, ධීවර දෙපාර්තමේන්තුවේ විවිධ අංශ වෙත අනුයුක්ත නිලධාරීන් 23 දෙනෙකු සහභාගී වූහ.

මෙහිදී රාජ්‍ය සේවයේ මූලික ක්‍රියාපටිපාටි, ආයතනික කටයුතු කළමනාකරණය කිරීම පිළිබඳ අවබෝධයක් ලබා දීමට අමතරව, ඉදිරි දිනවලදී විමර්ශන, පුහුණු කටයුතු, වැටලීම්, තත්ත්ව පාලනය සහ ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් ඇතුළු විවිධ ක්ෂේත්‍ර ආවරණය වන පරිදි අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.

මෙම පුහුණු වැඩසටහන මගින් සාගර සම්පත් සංරක්ෂණය කිරීම, ධීවර ප්‍රජාවේ අයිතිවාසිකම් තහවුරු කිරීම සහ ධීවර ක්ෂේත්‍රයේ අනාගතය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දක්ෂ හා කාර්යක්ෂම නිලධාරීන් බිහි කිරීමට දායක වනු ඇත.

கடற்றொழில் துறையின் எதிர்கால பாதுகாப்பிற்காக : புதிய கடற்றொழில்துறை உத்தியோகத்தர்களுக்கான அடிப்படைப் பயிற்சித்திட்டம் ஆரம்பம்!

கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சு மற்றும் கடற்றொழில், நீரியல் வளங்கள் திணைக்களம் ஆகியன இணைந்து 15 மாவட்டங்களிலுள்ள கடற்றொழில்துறை அலுவலகங்களுக்கு புதிதாக பணியமர்த்தப்பட்ட கடற்றொழில்துறை உத்தியோகத்தர்களுக்காக ஏற்பாடு செய்துள்ள ஐந்து நாள் அடிப்படைப் பயிற்சித் திட்டத்தின் முதற்கட்டம் இன்று (31) கடற்றொழில் திணைக்களத்தின் பணிப்பாளர் நாயகம் சுசந்த கஹவத்த அவர்களின் தலைமையில் அமைச்சின் கேட்போர்கூடத்தில் நடைபெறுகிறது.

புதிய உத்தியோகத்தர்கள் அனைவருக்கும் ஐந்து குழுக்களின் கீழ் பயிற்சி அளிக்கப்படுவதற்கு திட்டமிடப்பட்டுள்ள நிலையில், இதன் முதற்கட்டமாக கடற்றொழில் திணைக்களத்தின் பல்வேறு பிரிவுகளுக்கு இணைக்கப்பட்டுள்ள 23 உத்தியோகத்தர்கள் பங்கேற்றுள்ளனர்.

இதன்போது அரச சேவையின் அடிப்படை நடைமுறைகள், நிறுவன நடவடிக்கைகளை மேலாண்மை செய்தல் தொடர்பான புரிதலை வழங்குவதுடன், எதிர்வரும் நாட்களில் விசாரணை, பயிற்சிகள், சோதனைகள், தரக்கட்டுப்பாடு மற்றும் களச் செயற்பாடுகள் உள்ளிட்ட பல்வேறு துறைகளை உள்ளடக்கியதாக போதுமான அறிவும் நடைமுறைப் பயிற்சியும் வழங்கப்படவுள்ளன.

இப்பயிற்சித் திட்டத்தின் மூலம் கடல் வளங்களைப் பாதுகாத்தல், மீன்பிடி சமூகத்தின் உரிமைகளை உறுதிப்படுத்துதல் மற்றும் கடற்றொழில் துறையின் எதிர்காலத்தை மேலும் வலுப்படுத்துவதற்குத் தேவையான திறமையான மற்றும் செயற்திறன் மிக்க உத்தியோகத்தர்களை உருவாக்குவதற்கு பங்களிப்பு வழங்கப்படும்.

31/08/2026
කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු -  අමාත්‍යවරයාගේ නිරීක්ෂණයයාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරී...
28/08/2026

කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු - අමාත්‍යවරයාගේ නිරීක්ෂණය

යාපනය කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පිළිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ධීවරයන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, ගොඩබෑමේ ස්ථානයේ පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය සහ ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව අමාත්‍යවරයා නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස තොරතුරු විමසා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 205 ක මුළු පිරිවැයක් ඇස්තමේන්තු කර ඇති අතර, වර්තමානය වන විට ව්‍යාපෘතියේ පළමු අදියරේ කටයුතු අවසන් වෙමින් පැවතියද, සැලසුම් කළ කාලයට වඩා කටයුතු තරමක් ප්‍රමාද වී ඇති බව නිලධාරීන් අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

ඒ අනුව, ධීවරයන්ගේ සහ ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන්ගේ අදහස් ද සැලකිල්ලට ගෙන, ඉතිරි කටයුතු කඩිනම් කර ඉදිරි මාස දෙක ඇතුළත සියලු වැඩකටයුතු අවසන් කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

තවද, ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම සහ ඊට අදාළ යටිතල පහසුකම් කඩිනමින් ස්ථාපනය කිරීම ඇතුළු කරුණු පිළිබඳවද අමාත්‍යවරයා සහ නිලධාරීන් අතර දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

කොළම්ඹුතුරෙයි ජැටිය ප්‍රතිසංස්කරණය කිරීම තුළින් ධීවරයන්ගේ වෘත්තීය අවශ්‍යතා පහසු වන අතරම, ඔවුන්ගේ ආරක්ෂාව සහ පහසුකම් තවදුරටත් තහවුරු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

******************************************************************

கொழும்புத்துறை இறங்குதுறை நவீனமயமாக்கல் பணிகள் – அமைச்சர் நேரில் ஆய்வு

யாழ்ப்பாணம் கொழும்புத்துறை இறங்குதுறையை அகலப்படுத்துதல் மற்றும் உட்கட்டமைப்பு வசதிகளை மேம்படுத்தும் பணிகளை கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் நேரில் சென்று பார்வையிட்டார்.

கடற்றொழிலாளர்களின் தேவைகளை கருத்திற்கொண்டு, இறங்குதுறை வசதிகளை மேலும் மேம்படுத்தும் நோக்கில் முன்னெடுக்கப்பட்டு வரும் இந்தத் திட்டத்தின் தற்போதைய பணிநிலை மற்றும் எதிர்கால கட்டுமான நடவடிக்கைகள் தொடர்பில் அமைச்சர் அதிகாரிகளிடம் விரிவான தகவல்களை கேட்டறிந்தார். இத்திட்டத்திற்காக ரூ.205 மில்லியன் ரூபாய் மதிப்பீடு செய்யப்பட்டுள்ளது.

தற்போது திட்டத்தின் முதற்கட்டப் பணிகள் நிறைவடையும் நிலையில் உள்ள போதிலும், திட்டமிட்ட கால அட்டவணையை விட பணிகள் சற்று தாமதமடைந்துள்ளதாக அதிகாரிகள் அமைச்சரிடம் தெரிவித்தனர்.

இதனையடுத்து, கடற்றொழிலாளர்கள் மற்றும் துறைசார் தரப்பினரின் நலன்களை கருத்திற்கொண்டு, எஞ்சியுள்ள பணிகளை துரிதப்படுத்தி அடுத்த இரண்டு மாதங்களுக்குள் அனைத்து பணிகளையும் நிறைவு செய்ய நடவடிக்கை எடுக்குமாறு அமைச்சர் இராமலிங்கம் சந்திரசேகர் அதிகாரிகளுக்கு அறிவுறுத்தல்களை வழங்கினார்.

மேலும், இறங்குதுறையை அகலப்படுத்துதல் மற்றும் அதனுடன் தொடர்புடைய உட்கட்டமைப்பு வசதிகளை விரைவாக அமைத்தல் உள்ளிட்ட விடயங்கள் தொடர்பிலும் அமைச்சரும் அதிகாரிகளும் விரிவான கலந்துரையாடலில் ஈடுபட்டனர்.

கொழும்புத்துறை இறங்குதுறையின் வசதிகளை நவீனமயப்படுத்துவதன் மூலம் கடற்றொழிலாளர்களின் தொழில்சார் தேவைகளை இலகுவாக்குவதுடன், அவர்களின் பாதுகாப்பு மற்றும் வசதிகளை மேலும் உறுதிப்படுத்துவதற்கான நடவடிக்கைகள் தொடர்ந்து முன்னெடுக்கப்படும் என அமைச்சர் இதன்போது தெரிவித்தார்.

********************************************************************

Colombuthurai Landing Site Modernization Work – Minister Conducts On-Site Inspection

Minister of Fisheries, Aquatic and Ocean Resources Ramalingam Chandrasekar personally inspected the ongoing work to widen the Colombuthurai Landing Site in Jaffna and improve its infrastructure facilities.

The project is being implemented with the aim of further improving the facilities at the landing site, taking into consideration the needs of the fishing community. During the inspection, the Minister obtained detailed information from officials regarding the current progress of the project and the construction activities planned for the future. The project has been allocated an estimated Rs. 205 million.

Officials informed the Minister that although the first phase of the project is nearing completion, the work has been slightly delayed compared to the planned schedule.

Accordingly, taking into consideration the interests and welfare of the fishing community and other stakeholders in the fisheries sector, Minister Ramalingam Chandrasekar instructed officials to expedite the remaining work and take all necessary measures to complete the project within the next two months.

The Minister also held detailed discussions with officials on matters relating to the widening of the landing site and the expeditious development of the necessary infrastructure facilities.

The Minister stated that further measures would be taken to modernize the facilities at the Colombo Thurai Landing Site, thereby facilitating the occupational activities of fishermen and further ensuring their safety and convenience.

නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සුභපැතුම් පණිවි...
26/08/2026

නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සුභපැතුම් පණිවිඩය

සමස්ත ලෝකයටම කරුණාවක් ලෙස පහළ වී, මිනිස් සංහතියට යහමඟ පෙන්වා දුන් ශුද්ධ වූ නබිනායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජන්ම දිනය වන මීලාදුන් නබි දිනය සමරන ශ්‍රී ලාංකික සියලුම මුස්ලිම් ජනතාව වෙත ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා සිය හෘදයාංගම සුභපැතුම් පිරිනමයි.

මේ සම්බන්ධයෙන් ඒ මහතා නිකුත් කළ සුභපැතුම් පණිවිඩයේ මෙසේ සඳහන් වේ.

“නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතය සහ එතුමාණන් දේශනා කළ උතුම් ධර්මය සෑම කාලයකටම ගැළපෙන මඟපෙන්වීමකි. විශේෂයෙන්ම සහෝදරත්වය, කරුණාව, දානය, ඉවසීම සහ එකිනෙකා කෙරෙහි ගෞරවය දැක්වීමේ වැදගත්කම එතුමාණන් ලෝකයට අවධාරණය කළේය.

අප සැම ජාති, ආගම් භේදයකින් තොරව ආදරයෙන්, සහෝදරත්වයෙන් හා සාමයෙන් ජීවත් වීම නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අපට දැක්විය හැකි උතුම්ම ගෞරවයයි.

විශේෂයෙන්ම රටේ ධීවර ක්ෂේත්‍රයට මෙන්ම ජාතික ආර්ථික සංවර්ධනයට ද වැදගත් දායකත්වයක් සපයන අපගේ මුස්ලිම් සහෝදර ජනතාවගේ සුභසාධනය සහ ජීවනෝපාය නංවාලීම වෙනුවෙන් අප රජය සැමවිටම කැපවී කටයුතු කරයි.

මෙම ශුද්ධ වූ දිනයේ, නබිනායක (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පෙන්වා දුන් ඍජු මාර්ගයේ ගමන් කරමින් ශ්‍රී ලංකාව තුළ සාමය, සංහිඳියාව සහ ජාතික සමගිය තවදුරටත් තහවුරු වේවායි සියලු බලැති දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලාංකික සියලුම මුස්ලිම් ජනතාව වෙත මාගේ හෘදයාංගම ‘මීලාදුන් නබි මුබාරක්’ සුභපැතුම් පිරිනමමි.”

***********************************************************************

*நபிகள் நாயகம் (ஸல்) அவர்களின் பிறந்தநாளை முன்னிட்டு கடற்றொழில் பிரதி அமைச்சர் ரத்ன கமகே அவர்களின் வாழ்த்துச் செய்தி*

அகிலத்திற்கு அருட்கொடையாகத் தோன்றி, மனித குலத்திற்கு நல்வழி காட்டிய புனித நபிகள் நாயகம் முஹம்மது (ஸல்) அவர்களின் பிறந்தநாளைக் (மீலாதுன் நபி) கொண்டாடும் இலங்கை வாழ் அனைத்து முஸ்லிம் பெருமக்களுக்கும் கடற்றொழில் பிரதி அமைச்சர் ரத்ன கமகே அவர்கள் தனது வாழ்த்துகளைத் தெரிவித்துள்ளார்.

இது தொடர்பாக அவர் வெளியிட்டுள்ள வாழ்த்துச் செய்தியில் குறிப்பிட்டுள்ளதாவது:

"நபிகள் நாயகம் (ஸல்) அவர்களின் வாழ்வும், அவர் போதித்த உன்னத நெறிகளும் எக்காலத்திற்கும் ஏற்ற வழிகாட்டியாகும். குறிப்பாக சகோதரத்துவம், கருணை, ஈகை, சகிப்புத்தன்மை மற்றும் பரஸ்பர மரியாதையை அவர் உலகிற்கு வலியுறுத்தினார்.

நாம் அனைவரும் இன, மத வேறுபாடுகளைக் கடந்து அன்போடும் சமாதானத்தோடும் வாழ்வதே பெருமானார் (ஸல்) அவர்களுக்கு நாம் செலுத்தும் மிகச்சிறந்த கௌரவமாகும். குறிப்பாக, நாட்டின் கடற்றொழில் துறையிலும், பொருளாதார மேம்பாட்டிலும் முக்கிய பங்காற்றும் எமது முஸ்லிம் சகோதரர்களின் நலனிலும் வாழ்வாதார உயர்விலும் எமது அரசாங்கம் எப்போதும் உறுதியோடு செயற்படும்.

இந்த புனித நாளில், நபிகள் நாயகம் (ஸல்) அவர்கள் காட்டிய நேரிய வழியில் பயணித்து, இலங்கையில் சமாதானமும், நல்லிணக்கமும், ஐக்கியமும் தழைத்தோங்க எல்லாம் வல்ல இறைவனைப் பிரார்த்திக்கின்றேன்.

இலங்கை வாழ் முஸ்லிம் பெருமக்கள் அனைவருக்கும் எனது மனமார்ந்த மீலாதுன் நபி முபாரக் வாழ்த்துகளைத் தெரிவித்துக் கொள்கிறேன்."

නබි නායක (සල්) තුමන්ගේ ජීවන දේශනා එක්සත් සමාජයකට මගපෙන්වීමක් වේවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්මුහම්මද් නබි (සල්) තු...
26/08/2026

නබි නායක (සල්) තුමන්ගේ ජීවන දේශනා එක්සත් සමාජයකට මගපෙන්වීමක් වේවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්

මුහම්මද් නබි (සල්) තුමන්ගේ උපත සමරන පූජනීය මීලාදුන් නබි දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් ජනතාව වෙත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා සිය හදපිරි සුබ පැතුම් එක්කර සිටියි.

අමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ:

මානව වර්ගයාට ආදරය, කරුණාව, සමානාත්මතාව, සහෝදරත්වය, සාධාරණත්වය, ඉවසීම සහ සාමය යන උතුම් ගුණාංග දේශනා කළ මුහම්මද් නබි (සල්) තුමන්ගේ උපන්දින සංවත්සරය සමරන මෙම පූජනීය දිනය, එතුමන්ගේ ජීවන දේශනා නැවත ආවර්ජනය කිරීම සඳහා ලැබුණු වැදගත් අවස්ථාවකි.

නබි නායක (සල්) තුමන් තම ජීවිත කාලය පුරාම මිනිසුන් අතර පවතින වෙනස්කම් අමතක කර, සෑම කෙනෙකුම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් ජීවත් වීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. දුප්පතුන්, අසරණයන්, අනාථයන් සහ සමාජයේ කොන් වූවන්ගේ සුභසාධනය කෙරෙහි අවධානය යොමු කළ එතුමන්, අන් අයට උපකාර කිරීම සහ සමාජ වගකීමෙන් යුතුව කටයුතු කිරීම වැනි ගුණාංගද අවධාරණය කළේය.

"නියත වශයෙන්ම අල්ලාහ් සාධාරණත්වය, යහපත සහ ඥාතීන්ට උපකාර කිරීම අණ කරයි; අසාධාරණය, අයහපත සහ සීමාවන් ඉක්මවා යාම තහනම් කරයි." — ශුද්ධ වූ අල්-කුර්ආනය 16:90

යන දේව වාක්‍යයෙන්, මිනිස් ජීවිතයේ සාධාරණත්වය, යහපත සහ සමාජ වගකීමේ වැදගත්කම ඉතා පැහැදිලිව පෙන්වා දෙයි. මෙම උතුම් ගුණාංග පුද්ගල ජීවිතය පමණක් නොව, මුළු මහත් සමාජයම නිවැරදි මාර්ගයට යොමු කිරීමට සමත් වේ.

විවිධ ජාතීන්, ආගම් සහ භාෂා කතා කරන ජනතාව ජීවත් වන අපගේ ශ්‍රී ලංකාවේ, පරස්පර අවබෝධය, ආගමික සහජීවනය සහ සහෝදරත්වය අපගේ අනාගතය සඳහා වන ඉතා වැදගත් පදනමයි. නබි නායක (සල්) තුමන්ගේ ජීවන දේශනාවල දක්නට ලැබෙන මානුෂීයභාවය සහ සමාජ සාධාරණත්වය පිළිබඳ පණිවිඩය, එවැනි එක්සත් සමාජයක් ගොඩනැගීමට ශක්තිමත් මගපෙන්වීමක් වනු ඇත.

වර්තමාන සමාජය තුළ ද්වේෂය, බෙදීම් සහ වැරදි අවබෝධයන්ට ඉඩ නොදී, ආදරය, සාමය සහ අවබෝධය පෙරදැරි කරගෙන කටයුතු කිරීමේ වගකීම අප සැම සතුව පවතී. විශේෂයෙන්ම, යෞවනයන් සහ අනාගත පරපුර යහපත් චරිතය, ඉවසීම, සමාජ වගකීම සහ මානුෂීයභාවය වැනි ගුණාංග තමන්ගේ ජීවිත තුළ වර්ධනය කරගැනීම රටේ ප්‍රගතියට මහත් රුකුලක් වනු ඇත.

මීලාදුන් නබි දිනය යනු ආගමික උත්සවයක් සමරන දිනයක් පමණක් නොව, ආදරය, කරුණාව, සාධාරණත්වය, සමානාත්මතාව සහ සහෝදරත්වය යන උතුම් ගුණාංග අපගේ එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක කිරීමට අභිෂ්ඨාන කරගන්නා දිනයක්ද විය යුතුය.

මෙම පූජනීය දිනයේදී ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් ජනතාවගේ නිවෙස්වල සාමය, සතුට, නිරෝගීභාවය, සෞභාග්‍යය සහ සහජීවනය පිරී ඉතිරී යන්නටත්, ඔවුන්ගේ සියලු යහපත් කටයුතු සාර්ථක වන්නටත් දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරමි.

ශ්‍රී ලංකාවාසී සියලුම මුස්ලිම් සොහොයුරු සොහොයුරියන්ට මගේ සුභ සහ හදපිරි මීලාදුන් නබි දින සුබ පැතුම්!

***********************************************************************

*நபிகள் நாயகம் (ஸல்) அவர்களின் வாழ்வியல் போதனைகள் ஒற்றுமையான சமூகத்திற்கான வழிகாட்டியாக அமையட்டும் – அமைச்சர் இராமலிங்கம் சந்திரசேகரன்*

நபிகள் நாயகம் முஹம்மது (ஸல்) அவர்களின் பிறப்பை நினைவுகூரும் புனித மீலாதுன் நபி தினத்தை முன்னிட்டு, இலங்கை வாழ் அனைத்து முஸ்லிம் மக்களுக்கும் கடற்றொழில், நீரியல் மற்றும் கடல் வளங்கள் அமைச்சர் இராமலிங்கம் சந்திரசேகரன் தனது இதயம் கனிந்த வாழ்த்துகளைத் தெரிவித்துள்ளார்.

அமைச்சர் வெளியிட்டுள்ள வாழ்த்துச் செய்தியில் மேலும் தெரிவிக்கப்பட்டுள்ளதாவது:

மனிதகுலத்திற்கு அன்பு, கருணை, சமத்துவம், சகோதரத்துவம், நீதி, பொறுமை மற்றும் அமைதி ஆகிய உயரிய விழுமியங்களைப் போதித்த நபிகள் நாயகம் முஹம்மது (ஸல்) அவர்களின் பிறந்த நாளை நினைவுகூரும் இந்த புனித நாளானது, அவரது வாழ்வியல் போதனைகளை மீண்டும் சிந்தித்துப் பார்ப்பதற்கான ஒரு முக்கியமான சந்தர்ப்பமாகும்.

நபிகள் நாயகம் (ஸல்) அவர்கள் தமது வாழ்நாள் முழுவதும் மனிதர்களுக்கிடையிலான வேறுபாடுகளைக் கடந்து, ஒவ்வொருவரும் கண்ணியத்துடனும் சமத்துவத்துடனும் வாழ வேண்டியதன் அவசியத்தை வலியுறுத்தினார். ஏழைகள், ஆதரவற்றோர், அநாதைகள் மற்றும் சமூகத்தில் பின்தங்கியவர்களின் நலனில் அக்கறை செலுத்தியதுடன், பிறருக்கு உதவுதல் மற்றும் சமூகப் பொறுப்புடன் செயற்படுதல் போன்ற பண்புகளையும் வலியுறுத்தினார்.

“நிச்சயமாக அல்லாஹ் நீதியையும், நன்மையையும், உறவினர்களுக்கு உதவுவதையும் ஏவுகின்றான்; அநியாயத்தையும், தீமையையும், வரம்பு மீறுவதையும் தடுக்கின்றான்.”
— புனித அல்குர்ஆன் 16:90

எனும் இறைவசனம், மனித வாழ்வில் நீதி, நன்மை மற்றும் சமூகப் பொறுப்பு ஆகியவற்றின் முக்கியத்துவத்தை மிகத் தெளிவாக எடுத்துரைக்கின்றது. இந்த உயரிய விழுமியங்கள் தனிமனித வாழ்வை மட்டுமன்றி, ஒட்டுமொத்த சமூகத்தையும் நல்வழிப்படுத்தக்கூடியவை.

பல்வேறு இனங்கள், மதங்கள் மற்றும் மொழிகளைச் சேர்ந்த மக்கள் வாழும் எமது இலங்கையில், பரஸ்பர புரிந்துணர்வு, மத நல்லிணக்கம் மற்றும் சகோதரத்துவம் என்பன எமது எதிர்காலத்திற்கான மிக முக்கியமான அடித்தளங்களாகும். நபிகள் நாயகம் (ஸல்) அவர்களின் வாழ்வியல் போதனைகளில் காணப்படும் மனிதநேயம் மற்றும் சமூக நீதியின் செய்தி, இத்தகைய ஒற்றுமையான சமூகத்தை கட்டியெழுப்புவதற்கு வலிமையான வழிகாட்டியாக அமையும்.

இன்றைய சமூகத்தில் வெறுப்பு, பிரிவினை மற்றும் தவறான புரிதல்களுக்கு இடமளிக்காமல், அன்பையும் அமைதியையும் புரிந்துணர்வையும் முன்னிலைப்படுத்த வேண்டிய பொறுப்பு எம் அனைவருக்கும் உள்ளது. குறிப்பாக, இளைஞர்கள் மற்றும் எதிர்கால தலைமுறையினர் நல்லொழுக்கம், சகிப்புத்தன்மை, சமூகப் பொறுப்பு மற்றும் மனிதநேயம் ஆகிய பண்புகளை தமது வாழ்வில் வளர்த்துக்கொள்வது நாட்டின் முன்னேற்றத்திற்கு பெரும் பங்களிப்பாக அமையும்.

மீலாதுன் நபி தினம் ஒரு மத நிகழ்வை நினைவுகூரும் நாளாக மட்டுமன்றி, அன்பு, கருணை, நீதி, சமத்துவம் மற்றும் சகோதரத்துவம் ஆகிய உயரிய பண்புகளை எமது அன்றாட வாழ்வில் நடைமுறைப்படுத்துவதற்கான உறுதிமொழி நாளாகவும் அமைய வேண்டும்.

இந்த புனித நாளில், இலங்கை வாழ் அனைத்து முஸ்லிம் மக்களின் இல்லங்களிலும் அமைதி, மகிழ்ச்சி, ஆரோக்கியம், செழிப்பு மற்றும் நல்லிணக்கம் நிறைந்திருக்கவும், அவர்களின் அனைத்து நற்பணிகளும் வெற்றியடையவும் இறைவனைப் பிரார்த்திக்கின்றேன்.

இலங்கை வாழ் அனைத்து முஸ்லிம் சகோதர சகோதரிகளுக்கும் எனது இனிய மற்றும் இதயம் கனிந்த மீலாதுன் நபி தின நல்வாழ்த்துகள்!

Address

New Secretariat, Colombo/10
Maligawatta
01000

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Alerts

Be the first to know and let us send you an email when Ministry of Fisheries Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share