Manakkulama Junior School - Chilaw

Manakkulama Junior School - Chilaw Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manakkulama Junior School - Chilaw, Public School, Kakkapalliya/Medagama Road, Manakkulama.

"Building confident leaders for a better tomorrow.” A leadership training camp for students who qualified as a prefect f...
22/05/2026

"Building confident leaders for a better tomorrow.”
A leadership training camp for students who qualified as a prefect for the year 2026 was successfully conducted at the school premises.

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැනුම්දීමයි....
22/04/2026

අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් කෙරෙන දැනුම්දීමයි....

A big, warm welcome to our adorable Grade One little ones! 🌟Tiny steps, bright smiles, and curious hearts — your beautif...
29/01/2026

A big, warm welcome to our adorable Grade One little ones! 🌟
Tiny steps, bright smiles, and curious hearts — your beautiful school adventure starts today. 🎒📚🌈

ජන ජීවිතය සුපුරුදු රිද්මයට රැගෙන ඒම පිණිස ගන්නා ලද පියවරක් ලෙස පසුගිය 16 වන දින සිට දිවයිනේ බොහෝ පාසල් යළි ආරම්භ කිරීමට ...
19/12/2025

ජන ජීවිතය සුපුරුදු රිද්මයට රැගෙන ඒම පිණිස ගන්නා ලද පියවරක් ලෙස පසුගිය 16 වන දින සිට දිවයිනේ බොහෝ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. අදින් (19)අවසන් වූ සතිය පුරා ආපදාවට ලක් වූ සිදු දරු දැරියන්ගේ තොරතුරු ලබා ගැනීමටත්,ඔවුනගේ සුභසාධන කටයුතු සම්පාදනය කිරීමටත්, විශේෂයෙන් ම දරුවන්ගේ මානසික තත්ත්වයන් ප්‍රකෘතිමත් කිරීමටත් මුල් තැන දෙමින් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් පාසල් පැවැත්වීමටත් අධ්‍යාපන අධිකාරියෙන් පාසල් වෙත උපදෙස් ලැබී තිබිණ.

ඒ අනුව එහි එක් පියවරක් ලෙස හලා/මනක්කුලම කනිෂ්ඨ විද්‍යාලය සංවිධානය කළ ධර්ම දේශනාමය පින්කමක් අද , 2025.12.19 දින උදෑසන 9.00 සිට විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ පැවැත්විණි.

වැඩමවා වදාළ ගොඩැල්ල මිහිඳු ආරාමාධිපති ගෞරව පූජපාද භරණමිත්‍ර ස්වාමින්වහන්සේ විසින් ධර්ම දේශනාව සිදු කරන ලදී.

🧶🪡🎨🎨CREATIVE SIGNATURES🎨🎨🧶🪡The Art Exhibition of Manakkulama Juniors' was a vibrant showcase of imagination, talent, and...
08/11/2025

🧶🪡🎨🎨CREATIVE SIGNATURES🎨🎨🧶🪡
The Art Exhibition of Manakkulama Juniors' was a vibrant showcase of imagination, talent, and passion. From paintings to sculptures, every masterpiece reflected the dedication and artistic spirit of our students. A heartfelt thank you to everyone who made this colorful event a success! 🌈👏

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සදහා වන "රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන" ට සමගාමීව හලා/මනක්කුලම විද්‍යාලීය වැඩසටහන ද අද ...
30/10/2025

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සදහා වන "රටම එකට ජාතික මෙහෙයුම වැඩසටහන" ට සමගාමීව හලා/මනක්කුලම විද්‍යාලීය වැඩසටහන ද අද දින (2025.10.30) විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

7-11 ශ්‍රේණිවල දරු දැරියන් සහභාගී කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා අප ආරාධනයෙන් සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මාදම්පේ මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරී
මධූ පණ්ඩිතසේකර මහත්මිය විසිනි.

වැඩසටහන තුළ දරු දැරියන් විසින් විෂ මත්ද්‍රව්‍යහරණය උදෙසා වන ප්‍රතිඥාව ද ලබා දෙන ලදී.

මනක්කුලම කනිටු විදුහලේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වෙමින් පසුගිය සඳුදා එනම් 2025.10.27 දින විද්‍යාලයේ දරුවන් තිස් ...
30/10/2025

මනක්කුලම කනිටු විදුහලේ දුවා දරුවන්ගේ අධ්‍යාපනයට අත්වැලක් වෙමින් පසුගිය සඳුදා එනම් 2025.10.27 දින විද්‍යාලයේ දරුවන් තිස් දෙනෙකුට ඉගෙනුම් උපකරණ කට්ටල ලබා දීමට සම්පත් දායක මහත්ම මහත්මීන් පිරිසක් කටයුතු කරන ලදී.

ප්‍රාදේශීය සභා සභික සන්දීප මාරසිංහ මහතාගේ සම්බන්ධීකරණයෙන් මනක්කුලම අමරපති පවුලේ මහත්ම මහත්මීන් වන ලලනි අමරපති,වෛද්‍ය මිහිරිනී අමරපති,නදිල් අමරපති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිස විසින් මෙම පරිත්‍යාගය දරුවන් වෙත ලබා දීමට කටයුතු කරන ලදී.මනක්කුලම විද්‍යාලයේ ආදි විදුහල්පතිවරයෙකු වන අමරපති පවුලේ J.S.අමරපති මහතා සහ ,විද්‍යාලයේ ආදි ගුරු මහත්මියක් වන M.C. මොරයිස් මහත්මිය ද මෙහිලා ගෞරවයෙන් සිහිපත් කරමු.

පාසලේ දරුවන්ගේ අධ්‍යාපනික අභිවෘද්ධිය උදෙසා යට කී පරිත්‍යාගශීලීන් කළ මෙම උපකාරය ඉතා ගෞරවයෙන් මෙහිලා සිහිපත් කරන අතර ඔවුන් වෙත හලා/ මනක්කුලම විද්‍යාලයේ ස්තුතිය හා ආචාරය මෙයින් පුද කර සිටිමු.

30/10/2025

සමස්ථ ලංකා පාසල් සංගීත හා නාට්‍ය තරගයේ අවසන් වටයේ දී අප විද්‍යාලයීය කණ්ඩායම නාට්‍ය ගීත ජවනිකා අංශයෙන් තරග වැදුණු ආකාරය

පසුගිය දා පැවති සමස්ථ ලංකා සංගීත හා නාට්‍ය තරගාවලියේ දී හලා/මනක්කුලම කනිෂ්ඨ විද්‍යාලයට ඉමහත් ගෞරවයක් අත්කර දෙමින්  ඒකල ග...
29/10/2025

පසුගිය දා පැවති සමස්ථ ලංකා සංගීත හා නාට්‍ය තරගාවලියේ දී හලා/මනක්කුලම කනිෂ්ඨ විද්‍යාලයට ඉමහත් ගෞරවයක් අත්කර දෙමින් ඒකල ගිටාර්- ගීත අනුවාදන අංශයෙන් සමස්ථ ලංකා දෙවන ස්ථානය හිමිකරගැනීමට අප විද්‍යාලයේ විදුර සත්සර ප්‍රනාන්දු ශිෂ්‍යයා සමත් විය.

මෙම තරගාවලියේ ම ගායන අංශයේ නාට්‍ය ගීත ජවනිකා කාණ්ඩයේ තරග වැදුණු සමාධි ගීසරණී‍,හෙෂාරා මධුසඳලි‍,කවිඳි කවිත්මා සහ නෙතුසඳළි යන ශිෂ්‍යාවන්ගෙන් සමන්විත වූ අප විද්‍යාලයීය කණ්ඩායම ද හලාවත කලාපයේ ප්‍රථම ස්ථානය දිනාගනිමින්, වයඹ පළාතේ ප්‍රථම ස්ථානය දිනා ගනිමින් සමස්ථ ලංකා තරගයට සුදුසුකම් ලබා සහභාගී විය.

දරුවන් පුහුණු කල විද්‍යාලීය සංගීතාචාර්‍ය බිමල් ජයසිංහ මහත්මාට විද්‍යාලීය ගෞරවාචාරය පුදකර සිටින අතර වාදන සහාය ලබා දුන් සියලු දරුවන්ටත් ,නන් අයුරින් උපකාර කළ සියලු දෙනාටමත් විද්‍යාලීය ගෞරව පූර්වක ස්තුතිය මෙයින් පුදකර සිටිමු. 💐❤

10/10/2025

දිසාපාමොක් ගුණ වරුණ -2025

~ දිසාපාමොක් ගුණ වරුණ ~වසර ගණනාවක් මුළුල්ලේ මනක්කුලම කනිටු විදුහලේ දුවා දරුවන්ගේ නැණ පහන් දල්වා 2025 වසරේ දී ස්ථාන මාරු ...
10/10/2025

~ දිසාපාමොක් ගුණ වරුණ ~

වසර ගණනාවක් මුළුල්ලේ මනක්කුලම කනිටු විදුහලේ දුවා දරුවන්ගේ නැණ පහන් දල්වා 2025 වසරේ දී ස්ථාන මාරු ලැබ,විශ්‍රාම ලැබ විද්‍යාලයෙන් සමුගෙන යන්නට යෙදුණ ගුරු මහත්ම මහත්මීන් උදෙසා "දිසාපාමොක් ගුණ වරුණ" කෘතගුණ ප්‍රණාම උළෙල පසුගිය 9 වැනි දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී.

සුනේත්‍රා නුගදූව,තුසිත විජේසේකර,ශ්‍රීමතී තිලකරත්න,චානක ප්‍රනාන්දු,අමාලා මධුවන්ති,තිරාෂා තමෙල්,ඉරේෂා චාමලී යන ගුරු මහත්ම මහත්මීන්ට එදින මෙම උත්සවයට ආරාධනා කරන ලදුව, මහත් හරසරින් කැඳවාගෙන පැමිණ උත්සව කටයුතු පවත්වන්නට විද්‍යාලයීය විදුහල්පතිතුමිය Y.R.D. ප්‍රියංගිකා මහත්මිය ඇතුළු ආචාර්‍ය මණ්ඩලය හා සිසු දරු දැරියන් කටයුතු කරන ලදී.

Address

Kakkapalliya/Medagama Road
Manakkulama

Telephone

+94322220507

Website

Alerts

Be the first to know and let us send you an email when Manakkulama Junior School - Chilaw posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Manakkulama Junior School - Chilaw:

Share

Category