Talk with pavi

Talk with pavi pavi

28/11/2024

ආයෙමත් ආදරෙන් ,

හැමෝම හොයන්නේ නිදහසක් .
ජීවිතයේ සතුට එක එක අයට විවිධාකාරයෙන් දැනෙනවා
සමහරු කැමති
තමන්ගේ අය ලගින් ඉද්දී ,
තවත් අය කවුරුත් නැතුව තනියම ඉන්න ,
නිතරම කතා කර කර ඉන්න ,
කතාව වදයක් දැනෙන නිසා හුදෙකලා වෙලා ඉන්න ,
ඕනෑ දෙයක් ලබා ගන්න,
ඕනෑ දෙයක් දෙන්න ,
කේලම් පතුරුවන්න,
නිතරම හිනා වෙන්න ,
ඔරවන්න ඉන්න ,
හැමදේම හොඳයි ලස්සනයි කියන්න ,
හැමදේම පොඩි හරි වැරැද්දක් පෙන්වන්න ,
ඔය කොයි දේවල් වලින් මිනිසුන් ලබන්නේ සතුටක්
හැබැයි මතක තියාගන්න ..අපිට කාවවත් පාලනය කරන්න බෑ ..
හොඳ හෝ නරක .. මිනිසුන්ගේ ඒ දේවල් කතා කර කර අපි විදවනවත් ඕනෑ නෑ
අපි අපේ මගේ කියලා කියා ගන්නා ඇගවත් අපිට ඕනෑ විදිහට පාලනයක් නැත්තම් ..
අපි කොහොම ද තව කෙනෙක් අපේ විදිහට තියා ගන්නේ ...
තරහා අරන් කියලා කරලා ඉන්න ටිකේ .. හතුරෝ වගේ ඉන්නේ ඇයි අපි ...
අවුරුදු 100ජීවත් වුනොත් දින 36500 අපි ඉන්නේ ....
මුදලින් බැලුවොත් හරි පොඩි කාලයක් ....
හිනා වෙලා ,අනිකාගේ වැරදිගනන් නොගෙන අපි යමු ..මේ ගමන

පවීගෙන්........💚💚💛💛❤️❤️

03/05/2024

ඔයා ජීවිතයේ ආදරේ කරන කෙනෙක් ඇති..
පවුලක් ඇති ...
එයාලත් එක්ක ආදරෙන්
සතුටින් ජීවිතය විදින්න බලන්න.
එයාලා වෙනුවෙන් ඉන්නවා
කියලා ජිවිතේ විදවන්න එපා...
එහෙම ඉන්නත් එපා..
ඔයා ඔයාගේ විදිහට
තැනට ගැලපෙන්න ,
පොඩ්ඩක් නම්‍යශීලී වෙලා ...ඉන්න
ආදරේ කරන අයත් එක්ක
කාලයක් ඉන්න උත්සාහ කරන්න ..
මගදී දාලා යන්න හිතන්නවත් එපා
ඔයාත් ලස්සනට හිනා වෙලා
සතුටින් ඉන්න
ඔයාගේ ආදරණීයන්❤️❤️❤️ සතුටින් හිනහෙවී..

පවිගෙන්......❤️😘❤️😘

18/04/2024

සතුටින් ඉන්න ඕනෑ නම්
ජීවිතයේ පොඩි දෙයක් වුනත් ඇති ..
හැමදාමත් හැමෝටම එක වාගේ නෑ

කෙනෙකුගේ දක්ෂාතාවය දකින්න
ඒක අගයන්න.
ලස්සන දැකලා ඒක ලස්සනයි කියන්න
කරුණාවන්තකම දකින්න ..ඒක කියන්න

කෙනෙක් ඔබට හිනාවකින් හරි සංග්‍රහ කලොත්
පෙරලා ආදරෙන් හිනා වෙන්න ...
හැමවේලාවේම තව කෙනෙක් ,වචනයකින් හරි
appreciate කරන්න ...
ඒ කෙනා ඊලග දවසේ ඊට වඩා ලස්සනට
හිනා වෙලා ඉදී..
මම හිතනවා ස්වාභාවධර්මයෙන් ඊට වඩා
දෙයක් ලබා දෙවී....

ආදරෙන් පවි...❤️

Address

Matale

Website

Alerts

Be the first to know and let us send you an email when Talk with pavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category