JVP Matara

Directions Website Contact the organization

JVP Matara යුක්තිගරුක දේශයක් ,සාධාරණ සමාජයක් ,නිවහල් මිනිසෙක්.. !!

SYU YOUTH SUMMIT මාතර ආසනය
03/10/2026

SYU YOUTH SUMMIT
මාතර ආසනය

*ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි*ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති ...
01/10/2026

*ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු නියෝජිත පිරිස ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවෙයි*

ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (01) පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත වූහ.

මෙහිදී පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සබඳතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී. විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සන්නිවේදනයක් පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබාදීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතරද අත්දැකීම් හා දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කෙරිණි. විශේෂයෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණි.

තවද, ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් හමුවේ දෙරට මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ගත හැකි පොදු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද අවධානය යොමු විය.

"අවැසි තරමට සැමට සෙවණත"
01/10/2026

"අවැසි තරමට සැමට සෙවණත"

මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස ...
30/09/2026

මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස අද (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය හමුවිය. මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් මහතා ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි විය.

මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය ඇතුළු පිරිස විසින් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු නියෝජිත පිරිස දැනුවත් කරනු ලැබීය.

විශේෂයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන් විය.

එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු විය.

ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳවද ටිල්වින් සිල්වා සහෝදරයා විසින් අදහස් පළ කළේය.

විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සහ මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීමයි සඳහා ගෙන යන “Clean Sri Lanka ” වැඩපිළිවෙළ පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වී තිබේ.

මෙම හමුව දෙරටේ දේශපාලන හා පරිපාලන අත්දැකීම් මෙන්ම ජනතා සුබසාධනය හා සංවර්ධනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳ අත්දැකීම් හුවමාරු කරගැනීමට වැදගත් අවස්ථාවක් වේ.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝද...
30/09/2026

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුළු කණ්ඩායම 2026.09.28 වන දින භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන වගකීම දරන ජාතික මහලේකම් ශ්‍රී බී. එල්. සන්තෝෂ් මහතා හමුවී සාකච්ඡාවක නිරත විය.

මෙහිදී භාරතීය ජනතා පක්ෂයේ ඉතිහාසය සහ සංවිධාන ව්‍යුහය සම්බන්ධයෙන් ද, ග්‍රාමීය මට්ටම දක්වා පක්ෂ සමාජිකත්වය සංවිධානය කිරීමට කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන්ද, ඉන්දියාවේ සංවර්ධනය සම්බන්ධයෙන් ගෙනයන ව්‍යාපෘති සහ වැඩපිළිවෙළවල් සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබාදෙන නායකත්වය සම්බන්ධයෙන්ද දීර්ඝ වශයෙන් විස්තර කරන ලදී.

තවද දෙරට අතර සම්බන්ධතාවය සහ මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේදී පක්ෂ දෙක අතර මිත්‍රත්වය හා අවබෝධය වර්ධනය කර ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන ලදී.

තවද මෙම සාකච්ඡාවට සමගාමීව භාරතීය ජනතා පක්ෂයේ කාන්තා සංවිධානයේ ජාතික සභාපති ශ්‍රීමති රෑප්කුමාරි චෞද්‍රි මහත්මිය සමඟද, භාරතීය ජනතා පක්ෂයේ තරුණ සංවිධානයේ නියෝජිතයින් වන ශ්‍රී විනීත් වත්ස් ත්‍යාගී මහතා සහ භක්ති ශර්මා මහත්මිය සමඟ ද සාකච්ඡා පවත්වන ලදී.

25/09/2026
අනාගතවාදී දැක්මක් ඇති පිරිසිදු නායකත්වයක්..හොර-බොරු, වංචාවලට ඉඩ නැතිදූෂණයෙන් තොර පාලනයක්..රටට වගකියන විනයගරුක පුරවැසියෙ...
21/09/2026

අනාගතවාදී දැක්මක් ඇති පිරිසිදු නායකත්වයක්..
හොර-බොරු, වංචාවලට ඉඩ නැති
දූෂණයෙන් තොර පාලනයක්..
රටට වගකියන විනයගරුක පුරවැසියෙක්
උසස් ජීවන තත්ත්වයක්..
ආර්ථික, සාමාජීය, සංස්කෘතික වටිනාකම්වලින් සපිරි
පොහොසත් රටක්
සැමට ලස්සන ජීවිතයක්..

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයිජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගිවනමහා රැලියසැප්තැම්බර් 20සවස 2.00ට අකුරැස්සේ දී
17/09/2026

අපේ ආණ්ඩුව
වසර දෙකයි - රටට සුබයි
ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගිවන
මහා රැලිය
සැප්තැම්බර් 20
සවස 2.00ට අකුරැස්සේ දී

අපේ ආණ්ඩුව වසර දෙකයි - රටට සුබයිජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගිවනමහා රැලියසැප්තැම්බර් 20සවස 3.00ට වැලිගම සේනානා...
17/09/2026

අපේ ආණ්ඩුව
වසර දෙකයි - රටට සුබයි
ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගිවන
මහා රැලිය
සැප්තැම්බර් 20
සවස 3.00ට වැලිගම සේනානායක ක්‍රිඩාංගනයේ දී

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when JVP Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to JVP Matara:

Shortcuts

Share