Vector Borne Disease Control Unit - Matara.

Vector Borne Disease Control Unit - Matara. Filariasis free Sri Lanka.
බරවා රෝගයෙන් තොර ශ්‍රී ලංකාවක්..

මැලේරිය මර්දන මූලස්ථානයේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් වාහක රෝග නිවාරණ ඒකකයේ  ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්සිරි ...
22/09/2025

මැලේරිය මර්දන මූලස්ථානයේ උපදෙස් පරිදි මාතර දිස්ත්‍රික් වාහක රෝග නිවාරණ ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතාගේ මග පෙන්වීම යටතේ මැලේරියාව නැවත අප රට තුලට ඇතුලු වීම වලක්වා ගැනීම සදහා අවධානම් කණ්ඩායම් (දඹදිව වන්දනාවේ ගොස්පැමිණි කණ්ඩායමක්) දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථකව සිදු කරන ලදී.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් සැමට විශේෂ ස්තුතිය...

2025.08.30 දින දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පහළ අපරැක්ක ග්‍රාම නිලධාරී කොට්ඨාසය මූලිකව ආවරණය වන පරිදී බ...
01/09/2025

2025.08.30 දින දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් පහළ අපරැක්ක ග්‍රාම නිලධාරී කොට්ඨාසය මූලිකව ආවරණය වන පරිදී බරවා රෝගය සඳහා එක් දින ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් (MDA) සිදුකරන ලදී.
මාතර දිස්ත්‍රික් වාහක රෝග නිවාරණ ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වූහ.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් සැමට විශේෂ ස්තුතිය.

2025.08.23 අද දින හක්මණ , උඩුපීල්ලගොඩ/ බටහිර  ග්‍රාම නිලදාරී කොට්ථාශයේ බරවා රෝගය සඳහා එක් දින ප්‍රතිකාර ලබා දීමේ විශේෂ ව...
23/08/2025

2025.08.23 අද දින හක්මණ , උඩුපීල්ලගොඩ/ බටහිර ග්‍රාම නිලදාරී කොට්ථාශයේ බරවා රෝගය සඳහා එක් දින ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩසටහනක් (MDA) සිදුකරන ලදී.
මාතර දිස්ත්‍රික් වාහක රෝග නිවාරණ ඒකකයේ ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්සිරි මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වූහ.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් සැමට විශේෂ ස්තුතිය...

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සමගාමීව බරවා රෝගය පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී රුධිර සාම...
10/08/2025

දෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සමගාමීව බරවා රෝගය පරීක්ෂා කිරීම සඳහා රාත්‍රී රුධිර සාම්පල ලබා ගැනීමේ විශේෂ වැඩසටහන මෙවරත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මල්කාන්ති මැදිවක මහත්මියගේ උපදෙස් හා ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරී ප්‍රභා මාසකෝරාල මහත්මියගේ අධීක්ෂණය මත මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

2025 අගෝස්තු මස 9,10,11,12,13,14,15 හා 16 යන දිනයන්හිදි රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වේ..

ඔබත් මෙම වැඩසටහනට සම්බන්ධවී රුධිර පරීක්ෂාව සිදුකරගැනීමෙන් ඔබේ නිරෝගී බව තහවුරු කරගෙන බරවා රෝගය මර්දනය සඳහා දායක වන්න.


2024.07.19 අද දින වැලිගම මිදිගම  ප්‍රදේශයේ බරවා රෝගය සඳහා එක් දින ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩසටහනක්(MDA) සිදුකරන ලදී. ප...
19/07/2025

2024.07.19 අද දින වැලිගම මිදිගම ප්‍රදේශයේ බරවා රෝගය සඳහා එක් දින ප්‍රතිකාර ලබා දීමේ විශේෂ වැඩසටහනක්(MDA) සිදුකරන ලදී. ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරි ප්‍රභා මාසකෝරාළ මහත්මියගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබූ අතර මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරීන් කණ්ඩායමක් ඒ සඳහා සහභාගී වූහ.
වැඩසටහන සාර්ථක කරගැනීමට සහය ලබාදුන් ඔබ සැමට ස්තුතිය...

Address

Fort
Matara

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 08:00 - 13:00

Alerts

Be the first to know and let us send you an email when Vector Borne Disease Control Unit - Matara. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share