Fire And Rescue Department Matara

Fire And Rescue Department Matara Fire And Rescue Department,
Municipal Council Matara.
0412236000

20/03/2026

වැවහමන්දුව වෙල්‍ යායක ඇති වූ ගිනි කැදවීම මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුව මගින් ගින්න මැඩ පැවැත්වීම,
2026 March 20 Fire Incident At Wewahamnduwa

20/03/2026
වැවහමන්දුව වෙල්‍ යායක ඇති වූ ගිනි කැදවීම මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුව මගින් ගින්න ම...
20/03/2026

වැවහමන්දුව වෙල්‍ යායක ඇති වූ ගිනි කැදවීම මාතර මහ නගර සභාවේ ගිනි නිවීමේ හා ජීවිත බේරා ගැනීමේ දෙපාර්තමේන්තුව මගින් ගින්න මැඩ පැවැත්වීම,
2026 March 20 Fire Incident At Wewahamnduwa

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗...
17/03/2026

I've just reached 2K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

17/03/2026

News/2026.03.17-5.30PM
ජයසිරි පේදුරුආරච්චි
---------
ගිනිගත් වැල්ලමඩම
---------

මාතර වැල්ලමඩම ප්‍රදේශයේ පිහිටි රුහුණ විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාපිටියට යාබද දිගන්වෙලවත්ත පුරන් කුඹුරු යායේ අද (17) පස්වරුවේ ඇතිවූ ගින්නක් අධික වියලි බව හා සුළඟ හේතුවෙන් මැද්දවත්ත පිරවුන්හල හා යාබද නිවාස වෙත ව්‍යාප්ත වෙමින් පැවතීමත් සමග නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.

පුරන් කුඹුරු යායේ තිබූ මානා පඳුරුවලට ගිනි ඇවිළී එය ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් ඇතිවූ කළු දුමාරය හේතුවෙන් දිගන්වෙලවත්ත ආසන්නයෙන් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගය හා මැද්දවත්ත පිරවුම්හල කළු දුමාරයෙන් වැසී යාම හේතුවෙන් රථවාන ගමනාගමනයට ද බාධා පැමිණ තිබුණි

ඒ වන විටත් මැද්දවත්ත පිරවුම්හලේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල පිරිස් සිටිනු දක්නට ලැබුණු අතර ගින්න ව්‍යාප්තවීමේ අවධානම හේතුවෙන් පිරවුම්හලද තාවකාලික වසා දමා ඇති අයුරු දක්නට ලැබුණි.

ප්‍රදේශවාසියෙකු පැවසුවේ රුහුණ විශ්වවිද්‍යාලයීය පිරිසුදුකරන්නන් කණ්ඩායමක් ක්‍රීඩා පිටියට නුදුරින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවිත්‍ර කරමින් සිට කුණු ගොඩකට ගිනි අවුලවමින් සිටිනු දක්නට ලැබුණු බවත් එම කුණු ගොඩෙන් නිකුත් වූ ගිනි පුලිඟු වියළී ගිය මානා පඳුරු මත වැටිමෙන් මෙම ගින්න ඇතිවූ බවයි.

ගින්න ක්‍රමයෙන් ව්‍යාප්ප වෙමින් පැවතීමත් සමඟ අසල නිවාස වල සිටි වැඩිහිටි පිරිස් නිවෙස් හිමියන් විසින් වෙනත් ස්ථානවලට රැගෙන යන අයුරු දක්නට ලැබුණු අතර මාතර නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් පැමිණ ගින්න නිවීම සඳහා උත්සාහ දරද්දී නිවාස වල සිටින පිරිස්ද ජල නල ආධාරයෙන් වතුර ගින්න දෙසට යොමු කරමින් ගින්න පාලනය කර ගැනීම සඳහා දැඩි වෙහෙසක් දරනු දක්නට ලැබුණි.

එම අවස්ථාව සඳහා මාතර මූලස්ථාන පොලිසියේ නිලධාරීන්ද එක්ව සිටියහ.

Address

Fire And Rescue Department, Municipal Council
Matara
81000

Telephone

+94412236000

Website

Alerts

Be the first to know and let us send you an email when Fire And Rescue Department Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share