23/08/2026
1982 ජන්ම ලාභය ලබා මාතර රාහුල විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඔහුගේ පියාගේ අඩි පාරේ යමින් ඡායාරූප ක්ෂේත්‍රයට පිවිසි ප්‍රභාත් මංජුල ගුණසේකර ඔබ අප කවුරුත් දන්නා කරුණකි. අද වන විට ඡායාරූප ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද නමක් දිනාගෙන ඇති පුද්ගලයෙක් බවට පත්ව සිටී..
ඔහුටම ආවේනික ඡායා රූප කලාවක නියැලෙන ඔහු මීට වසර පහකට පමණ ඉහතදී මුදුන් මල්කඩ බඳු උතුම් දළදා පෙරහැරේ ජයරූප ලබා ගැනීමට ගොස් අද වන විට උතුම් දළදා පෙරහරේ නිල ජයරූප ශිල්පියෙක් වශයෙන් කා අතරත් ජනප්‍රිය වී ඇත..
ඔහු ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ ජාතීන්ගේ සංස්කෘතික උළෙලවල් සහ ලංකාවට ආවේණික පක්ෂින් මෙන්ම තුරුලතා වලද ඡායා රූප ලබාගෙන ලෝකවාසී සියලු දෙනාටම එය සජීව දසුන් මෙන් දැක ගැනිමට සැලැස්වීමද ඔහු ලබන භාග මෙන්ම උතුම් පුණ්‍ය කටයුත්තක් සේ අපට හැගේ..
මෙවරද තම ව්‍යාපාරක ස්ථානය දින දොළහක් වසා තබා ඔහුගේ ශ්‍රමය කාලය, මුදල් වැයකර මෙම උතුම් දළදා පෙරහැර මංගල්‍යය ලංකාවාසි සියලු දෙනාටම සහ ලෝකවාසීන්ට දැක ගැනීමට වෙහෙසක් ගනිමින් සිටී. ගිය වරද වර්ෂාවෙන් බාධා පැමිණියත් ඔහු එය බාධාවක් නොගෙන ඡායාරූපකරණයේ යෙදෙන අයුරු දැක ගැනීමට ලැබිණ. මෙවරද සියලු වැඩ රාජකාරී පසෙකලා ඔහුගේ ඒ උතුම් පුණ්‍ය කටයුත්ත නියැලීම සඳහා මෙවරද ඔහු සහභාගි විය. ගියවර ඔහුට මතක සටහනක් වශයෙන් දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා විසින් දළදා පෙරහරේ සමරු තිළිණයක් ඔහුට පිළිගන්වන ලද ප්‍රභාත් මංජුල ගුණසේකර මාතර කා අතරත් ආදරයට සහ ගෞරවයට පාත්‍ර වූ පුද්ගල චරිතයකි.
ඔහුගේ පවුල් පසුබිම ගත්තද බුද්ධ දර්ශනයට ඉතාම ආදරේ කරන පවුලක් ලෙස කිව හැකිය. තම මෑණියන්ගේ ජන්ම දිනය වෙනුවෙන් මාතර ඇලවෙල්ල පාර විහාරස්ථානයට චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක් ඉදිකර පූජා කරන ලදී. ඕනෑම කෙනෙකුට උදව් කිරීමට දෙපාරක් හිතන්නෙ නැති පුද්ගලයෙක් පිදිය යුත්තන්ට පිදීම මා ඔහු තුළින් දැකපු උතුම් ගති ලක්ෂණයකි. තම සිප් සතර හදාරන ලද පාසලට තම දෙවැනි මෑණියන් ලෙස ඔහු හැකි පමණින් ඒ වෙනුවෙන් කැප වන අවස්ථා අප දැක ඇත..
අවසාන වශයෙන් මාතරට සහ රාහුල මෑණියන්ට ගෞරවය ගෙනෙන මෙවැනි උදාර පුතකු බිහිකර දෙමව්පියන්ට අප හිස නමා ආචාර කරන්නෙමු. ඉදිරියටත් මෙවැනි පුණ්‍ය කටයුතු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමු. තෙරුවන් සරණයි ප්‍රභාත් මංජුල ගුණසේකර ඔබට 🙏🙏🙏💗💗💐
සටහන - මාධ්‍යවේදී පන්කජ සංකල්ප