20/08/2026
🌸 ලොකු ස්වාමින් වහන්සේගේ ජන්ම දින නිමිත්තෙන් පැවැත්වූ ආශීර්වාදාත්මක බෝධි පූජා පුණ්‍ය මහෝත්සවය 🌸
තෙලිජ්ජවිල සමරසිංහාරාමාධිපති, තෙලිජ්ජවිල සමරසිංහාරාම දහම් පාසලේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය දිද්දෙනිපොත ධම්මානන්ද ලොකු ස්වාමින් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උන්වහන්සේට දීර්ඝායුෂ හා නීරෝගී සුවය පතා පැවැත්වූ ආශීර්වාදාත්මක බෝධි පූජා පින්කම, පසුගිය අගෝස්තු 18 වන දින තෙලිජ්ජවිල සමරසිංහාරාම විහාරස්ථානයේදී ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව පවත්වන ලදී.
මෙම උතුම් පුණ්‍යකර්මය සාර්ථකව සංවිධානය කරගැනීම සඳහා නන් අයුරින් සහයෝගය දක්වා සිටි, ශ්‍රද්ධාවන්ත සියලු දෙනාටම අපගේ හදපිරි කෘතඥතාව සහ ස්තූතිය පුද කර සිටිමු.
🙏 අපගේ ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට සුභම සුභ ජන්ම දිනයක් වේවා!
තිසරණයේ අනුභාවයෙන් උන්වහන්සේට තවත් චිරාත් කාලයක් ස සම්බුද්ධ ශාසනයත්, අපගේ ගම්පියසත් ඒකාලෝක කිරීමට ශක්තිය, නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු