UNP-Matara

UNP-Matara ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා කැපවෙමු!

03/06/2026
31/05/2026
30/05/2026

වයස අවුරුදු 73ක් වන රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින් තමන්ගේ ජීවිතය රැකගන්න රුසියානු රජයේ මුදලින් ඩොලර් බිලියන 26ක දැවැන්ත මුදලක් වියදම් කරමින් සිටිනවා. මෙය නිකම්ම කතාවක් නෙවෙයි, රුසියාවේ නිල අයවැය ලේඛනයටම ඇතුළත් කරලා තියෙන සැබෑ ව්‍යාපෘතියක්.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🔴 මයික්‍රෆෝනයක සටහන් වූ රහස් සාකච්ඡාව
━━━━━━━━━━━━━━━━━━━━━━━━
පසුගිය සැප්තැම්බර් මාසයේ බීජිං නුවර පැවැත්වුණු හ #මුදා පෙළපාලියක් අතරතුර, නොසිතූ මොහොතක ක්‍රියාත්මක වෙලා තිබුණු මයික්‍රෆෝනයක පූටින්ගේ රහස් කතාවක් සටහන් වුණා. එහිදී ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් වෙත නැඹුරු වෙලා අපූරු කතාවක් කිව්වා.

මිනිස් සිරුරේ අවයව එකින් එක අලුතින් ප්‍රතිස්ථාපනය කිරීම හරහා මිනිසාට අමරණීයත්වය ලබාගත හැකි බවයි පූටින් එහිදී ප්‍රකාශ කළේ. ලෝක නායකයෙක් ප්‍රසිද්ධියේ කියයි කියලා කවුරුත් නොහිතපු මේ කතාව, පූටින්ට නම් නිකම්ම නිකන් අදහසක් නෙවෙයි. එය ඔහුගේ රාජ්‍ය ප්‍රතිපත්තියක්.

තමන්ගේ ශාරීරික ශක්තිය සහ තාරුණ්‍යය පෙන්වන්න පූටින් දශක ගණනාවක් තිස්සේ උත්සාහ කළා. කමිසයක් නැතිව දඩයමේ යාම, අයිස් හොකී ක්‍රීඩා කිරීම සහ තද කළු ඇඳුමකින් සැරසී හාලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් පැදීම හරහා ඔහු ලෝකයට පෙන්නුවේ තමන් වයසට නොයන ශක්තිමත් නායකයෙක් බවයි. නමුත් මේ රංගනයට පිටුපසින් සිටින්නේ වයසට යෑමට සහ ම #රණයට දැඩි සේ බිය වුණු පාලකයෙක් බව දැන් පැහැදිලි වෙනවා. වයසට යෑම පාලනය කිරීම සඳහා ඔහු 2024 වසරේදී "New Health Preservation Technologies" නමින් නව ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කළේ ඒ නිසයි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🔴 බිලියන 26න් ඇත්තටම කරන්නේ මොනවාද?
━━━━━━━━━━━━━━━━━━━━━━━━
මේ ව්‍යාපෘතිය ප්‍රධාන කුළුණු හතරක් මත පදනම් වෙලා තියෙනවා.

1️⃣ පළමුවැන්න තමයි 3D තාක්ෂණයෙන් මිනිස් අවයව මුද්‍රණය කිරීම (Organ bioprinting). රුසියානු විද්‍යාඥයන් දැනටමත් 3D තාක්ෂණයෙන් මිනිස් කාටිලේජ පටක සහ මීයන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියක් නිර්මාණය කර ඇති අතර, 2030 වන විට සම්පූර්ණ මිනිස් අවයව නිපදවීම ඔවුන්ගේ ඉලක්කයයි.
2️⃣දෙවැන්න සතුන්ගේ සිරුරු තුළ මිනිස් අවයව වර්ධනය කිරීමයි (Xenotransplantation). මෙහිදී ජානමය වශයෙන් වෙනස් කරන ලද ඌරන්ගේ සිරුරු තුළ මිනිසාට ගැලපෙන අවයව වර්ධනය කෙරෙනවා. අනාගතයේදී වකුගඩුවක් අවශ්‍ය අයෙකුට මේ හරහා නව වකුගඩුවක් ලබාගත හැකි වෙනවා.

3️⃣මීට අමතරව, සෛල වයසට යෑම ප්‍රවේණිගත DNA මට්ටමින් පාලනය කළ හැකි ජාන චිකිත්සාවක් (Gene therapy)

4️⃣සෙල්සියස් අංශක සෘණ 112 දක්වා අධික ශීතලට සිරුර නිරාවරණය කරන ක්‍රයෝතෙරපි (Cryotherapy) තාක්ෂණයද මේ සඳහා භාවිත කරනවා.

රුසියානු නියෝජ්‍ය අගමැතිවරයා ප්‍රකාශ කළේ වයසට යෑම නතර කරන විශේෂ ඖෂධයක්ද ඔවුන් නිපදවමින් සිටින අතර එය 2028 ත් 2030 ත් අතර වෙළඳපොළට නිකුත් කරන බවයි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🔴 ව්‍යාපෘතිය මෙහෙයවන පූටින්ගේ සමීපතමයන්
━━━━━━━━━━━━━━━━━━━━━━━━
මේ දැවැන්ත මෙහෙයුම පිටුපස පූටින්ගේ අතිශය සමීපතමයන් දෙදෙනෙක් සිටිනවා. ප්‍රධාන සැලසුම්කරු වන්නේ පූටින්ගේ දිගුකාලීන හිතවතෙකු සහ ප්‍රබල මාධ්‍ය ව්‍යාපාරිකයෙකුගේ සහෝදරයෙකු වන මිහායිල් කෝවල්චුක්. අනෙක් පුද්ගලයා වන්නේ පූටින්ගේම වැඩිමහල් දියණිය වන මාරියා වොරොන්ට්සෝවායි. ඇය සෛල අලුත් කිරීම සහ දීර්ඝායුෂ ලැබීම පිළිබඳ ව්‍යාපෘතියක් සඳහා රුසියානු විද්‍යා පදනමෙන් විශාල මූල්‍ය ආධාරද ලබාගෙන තිබෙනවා.

යු #ද්ධය ආරම්භ වීමෙන් පසු රුසියාවේ ප්‍රධාන ජෛව තාක්ෂණ සමාගමක හිමිකරු රට හැර ගිය අතර, එම සමාගම ඉතා අඩු මිලකට කෝවල්චුක් සහෝදරයන් සතු සමාගමක් වෙත පවරා ගැනුණා. විශේෂිතම දේ නම්, එම සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා වන්නේ පූටින්ගේ දියණිය වන මාරියාගේ සමීපතම මිතුරියක් වීමයි. මේ අනුව පෙනී යන්නේ රාජ්‍ය මුදල් සහ බලය පූටින්ගේ පවුලේ සමීපතම වළල්ල තුළම කැරකෙන බවයි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🔴 විද්‍යාඥයන් පවසන ඇතුළත ඇත්ත
━━━━━━━━━━━━━━━━━━━━━━━━
කෙසේ වෙතත්, ලෝකයේ සිටින ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් මේ ව්‍යාපෘතිය දකින්නේ වෙනත් කෝණයකින්. රුසියාවේ 3D අවයව මුද්‍රණ තාක්ෂණයේ පුරෝගාමියෙකු වූ, නමුත් යු #ද්ධය නිසා රට හැර ගිය ඇලෙක්සැන්ඩර් ඔස්ට්‍රොව්ස්කි පවසන්නේ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් විද්‍යාත්මක ප්‍රකාශන නොමැතිව මේවා සාර්ථක ප්‍රතිඵල ලෙස පිළිගත නොහැකි බවයි. රුසියාව ලෝකයෙන් හුදෙකලා වී සිටින පසුබිමක සහ බටහිර සම්බාධක නිසා නවීන උපකරණ නොමැති තත්ත්වයකදී මෙවැනි විද්‍යාත්මක ජයග්‍රහණ ලැබීම අසීරු බව විශේෂඥයන් පවසනවා.

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ රුසියානු විද්‍යාඥයන් කරන්නේ පූටින්ගෙන් ප්‍රතිපාදන ලබාගැනීම වෙනුවෙන්, බංකරයකට වී ම #රණයට බියෙන් පසුවන 73 හැවිරිදි පාලකයාට ඇසීමට අවශ්‍ය දේ පමණක් පැවසීම බවයි.
━━━━━━━━━━━━━━━━━━━━━━━━
🔴 ඉලක්කම් පිටුපස ඇති බිහිසුණු සත්‍යය
━━━━━━━━━━━━━━━━━━━━━━━━
මේ ව්‍යාපෘතිය හරහා දශකය අවසන් වන විට රුසියානු ජීවිත 175,000ක් බේරා ගැනීමට අපේක්ෂා කරන බව රුසියාව පවසනවා. නමුත් විවේචකයන් පෙන්වා දෙන්නේ මේ ඉලක්කම් පිටුපස පුදුමාකාර පරස්පරතාවක් ඇති බවයි. යුක්‍රේන යු #ද්ධය නිසා මේ වන විට අහිමි වී ඇති රුසියානු සෙබළුන්ගේ සංඛ්‍යාවද දළ වශයෙන් මෙයට සමාන වෙනවා.

තමන්ගේ නායකයාගේ ජීවිතය දීර්ඝ කරගන්න ඩොලර් බිලියන 26ක් වියදම් කරන රජයක්, අනෙක් පැත්තෙන් රටේ තරුණ සෙබළුන් දහස් ගණනක් යුද බිමේ බිලි දෙමින් සිටිනවා. මේ කටුක ඇත්ත ක්‍රෙම්ලිනයේ නිල නිවේදනවල කොහේවත් සඳහන් වෙන්නේ නැහැ.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් දීර්ඝායුෂ ලැබීම ගැන සැබෑ පර්යේෂණ සිදුකරමින් සිටියත්, බිය සහ බලය මත පදනම් වූ, ජාත්‍යන්තර පරීක්ෂාවට ලක් නොවන මෙවැනි ව්‍යාපෘති විද්‍යාව නෙවෙයි, ඉතා මිල අධික සිහිනයක් පමණක් බවයි විචාරකයන් පවසන්නේ.

තමන්ගේ නායකයාගේ ආයුෂ වැඩි කරන්න රජයක් මෙතරම් මුදලක් වැය කිරීම සාධාරණද? නැත්නම් ඒ මුදල් සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන් යෙදවිය යුතුද? ඔබේ අදහස පහළින් කමෙන්ට් කරන්න.

ඔබේ මිතුරන්ටත් බලන්න share කරන්න.

මූලාශ්‍රය: Wall Street Journal / WION News

Address

Matara

Alerts

Be the first to know and let us send you an email when UNP-Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNP-Matara:

Share