08/10/2026
2026 ලෝක ළමා දිනයට සමගාමීව "මනසින් සවිමත් දරුවන් පොහොසත්" තේමාව පෙරදැරීව මනෝ සමාජීය ක්රියාකාරකම් සමගින් දැනුවත් කිරීමේ හා මනෝ උපදේශන වැඩසටහන 🌸
“මාලිම්බඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා ඒකකය, සමාජ ආරක්ෂණ නිලධාරී සහ මාර/ පරදූව ආදර්ශ කණිටු විද්යාලයේ පාසල් ළමා ආරක්ෂක කමිටුව සංවිධානය කරන ලද ලෝක ළමා දින සැමරුම් ප්රාදේශීය වැඩසටහන 2026/10/01 දින මාර/ පරදූව ආදර්ශ කණිටු විද්යාලයදී පවත්වන ලදී.
මානසික සුවතාව වර්ධනය කිරීම, ආත්ම විශ්වාසය ගොඩනැගීම, ජීවන ඉලක්කයන් නිසි ලෙස කළමනාකරණය කරමින් අභියෝග හමුවේ ශක්තිමත්ව මුහුණ දීමට අවශ්ය මඟපෙන්වීම ලබාදීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ විය. සම්පත්දායකත්වය ආචාර්ය තිලක් විජේසුන්දර මහතා රුහුණ විශ්වවිද්යාලය
මෙම වැඩසටහන පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ ප්රතිපාදන සහ මාතර ඉම්පීරියම් සිංහ සමාජය සහ මාතර රුහුණු මිලේනියම් සිංහ සමාජයේ අනුග්රාහක දායකත්වයෙන් සිදුකරන ලදි.
විශේෂ ස්තුතිය ආචාර්ය තිලක් විජේසුන්දර මහතා, රුහුණ විශ්ව විද්යාලය අයේශා දිල්හානි මහත්මිය, සුමිත් ජාතුංග මහතා මාතර දිස්ත්රික් 306 D 8, මාතර ඉම්පීරියම් සිංහ සමාජය, මාතර රුහුණු මිලේනියම් සිංහ සමාජය , මාලිම්බඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයෙර් කාර්යාල සහායක වසන්ත මහතා . මෙම වැඩසටහන ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් පැවැත්වුණු අතර, මාතර දිස්ත්රික් 306 D 8, මාතර ඉම්පීරියම් සිංහ සමාජය, මාතර රුහුණු මිලේනියම් සිංහ සමාජය ,නියෝජනය කරමින් සිංහ මහත්ම මහත්මීන් ,පාසලේවිදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය, පාසලේ 6-11 ශේණි ළමුන්, සමාජසේවා නිලධාරින් ළමා හා උපදේශන සේවා ඒකකයන්හි නිලධාරීන් සහ සමාජ ආරක්ෂණ නිලධාරී මෙම අවස්ථාවට සහභාගී විය.