MEMA උණුසුම් වු කට ගැස්මක්......

14/02/2024

පාසල තුළ ඉංග්‍රිසි භාෂාව සදහා ධානාත්මක ආකල්පයක් ඇති කළ ගුරුවරයෙක්....

02/08/2023

ප්‍රවීණ මාධ්‍යවේදී, හඬකැවීම් ශිල්පී සහ රංගන ශිල්පී
ලාල් සරත් කුමාර මහතාණෙනි,
ඔබට සුබ ගමන්..!

Photo Credit : Dayan Witharana

18/11/2021

news එකක් ....... ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ පාඩුවේ රුපියල් බිලියන 250 කි.
මෙහිදී විශේෂයෙන් කිව යුතු වන්නේ 2008 වර්ෂය වෙනකන් srilankan airline 51% ක් රජයටත් 49% emirates ආයතනයටත් හිමිව තිබුණි. මේ දී පරිපාලන කටයුතු emirates ආයතනය මඟින් සිදු කළ අතර ලාභ ලබන තත්වයක් පවත්වාගෙන යන ලදී. නමුත් එවකට සිටි රාජ්‍ය නායකයෙකුට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා airline මගින් මදිපුංචිකමක් සිදුවී ඇති බව හිතා හිතුවක්කාරී තීරණයකට එළඹ ශ්‍රී ලංකන් එයාර් ලයින් සම්පූර්ණ හිමිකම රජය සතු කර ගන්නා ලදී . එදවස පටන් දිගින් දිගටම පාඩු ලබන ආයතන බවට පත් අද වන විට එහි උච්චතම අවස්ථාවට පත් වී ඇත. එනම් එහි පාඩුව මිලියන නොව බිලියන 250ක් වී ඇති බවයි. මෙවැනි හිතුවක්කාර ඔලමොට්ටල තීරණ ගැනීම මත මිහි බර ගෙවීමට සිදුව ඇත්තේ එදිනෙදා රැකියා කරන එදිනෙදා වේල හම්බ කරගන්න අහිංසක ජනතාව මෙන්ම සියලුම ජනතාව මත බර පෙටවීමෙනි. රාජ්‍ය නායකයෙකුගේ තීරණ එරට වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්වය ආර්ථික තත්වය සමාජ තත්ත්වය යනාදී සියලු සියලු කාරණා මත බලපෑමක් ඇති කරන බව හොඳින් පැහැදිලි වේ.

සීනි වලට  උනේ මේක ම නොවේද? සීනි ආනයනය මත  බදු කිලෝ එකකට සත 25 කරා. සීනි ගෙනාවා. සීනි කිලෝ එකක  සම්පූර්ණ වියදම ආසන්න වශයෙ...
22/09/2021

සීනි වලට උනේ මේක ම නොවේද? සීනි ආනයනය මත බදු කිලෝ එකකට සත 25 කරා. සීනි ගෙනාවා. සීනි කිලෝ එකක සම්පූර්ණ වියදම ආසන්න වශයෙන් රු.85/=. ලාභයත් සමග සීනි කිලෝවක් රුපියල් 95 මට්ටමක පැවතිය යුතු ව තිබුනා. නමුත් සීනි හිඟයක් ආවා . සතොස විසින් සීනි සොයන මෙහෙයුමක් කරා . අමුතු විදිහකට සීනි රාජසන්තක කරා. රජය වෙළෙන්දන්ගෙන් රුපියල් 113 ගානේ ලබා ගත්තා.
දැන් කාගෙද වැරැද්ද ?. කාටද පාඩු.? බදු නැති උනේ කාගේ ද?
නාට්‍ය ලස්සනයි නේද ?
සීනි බදු අඩු කිරීම තුළ පාඩුව කෝටි 1500 ක් විතරලු .
කන්න නැතත් රට තියෙනවනේ.... දැන් කට්ටියම සතුටු වෙමු .....

අලුත්ම එක ........
19/09/2021

අලුත්ම එක ........

රට සංවර්ධනය කිරීමට කබ්බ්‍රාල් වැඩ අරඹයි.....😩😩😩
19/09/2021

රට සංවර්ධනය කිරීමට කබ්බ්‍රාල් වැඩ අරඹයි.....😩😩😩

ලංකාවට විශාල  විදේශ විනිමය ආදායමක් ඉපයූ " ceylon tea " නාමයත් ඉවරයි.
13/09/2021

ලංකාවට විශාල විදේශ විනිමය ආදායමක් ඉපයූ " ceylon tea " නාමයත් ඉවරයි.

https://youtu.be/cco6_I8LXXs
11/09/2021

https://youtu.be/cco6_I8LXXs

SLVOG අපි කිසිදු දේශපාලන ව්‍යාපාරයකට හෝ කිසිදු පෞද්ගලික ආයතනයකින් නඩත්තු නොවන අපිට ම ආවේණික දේශපාලන මතයක් දරන ව්‍ය.....

08/07/2021

යන්තම් ඇති ..... දැන් ඉතින් බැසිල් සර් ඇවිත් රට ගොඩදායි......

01/06/2021

රුසියාවේ ඉගෙනුම ලබන සිසුවෙකු කියූ අපූරු කතාව!
**********
රුසියාවේ බහුතර විභාගවල උපරිම ලකුණු සංඛ්‍යාව 5කි.
සිසුවෙකු කිසිම ප්‍රශ්නයකට පිලිතුරු නොදී හිස් ප්‍රශ්න පත්‍රය ආපසු ලබාදුන්නේ නම් ඔහුට ලැබෙන ලකුණු සංඛ්‍යාව 2කි.
මොස්කව් විශ්වවිද්‍යාලයෙහි මාගේ මුල් දිනවල මා මෙම ක්‍රමය පිලිබඳව නොදැනුවත්ව සිටියෙමි.

පසුව පුදුමයට පත් මා තියඩෝර් මෙඩ්රේව් මහාචාර්යවරයාගෙන් මෙසේ විමසුවෙමි. "කිසිම පැනයකට පිලිතුරු නොදුන් සිසුවෙකුට ලකුණු 5න් 2ක් ලබාදීම සාධාරණයි කියා ඔබ සිතනවාද? ඔහුට ලකුණු බිංදුවක් නොදෙන්නේ ඇයි? නිවැරදි ක්‍රමය එය නොවේද?"

එතුමා මාගේ පැනයට මෙසේ පිලිතුරු ලබාදුන්නේය.

"දරුවෙකුට අප ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද? සෑම දේශනයකටම සහභාගී වීමට උදෑසන 7ට අවදි වූ සිසුවෙකුට ලකුණු බිංදුවක් දෙන්නේ කෙසේද?
මෙම ශීත කාලගුණයේද උදෑසන අවදි වී පොදු ප්‍රවාහන සේවය මගින් නියමිත වේලාවට විභාගයට පැමිණ ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සහ දැරූ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?
රෑ දවල් පාඩම් කර තමන්ගේ මුදලින් පෑනක්, පොතක්, පරිගණකයක් ලබාගෙන තම අධ්‍යාපනයට කැපවූ සිසුවෙකුට ලකුණු බිංදුවක් ලබාදෙන්නේ කෙසේද?

අනිත් සියලුම ජීවන ක්‍රම ප්‍රතික්ෂේප කර අධ්‍යාපනයට යොමුවුණ සිසුවෙකුට කිසිම ලකුණක් නොදෙන්නේ කෙසේද?
මෙහි පුතේ, දරුවෙකු පිලිතුරු නොදැනීම හේතුවෙන් අපි ඔහුට ලකුණු බිංදුවක් ලබා නොදෙන්නෙමු. ඔහුද මිනිසෙකි. ඔහුට මොලයක් ඇත. ඔහු ප්‍රශ්නවලට පිලිතුරු ලිවීමට උත්සහ ගෙන ඇත.
අප මෙහි ලබාදෙන ලකුණු විභාග ප්‍රශ්න පත්‍රයට පමණක් සීමා නොවේ. ඔහුට උපහාරයක් ලෙස ලකුණු ප්‍රමාණයක් ලැබිය යුතුයි."

එයට ප්‍රතිචාර දැක්වීමට නොදැන මාගේ දෙනෙත් කඳුලෙන් පිරුණි. මිනිසෙකු ලෙස මාගේ වටිනාකම මාහට වැටහුනි.
බිංදුව ළමුන් තමන් ගැන තබාගෙන ඇති විශ්වාසය නසයි. ඉගෙනීමට ඇති උනන්දුව වනසයි.

අද මා මෙම සටහන තබන්නේ අප රටේ පවතින මෙම අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට උත්සහයක් දරන ලෙස ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටීමටයි.

උපුටා ගැනීමකි...

23/03/2021

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකාව පරාජයට පත්වී ඇත . දෙපිල බෙදී දේශපාලන පොරපිටිය තුළ එකින් එකිනෙකාට චෝදනා කරගත්තාත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ රටක් විදිහට අපි අසමත් වී ඇත...

Address

Mawanella

Website

Alerts

Be the first to know and let us send you an email when MEMA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category