25/09/2023
අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වොලිබෝල් තරගාවලිය - 2023
අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය වර්ධනය හා නිලධාරීන් අතර සහයෝගිතාවය වර්ධනය කිරීමේ අරමුණින් මැදවච්චිය ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරන ලද වොලිබෝල් තරගාවලිය ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2023 සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා දින මැදවච්චිය මහජන ක්‍රිඩාංගනයේදි උත්කර්ෂවත් ලෙස පවත්වන ලදි.
මෙම තරඟාවලිය සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නියෝජනය කරමින් කණ්ඩායම් රාශියක් සහභාගී වු අතර තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා මැදවච්චිය ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව විශේෂ දායකත්ව ලබා දෙන ලද අතර මේ සදහා ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්තුමා, මැදවච්චිය ගණකාධිකාරිතුමිය, පලුගස්වැව පරිපාලනතුමිය, පලුගස්වැව පරිපාලන ග්‍රාම නිළදාරිතුමිය, මැදවච්චිය පරිපාලනතුමිය ඇතුළු කාර්යාලයේ නිලධාරීන් බොහෝ දෙනෙක් සහභාගි විය.
කාන්තා තරගය දැඩි තරගයකින් පසුව පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම ශුරතාවය ලබාගන්නා ලදි. අනුශූරතාව මැදවච්චිය ලේකම් කර්යලයට හිමිවිය. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත් විය.
මෙහිදී පිරිමි කණ්ඩායම් අතර පැවැති තරගයේ ඉතා උණුසුම් මුහුණුවරක් ගත් අතර මැදවච්චියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ A කණ්ඩායම හා තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය කණ්ඩායම අතර අවසන් තරගය එකට එකක් ලෙස සම වී තිබියදී ආලෝක තත්වයේ ගැටළුවක් හේතුවෙන් කණ්ඩායම් දෙකටම සම සූරතාව පිරිනැමීමට විනිශ්ච මණ්ඩලය තීරණය කරන ලදී. පිරිමි කණ්ඩායම් අතර පැවැති තරගයේ තෙවැනි ස්ථානය මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය B කණ්ඩායමයට හිමි විය.