Divisional Secretariat - Rambewa

Divisional Secretariat  - Rambewa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat - Rambewa, Public & Government Service, Jaffna Road, Rambewa, Mihintale.

රඹෑව කොට්ඨාසයේ ''දැය නංවන සපිරි ගමක්'' ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනේ සමාරම්භය......=====================Clean S...
16/03/2026

රඹෑව කොට්ඨාසයේ ''දැය නංවන සපිරි ගමක්'' ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනේ සමාරම්භය......
=====================

Clean Sri Lanka වැඩසටහන යටතේ සිදු ⁣කරන දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන වැඩසටහනේ සමාරම්භය මැදගම වසමේ මැදගම ග්‍රාමයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් එක් ගමක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
ඒ අනුව පවුල් 50 ක් මේ සඳහා තොරා ගෙන තිබේ.

මෙම සභාව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසන්ත කුමාර නවරත්න මැතිතුමා ප්‍රකාශ කළේ මෙම වැඩසටහන තවත් එක් නොමිලේ භාණ්ඩ බෙදා දෙන වැඩසටහනක් නොවන බවත් දිගුකාලීන සැලැස්මකට අනුව සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතන හා නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් සිදු කරන වැඩසටහනක් බවයි.

ප්‍රධාන සංරචක 6ක් යටතේ මෙම ගම්මානයේ පවුල් ඒකක වල ජීවන තත්ත්ව⁣ය උසස් කිරිම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.
වසර දෙකක් මෙම වැඩසටහන සිදු කිරීම අපේක්ෂා කරන අතර
මෙම අවස්ථාට ප්‍රාදේශිය සභාවේ සභාපති,උප සභාපති. ඇතුළු දේශ පාලන නියෝජිතයින්ද, රඹෑව ප්‍රාදේශිය ලේකම් ඊ.පී.ජී.සී.කේ.මඩුගල්ල මහතා , සියඹලා ගස්වැව විද්‍යාලයේ විදුහල් පති තුමිය , රඹෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් ,වසම භාර ග්‍රාම නිලධාරී,ප්‍රජා ශක්ති සංවර්ධන නිලධාරී,සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ද, තෝරා ගත් පවුල්වල සාමාජිකයින් ද මේ සඳහා සහභාගි විය. මාධ්‍ය සම්බන්ධීකාරක, ඩී.එස්.සෙනෙවිරත්න ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - රඹෑව

25/02/2026
රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් ඉඩම් කච්චේරියක්.................අංක 105 කෝළිබැන්දවැව ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා...
25/02/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තවත් ඉඩම් කච්චේරියක්.................
අංක 105 කෝළිබැන්දවැව ග්‍රාම නිලධාරී වසමේ ජනතාව සඳහා ඉඩම් කච්චේරියක් 2026 -02-24 දින කෝළිබැන්දවැව පාසලේ දී දවස පුරා පවත්වන ලදි.
මෙහි දී ප්‍රතිලාභීන් 84 දෙනෙකු මේ සඳහා සහභාගී වු අතර , රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ජී.සී.කේ.මඩුගල්ල මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ජේ.ඒ.ඩී.එම්.ජයකොඩි මහත්මිය,ඉඩම් නිලධාරීතුමන් ඇතුලු කාර්යය මණ්ඩලය,ග්‍රාම නිලධාරී තුමිය, සංවර්ධන නිලධාරි තුමිය හා ගොවි සංවිධානයේ නියෝජිත මහත්ම මහත්මීන්ද මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට සහයෝගය ලබාදෙන ලදි.
මාධ්‍ය සම්බන්ධීකාරක,
ඩී.එස්.සෙනෙවිරත්න,
රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙත් කවි මඩුවක් පැවැත්වේ..,.......    "හිරිපොද වැස්ස"  ප්‍රවීණ හා ආධුනික කවි-කිවිඳියන්ගේ සු...
25/02/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙත් කවි මඩුවක් පැවැත්වේ..,....... "හිරිපොද වැස්ස" ප්‍රවීණ හා ආධුනික කවි-කිවිඳියන්ගේ සුහඳ හමුව හා හිටිවන කවි මඩුවක් රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සංස්කෘතික බලමණ්ඩල නිලධාරීන් හට හා ප්‍රදේශවාසීන් හට රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේ දී 2026.02.13 දින අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි.

එම වැඩසටහන සංවිධානය කර තිබුණේ එම හිරිපොද වැස්ස සමූහයේ නිර්මාතෘ මෙන්ම සංස්කෘතික බලමණ්ඩලයේ සාමාජික ආර්.පී චන්ද්‍රලතා සහ දිමුතු ජයමින්ද මහතායි.
කවි මඩුව රසවිදීම ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන්,ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරීතුමන්,සංස්කෘතික කටයුතු විෂය භාර නිලධාරීතුමිය,රඹෑව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීතුමිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීතුමන්,ප්‍රාදේශීය සභාවේ සංස්කෘතික නිලධාරි තුමන් ,විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිතුමන් හා කාර්ය මණ්ඩලය , සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් , පවුලේ නෑදෑ හිතමිතුරන් හා කලා හිතකාමී ප්‍රදේශවාසීන් විශාලප්‍රමාණයක් සහභාගී වූ අතර,
හිරිපොද වැස්ස සමූහයේ නන්දෙසින් පැමිණි කලාකරුවන් හිටිවන කවි මඩුව අලංකාර ලෙස වර්ණවත් කරන ලදී. මාධ්‍ය සම්බන්ධීකාරක, ඩී.එස්.සෙනෙවිරත්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රඹෑව

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෑදෑව ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන් සඳහා පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනයක් 2026-02-18 ද...
22/02/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කෑදෑව ග්‍රාම නිලධාරී වසමේ වැඩිහිටියන් සඳහා පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනයක් 2026-02-18 දින ප්‍රජා සෞඛ්‍ය ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී ඒ.එම්.විජේන්ද්‍ර දේවනාත් වෛද්‍ය නිලධාරිතුමන්ගේ හා එම කාර්ය මණ්ඩලයේ සම්පත් දායකත්වයෙන් දවස පුරාම පැවැත්වුණි.

ඒ සදහා රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.සී.ජී.කේ.මඩුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිලධාරී ශ්‍යාමලී රණසිංහ මහත්මිය සහ සමාජ සේවා නිලධාරි අතුල සෙනෙවිරත්න මහතා විසින්ද මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ජී.සී.කේ.මඩුගල්ල මහතාගේ අවවාද හා උපදෙස් මත රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍ය...
16/02/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ජී.සී.කේ.මඩුගල්ල මහතාගේ අවවාද හා උපදෙස් මත රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අධ්‍යාපන අමාත්‍යංශයේ අනුරාධපුර නොවිධිමත් අධ්‍යාපන වැඩසටහන් ඒකකය හා සම්බන්ධව 2024 සහ 2025 වර්ෂ වල රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට කෙසෙල් කොළ නිර්මාණ පාඨමාලා තුනක් රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික සංවර්ධන නිලධාරී සමීරා සෝමපාල මහත්මිය හා රඹෑව ග්‍රාම නිලධාරි තුලානේ ග්‍රාම නිලධාරී බීටා මනෝහාරී යන මහත්මියන්ගේ මැදිහත්වීමෙන් නොවිදිමත් අධ්‍යාපන ඒකකයේ කෙසෙල් කොළ පාඨමාලා ,අජිත් සුසන්ත මහතා විසින් පාඨමාලාවන් තුනක් සම්පූර්ණ කර ,එම පාඨමාලාවල පාඨමාලා ලාභීන්ගේ නිර්මාණ නිරීක්ෂණයක්( පාඨමාලාව සදහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සකසා ගන්නා ආකාරය පිළිබඳ මූලික හැඳින්වීමක් සමග)අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්ගේ හා දිවයිනෙහි පළාත් නවයෙහි අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් 2026.02.12 දින රඹෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
මෙහිදී පාඨමාලා ලාභීන්ගේ සිතුවම් නිර්මාණ අලෙවිකරණය ද සිදුවූ අතර, පරිසර හිතකාමී මෙම වැඩසටහන පිළිබඳව ඉතාමත් හොඳ ඇගයීමක්ද ලබාදෙන ලදී.

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව  සිදු කරයි.=================================78 වන ජාත...
04/02/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික නිදහස් දින සැමරුම අභිමානවත්ව සිදු කරයි.
=================================
78 වන ජාතික නිදහස් සැමරුමට සමගාමිව සිදු කරන්නට යෙදුන රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උත්සවය අද දින 90 පීනගම ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ බෝධිරුක්ඛාරාම රජමහා විහාරස්ථානයේ දී ඉතාමත් අභිමානවත් ලෙස පැවැත්විය.

මෙහි දී ගරුතර සංඝරත්නයේ හා අනෙකුත් ආගමික පූජක තුමන්ලා ගේ සහාභාගීත්වයෙන් හා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා රඹෑව සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ගරු සුසන්ත කුමාර නවරත්න මැතිතුමා ,
රඹෑව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති ඇතුළු සභික මහතුන්, රඹෑව ප්‍රාදේශීය ලේකම් තුමන් , සහකාර ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුලු නිලධාරින් හා ආරක්ෂක අංශ නියෝජනය කරමින් පොලිස් ස්ථාන ප්‍රධානීන් මෙන්ම ප්‍රදේශයේ විශ්‍රාමික රණවිරුවන්, පාසල් දරුවන්, පෙර පාසල් දරුවන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව සහභාගී විය.
මෙහි දී ජාතික ධජය එසවිමෙන් අනතුරුව පාසැල් දරු දැරියන් විසින් ජාතික ගීය සිංහල හා දමිළ බසින් ගායනා කර , ඉන් අනතුරුව මහා සංඟරත්නය හා පූජක තුමන්ලාගේ ආගමික වතාවත් සිදුකර පොල් තෙල් පහන් ප්‍රදීපය දල්වා උත්සවයේ කටයතු ආරම්භ කරන ලදී.

නිදහස් දින විශේෂ උත්සව සභාව අමතමින් රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පි.ජි.සි.කේ.මඩුගල මහතා පවසා සිටියේ අප හට 1948 ලබාගත් නිදහස ඩොමීනියන් නිදහසක් වන බවත් 1972 දී අප නිදහස් ස්වෛරී රාජ්‍යයක් බවට පත්වු බවත් පවසමින් සැබෑ නිදහස යන්න අර්ථකථනය කරමින් හරවත් දේශනයක් පවත්වන ලදී.

තවද, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සුසන්ත කුමාර නවරත්න මැතිතුමා සභාව අමතමින් හරවත් වු දේශනයක් කරන ලදී.

එමෙන්ම නිදහස් දින විශේෂ දේශනය පවත්වන ලද්දේ සිංහල හා බෞද්ධ ශිෂ්ඨාචාරය විෂයන් පිළිබද ගුරුවරයෙකු වශයෙන් කටයුතුකරන අශෝක බණ්ඩාර රලපනාව මහතා විසින්ය.
මෙම අවස්ථාවට කෝණකුඹුක්වැව පාසැලේ දරුදැරියන්, පීනගම පෙර පාසල් දරුදැරියන් මෙන්ම අවට පාසැල් නර්තන කණ්ඩායම් , ශිෂ්‍යය බට කණ්ඩායම හා පීනගම දිල්මී රංගායතනයේ දුවාදරුවන් ගේද විවිධ වු නර්තනාංගයන්ගෙන් උත්සවය විචිත්‍රවත් විය.
පසුව නිදහස් දින උත්සවයට සමගාමීව රුක් රෝපණ වැඩසටහන පවත්වා උත්සවයේ වැඩකටයුතු නිමාකරන ලදී.

ඩී.එස්.සෙනෙවිරත්න
මාධ්‍ය සම්බන්ධීකාරක
රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය.

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ  මෛත්‍රී වැඩිහිටි බල මණ්ඩලයේ 2026 පළමු වැඩිහිටි බල මණ්ඩල රැස්වීම කොට්ඨාසයේ සියලු වැඩිහිට...
27/01/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මෛත්‍රී වැඩිහිටි බල මණ්ඩලයේ 2026 පළමු වැඩිහිටි බල මණ්ඩල රැස්වීම කොට්ඨාසයේ සියලු වැඩිහිටි සමිතිවල නිලධාරින් එක්ව රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 2026.01.27 වන දින රඹෑව ප්‍රාදේශීය ලේකම් ඊ.පී.ජී.සී.කේ.මඩුගල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ,පරිපාලන නිලධාරිනි නිර්මලා රාජරත්න මහත්මිය හා පරිපාලන ග්‍රාම නිලධාරී ජයන්ත මහතාගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.මෙම අවස්ථාවට වැඩමකළ රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සමායෝජක පූජ්‍ය කුමාරකස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන්ධන නිලධාරී ශ්‍යාමලී රණසිංහ මහත්මිය හා සමාජ සේවා නිලධාරී අතුල සෙනෙවිරත්න මහතා විසින් මෙය සංවිධානය කරන ලදී. මාධ්‍ය සම්බන්ධීකාරක, ඩී.එස්.සෙනෙවිරත්න, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - රඹෑව

19/01/2026
රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති තෛයිපොන්ගල් දින සැමරුම =================ජනවාරි 15 වන  යෙදී තිබූ තෛපොංගල් දිනය නිම...
19/01/2026

රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති තෛයිපොන්ගල් දින සැමරුම
=================
ජනවාරි 15 වන යෙදී තිබූ තෛපොංගල් දිනය නිමිතිකරගනිමින් විශේෂ උත්සවයක් අද (19) දින රඹෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්විණි. ප්‍රාදේශීය ලේකම් ඊ.පී. ජී.සී.කේ.මඩුගල්ල මහතා ගේ සංකල්පයක් මත සහකාර ප්‍රාදේශිය ලේකම් ආර්.ආනන්ද් මහතා , සංස්ක‍ෘතික නිලධාරිණී සමීරා සෝමපාල මහත්මිය ගේ මූලිකත්වයෙන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට අනුයුක්තව කටයුතු කරන සියලුම අංශවල නිලධාරීන් විසින් මෙය පවත්වන ලදී.
කිරි උතුරවා පොංගල් කිරිබතක් සදා , මෙම උත්සවයට අදාල සියලුම චාරිත්‍ර සහිතව නැටුම් ගැයුම් සහිතව මෙම උත්සවය සංවිධාන කර තිබුණි.
මාධ්‍ය සම්බන්ධීකාරක, ඩී.එස්.සෙනෙවිරත්න රඹෑව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.

Address

Jaffna Road, Rambewa
Mihintale
50450

Opening Hours

Monday 08:30 - 14:30
Tuesday 08:30 - 04:30
Friday 08:30 - 16:30

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat - Rambewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat - Rambewa:

Share