Divisional Secretariat Mihintale

Divisional Secretariat Mihintale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Mihintale, Government Organization, Anuradhpura Road , Mihinthale, Mihintale.

21/08/2026
💧 ජනතා අයිතියට පත් වූ නව ජලසම්පාදන ක්‍රමය 💧අප ප්‍රාදේශීය මහලේකම්තුමාගේ උපදෙස් පරිදි, වෙල්ලාරගම, කටුකැලියාව ගම්මානයේ ඉදික...
08/08/2026

💧 ජනතා අයිතියට පත් වූ නව ජලසම්පාදන ක්‍රමය 💧

අප ප්‍රාදේශීය මහලේකම්තුමාගේ උපදෙස් පරිදි, වෙල්ලාරගම, කටුකැලියාව ගම්මානයේ ඉදිකරන ලද ප්‍රතිආශ්‍රිත ජලසම්පාදන ක්‍රමය 2026 අගෝස්තු 05 වන දින ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම අවස්ථාව සහකාර ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ සහ සහකාර සැලසුම් අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගම්මානයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලමින්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට මෙම ව්‍යාපෘතිය මහඟු දායකත්වයක් සපයනු ඇත. 💧🌿

ජනතා සුබසාධනය වෙනුවෙන් තවත් එක් සාර්ථක පියවරක්! 🇱🇰

#ජනතාසුබසාධනය

✨ බතික් නිෂ්පාදන කලාව පිළිබඳ තෙදින න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට ✨මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තු...
26/07/2026

✨ බතික් නිෂ්පාදන කලාව පිළිබඳ තෙදින න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට ✨

මිහින්තලය ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි, කොට්ඨාසයේ තරුණ කාන්තාවන් ව්‍යවසායකත්වය වෙත යොමු කරවීමේ අරමුණින් 2026 ජූලි මස 15, 16 සහ 17 යන දින තුන පුරා බතික් නිෂ්පාදන කලාව පිළිබඳ න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි.

💠 වැඩසටහනේ අන්තර්ගතය
🔸 වැක්ස් බතික් (Wax Batik)
🔸 ජාවා බතික් (Java Batik)
🔸 ටයි-ඩයි බතික් (Tie-Dye Batik)

📍 ස්ථානය
මිහින්තලය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

🤝 මූල්‍ය දායකත්වය
පළාත් කර්මාන්ත සංවර්ධන දෙපාර්තමේන්තුව

👩‍🏫 සම්පත් දායකත්වය
ප්‍රවීණ බතික් උපදේශිකා දිලේකා මහත්මිය

📌 සංවිධානය
ව්‍යවසායක සංසදය

මෙම පුහුණු වැඩසටහන තුළින් සහභාගී වූ තරුණ කාන්තාවන්ට බතික් නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව දැනුම, ප්‍රායෝගික කුසලතා සහ ස්වයං රැකියා හා ව්‍යවසායකත්ව අවස්ථා සඳහා අවශ්‍ය මූලික හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථාව හිමි විය.

🌸කාන්තාවන් සවිබල ගන්වමින්, ව්‍යවසායකත්වයෙන් ස්වයංපෝෂිත අනාගතයක් කරා…

#මිහින්තලය #ප්‍රාදේශීයලේකම්කාර්යාලය #ව්‍යවසායකත්වය #කාන්තාසවිබලගැන්වීම #බතික්පුහුණුව #කුසලතාසංවර්ධනය #ස්වයංරැකියාව

📻✨රාජ්‍ය සේවය පිණිසයි✨2026 ජූලි 07 වන දින සවස 5.00ට, රජරට සේවය FM (107.3 / 90.1) ඔස්සේ විකාශය වන වැඩසටහන සඳහා මාධ්‍යවේදී...
07/07/2026

📻✨රාජ්‍ය සේවය පිණිසයි✨

2026 ජූලි 07 වන දින සවස 5.00ට, රජරට සේවය FM (107.3 / 90.1) ඔස්සේ විකාශය වන වැඩසටහන සඳහා මාධ්‍යවේදී ෂෙල්ටන් බණ්ඩාර සහ ඵලදායිතා සංවර්ධන නිලධාරිනී ඉරේෂා හේරත් මහත්මිය සහභාගී වේ🎙️

මෙවැනි වැඩසටහන් තුළින් රාජ්‍ය සේවාව හා ජනතාව අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, මහජන දැනුවත් කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදේ. 🇱🇰🤝

#මිහින්තලේ #රජරටසේවය #රාජ්‍යසේවය

💻 කාර්යාල කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණික යෙදවුම් භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන 202...
02/07/2026

💻 කාර්යාල කටයුතු වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණික යෙදවුම් භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන 2026.07.01 දින මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී කාර්යාල නිලධාරීන් සඳහා සාර්ථකව පවත්වන ලදී.

👨‍🏫 මෙම පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලද්දේ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී තාරක තිසේරා මහතා විසිනි.

📖 කාර්යාල කටයුතු වඩාත් ඵලදායී, වේගවත් හා කාර්යක්ෂමව ඉටුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණික යෙදවුම් ප්‍රායෝගිකව භාවිත කිරීම පිළිබඳ දැනුම හා කුසලතා වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.

✨ නව තාක්ෂණය සමඟ රාජ්‍ය සේවාව වඩාත් කාර්යක්ෂම සේවාවක් කරා.





🙏☸️ ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන සති පිරිත් පින්කම වෙනුවෙන් පිරිත් සජ්ඣායනය කරනු ලබන ස්වාමීන් වහන්සේල...
22/06/2026

🙏☸️ ඓතිහාසික මිහින්තලය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන සති පිරිත් පින්කම වෙනුවෙන් පිරිත් සජ්ඣායනය කරනු ලබන ස්වාමීන් වහන්සේලා උදෙසා 2026.06.21 දින හීල් දානය පිරිනැමීමේ පුණ්‍යකර්මය සිදු කරන ලදී. 🍚🫖

📌 මෙම පින්කම මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ මඟපෙන්වීම හා මෙහෙයවීම යටතේ, 🏛️ කාර්යාලයේ නිලධාරීන්ගේ 🤝 සහභාගිත්වයෙන් සහ ❤️ දායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

🌼🙏 මේ උතුම් පුණ්‍යකර්මයේ ආනිසංස සියලු දෙනාටම අත්වේවා! ☸️✨

#මිහින්තලේ #සතිපිරිත් #හීල්දානය #පින්කම 🙏🌿

🌿📚 විජලනය (Dehydration) සම්බන්ධ පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි 📚🌿🗓️ 2026.06.19 දින, විද්‍යා හා තාක්ෂණ නිලධාරි මහතාගේ ...
20/06/2026

🌿📚 විජලනය (Dehydration) සම්බන්ධ පුහුණු වැඩසටහන සාර්ථකව පැවැත්විණි 📚🌿

🗓️ 2026.06.19 දින, විද්‍යා හා තාක්ෂණ නිලධාරි මහතාගේ සම්පත් දායකත්වයෙන්, 📍 මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විදාතා මධ්‍යස්ථානයේදී විජලනය සම්බන්ධ දැනුවත් කිරීමේ හා පුහුණු වැඩසටහනක් සාර්ථකව පැවැත්විණි.

👥 මෙම වැඩසටහන සඳහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යවසායකයින් 20කට අධික පිරිසක් සහභාගී වූ අතර, ඔවුන්ට විජලන තාක්ෂණය, එහි ප්‍රතිලාභ සහ ව්‍යවසායක අවස්ථා පිළිබඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා දෙන ලදී.

🤝 එමෙන්ම මෙම අවස්ථාව සඳහා,
🔹 ව්‍යවසායක සංවර්ධන නිලධාරී
🔹 ඵලදායිතා සංවර්ධන නිලධාරී
🔹 අන්තරායකර ඖෂධ නිලධාරි
🔹 මරදන්කල්ල වසමේ සංවර්ධන නිලධාරි

යන මහත්ම මහත්මීන් ද සහභාගී වී වැඩසටහන සාර්ථක කර ගැනීමට දායකත්වය ලබා දෙන ලදී.

✨ ව්‍යවසායකත්වය ශක්තිමත් කරමින්, නව තාක්ෂණික දැනුමෙන් සවිබල ගැන්වෙන ප්‍රජාවක් ගොඩනැගීම අපගේ අරමුණයි. 🌱💡

🇱🇰

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම රන් අස්වනු ග්‍රාම සංවර්ධන සමිතිය මූලිකත්වයෙන්  ඉතා සාර්ථ...
21/04/2026

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම රන් අස්වනු ග්‍රාම සංවර්ධන සමිතිය මූලිකත්වයෙන් ඉතා සාර්ථකව බක්මහ උලෙලක් වසම් භාර සංවර්ධන නිලධාරිතුමියගේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.තරග ඉසව් 27 කට අධිකව පැවති මෙම බක්මහ උ⁣ත්සවයේ විශේෂී බව වූයේ වෙනත් බක්මහ උත්සවයන්හි පවත්වන තරගවලට වඩා අතිශයින් වෙනස් නිර්මාණශීලී සහ සමාජයට කාලීන වශයෙන් පණිවිඩ ලබාදෙන තරග ඉසව් මේ සදහා ඇතුලත් කර තිබීම මෙන්ම ඉතා කුඩා දරුවන් සදහා මෙන්ම ඉතා වයස්ගත පිරිස වෙනුවෙන්ම නිර්මාණශීලී ලෙස තරග ඉසව් සංවිධානය වී පැවතීමය.සියයට අධික පිරිසක් ඉතා උද්යෝගීමත්ව මේ සදහා සහභාගි වූ අතර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් හා උපසභාපතිතුමන්ද මේ සදහා සහභාගී විය.එසේම වසම් භාර සංවර්ධන නිලධාරි,ග්‍රාම සංවර්ධන නිලධාරි හා ඵලදායිතා සංවර්ධන නිලධාරී ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

Address

Anuradhpura Road , Mihinthale
Mihintale
50300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252266658

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Mihintale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Mihintale:

Shortcuts

Share