Divisional secretariat Mihinthale

Divisional secretariat  Mihinthale Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional secretariat Mihinthale, Government Organization, Anuradhpura Road , Mihinthale, Mihintale.

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම රන් අස්වනු ග්‍රාම සංවර්ධන සමිතිය මූලිකත්වයෙන්  ඉතා සාර්ථ...
21/04/2026

දැය නංවන සපිරි ගමක් ආදර්ශ ප්‍රජා ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම රන් අස්වනු ග්‍රාම සංවර්ධන සමිතිය මූලිකත්වයෙන් ඉතා සාර්ථකව බක්මහ උලෙලක් වසම් භාර සංවර්ධන නිලධාරිතුමියගේ කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.තරග ඉසව් 27 කට අධිකව පැවති මෙම බක්මහ උ⁣ත්සවයේ විශේෂී බව වූයේ වෙනත් බක්මහ උත්සවයන්හි පවත්වන තරගවලට වඩා අතිශයින් වෙනස් නිර්මාණශීලී සහ සමාජයට කාලීන වශයෙන් පණිවිඩ ලබාදෙන තරග ඉසව් මේ සදහා ඇතුලත් කර තිබීම මෙන්ම ඉතා කුඩා දරුවන් සදහා මෙන්ම ඉතා වයස්ගත පිරිස වෙනුවෙන්ම නිර්මාණශීලී ලෙස තරග ඉසව් සංවිධානය වී පැවතීමය.සියයට අධික පිරිසක් ඉතා උද්යෝගීමත්ව මේ සදහා සහභාගි වූ අතර ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් හා උපසභාපතිතුමන්ද මේ සදහා සහභාගී විය.එසේම වසම් භාර සංවර්ධන නිලධාරි,ග්‍රාම සංවර්ධන නිලධාරි හා ඵලදායිතා සංවර්ධන නිලධාරී ද මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

***** දැය නංවන සපිරි ගමක් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රජා ගම්මාන වැඩසටහන ***** ධර්මාලෝකගම ප්‍රජා ගම්මානය සදහා ග්‍රාම සංවර්ධන නි...
08/04/2026

***** දැය නංවන සපිරි ගමක් ක්ලීන් ශ්‍රී ලංකා ප්‍රජා ගම්මාන වැඩසටහන *****
ධර්මාලෝකගම ප්‍රජා ගම්මානය සදහා ග්‍රාම සංවර්ධන නිලධාරිතුමියගේ මූලිකත්වයෙන් වසම් භාර සංවර්ධන නිලධාරි හා ඵලදායිතා සං.නිගේ සහභාගීත්වයෙන් නව ග්‍රාම සංවර්ධන සමිතියක් ස්ථාපිත කරන ලද අවස්ථාව

06/04/2026
වසර ගණනාවක්.  මිහින්තලේ  ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය නිම කොට.  විශ්‍රාම හා ස්ථාන මාරු ලැබ යන කාර්යාල නිලධාරීන්  කාර්ය...
25/02/2026

වසර ගණනාවක්. මිහින්තලේ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සේවය නිම කොට. විශ්‍රාම හා ස්ථාන මාරු ලැබ යන කාර්යාල නිලධාරීන් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් ඇගයීම .
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංවර්ධන නිලධාරි අනිල් කුමාර,ඉඩම් පරිහරණය නිලධාරිනි අශෝකා හේරත් ,කලමණාකාරන සේවා නිලධාරි ඊශානි ,සංවර්ධන නිලධාරි ශිමන්තා වික්‍රමසිංහ යන මහත්ම මහත්මින් මෙසේ ඇගයීමට ලක්විය.
ඔවුන් කල සේවය අගයමින් ප්‍රාදේශිය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතා සහ කාර්යාලීය නිලධාරින් කිහිප දෙනෙකු අදහස් දක්වන ලදී. කාර්යාලයේ සියලූම නිලධාරීන් මේ සදහා සහභාගි වුහ .

මිහින්තලේ  ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාශයේ  මිහින්තලේ වසමෙි  සංඝමිත්තා  වැඩිහිටි  සමිතිය මඟින් සංවිධානය කළ  ජංගම සායනය හා බෝ...
25/02/2026

මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මිහින්තලේ වසමෙි සංඝමිත්තා වැඩිහිටි සමිතිය මඟින් සංවිධානය කළ ජංගම සායනය හා බෝනොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
*************************************
( 2026/02/25) අද දින පැවති අතර කාර්යාලයේ සමාජ සේවා අංශයේ නිලධාරින් විසින් සංවිධානය කරන ලදි.

Clean Srilanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම ප්‍රජා ගම්මානයේ  පැවැත්වූ ආයු...
12/02/2026

Clean Srilanka ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ධර්මාලෝකගම ප්‍රජා ගම්මානයේ පැවැත්වූ ආයුර්වේද වෛද්‍ය සායනය.
මෙය මිහින්තලේ ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යතුමිය හා ආයුර්වේද සංවර්ධන නිලධාරිතුමියගේ මූලිකත්වයෙන් පැවැත්වූ අතර ,වසම් භාර සංවර්ධන නිලධාරි හා ග්‍රාම නිලධාරිතුමිය ද මේ සදහා ඉතා කැපවීමෙන් දායකත්වය දක්වන ලද අතර වැඩසටහන සංවිධානය ඵලදායිතා සංවර්ධන නිලධාරි විසිනි.

මිහින්තලේ ප්‍රාදේශිය ග්‍රාම සංවර්ධන සංගම් ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය ***********************මිහින්තලේ ප්‍රාදේශීය ලේක...
11/02/2026

මිහින්තලේ ප්‍රාදේශිය ග්‍රාම සංවර්ධන සංගම් ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවය
***********************
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර මහතාගේ අධිීක්ෂණය යටතේ සදා නිම කරන ලද ග්‍රාම සංවර්ධන ‍සංගම් ගොඩනැගිල්ල 2025.02.11 දින මිහින්තලේ ශසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛනාධිකාරි පුජ්‍ය මොරවක ආනන්දහිමි ඇතුළු සංඝරත්නයේ සෙත් පිරිත්ද මධ්‍යයේ අද දින විවෘත කරන ලදි. ප්‍රාදේශිය සභාවේ සභාපති වයි. ධර්මදාස මහතා සහ උපසභාපති ඇතුළු මන්ත්‍රීී මණ්ඩලය, උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ මහතා ආණ්ඩුකාරවර සම්බන්ධිකරන ලේකම් සමරකෝන් හේරත් මයා, පළාත් පාලන, මහා මාර්ග ග්‍රාම සංවර්ධන, නිවාස පරිසර හා වනිතා කටයුතු ග්‍රාමිය යටිතල පහසුකම් හා ඉංජිනේරු ඉදි කිරිම් අමාත්‍යාංශයේ ලේකම් එස්. ගුණපාලන් මයා හා නියෝජ්‍ය ලේකම් නොයෙල් කලන්සූරිය මයා, ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂක ආර්.එච් ඒකනායක යන මහත්ම මහත්මින් මෙම උත්සවයේ ආරාධිත අමුත්තන් විය. පුස්තකාල සදහා උපකරණ බෙදා දිමක්ද මෙහිදී සිදු විය.
2024 වර්ෂයේ ඔක්තෝබර් මස ප්‍රාදේශීය ග්‍රාම සංවර්ධන සංගමයේ මුල්‍ය දායකත්වය 2312837.00 ක මුදලක් හා ප්‍රාදේශිය ග්‍රාම සංවර්ධන සංගමයේ ශ්‍රම දායකත්වය හා ග්‍රාම. සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2000000.00 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මෙම ගොඩනැගිල්ල ඉදි විය.
උත්සවය විචිත්‍රවත් කලේ ශ්‍රීපාලි කලායතනයේ නර්තන ශිල්පීන් විසිනි.
====================
සංවිධානය
ග්‍රාම සංවර්ධන නිලධාරී ජී ඩබ්.දමයන්ති මහත්මියයි.

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මහකනදරාව කෘෂි පාරිසරික සංචාරක ව්‍යාපෘතියට අදාල වන...
09/02/2026

මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මහකනදරාව කෘෂි පාරිසරික සංචාරක ව්‍යාපෘතියට අදාල වන තුලාන් අතර වෙල්ලාරගම , මරදන්කල්ල යන තුලාන්වල කටුපොත කන්ද ආශ්‍රිතව සිදු කෙරෙන කෘෂි ව්‍යාපෘතියේ කෘමි ආරක්ෂිත දැල් හා නව්‍ය කෘෂි උපකරණය ලබාදුන් ප්‍රතිලාභීන්ගේ ප්‍රගතිය පරීක්ෂා කිරීමේ ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂාව.

මෙි සඳහා කෘෂිකර්ම නිලධාරි සුසන්ත මහතා, පරිසර නිලධාරි හසිතා මිය, කෘෂිකර්ම උපදේශක සෙව්වන්දි මිය හා එක්ව කලමනාකාරන ව්‍යාපෘතියේ උපදේශක මදුමාල් මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

ග්‍රාම සංවර්ධන සමිති මගින් නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රමදාන සහ රුක් රෝපණ වැඩසටහන්🤸 හේන වත්ත නිසල මාවත. 🤸කටුකැලියා...
09/02/2026

ග්‍රාම සංවර්ධන සමිති මගින් නිදහස් දිනයට සමගාමීව පවත්වන ලද ශ්‍රමදාන සහ රුක් රෝපණ වැඩසටහන්
🤸 හේන වත්ත නිසල මාවත.
🤸කටුකැලියාව මහමෙවුනා අසපුව.
🤸ශ්‍රී ආනන්ද බෝධි විවේක සේනාසන භූමිය.
🤸හේනවත්ත සේවා පියස
🤸ඉහළ මුදෑව සමිති භූමිය
🤸අනුලා මෙහෙණි ආරාම භූමිය
🤸දොරමඩලාව රජමහා විහාරස්ථානය.
ග්‍රාම සංවර්ධන නිලධාරීතුමිය දමයන්ති මහත්මිය හා ග්‍රාම සංවර්ධන සමිති ඒකාබද්ධ වී මෙම ශ්‍රමදාන වැඩසටහන් සිදු කරන ලදී.

Clean Srilanka ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් දියත් කරන දැය නංවන සපිරි ගමක් ප්‍රජා ගම්මාන ව්...
06/02/2026

Clean Srilanka ජාතික වැඩසටහනට සමගාමීව ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් දියත් කරන දැය නංවන සපිරි ගමක් ප්‍රජා ගම්මාන ව්‍යාපෘතිය යටතේ ධර්මාලෝකගම ගම්මානයේ ප්‍රජාව සදහා අප විසින් ලබාදුන් ප්‍රථම යෝජනාව තම ගෙවත්ත මැසි මදුරු උවදුරින් තොර නිකසල සුපිරිසිදු පරිශ්‍රයක් ලෙස පිරිසිදු කර පෙන්වු වගයි.කන්නට්ටිය වසම් භාර සංවර්ධන නිලධාරිතුමියගේ යෝජනාව අනුව මේ සදහා දින හතරක පමණ කාලයක් ඔවුන් වෙත ලබාදුන් අතර නිලධාරින් විසින් සෑම ගෘහයකටම වනිතා ඉතුරුම් කැට සංකල්පය හදුන්වාදීම සිදු කළ අතර මෙහි සුවිශේෂී කරුණ වූයේ කාන්තාවකට ඉදිරි ආයෝජනයක් වෙනුවෙන් තම නිවස තුළ යමක් අනෙක් අයගෙන් ප්‍රවේශම් කරගනිමින් කොතරම් කාලයක් රැකගත හැකිද යන්න මැන බලන අභියෝගාත්මක තරගයක් ලෙස අප විසින් මෙය හදුන්වා දෙන ලද අතර ඔවුන් සදහා ඉලක්කයන් ලබාදෙන ලදී.

Address

Anuradhpura Road , Mihinthale
Mihintale
50300

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94252266658

Alerts

Be the first to know and let us send you an email when Divisional secretariat Mihinthale posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional secretariat Mihinthale:

Share