National Crafts Council - Uva Province

National Crafts Council - Uva Province National craft council - Uwa Province

26/03/2025
අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඇතුළු තවත් රාජ්‍ය  ආයතන කිහිපයක් සමග එක්වී ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්...
22/03/2023

අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ඇතුළු තවත් රාජ්‍ය ආයතන කිහිපයක් සමග එක්වී ජාතික ශිල්ප සභාව දේශීය හස්ත කර්මාන්තකරුවන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් සංවිධානය කෙරන,
"Crafting ceylon" අපනයන අභිමුඛ නිශ්පාදන සංවර්ධන
වැඩසටහන...

මාර්තු 23, 24 BMICH හී දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

රට පුරා විසිරී සිටි නිර්මාණකරුවන්ගේ නිශ්පාදිත ගෙන ඒවා අතරින් හොදම නිශ්පාදිත විශේෂ විනිශ්‍චය මණ්ඩල හමුවේ තෝරාගෙන ඇති අතර දක්ෂ හස්ත කර්මාන්ත කරුවන් වෙනුවෙන් වෙළදපොලක් සොයා දීම අපේ අරමුණයි.

එසේම ඔවුන්ගේ අව්‍යාජත්වයේ දෑතින් හැඩවෙන මෙම නිශ්පාදිත මිලට ගෙන නිර්මාණකරුවන්ට ශක්තියක් වන්නට ඔබට ඇරයුම්.

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී අමුද්‍රව්‍ය අවශ්‍යතාවය සපුරාලමින් අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනී...
23/12/2022

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ක්‍රියාවලියේ දී අමුද්‍රව්‍ය අවශ්‍යතාවය සපුරාලමින් අමුද්‍රව්‍ය පහසුවෙන් සපයා ගැනීම හා අමුද්‍රව්‍ය සුලභ කිරීමේ පරමාර්ථයෙන් අමුද්‍රව්‍ය වගා වැඩසටහන ජාතික ශිල්ප සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබයි.

එ අනූව මොනරාගල දිස්ත්‍රික්කයේ නිල්ගල රක්ෂිතය ආශ්‍රිත බිබිල - අම්පාර ප්‍රධාන මාර්ගය දෙපස හා පේරන ගම්මානය වටා කිලෝමීටර් 8 ක භූමී ප්‍රමාණයක හන වගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිනි.

මෙහිදි බිබිල අඩෙවි වන නිලධාරී කාර්යාලය හා එක්ව ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරුණු අතර මේ මගින් හස්ත කර්මාන්තයට අවශ්‍යය අමුද්‍රව්‍ය සේම ගිනි පැතිරීම වැළැක්වීමට හණ වගාව ආරක්ෂිත වැටක් සේ යොදා ගැනීම හා වනජීවීන්, වන සංරක්ෂණය සඳහාද හණ වගාව විශේෂ අවශ්‍යතාවයක් වනු ඇත.

22/12/2022
“Crafting Ceylon” 2022/ 23 අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන.හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොල ...
05/12/2022

“Crafting Ceylon” 2022/ 23 අපනයන අභිමුඛ නිර්මාණ සංවර්ධන වැඩසටහන.

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළෙඳපොල අවස්ථා උදාකර දීමේන් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමත්, මෙරටට විදේශ විනිමය ලබා ගැනීමත් අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව ක්‍රියාත්මක කරන “Crafting Ceylon” 2022/ 23, මොනරාගල හස්ත කර්මාන්ත ශිල්පීන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගියදා මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරායේදී පැවැත්විය.

මෙම වැඩසටහන සඳහා Lady J ආයතනයේ කලමනාකරන අධ්‍යක්ෂ අනුරුද්ධ විජේරත්න මහතා, ITI ආයතනයේ පර්‍යෙෂන අධ්‍යක්ෂ දිනෙන් මහතා සම්පත් දායකත්වය දක්වන ලදි.

මෙහිදි ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කමල් මහතා, මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන සහකාර දේශාන් මහතා, හස්ත කර්මාන්ත ව්‍යාප්ති සහකාර ප්‍රසන්න මහතා සහ අනුරුද්ධ නේලංග මහතා සංවිධාන කටයුතු සිදුකරන ලදි.

Address

Monaragala

Alerts

Be the first to know and let us send you an email when National Crafts Council - Uva Province posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to National Crafts Council - Uva Province:

Share