15/02/2021
“එක් දින වියළුම් කුටීර ඉදිකිරීම”
කුඩා රබර් වතු හිමියන් ගුණාත්මකතාවයෙන් ඉහළ රබර් ෂීට් නිෂ්පාදනයට පෙළඹවීම හා ඔවුන්ගේ අදායම් මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් 2020 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද “එක් දින වියළුම් කුටීර ඉදිකිරීම” වැඩසටහන යටතේ ඉදි කරන ලද නව එක්දින වියළුම් කුටීර 03 ක් මොනරාගල, බදුල්ල, අම්පාර දිස්ත්‍රික්යන්හි ඉදිකර අවසන් කරන ලදී.
මෙම වැඩසටහන මගින් දුම් ගෙයක් නොමැතිව ෂීට් නිෂ්පාදන කාර්යෙහි නියැළුණු, කුඩා කණ්ඩායම් 03 ක් සඳහා සහනයක් සැලසීමට අවස්ථාව උදාවිය.
එහිදී
මොනරාගල එක්දින වියළුම් කුටීරය - සියඹලාණ්ඩුව ලියන්ගොල්ල පී.ජී. තරංග ප්‍රසාද් කුමාර ඇතුළු කණ්ඩායම සඳහා ද,
බදුල්ල එක්දින වියළුම් කුටීරය - හල්දුම්මුල්ල ඌවමාවලගම රාසයියා මුත්තයියා ඇතුළු කණ්ඩායම සඳහා ද,
අම්පාර එක්දින වියළුම් කුටීරය - මහඔය කුඩාහරස්ගල එච්.එම්.විමලසේන ඇතුළු කණ්ඩායම සඳහා ද, ඉදිකරන කරන ලදී.
ස්තුතිය
•අධ්‍යක්ෂ ජනරාල් තුමන් ඇතුළු ප්‍රධාන කාර්යාලයේ සහය ලබාදුන් සැමට
•අධ්‍යක්ෂ ( ප්‍රාදේශීය) - මොනරාගල ඇතුළු සහය ලබාදුන් සැමට
•රබර් සංවර්ධන නිලධාරී එම්.එම්.ඒ. තරිදු රසාංජන (සියඹලාණ්ඩුව) , එස්.එස්.ඊ. දර්ශන (හල්දුම්මුල්ල), කේ.ඩබ්.ඒ.යූ. මධුභාෂිණී(මහඔය) යන අයට
•ලියන්ගොල්ල, ඌවමාවලගම, කුඩාහරස්ගල වියළුම් කුටීර ඉදිකිරීමේ දී සහය දුන් සැමට
වියළුම් කුටීර ත්‍රිත්වයම ඉදිකිරීමේ දී ආරම්භයේ සිට අවසානය දක්වාම ක්ෂේත්‍රය තුළ තාක්ෂණික සහය ර.සං.නිලධාරී එස්.එස්.ඊ. දර්ශන මහතා ලබාදුන් අතර එය ස්තුති පූර්වකව සිහිපත් කරමි.
විශේෂ ස්තුතිය
හල්දුම්මුල්ල වියළුම් කුටීරය ඉදිකිරීම් අතරතුර, එම රබර් ගොවීන් විසින් සිදු කරන ලද ඉල්ලීමකට අනුව අප විසින් කරන ලද සිහිපත් කිරීමකින් කැම්සෝ ලෝර්ඩ්ස්ටාර් ආයතනය මගින් රු.91000.00 වටිනා රබර් ෂීට් නිෂ්පාදනයට අවශ්‍ය ද්‍රව්‍ය හා කිරි එකතු කිරීමට අවශ්‍ය කප් හා කප් රදවන (කම්බි) ලබා දීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කටයුතු කල කැම්සෝ ලෝර්ඩ්ස්ටාර් ආයතනයේ අධ්‍යක්ෂකතුමන් ඇතුළු සහය ලබාදුන් කාර්ය මණ්ඩලයට අපගේ විශේෂ ස්තුතිය පල කරමු.