Community Policing Monaragala

Community Policing Monaragala " For a People Friendly, Professional , Prestigious Police Service "

07/01/2018

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය

රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හැකිය.

01.අපරාධ නීතිය: නීතිය මගින් ‘අපරාධ‘ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
02.සිවිල් නීතිය: අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්‍රමයක ප්‍රතිපාදනයන්.

අපරාධ නීතිය

අපරාධ වරදක් මුළු මහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදක් ලෙස සැලකේ.මේ අනුව අපරාධ සිදු කරනු ලැබූයේ යැයි සැක කරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරනුයේ රජය විසිනි.

දණ්ඩ නීති සංග්‍රහය

1883 මුල් වරට සංග්‍රහ ගත කරන ලදි. මෙමගින් අපරාධ වැරදි යනු මොනවාද? ඒ සදහා නියමිත දඬුවම්ද අර්ථ දක්වා ඇත.

අපරාධ නඩු විධාන සංග්‍රහය

1898 වසරේදි සංග්‍රහ ගත කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් යම් අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් යම් අපරාධ වරදකට එරෙහිව නඩු පැවරීමේදි හා පරීක්‍ෂණ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දක්වා ඇත.

අපරාධ නීතියට අදාළ වෙනත් ඕනෑම පනතක්

යම් පනතක් සම්මත කර ගැනීමේදී එය අපරාධ නීතියට අදාළ බව සඳහන් කර ඇත්නම් මෙම ගණයට අයත් වේ.

සිවිල් නීතිය

සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගල ආරවුල් වේ. සිවිල් ආරවුලකදී පුද්ගලයකුට තමා විසින්ම තමාගේ වියදමින්ම නඩු පැවරීමට සිදු වේ.

2.1 දේපළ නීතිය – (Law of property)

ඉඩම් සහ වෙනත් දේපළවල අයිතිය, කුළියට/බද්දට දීම සහ වෙනත් අයිතිවාසිකම් මෙම නීතියෙන්ආවරණය වේ.

2.2 පවුල් නීතිය – (Family law)

පවුල් ආරවුල් සම්බන්ධ ගැටළු, එනම් විවාහය, දික්කසාදය, දරැවන්ගේ නඩත්තුව,භාරකාරත්වය වැනි කරැණු මෙම නීතියෙන් ආවරණය වේ.

2.3 දිලික්ත නිතිය – (Law of delicts)

යම් පුද්ගල‍යෙකුට ඔහුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් මගින් අලාභයක් හෝ හානියක් සිදු වේ නම් අලාභයෙන් වන්දි අය කරගැනීම මෙයට අදාළය.

2.4 ගිවිසුම් නීතිය (Law of obligation)

පුද්ගලයින් අතර බැඳීම් ඇති කරන ආකාරයේ එකඟතා මෙයට සම්බන්ධය.

2.5 වාණිජ නීතිය – (Commercial law)

සමාගම් නීතිය, රක්‍ෂණ නීතිය වැනි වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ කටයුතු රැසක් මෙමගින් පාලනය කරයි.

2.6 පරිපාලන නීතිය – (Administrative law)

රාජ්‍ය නිලධාරින් හා ආයතන ස්වකීය බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳව අදාළ නීති අන්තර්ගතය.

2.7 කාර්මික නීතිය – ( Industrial law)

සේව්‍ය-සේවක ආරවුල් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක වේ.

2.8 වෙනත් නීති – (Other law)

ඉහත මූලික නීති වලට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය යටතේ තවත් අංශයන් කිහිපයක් දැක්විය හැක.

උදා:-

1.පරිසර නීතිය (Enviranmental law)
2.අනුප්‍රාප්ති නීතිය (Law of succession)
3.බදු නීතිය (Tax law)
4.ආයෝජන නීතිය (Investment law)
5.මානුෂවාදි නීතිය (Humanitarian law)
6.බුද්ධිමය දේපළ නීතිය (Interlectual property law)
වර්තමාන ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය සටහනක් ආකාරයෙන් ‍පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.

ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය

අතීතයේ සිට ආ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස පුළුල් සහ සංකීර්ණ නීති පද්ධතියක් ශ්‍රී ලංකාවේ ඇත. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අතුරින් අපරාධ නීතිය,සිවිල් නිතිය,පුද්ගල නීතිය ආදී ක්ෂේත්‍රයන් පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙනු වස් බිහි වි පවත්නා නීති පද්ධතීන් වේ. මේ අතුරින් සිවිල් නීතිය පිළිබඳව කෙටි විග්‍රහයක් මෙමගින් සිදුවන අතර,ඒ තුළින් සිවිල් නඩුවක් පවත්වාගෙන යායුතු ආකාරය, ඒ සඳහා නියමිතව ඇති අධිකරණයන් පිළිබඳව මෙන්ම පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඇකි සහ ඉවත දැමිය හැකි අවස්ථා යනාදිය පිළිබඳව ඉතා සරලව සළකා බැලේ.

ප්‍රථමයෙන් සිවිල් නඩුවක් පවත්වගෙන යා යුතු ආකාරය පිළිබඳව සළකා බැලීමේදී, යම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමේදි පැමිණිල්ල සැකසීම පිළිබඳවත්,පැමිණිල්ලට විරුද්ධව උත්තර සකස් කිරීමේදීත් ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුය.යම් යම් අඩුපාඩු හා දෝෂ සහිතව පැමිල්ලක් හෝ උත්තරයක් ඉදිරිපත් කළහොත් ඉන් අයහපත් ප්‍රතිඑල ඇතිවේ.එනම් අනවශ්‍ය ලෙස නඩුව ප්‍රමාදවීම හා වැඩිපුර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මනාව සකස් කළ පැමිණිල්ලක් යනු තම නඩුවෙන් අඩක්ම සාර්ථක ලෙස නිමවීමක් ලෙස සැළකේ.

සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී.

1.ලඝුකාර්ය පටිපාටිය
2.සාමාන්‍යකාර්ය පටිපාටිය වශයෙනි.

මෙහිදී සළකා බැලිය යුතු කාරණය වන්නේ,නඩුව ඉදිරිපත් කළ යුත්තේ ඉහත පටිපාටීන් දෙක අතුරින් කුමන කාර්ය පටිපාටිය අනුවද යන්නයි.ඉඩම් නඩු,ගෙවල් කුලී හා නෙරපීම් නඩු, ඇතුළු ඇතැම් නඩු වලදි සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කළයුතු අතර,තෙස්තමේන්තු නඩු ආදියේදී අනුගමනය කරනුයේ ලඝුකාර්ය පටිපාටියයි. මේ පිළිබඳව ද සැළකිල්ලෙන් ක්‍රියා කළ යුතුය.

නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.

1.විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
2.ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
3.නඩු නිමිත්ත හටගත්,
4.ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ

අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.

පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.

1.පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම.
2.අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
3.නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
4.පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම.

යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.

මේ ආකාරයට දක්වා ඇති කරුණු පිළිබඳව සළකා, නියමිත ආකාරයෙන් ගොනුකරන ලද නඩුවක් තුලින් සාර්ථකත්වය ලබා ගැනීමට ඇති බාධාවන් මඟහරින බව දැක්විය යුතුමය.

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය

හැදින්වීම

ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන (ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනය)ක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත.
අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමි අධිකරණ පළමු අවස්ථා අධිකරණ වන අතර විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ලබා දෙනු ලැබේ.යම් පාර්ශවයක් තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් ඔහුට ඉහළ අධිකරණයට එනම් මහාධිකරණය,අභියාචනාධිකරණයට,හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත නඩුව විමසන ලෙසට ඉල්ලුම් කළ හැකිය.බලන්න

අධිකරණය විසින් නඩු විසදීමේදී ප්‍රධාන වශයෙන් විමර්ශනවාදී පටිපාටිය සහ එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැක ගත හැකිය.විමර්ශනවාදී(inquisiitorial) පද්ධතිය සිවිල් නීති සම්ප්‍රධායට එදිරිවාදී පද්ධතිය (acquisitorial)පොදු නීති සම්ප්‍රධායටද දළ වශයෙන් යා කළ හැකිය.මෙම විභේදනය ද එකක් වන අතර සමහර අවස්ථාවන්හිදී විමර්ශනවාදී ලක්‍ෂණ පොදු නීතියේද දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේදී විනිසුරුවරයා විසින්එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැකිය හැක.

ප්‍රාථමික අධිකරණ

නඩුවක් විසදන පළමු අධිකරණයයි.දැනට ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික අධිකරණ දෙකක් ක්‍රියාත්මක වේ. අනෙක් ප්‍රදේශවල මහේස්ත්‍රාත් ප්‍රාථමික

අධිකරණ වල බලතල දරයි.ප්‍රාථමික අධිකරණයක කාර්යපටිපාටිය 1979අංක 44දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත මගින් පාලනය වේ.

ප්‍රාථමික අධිකරණයකට,

1.ණය අලාබ ඉල්ලීම හෝ හිමිකම් පෑම සම්බන්ධ ආරවුල් 2.රු1500නොඉක්මවන විටදී **ප්‍රාදේශීය ආයතන වලදී ආදායම් අයකර ගැනීමේ බලතල
3.අපරාධ කරුණු
4.ඉඩම් වල භුක්තිය සම්බන්ධ ආරවුල්.(66නඩු )
5.ව්‍යවස්ථාවලින් දක්වා ඇති ඕනෑම වරදවල් විමසිය හැක.

මහේස්ත්‍රාත් අධිකරණය

මහේස්ත්‍රාත් අධිකරණ 82 පමණ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.සැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අපරාධ නඩු විමසීමට බලතල ඇති අතර රු100,000 දක්වා ප්‍රමාණයකට පීඩාවට පත් පාර්ශවයට වක්දිනියම කිරීමේ බලය ඇත.යම් පාර්ශවකරුවකු මහේස්ත්‍රාත් අධිකරණ‍යේ වරදකරු කිරීම දඩුවම් හෝ නියෝග වලට අතෘප්තිමත් නම් ඊට එරෙහිව අභියාචනයක් අදාල පළාතේ මහාධිකරණයේ ගොනු කළ හැකිය.

දිසා අධිකරණය

සෑම දිස්ත්‍රික්කයකම අනුබද්ධිතව දිසා අධිකරණ පිහිටුවා ඇති අතරදැනට ශ්‍රී ලංකාව පුරාම දිසා අධිකරණ 57ක් පමණ ක්‍රියාත්මක වේ.නීතියෙන් අධිකරණයට යොමුකරන නඩුවලට අමතරව සියලු සිවිල්ආදායම් ,භාර,බං‍කොලොත්භාවය ,තෙස්තමේන්තු ප්‍රශ්න සදහා අධිකරණ බලය හා ‍වාර්තාගත කිරීමේ බලය දිසා අධිකරණය සතුය.රු මිලියන තුනකට අඩු වටිනාකමක් ඇති වානිජ ආරවුල් විසදිය හැකි අතර අභියාචනා සම්බන්ධව අභියාචනාධිකරණයට යොමු විය හැක.

මහාධිකරණය

1.ශ්‍රී ලංකා‍වේ සෑම කලාපයකම මහාධිකරණ පිහිටුවා ඇත.
2.බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරණ මුල් අවස්ථා අධිකරණය මෙයයි.
3.මහාධිකරණයේ අපරාධ නඩු ආරම්භ කරනුයේ නීතිපති වරයා විසින් වන අතර පැමිණිල්ල රජයේ නිතීඥවරු විසින් මෙහෙය වනු ලැ‍බේ.

පළාත්බද මහාධිකරණය

පලාතතුල ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ප්‍රාථමික උසාවි, විනිශ්චය සභා, වල තීන්දු වලට එරෙහි අභියාචනා පළාත්බද

මහාධිකරණය විමසනු ලැබේ.මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් ලබාගෙන ඇති ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් තහවුරු

කිරීම‍ට ,නිශ්ප්‍රභා කිරීමට, නිවැරදි කිරීමට හෝ සංශෝධනය කිරීමටත් නව නඩු විභාගයක‍ට යොමු කිරීමටත් පළාත්බද මහාධිකරණයට බලතල ඇත.

අභියාචනාධිකරණය

මහාධිකරණය,මුල් අවස්ථා අධිකරණ,මහේස්ත්‍රාත් අධිකරණ,දිසා අධිකරණ,විනිශ්චය සභා විසින් නීතිය පිළිබඳව සිදුකළ වැරදීම් නිවැරදි කිරීමේ

බලය.අභියාචනාධිකරණයට ඉන්ජන්ක්‍ෂන් හා රිට් ප්‍රදානය කිරීමේ බලතල ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය

1.දේශීය නීතිය තුල ඉහළම සහ අවසන් අධිකරණය වේ.
2.ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල &සම්බන්ධ කරුණු, මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අභියාචනා විමසී‍මේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.

විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය

සමථකරණය යටතේ දෙපාර්ශවය විසින් අපක්‍ෂපාතීව ප්‍රශ්නගත පාර්ශවයන් සදහා අන්‍යෝන්‍යව පිළිගත හැකි එකගත්වයන් වර්ධනය කර ගැනීමටත්,

සාකච්ඡා කිරීමටත් සමථකරුවකු පත් කර ගනී.බලාත්මක තීරණ ලබා දීමේ කියාවෙන් තොරය.
සමථකරණ

AUTHOR – H.M.AMILA NUWAN JAYASENA ([email protected])

07/01/2018

විදේශ ගත වීම දික්කසාදයට බාධාවක්ද ?

මා වෙත දිනකට ලැබෙන ප්‍රශ්ණ වලින් සැලකිය යුතු ප්‍රශ්ණ සංඛ්‍යාවක් දික්කසාද නීතිය හා බැඳී පවතී. එම ගැටළු වලින්ද වැඩි ප්‍රමාණයක් ඉහත මාතෘකාව හා සම්බන්ධ වේ. ඇත්තටම පාර්ශවයක් විදේශ ගත වීම දික්කසාදයට බාධාවක්ද? මෙයට දිය හැකි සාමාන්‍ය පිළිතුර “ඔව්” යන්නයි.එනම්
ඇත්තටම එය දික්කසාදයට බාධාවක් වේ. එයට හේතු කිහිපයකි. එනම් ,

1.විත්ත්කරුට සිතාසි බෙදා ගැනීමට ඇති බාධාව

2.පැමිණිලිකරු විදේශ ගත නම් නඩුව ඉදිරියට ගෙන යාමට ඇති අපහසු තාවය.

නමුත් මෙම බාධාවන්ට යම් තාක් පිළිතුරු සිවිල් නීතිය මගින් අපගේ නීති ක්‍රමයට පිළිතුරු ලබා දී ඇත. විදේශ ගතව පැමිණෙන ඇතැම් අය ලංකාවට පැමිණ විවාහ වී සුළු කාලයකින් විදේශ ගත වේ.ඇතැම් විට වසර ගණනාකින් නැවත නොපැමිණේ.එවිට විවාහ ගිවිසගත් අනෙක් පාර්ශවයට අත්වන ඉරණම කුමක්ද?
එකී ලංකාවේ සිටින පාර්ශවයට දික්කසාද නඩුවක් පැවරීමට හැකියාවක් ඇත.නමුත් නඩුව අවසන් කිරීමට විත්තිකරුට අනිවාර්යෙන් සිතාසි බෙදිය යුතුය.මෙවැනි අවසථාවක කළහැක්කේ විත්තිකරුගේ ලංකාවේ අවසන් වරට පදිංචි ලිපිනයට සිතාසි බෙදීම පළමු වරට කළහැක. බොහෝ අවසථාවල එකී නිවසේ පදිංචි විත්තිකරුගේ ඥාතින් විසින් එම නඩුව සම්බන්ධ විත්තිකරු දැනුවත් කරන අතර විත්තිකරු නඩුව උනන්දුවක් දක්වන්නේ නම් ඇටෝර්නි බලකරුවෙකු හරහා අධිකරණයේ පෙනී සිටීමේ හැකියාව ඇත.කෙසේ නමුත් මෙවැනි අවසථාවක විත්තිකරු එකී සිතාසියට ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන්පසුව විදේශ ගත ලිපිනය සොයා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා සිතාසි බෙදා දීමේ ක්‍රම වේදයක් ලංකා සිවිල් නීතිය තුල පිළිගෙන ඇත. මේ සඳහා DHL ,FEDEX වැනි බෙදාහැරීමේ ක්‍රමයක් යොදා ගතහොත් එකී සිතාසිය භාර දුන් බවට තහවුරු කිරීමේ (Tracking code)හැකියාව ඇත. එසේම ලිපියක් බෙදා හැරීමේදී එකී ලිපිය විත්තිකරු වෙත භාරදුන් ආකාරය එකී බෙදාහැරීමේ ලංකා නියෝජිත හරහා අධිකරණයේ තහවුරු කරවා ගත හැක. බෝහෝ රටවල නීති ක්‍රමයන් තුල විත්තිකරු විදේශ ගතව හෝ සොයා ගැනීමට නොහැකි නම් පුවත් පත් දැන්වීමක් පලකොට නඩුව ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබුනද ලංකා නීතිය තුල සිවිල් නඩු විධාන සංග්‍රහයේ එවැනි ප්‍රති පාදනයක් නොතිබීම නීතියේ ඇති අඩු පාඩුවකි.
ඉහත කී ක්‍රම වේදය අනුගමනය කිරීමෙන් පසුවද එනම් විදේශයට සිතාසි යැවූ පසුවද එය අසාර්ථක නම් පැමිණිලිකරු තම අනාගතය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් නීතිය තුල වරදක් වුවද ඒ සම්න්ධයෙන් දඬුවම් නියම කිරීමේදී එකී කරුණු අධිකරණය සැලකිල්ලට ගනු ලැබිය හැකිය. එවැනි තත්වයක් තුල බහු විවාහය සම්බන්ධයෙන් අපරාධ චෝදනාවක චේතනාව නොමැති බවට තර්ක කල හැකි වුවද එවැනි නඩු තීන්දුවක් තවම ඉහල අධිකරණය විසින් නීතිය වෙනස් විය යුතු බවට නඩු තීන්දුවක් වාර්තා වී නැත.
ඊළඟට සලකා බැලිය යුත්තේ විදේශ ගත සිටින පාර්ශවයකට දික්කසාද නඩුවක් පැවරීමට ඇති හැකියාවයි. මෙය තම ඇටෝර්නි බලකරු මගින් කල හැකි වුවද නඩුවේ සාක්ෂි දීමට පැමිණිලිකරු අනිවාර්යෙන්ම ලංකාවට පැමිණිය යුතු වීමයි. ලංකාවේ සිටින පාර්ශවය දික්කසාදයට හබ නොකොට කැමැත්ත පල කලද පැමිණිලිකරු පැමිණ සිටීම අවශ්‍යව වේ. නමුත් ඇතැම් අවසථාවල එවැනි තත්වයක් තුල දිවුරුම් ප්‍රකාශයක් මගින් සාක්ෂි ලබා දීමට අධිකරණයෙන් ඉල්ලිමක් කල හැකි අතර එම ඉල්ලීම අධිකරණය මගින් පිළිගතහොත් ලංකාවට පැමිණීම අවශ්‍ය නොවනු ඇත.
අනෙක් අතට විදේශ ගත රැකියාවක නිරත අයෙකු ලංකාවට පැමිණ නඩු විභාග අවස්තාවක ඉක්මනින් සාක්ෂි ලබා දීමට අධිකරණයෙන් ඉල්ලීමක් කිරීමට සිවිල් නඩු විධාන සංග්‍රහයේ ප්‍රති පාදන ඇති අතර බොහෝ අවසථාවක එවැනි ඉල්ලීමකට අධිකරණය ඉඩකඩ ලබා දෙනු ඇත.
එසේම ලකාවට පැමිණෙන පාර්ශවය නැවත විදේශ ගත වීම නතර කිරීමේ නියෝගයක් ලංකාවේ සිටින පාර්ශවයට නඩත්තු නඩුවක් මගින් කල හැකි අතර එම නඩුවේ නීතිමය ප්‍රතිවිපාක ගැනද අවධානයක් යොමු කිරීමද වැදගත් වේ.
එසේම නීතිමය නොවන ක්‍රම උපයෝගී කරගෙන වන දික්කසාද තීන්දුවක් ඕනෑම අවසථාවක කවර කාලයක් ගත වුවද බල රහිත කල හැකි අතර නීති විරෝධී ක්‍රම අනුගමනය නොකිරීමට මත තබා ගත යුතු වේ .

නීතිඥ මාධව ලොකුසූරිය
උපුටා ගැනීම-lawpage.lk, ජනවාරි 5, 2017 දික්කසාද නීතිය

07/01/2018

නඩු ප්‍රමාදය අවම කළ හැක්කේ කෙසේද?………

අධිකරණ ක්‍රියා දාමයේ ප්‍රබලතම සහ ප්‍රධානතම ගැටළුව වන්නේ යුක්තිය ඉටුවීමේ ප්‍රමාදයි. “යුක්තිය ඉටුවීම ප්‍රමාදය , යුක්තිය වැළහීමක්” බව නීති විද්‍යාවේ පිළිගත් මුලික සංකල්පයකි. අධිකරණයට පැමිණෙන සියයට අනුපහකගේ මැසිවිල්ලද එයම වේ. නව රජය බලයට පත් වීමත් සමග මේ ගැටළුවට යම්තාක් දුරට විසඳුමක් ජනතාව බලාපොරොත්තු වුවද එය විසඳීමට කිසියම් හෝ ක්‍රියාමාර්ගයක් ගත් බවට පෙනෙන්නට නොමැත.මෙම ගැටළුවේ ස්වභාවය නියම ආකාරයෙන් තේරුම් ගත හැකි අධිකරණ ඇමති වරයෙක් සිටියද වචනයෙන් ඒ සම්බන්ධ අදහස් ප්‍රකාශ කළද , ප්‍රතිපත්තිමය වශයෙන් කිසිවක් කර නොමැති වීම කණගාටුවට කරුණකි. මේ ගැටලුවෙන් මහජනතාව බරපතල ලෙස පිඩාවට පත් වේ. නඩු ප්‍රමාදය සිවිල් සහ අපරාධ නඩු යන අංශ දෙකටම එක ලෙස බලපා ඇත. බොහෝ අපරාධ නඩුවක් අවසන් කිරීමට වසර 10 කටත් අධික කාලයක් ගත වේ. සමස්තයක් ලෙස සලකා බැලීමේදී නඩු ප්‍රමාදය අවසන් කිරමට සංශෝධනය විය යුතු අංශ ගණනාවකි.එනම් ,
1. නීතිය සංශෝධනය විය යුතුය
2.අනුගමනය කලයුතු කාර්ය පටිපාටිය සංශෝධනය කල යුතුය.
3.අධිකරණ සහ විනිසුරුවන්ගේ ප්‍රමාණය,සහ සම්පත් වැඩි කල යුතුය

අපරාධ නඩුවක් විභාග කල හැකි අධිකරණ දෙකකි. එනම් එය මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණයයි. නමුත් ඕනෑම අපරාධ නඩුවක් ආරම්භ වන්නේ මහේස්ත්‍රාත් අධිකරණයෙනි. මහේත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව ප්‍රමාණවත් නඩුවක් පැවරීමට සාක්ෂි ඇත්නම් චෝදනාවක් ඉදිරිපත් කල හැක්කේ එම අධිකරණයේ මහේස්ත්‍රාත් වරයාටය. ඒ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග කල හැකි නඩුවක් සම්බන්ධයෙනි. මිනි මැරුම් වැනි බරපතල ඝනයේ අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික පරීක්ෂණයක් පවත්වා සාක්ෂි ඇත්නම් පමණක් හෝ ඇතැම් බරපතල අපරාධ සම්බන්ධ මුලික පරීක්ෂණයක් නොපවත්වා ලිපිගොනුව නීතිපති වරයා වෙත යොමු කරනු ඇත. ඉන් පසුව නීති පතිවරයා අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කිරීමට අවම වශයෙන් වසරක කාලයක් ගත වන අතර දේශපාලන චුදිතයන්ගේ අධිචෝදනා ඇතැම්විට ඉක්මනින් මහාධිකරණයට ඉදිරිපත් කරයි. මහාධිකරණය දක්වා නඩුවක් ගොනුවීමට වසර තුනක හෝ හතරක කාලයක් ගත වේ. ඉන් පසුව මෙම නඩුව මහාධිකරණයේ අවසන් වීමට තවත් වසර 3 සිට වසර 5 ක් දක්වා කාලයක් ගත වේ. මේ කාලය තුල සාක්ෂි කරුවන් මිය යා හැක. ඇතැම් අවස්ථාවල සාක්ෂිකරුවන් විදේශ ගත විය හැක. තවත් අවසථාවක පදිංචිය වෙනස් කිරීම නිසා නඩු විභාගයට සාක්ෂි කරුවන් සොයා ගැනීමට නොහැකි වේ. බරපල අපරාධ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ මුලික පරීක්ෂණයක් පැවැත්වීමේ එක අරමුණක් වන්නේ මහාධිකරණයේ නඩුව විභාග වීමේදී මියගොස් ඇති සාක්ෂි කරුවෙකු හෝ සොයා ගත නොහැකි සාක්ෂි කරුවෙකුගේ, පැවති මුලික පරීක්ෂණයේ සාක්ෂි ඉහල අධිකරණයේදී සාක්ෂි කරු නොමැත වුවද අදාල කර ගැනීමට අවකාශ ලබා ගැනීමයි.
නමුත් මෙම අරමුණ යම් මට්ටමකට යහපත් වුවද මෙම මුලික පරීක්ෂණය පැවැත්වීමටද මහේස්ත්‍රාත් අධිකරණයේ වසර දෙකකට ආසන්න කාලයක් ගත වේ.මෙම ප්‍රමාදය අවම කිරීමට නම්,
1.නීතිපති දෙපාර්තමේන්තුවේ බලතල සහිත රජයේ නීතිඥ වරයෙකු පත්කොට ප්‍රාදේශීය මට්ටමින් කාර්යාල ඇතිකොට නඩු පැවරීමෙන් නීතිපතිවරයාගේ බලය විමධ්‍ය ගත කළයුතු වේ.

2. එසේ පත් කරනු ලබන රජයේ අධි නීතිඥ වරයා පොලිස් අධිකාරි වරයෙකු සමාන බලතල ලබා දී අපරාධ නඩු සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත අදාල පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් උපදෙස් ලබා දීමෙන් පොලිස් ස්ථාන වලින් අපරාධ නඩු සම්බන්ධයෙන් වන ප්‍රමාදය අවම කල හැක.

3.නීති වරයාගේ හෝ රජයේ අධිනීතිඥ වරයාගේ අධි චෝදනා පැවරීමේ ප්‍රමාදයක් ඇත්නම් සෘජුවම අධිචෝදනාවක් ඉදිරිපත් කළහැකි සුදුසුම පුද්ගලයා වන්නේ එම මුලික පරීක්ෂණය පැවැත්වූ මහේස්ත්‍රාත් වරයාය. එමගින් ලිපිගොනු එහාට මෙහාට යාමට ගතවන කාලය අවම කර ගත හැකි වනු ඇත.

4.බරපතල අපරාධ සම්බන්ධයෙන් වන මුලික පරීක්ෂණය පැවැත්විය යුතුද නැද්ද යන්න අදාල මහේස්ත්‍රාත් වරයාට තීරණය කිරීමේ බලය ලබා දීමට නීතිය සංශෝධනය කල යුතු අතර එම සාක්ෂි කරුවන් අධිකරණයට ගෙන්වා ගත හැකි සම්භාවිතාව සහ සාක්ෂි වෙනස් කිරීමේ ප්‍රවණතාව මත මහේස්ත්‍රාත් වරයා එම තීරණය ගත හැකි වන ලෙස නීතිය සංශෝධනය විය යුතුය.

5. අපරාධ නඩුවක් විභාගයට ගැනීමට පෙර අදාල මහාකරණ විනිසුරුවරයා සහ නීතිඥ වරුන් පෙර නඩු විභාග සාකච්චාවක් (Pre Trial Conference) පැවැත්විය යුතු බවට නීතිය සංශෝධනය විය යුතුය. පැමිණිල්ලෙන් සහ චුදිතයන්ගේ නඩුවේ ස්ථාවරය එකී සාකච්චාවේදී දෙපර්ශයෙන් ඉදිරිපත් කල යුතු අතර එකී නඩුවේ ස්ථාවරය සහ ඉදිරිපත් කරනු යෝජිත ද්‍රවය මය , ලේඛනමය සාක්ෂි සහ කැඳවනු ලබන සාක්ෂි එම අවසථාවේදී විනිසුරු වරයාට දැන්විය යුතු අතර පසුව වෙනත් සාක්ෂි සහ සාක්ෂිකරුවන් කැඳවීමට,නඩුවේ ස්ථාවරය ,විත්තිවාචකය වෙනස් කිරීමට අවසර ලබා නොදිය යුතුය. එමගින් නඩු විභාගයට ගතවන කාලය අවම කර ගත හැක.

6.මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වනු ලබන මුලික පර්ක්ෂණය අවලංගු කොට නඩුවේ ප්‍රධාන සාක්ෂි කරුවන්ගේ ප්‍රකාශ අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා ඉදිරියේ දෙපාර්ශයේ නීතිඥ වරුන්ට ප්‍රශ්න ඇසීමට අවස්ථාව ලබා දී එම අවසතාවේ කරනු ලබන සියලු ප්‍රකාශ සහ ප්‍රශ්න විරෝධතා අනුකුල අනනුකුල සියලු කරනු සටහන් කොට එම සාක්ෂි වලින් අදාල කර ගත හැකි සාක්ෂි සහ විරෝධතා සම්බන්ධයෙන් පෙර නඩු විභාග සාකච්චාවේදී මධිකරණ විනිසුරුවරයා නඩුවට අදාල කර ගත හැකි සාක්ෂි කොටස් සහ අදාල කරගත නොහැකි කොටස් සම්බන්ධයෙන් නියෝග ලබා දිය යුතු අතර ඊට අනුකුලව පමණක් නඩු විභාගයේදී සාක්ෂි ඇසීම සිමා කිරීමට නීතිය සංශෝධනය කල හැක. එමගින් නඩු විභාගයේදී අනවශ්‍ය ලෙස නඩුවේ මුලික ප්‍රශ්න සහ හරස් ප්‍රශ්න සිමා කිරීම කල හැකි අතර නඩුවේ විභාගයට ගතවන කාලය අඩු කර ගත හැක.

7. ත්‍රි පුද්ගල විනිසුරු වරුන් ( Trial-at -bar) සහිත විශේෂ නඩු විභාග නීතියෙන් ඉවත් කල යුතු අතර එය ලෝකයේ කිසිම රටක අපරාධ නීතිය තුල නැති අපරටට පමණක් විශේෂ ක්‍රමයකි. මෙමගින් අධිකරණ තුනක කාලය කා දැමීමක් වන අතර ඒ තුලින් නීතිය තුල ඇති අසමානව සැලකීමේ ක්‍රමය අපරටේ නීතය තුලින්ම පිළිගෙන ඇත.

8. මහාධිකරණය , දිනකට සැසි දෙකකට සකස් කල හැකි අතර දැනට පවතින ක්‍රමය අනුව අධිකරණයේ නඩු ආරම්භ වන්නේ පෙරවරු 9.30 ටය. නමුත් අධිකරණයේ කටයුතු උදේ 8.00 ආරම්භ කොට පළමු සැසිය 12.30 ට අවසන් කල හැක. පළමු සැසිය තුල විභාග නඩුවලට පමණක් සිමා කොට දෙවන සැසිය පස්වරු 1.30 සිට 4.30 දක්වා පැවැත්විය හැකි අතර දෙවන සැසිය සඳහා විශ්‍රාම ගිය විනිශ්වකරුවන් ( මහේස්ත්‍රාත් වරුන් , දිසා විනිසුරු වරුන් හෝ ඉහල විනිසුරුවරුන්) වැඩ කරනු ලබන පැය ගණනට සාධාරණ මුදලක් ගෙවා සේවය ලබා ගත හැක. මේ සැසිය තුල කැඳවීම නඩු වලට පමණක් සිමා කල යුතු අතර ස්ථිර මහාධිකරණයේ විනිසුරු වරයාගේ අධීක්ෂණයට ලක් කිරීමෙන් විය හැකි විසමාචාර වැලැක්විය හැක.

9. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සම්බන්ධයෙන් වෙනම කොමසාරිස් වරයෙකු බඳවා ගෙන සමත මණ්ඩලයට අමතර නැවත වරක් සුළු ආරවුල් මෙම කොමසාරිස් වරයා වෙත ඉදිරපත් කොට නඩුව විභාග කිරමට පෙර සමත කිරීමට හැකියාවක් ඇද්ද යන්න සොයා බැලිය යුතුය. නීතිය පිලිබඳ දැනුමක් ඇති අයෙකු මේ සඳහා බඳවා ගත හැකි අතර නඩුවේ නියම ස්වභාවය සම්බන්ධයෙන් පාර්ශවයන් වෙත කරුණු පැහැදිලි කිරීම මෙම කොමසාරිස් වරයාගේ කාර්ය විය යුතුය.

10. මහේස්ත්‍රාත් අධිකරණයට පවරා ඇති අර්ධ සිවිල් සහ අර්ධ අපරාධ නඩු එනම් නඩත්තු නඩු සහ 66 වගන්තියේ නඩු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉවත්කොට දිසා අධිකරණයට යොමු කල හැක. බොහෝ විට දික්කසාද නඩුව දිසා අධිකරණයේ විභාග වන විට වෙනත් දිනක එම පාර්ශවයන්ගේම නඩත්තු නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වේ. නමුත් මෙම නඩු දෙකම එක ස්වාභයේ සහ එකම පර්ශය්වන් අතර නඩුවක් හෙයින් දිසා අධිකරණයේ එක නඩුවක් ලෙස විභාග කල හැක.මෙමගින් මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩු ව්භාග කිරීමේ කාලය ඉතිරි කර ගත හැක.
අනෙක් අතට 66 වගන්තියේ නඩු ඉඩම් සම්බන්ධ ආරවුලකි. මෙම නඩුව ඉඩම් නඩුවට සම්බ්න්ධ කොට එක නඩුවක් ලෙස දිසා අධිකරණයේ විභාග කල හැකි අතර මෙමගින් කාලයද , මුදල්ද ඉතිරි කර ගත හැක.

බොහෝ රටවල නඩුවේ ලේඛන අන්තර්ජාලය භාවිතා කොට පැමිණිල්ල , උත්තරය , විරෝධතා ආදී නඩුවේ විභාගයට පෙර සියලු පියවර ඔන්ලයි ක්‍රමය ඔස්සේ සිදුවේ. ලංකාවේ මෙම ක්‍රමය යම් මට්ටමකින් මුලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් පමණක් ක්‍රියාත්මක වන අතර කම්කරු ව්නිශ්ච්ය සභාව මගින් පවරා පවත්වා ගෙන යනු ලබන කාම්කරු නඩු වලදී තැපැල් මගින් අදාල ලේඛන අධිකරණයට ගොනුකිරීමේ අවසර ලබා දේ. මෙම ක්‍රමය මගින් අධිකරණයේ කාලය බෙහෙවින් ඉතිරි වේ.

දැනට පවතින නීතිය අනුව සිවිල් නඩුවක පැමිණිල්ල හෝ පෙත්සම නඩුවේ විභාගයට පෙර යම් යම් සීමාවන්ට යටත්ව ඕනෑම වාර ගණනක් සංශෝධනය කල හැක. පැමිණිල්ලක් සිවිල් අධිකරණයට ගොනුකොට පළමු වරට කැඳවීමට මාස තුනක කාලයක් ගත වේ. ඇතැම් විට නඩුවේ විත්තිකරුවන් කිහිප දෙනෙක් සිටි නම් ඔවුන් කැඳවා ගැනීමට ලියා පදිංචි තැපැල් මගින්ද එම සිතාසියට ප්‍රතිචාර නොදක්වන්නේ නම් අධිකරණයේ පිස්කල් මගින්ද, එයට ප්‍රතිචාර නොදක්වන්නේ නම් පදිංචි නිවසේ දොරේ අලවා සිතාසි භාර දීම කල යුතුය. ඇතැම් විට විත්තිකරු විදේශ ගතව සිටියහොත් තත්වය තවදුරටත් ව්යාකූල වේ. එසේ වුවහොත් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශයට භාර දිය යුතුය. බෝහෝ අවසථාවල විදේශ ගත විත්තිකරුට සිතාසි භාර ගැනීම ඉතා පහසුවෙන් මග හැරිය හැක. එසේ වුවහොත් පවතින සිවිල් නීතිය අනුව නඩුව පැමිණිලිකරුට පවත්වා ගෙන යා නොහැක. මෙය දික්කසාද නඩුවක් නම් පැමිණිල්ලට සිදුවන අගතියට වග කියන්නේ කවුද? පැමිණිලි කරුගේ හෝ කාරියගේ වයස් ගතවීම හේතුකොට ගෙන නව විවාහයක් කර ගැනීමේ අවසථාව අහිමි වී යනු ඇත. නඩුව පවතින අවසථාවක පැමිණිලිකරු නැවත විවාහ වුවහොත් බහු විවාහය යටතේ අපරාධ චෝදනාවට ලක් වන අතරම දෙවන විවාහය නීතිය ඉදිරියේ අවලංගු විවාහයක් බවට පත්වේ. එකී දෙවන විවාහයේ දරුවන් අවජාතක දරුවන් බවට පත්වේ. මෙයට සරල විසඳුම් දෙකක් ඇත. එනම් ,

1.විදේශ ගත හෝ සොයා ගත නොහැකි විත්තිකරුවන්ට අධිකරණයේ නඩුවක් පවතින බවට පුවත් පත් දැන්වීමක් සහ රජයේ ගැසට් පත්‍රයේ පල කිරීම මගින් සිතාසි භාර දුන් බවට නීතිය සංශෝධනය කල යුතුවේ

2. දෙවන ක්‍රමය නම් විදේශ ගතවන සෑම පුද්ගලේයෙකුම විදේශ ගත වීමේදී ගුවන් තොටුපලේදී පුරවන ලබන පිටවන පෝර්මයේ විදේශ ගතව සිටින කාලය තුල සිතාසි භාර දිය හැකි ලංකාවේ ලිපිනයක් , විදේශගත ලිපිනය සහ ඒ මේල් ලිපිනයක් ලග ගෙන එය පරිගණක ගත කර නඩුවක් පවතින අවස්ථාවක එම ලිපිනයට සිතාසි නිකුත් කල හැකි වන සේ නීතිය සංශෝධනය කල හැක.

සිවිල් අධිකරණයේ නඩුවේ විභාග අවසථාවට පෙර නඩුවේ පියවර එනම් පැමිණිල්ල , පැමිණිල්ල සංශෝධනය , උත්තරය , ප්‍රති උත්තරය , විරෝධතා යන කැඳවීම අවසථා ඔන්ලයින් ( online) මගින් කල හැකි ක්‍රම වේදයක් සකස් කල හැක. මෙය ලංකාවේ ක්‍රියාත්මක කිරීමේදී ගැටළු කිහිපයක් මතු විය හැක. මේ සඳහා එක් එක අධිකරණ සඳහා විශේෂිත පරිඝනක මෘදුකාංග සකස් කල යුතුවේ. මෙය අඩු වියදමකින් සකස් කිරමට ලංකාවේ පරිගණක සම්බන්ධ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් , විශව විද්‍යාල උගතුන්ගේ සහයෝගය ලබා ගත හැක. මෙය ලෝකයේ පිළිගත් ක්‍රමයක් වන අතර මේ සඳහා අපගේ නීතිය සංශෝධනය කල යුතු වේ .රුපියල් මිලියනක වඩා අඩු මුදලකින් මෙම පරිගණක මෘදකාංගය සකස් කර ගත හැක. එක අධිකරණයට පරිගණක 10 ක් සහ පරිගණක ක්‍රියාකරුවන් 10 දෙනෙකු, එක පරිගණක අලුත්වැඩියා කරන්නෙක් මේ සඳහා යොදා ගත හැකි අතර දැනට සිටින සේවකයන්ටම මේ සඳහා පුහුණුව ලබා දිය හැක. නීතිඥ ප්‍රජාවට මේ සම්බන්ධ අවශ්‍ය පුහුණුවක් ලබා දිය හැකි අතර එක් එක් පියවර සඳහා පෙර අයකරනු ලබන ගාස්තුව පරිගණක මගින් උත්ත්රවාද ගොනුකිරීම සඳහා අයකිරීමට අවසථාව ලබා දීමෙන් නීතිඥ ප්‍රජාවෙන් මතුවන විරෝධය නතර කල හැකි වනු ඇත.

පැමිණිල්ලක් සංශෝධනය කිරීමට සිදුවන්නේ පැමිණිල්ලේ නිසි අංග විධිමත් පරිදි ඉදිරිපත් නොකළ අවසථාවකය. දැනට සිවිල් නඩුවක පැමිණිල්ලට නිසි ආකෘතියක් අනුගමනය කරන්නේ නැත. නමුත් අපගේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ එක් එක් නඩු සඳහා පැමිණිල්ල , උත්තරය සහ අනෙකුත් ලේඛන සම්බන්ධයෙන් ආකෘතියක් ඇතත් එය ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා පෙර මා සඳහන් කල පරිගණක මුදුකාංගය සකස් කිරීමේදී එක් එක් නඩු වර්ගය සඳහා වෙනම ආකෘති පත්‍රයක් සකස් කල යුතුය. උදාහරණයක් ලෙස දික්කසාද නඩුවක පැමිණිල්ලේ අවශ්‍ය විය යුතු අංග ප්‍රශ්න වශයෙන් සකස් කොට ආකෘති පත්‍ර සකස් කොට පරිගණක මෘදුකාංගයට ඇතුලත් කල යුතුය. ඒ අනුව ඒ ඒ නඩුව සඳහා ඒකකාරී ආකෘති පත්‍රයක් සකස් කිරීමෙන් නඩුවේ සංශෝධන අවම කොට නඩුව ඉක්මනින් විභාග කල හැකි වනු ඇත. නඩුවට අදාල විශේෂිත අවසථාවල කරනු ලබන ඉල්ලීම් ( මෝෂන් පත්‍ර) අධිකරණයේ අඬනොගසා ඔන්ලින් මගින් පාර්ශවයනට අවශ්‍ය ලේඛන ගොනුකිරීමට අවසථාව ලබා දී අවශ්‍ය නියෝගය විනිසුරුවරයා විසින් අදාල පරිගණක ඊ ගොනුවේම නියෝගයක් කල හැක. මෙය ලෝකයේ පිලිගත් විශ්වාශදායක ක්‍රමයකි. මෙමගින් දැනට පවතින නඩු ප්‍රමාදය තුනෙන් එකක ප්‍රමාණයක් ඉවත් කල හැක.

මෙම ක්‍රමය ලංකාවේ සිවිල් අධිකරණ ක්‍රමය තුල ක්‍රියාත්ක කිරීමට වැයවන අතිරේක මුදල රුපියල් මිලියන 50 කට වඩා අඩුය.නමුත් මිට වඩා මුදලක් මේ තුලින් රජයට ලබා ගත හැකි ආකාරයට මෙය සකස් කල හැක. උදාහරණයක් ලෙස නඩුවේ පාර්ශවයනට හෝ නීතිඥ තැනට තමන්ගේ නඩුවේ ඊ ලිපිගොනුව ඕනෑම අවසථාවක බලා ගැනීමට මුදලක් අයකළ හැකි අතර නීතිඥ වරුන්ටද තමන්ගේ කාර්ය බහුල තාවයට ඉතාම හොඳ විසඳුමකි. අදාල ඊ ගොනුවේ ප්‍රවේශය අදාල පාර්ශවයනට පමණක් සිමා කිරීමට අදාල පරිගණක මෘදකාංගය පහසුවෙන් සහ අරක්ශාකරිව සකස් කල හැක.

ලංකවේ මෙම ක්‍රමය අත්හදා බැලීමට කොළඹ දිසා අධිකරණයේ දික්කසාද නඩුවලට පමණක් මෙම ක්‍රමය පළමුව උපයෝගී කර බැලිය හැක. මෙය සියයට සියයක් සාර්ථක ක්‍රමයක් වන අතර අවශ්‍ය වන්නේ නීතිය සංශෝධනය කර නීතිය ක්‍රියාත්මක කිරීමයි.

අනෙක් අතට සංශෝධනය ලක්විය යුතු තවත් අංශයක් වන්නේ නීතිඥ ප්‍රජාවගේ ගාස්තු සම්බන්ධයෙනි. විශේෂයෙන් වට්ටම් ක්‍රමයට නීතිඥ ගාස්තු අයකිරීම ලංකවේ තහනම් වේ. එනම් නඩුව අවසානයේ තම සේවාදායකයට ලැබෙන වන්දි මුදලෙන් යම් කොටසක් අනාගතයේ නඩුවෙන් ජයග්‍රහණය කල පසු සේවදයකයාගෙන් නඩු ගාස්තුව ලබා ගැනීමේ ක්‍රමයයි. මෙම ක්‍රමය මගින් නඩුව පැවරීමට සහ නඩු පවත්වා ගෙන යාමට සේවාදායකයා තම නීතිඥයාට මුදල් ගෙවිය යුතු නැති අතර නඩුව ජයග්‍රහණය කළහොත් පමණක් ලැබෙන වන්දි මුදලින් කොටසක් සිය නීතිඥයාට ගෙවීමේ ක්‍රමයයි. විශේෂයෙන් වන්දි නඩු ( රථවාහන අනතුරු හා වෙන වන්දි නඩු ) සඳහා පමණක් මෙය කල හැකි අතර මෙමගින් අනවශ්‍ය නඩු එනම් පදනමක් නොමැත නඩු අධිකරණයට ගොනුවීම වැලැක්විය හැකි අතරම සැබවින්ම මුදල් නොමැත නඩු නිමිත්තක් ඇති ජනතාවට යුක්තිය ලබා ගැනීමට ඇති අවකාශ පුළුල් කල හැක. මෙම ක්‍රමය මගින් නීතිඥයන්ද තම නඩුව ඉකමනින් අවසන් කිරීමට පෙලෙබෙනු ඇත.

නඩු ප්‍රමාදය අවම කිරීමට ඉදිරියේ කවදා හෝ මෙම පියවර අනුගනය කිරීමට සිදුවන නිසා මෙම සංශෝධනයන් වෙත වහ වහා ක්‍රියාත්මක කිරීම මගින් ජනවතාවට විශාල සහනයක් වනු ඇත.

නීතිඥ මාධව ලොකුසූරිය මහතා

උපුටා ගැනීම-lawpage.lk, මාර්තු 28, 2017 ශ්‍රී ලංකා නිතිය හැදින්වීම

07/01/2018

පාසල් දරු දැරියන් අතර සමාජ රෝග පැතිරීමේ ප්‍රවණතාවක්,,,,,,,,,,,,,,
පාසල් දරු දැරියන් අතර සමාජ රෝග පැතිරීමේ ප්‍රවණතාවක් මේ වන විට මතුවී ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

සිය සංගමය කරන ලද අධ්‍යනයක් අනුව වයස අවුරුදු 13ට වැඩි පාසල් දරු දැරියන්ගෙන් සියයට 4 ක ප්‍රමාණයක් මෙවැනි තතත්ත්වයට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසීය.

නව යොවුන් වියේ පසුවන දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය පාසල තුළින් ලබාදීමේ දී සිදුවන පසුගාමීත්වය නිසා බොහෝ දරුවන් සම වයසේ මිතුරන් මගින් මෙම අධ්‍යාපනය ලැබීමට උත්සාහ දරන බවත් එමෙන්ම ඔවුන් අත්හදා බැලීම් කරා යොමු වන බවත් එම සංගමය කියයි.

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වෙබ් දසුන් නැරඹීමට ද ඇතැම් නව යොවුන් දරුවන් හුරුවී සිටින බව සඳහන් කරන එම නිවේදනයේ ග්‍රාමීය හා නගරාශ්‍රිත දරුවන් අතර සමාජරෝග වැළඳුණූ අවස්ථා වාර්තාවී ඇති බව ද සඳහන් කොට තිබේ.

එබැවින් පාසල් විෂය නිර්දේශය තුළ සඳහන් කර ඇති ලිංගික අධ්‍යාපනය අනිවාර්යයයෙන්ම ලබා දිය යුතු බවත් ඒ සඳහා ගුරුවරුන් පසුගාමී නොවී ඉදිරිපත් විය යුතු යැයි එම සංගමයේ ලේකම්වරයා කියයි. ලිංගික ඉන්නන්, හර්පීස්, ගොනෝරියා වැනි රෝග වැළඳුණු අවස්ථා රැසක් පාසල් දරුවන් තුළින් අනාවරණය වී ඇති නිසා අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

සල් දරු දැරියන් අතර සමාජ රෝග පැතිරීමේ ප්‍රවණතාවක් මේ වන විට මතුවී ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි.

සිය සංගමය කරන ලද අධ්‍යනයක් අනුව වයස අවුරුදු 13ට වැඩි පාසල් දරු දැරියන්ගෙන් සියයට 4 ක ප්‍රමාණයක් මෙවැනි තතත්ත්වයට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් අජිත් කේ. තිලකරත්න මහතා පැවසීය.

නව යොවුන් වියේ පසුවන දරු දැරියන්ට ලිංගික අධ්‍යාපනය පාසල තුළින් ලබාදීමේ දී සිදුවන පසුගාමීත්වය නිසා බොහෝ දරුවන් සම වයසේ මිතුරන් මගින් මෙම අධ්‍යාපනය ලැබීමට උත්සාහ දරන බවත් එමෙන්ම ඔවුන් අත්හදා බැලීම් කරා යොමු වන බවත් එම සංගමය කියයි.

අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය වෙබ් දසුන් නැරඹීමට ද ඇතැම් නව යොවුන් දරුවන් හුරුවී සිටින බව සඳහන් කරන එම නිවේදනයේ ග්‍රාමීය හා නගරාශ්‍රිත දරුවන් අතර සමාජරෝග වැළඳුණූ අවස්ථා වාර්තාවී ඇති බව ද සඳහන් කොට තිබේ.

එබැවින් පාසල් විෂය නිර්දේශය තුළ සඳහන් කර ඇති ලිංගික අධ්‍යාපනය අනිවාර්යයයෙන්ම ලබා දිය යුතු බවත් ඒ සඳහා ගුරුවරුන් පසුගාමී නොවී ඉදිරිපත් විය යුතු යැයි එම සංගමයේ ලේකම්වරයා කියයි. ලිංගික ඉන්නන්, හර්පීස්, ගොනෝරියා වැනි රෝග වැළඳුණු අවස්ථා රැසක් පාසල් දරුවන් තුළින් අනාවරණය වී ඇති නිසා අධ්‍යාපන අමාත්‍යංශය මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු යැයි ද අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.

බටහිර රටවල ළමයෙකු පාසලට ඇතුලත් කරගන්නා අවස්ථාවේ ළමයගේ සෞඛ්‍ය පිලිබඳ සම්පුර්ණ වෛද්‍ය වාර්තාවක් පාසලට ඉදිරිපත් කලයුතු අතර ඇතැම් පාසල් වල සෑම වර්ෂයකම එම වෛද්‍ය වාර්තාව පාසැල මගින් රෝහලක් වෙත ඉදිරිපත් කර ලබාගනී. ඊට අමතරව වයස අවුරුදු 12 ට වැඩි සෑම දරුවෙකුටම ලිංගික සම්බන්ධතා සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන අතර ඒ සඳහා පුර්ව ආරක්ෂණ ක්‍රම සම්බන්ධයෙන්ද අවබෝධයක් පාසලේ සිටින උපදේශයක වරයෙකු ලවා ලබා දේ. මේ තුලින් ළමා අපයෝජන , සමාජ රෝග පැතිර යාම යම් මට්ටමකින් පාලනය කිරීමට හැකි වනු ඇත.

උපුටා ගැනිම -ජනවාරි 26, 2017 ශ්‍රී ලංකා නිතිය හැදින්වීම -lawpage.lk

05/01/2018

ප්‍රජා පොලිස්‌ සංකල්පය බලගතු ඓතිහාසික ප්‍රතිපත්තියක්........
- ආචාර්ය එඩ්වින් ආරියදාස

ශ්‍රී ලංකාව යටත් විජිතයක්‌ වශයෙන් පාලනය කරන්නට පටන්ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයෝ, ශ්‍රී ලංකාවේ රජවරුන් විසින් ප්‍රජාරක්‍ෂණය තහවුරු කරනු පිණිස ක්‍රියාවේ යෙදවු පොදු ජනාන්ද්‍ර කම්මක පාලන ධර්ම සහමුලින්ම පාහේ වෙනස්‌ කොට, රටවැසි ජනතාව සතුරන් සේ දක්‌නා ප්‍රජාතාඩක පාලනයක්‌ ආරම්භ කළහ. දේශජ ප්‍රජාව සතුරන්සේ දුටු අධිරාජ්‍යවාදීහු, රට වැස්‌සාට එරෙහිව සිටිමින්, ඔවුන් මැඩලන, සන්නද්ධ හමුදාවක්‌ තනාලූහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ප්‍රථම වරට නිල ඇඳුමෙන් සැරසුනු පොලිස්‌ සේවයක්‌ ආරම්භ කරන ලද්දේ 1829 යේ මාර්තු 12 වනදා සිටයි. මේ පොලිස්‌ සේවය, පැහැදිළිවම, අධිරාජ්‍යවාදී පාලකයන්ගේ "අවියක්‌" වූයේය.

"අදිසියකදි, බලය යොදා/ ආරක්‌ෂාව සම්පාදනය කළ හැකි වෙයි. එසේ වුවද, අන්තිමේදී සනාතනික සාමය පිළිබඳ අරුණා ලෝකය වෙත මිනිසා ගෙන යා හැකිවන්නේ, හුදෙක්‌ යුක්‌තිය, සාධාරණත්වය, අනුන් ගැන සැළකිළිමත්වීම සහයෝගිතාව යන යහගුණ මගින් පමණි."
ඩ්වයිට්‌ ඩී. අයිසන් හවර් (1890 - 1969) ඇමෙරිකා එක්‌සත් ජනපද රාජ්‍යයේ තිස්‌ හතරවන (1953 - 1961) ජනාධිපති.

බලය භාවිත කිරීමෙන්, යුක්‌තිය, සාධාරණත්වය, ආරක්‌ෂාව සහ නීති ගරුකබව පවත්වා ගැනීමේ සම්ප්‍රදාය, ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතා ඈත යුගයන්හි පවා ව්‍යවහාර වූයේය. බලය මෙහෙයවා පාලනය කරමින්, මේ රටේ සාමය ස්‌ථාවර කිරීමේ ක්‍රියාදාමය ශ්‍රී ලංකාවේ ඉතා ඈත යුගයක ආරම්භ වූවකි. මෙයට අවරුදු 2500 කට පමණ පෙර, පඬු අබා නිරිඳු සමයෙහි, මේ දේශයේ ස්‌ථාවර සාමයක්‌ සංසිඳියාවක්‌ විහිද - පැතිර තිබිණි. පණ්‌ඩුකාභය රජු දවස, අනුරාධපුර නගරය, සර්වාංගපූර්ණ අගනුවරක්‌ව පැවැත්තේය.

දිවාකල්හි මෙන් රෑ දවසද, අනුරාධපුරයේ ජනාකීර්ණ වූ හෙයින්, නගරයේ පාලනය නිසිසේ සිදුවන තැනට පඬු අබා රජු, නව පදවියක්‌ පිහිටුවාලුසේය. ඒ නිලය නම් කෙරුනේ "නගර ගුත්තික" වශයෙනි. රාත්‍රීs සමයේදීත් අගනුවර හොඳින් පාලනය කළ ඒ නිලධාරියා, රජුගේ ලොකු මාමණ්‌ඩි වූ අභය කුමරුයි.

ප්‍රජාවගේ දිවිපෙවෙත යහතින් ගත කළ හැකි වනු පිණිස පාලන ත්‍රන්ත්‍රවේදී පණ්‌ඩුකාභය රජු විසින් (ක්‍රි.පුර්ව 394-307) සකස්‌ කරන ලද සාමාරක්‍ෂක ක්‍රියාවලිය, අඛණ්‌ඩවම පැවත ආයේය.

රජතුමාගේ පටන්, ගම් මට්‌ටමේ පොදු ජන කණ්‌ඩායම් දක්‌වාත්, ඒ ඉපැරණි ප්‍රජා සංරක්‍ෂක ධුරාවලිය ක්‍රියාත්මක වෙද්දී, පොදු ජනයා තලා පෙලීමේ අභිප්‍රායක්‌ රටේ පාලන ත්‍රන්ත්‍රයට අයත් පරිපාලක පක්‍ෂ තුළ තිබුණේ නොවේ.

දැහැමි රජවරු ප්‍රජා පාලන ත්‍රන්ත්‍ර භාවිත කළේ සනාතනික දශ රාජ ධර්මවලට අනුවයි. ක්‍රිස්‌තුවර්ෂ 362 ශ්‍රී ලංකාව පාලනය කළ බුද්ධදාස රජුන් පිළිබඳව චූලවංශයේ සඳහන් කරන්නේ, ඒ නරපතියා සම්ප්‍රදායික දශරාජ ධර්මානුකූලව ප්‍රජා පාලනයේ යෙදුනු බවය. (දශරාජ ධර්මදාන, ශීල, පරිච්චාග, අ-ජච, මද්දව, තපස්‌, අක්‌කෝධ, අහිංසා, ඛන්ති සහ අවිරෝදන)

මා, එම ප්‍රජා සංරක්‍ෂණ න්‍යායය, මෙහිලා ඉදිරිපත් කළේ, මේ දේශයේ දැහැමි පාලකයන් ප්‍රජාව කෙරේ කුළුණුබරව සිය පාලනය කළ බව දක්‌වනු පිණිසයි. ඔවුන් සිය වැසියන් දුටුවේ "සිය සුතන්" (තමාගේ දරුවන්) හැටියටයි.

පාලකයෝ, අයාපත් ප්‍රජා චර්යාවලට එරෙහිව දඩුවම් පැණවුහ. එහෙත්, ඒ රාජ්‍ය පාලන තන්ත්‍රය හැමවිටම හැඩගැසී තිබුණේ, ජනතාවගේ ජීවන අවශ්‍යතා පරිපූර්ණ ආකාරයෙන් සම්පාදනය කරනු පිණිසයි. ඒ සමාරක්‍ෂක සම්ප්‍රදාය, ශ්‍රී ලංකාවේ,පරිපාලන ක්‍ෂේත්‍රයේ විශේෂ ලක්‍ෂණය වූයේය.

එහෙත්, මහාවංශයේ සහ චූලවංශයේ සදහන්වන, ප්‍රධාන රාජ්‍ය පාලකයන් 186 දෙනාගේ අන්තිමයා වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ඉංගිරිසි අධිරාජ්‍ය නියෝජිතයන් විසින් රජයෙන් පහකොට අල්ලා ගැනීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ ප්‍රජා පාලන ක්‍රමාවලිය, ඉතා ශීඝ්‍රයෙන් වෙනස්‌ වූයේය.

ශ්‍රී ලංකාව යටත් විජිතයක්‌ වශයෙන් පාලනය කරන්නට පටන්ගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නියෝජිතයෝ, ශ්‍රී ලංකාවේ රජවරුන් විසින් ප්‍රජාරක්‍ෂණය තහවුරු කරනු පිණිස ක්‍රියාවේ යෙදවු පොදු ජනාන්ද්‍ර කම්මක පාලන ධර්ම සහමුලින්ම පාහේ වෙනස්‌ කොට, රටවැසි ජනතාව සතුරන් සේ දක්‌නා ප්‍රජාතාඩක පාලනයක්‌ ආරම්භ කළහ. දේශජ ප්‍රජාව සතුරන්සේ දුටු අධිරාජ්‍යවාදීහු, රට වැස්‌සාට එරෙහිව සිටිමින්, ඔවුන් මැඩලන, සන්නද්ධ හමුදාවක්‌ තනාලූහ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් ප්‍රථම වරට නිල ඇඳුමෙන් සැරසුනු පොලිස්‌ සේවයක්‌ ආරම්භ කරන ලද්දේ 1829 යේ මාර්තු 12 වනදා සිටයි. මේ පොලිස්‌ සේවය, පැහැදිළිවම, අධිරාජ්‍යවාදී පාලකයන්ගේ "අවියක්‌" වූයේය.

1866 යේ සැප්තැම්බර් 06 වනදා ඇරඹුණු "සිලෝන් පොලිස්‌ ෙµdaස්‌" බළ ඇණිය, බ්‍රිතාන්‍ය පාලන ත්‍රන්ත්‍රයේ උපාංගයක්‌ විය. පෘතුල ප්‍රජා මෙහෙයක්‌ ඉටුකිරීම, ඒ හමුදාවේ මුඛ්‍ය අරමුණක්‌ නොවීය.

1948 පෙබරවාරි හතරවැනිදා, ශ්‍රී ලංකාව, බ්‍රිතාන්‍ය යටත් විජිත තත්ත්වයෙන් මිදී, ස්‌වාධීන ස්‌වෛරී රාජ්‍යයක්‌ බවට පත්විය. එතැන් පටන් අද වන තෙක්‌ම, ශ්‍රී ලංකා පොලිස්‌ සේවයට නියම ප්‍රජා හිතෛෂී මුහුණුවරක්‌ ආරෝපණය කරනු පිණිස අඛණ්‌ඩ ප්‍රයත්නයක්‌ දරන ලදී. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්, විවිධ අණ-පනත්, නියෝග, ව්‍යාපෘති ක්‍රියාවේ යෙදුනේය.

එහෙත්, ඒ කාලාන්තරයක්‌ මුළුල්ලේ වෙහෙසෙමින් ශ්‍රීලංකාව විසින් දිනාගන්නට වෙරවැඬු ක්‍රමවත් ප්‍රජා පොලිස්‌ බලවේගයක්‌ පිළිබඳව උදාර මානව හිතවාදී අරමුණු, දැන් කුළුගැන්වී ඇත්තේය. ඒ සාමකාමී ජයග්‍රහණය පිළිබිඹුවන්නේ දිගු ආයාසයකින් පසුව, 2016 යේ ඔක්‌තොම්බර් තිස්‌වනදා. ජනගතවන "ප්‍රජා පොලිස්‌ සංකල්පය" මගිනි. මේ සංකල්පය, හුදෙක්‌ අදහස්‌ මාත්‍රයක්‌ හෝ එක්‌ කලකට සීමාවූ වැඩ පිළිවෙළක්‌ හෝ නොවෙයි. මේ සංකල්පයට අනුව "ප්‍රජා පොලිස්‌ අෙන්‍යාන්‍ය සබඳතා ක්‍රියාදාමය" මේ දේශයේ පරිපාලන ක්‍ෂේත්‍රයෙහි, ප්‍රබල ප්‍රතිපත්තියක්‌ බවට ස්‌ථාවර වන්නේය.

ඒ හේතු කොට, ප්‍රජා පොලිස්‌ ජන සත්කාරක මෙහෙය, මෙදින පටන්, ශ්‍රී ලංකාවේ මුල්බැසගත් නිල ප්‍රඥප්තියක්‌ බවට පත්වේ.

1815 වේ මාර්තු දෙවැනිදා, අපට නැතිවී ගිය නිදහසෙන් පසුව, මේ "සංකල්පය" මගින් පොලිස්‌ සේවය, ජන සත්කාරය සඳහා නීතියෙන්, රාජ්‍ය පාලන න්‍යායයෙන්, ස්‌ථාපිත වන, ප්‍රජා සුභ සිද්ධි සාධක රාජ්‍යාංශයක්‌ වශයෙන් උච්ච ඓතිහාසික තත්ත්වයකට පත්වන්නේය.

විදේශික පාලන සමයේදී, දේශජ ප්‍රජාවට "සතුරු" වූ බල වේගයක්‌ වශයෙන්, බොහෝවිට සමාජගතව තිබුණු "පොලිස්‌ සේවය" මේ අලුත් ප්‍රජා පොලිස්‌ සංකල්පය මගින්, ජන සුබ සිද්ධියට ප්‍රාමුඛ්‍යතා සපයන, මානව හිතවාදී සංස්‌ථාවක්‌ බවට පත් කෙරෙන්නේය.

කලක්‌ මුළුල්ලේ මේ දේශයත්, එහි ප්‍රජාවත්, අෙන්‍යාන්‍ය විශ්වාසයෙන් ඒකාබද්ධවූ බල වේගයක්‌ බවට පරිවර්තනය කිරීමෙහිලා, පැවති අභිලාෂය අචල ප්‍රතිපත්ති පදනමක්‌ මගින් සැබෑ කිරීමේ ඓතිහාසික ගෞරවය ප්‍රධාන වශයෙන් පිරිනැමෙන්නේ වර්තමාන පොලිස්‌පති තැන්පත් පූජිත් ජයසුන්දර මහතාටයි.

පොලිස්‌පතිවරයා විසින්, 2016 යේ ඔක්‌තෝම්බර් 30 වන දින පරිපාලන ප්‍රභූත්වයට සහ සාමාන්‍ය ප්‍රජාවට නිලවශයෙන් පිරිනැමෙන මේ "ප්‍රජා පොලිස්‌ සංකල්පය" ඓතිහාසික ලේඛනයකි. යෝජිත "සංකල්පය" මූලිකාංග තුනකින් සමන්විතය. 01. ප්‍රශ්න විසඳිමේ ප්‍රවේශය 02. පෙර ක්‍රියාකාරීත්වය සහ 03. සහකාරි බව ගොඩනඟා ගැනීමත් වශයෙනි.

සංකල්පය අරමුණ මෙන්ම එහි සංවිධානාත්මක හා ව්‍යqහමය පක්‍ෂයද. පොලිස්‌තුමාගේ නිල ප්‍රකාශයෙහි අතිශයින්ම ක්‍රමවත්ව ප්‍රකාශ වන්නේය. අද සමාජයේ විවිධ පැති වලින් අසන්නට දකින්නට ලැබෙන, හද - සිත පාරන සිද්ධි සමූහය පිළිබඳව, යුතු පරිදි සංවේදී වන හැමකෙනකුටම මේ සාමාරක්‍ෂාව පෙර දැරි කොට ගෙන සකස්‌ කෙරුනු ප්‍රජා පොලිස්‌ සංකල්පයේ පුවත, මරුකතරක, සිහිල් වැස්‌සක්‌ සේ සිත සනසන සුළුය.

ඒ නිසා මේ ප්‍රශස්‌ථ සංකල්පය නොපමාවම, අති ප්‍රායෝගික ක්‍රියාදාමයක්‌ වශයෙන් ජන අතට පත් කිරීම, මේ උදාරතර දේශයට ප්‍රබල අශීර්වාදයක්‌ වෙයි.

විමුක්‌තිවාදී සාමාජික චර්යා උසස්‌ තැන්හිලා සලකන, අද යුගයේ ජන කණ්‌ඩායම් අතර පවා, තාමත්, පොලිස්‌ සේවා සහ ප්‍රජා කණ්‌ඩායම් අතර පවත්නේ තරමක්‌ ප්‍රශ්නකාරී අෙන්‍යාන්‍ය ආකල්ප රටාවකි.

ඔවුනොවුන් දෙස අමිත්‍ර ස්‌වරූපයෙන් බැලීමේ, ආදීකාලීන ගති - පැවතුම් රටාව, වර්තමාන ශ්‍රී ලංකා සමාජයෙන් මුළුමනින්ම බැහැරව ගොස්‌ නැත. ප්‍රජා පොලිස්‌ සංකල්පයෙහි , මූලික අරමුණක්‌ විය යුත්තේ, සුහද සහජීවනයට ප්‍රබල ලෙස උපකාරිවන පරිද්දෙන් පොලිස්‌ මෙහෙය හා ප්‍රජාචර්යා එකිනෙක හා සංකලනය කිරීමයි.

මෙම මස 30 වැනිදා සමාජගතවන "ප්‍රජා පොලිස්‌ සංකල්පය" ඒ ප්‍රශස්‌ත අරමුණ සාක්‍ෂාත් කොට ගැනීමෙහිලා අසහාය ක්‍රියාදාමයක්‌ ඉටු කිරීමේ ඓතිහාසික න්‍යාය පත්‍රය අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලකයන් විසින් මේ දේශයට පොලිස්‌ බළ ඇණියක්‌ හඳුන්වාදී, මේ වර්ෂයට හරියටම අවුරුදු 150 කි.

යෝජිත ප්‍රජා පොලිස්‌ ප්‍රතිපත්ති මාලාව. පුරෝගාමී ස්‌ථානයක, ප්‍රබුද්ධ පිරිසකගේ සහයෝගිත්වයෙන් ආරම්භ කොට, එය කෙමෙන් දේශයේ හැම පෙදෙසකට යොමු කිරීමට දැරෙන ප්‍රයත්නය, මේ මොහොතේදී, ජාතික මට්‌ටමෙන් අනිවාර්යයෙන්ම ඉටුකළ යුතුව තිබෙන ජාතික හා මානුෂික මෙහෙයකි.

ආචාර්ය එඩ්වින් ආරියදාස
දිවයින-2016.11.01

Address

Wellawaya Road
Monaragala
91000

Website

Alerts

Be the first to know and let us send you an email when Community Policing Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share