07/01/2018
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය
රටක ප්‍රධානතම නීතිය ලෙස සලකනුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ගැඹුරැ විෂයයක් වන මෙහි ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය, මුලික අයිතිවාසිකම්, ඡන්ද ක්‍රමය සහ බලතල බෙදීම වැනි කරුණු අඩංගුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව මූලික වශයෙන් වර්තමාන ශ්‍රී ලංකාවේ නීතිය කොටස් දෙකකට වෙන්කළ හැකිය.
01.අපරාධ නීතිය: නීතිය මගින් ‘අපරාධ‘ලෙස නිර්වචනය කර ඇති වරදවල් සම්බන්ධයෙන් කටයුතු කරන නීතිය
02.සිවිල් නීතිය: අපරාධ නීතිය යටතට නොවැටෙන වෙනත් ඕනෑම නීති ක්‍රමයක ප්‍රතිපාදනයන්.
අපරාධ නීතිය
අපරාධ වරදක් මුළු මහත් සමාජයටම එරෙහිව සිදුකරනු ලබන වරදක් ලෙස සැලකේ.මේ අනුව අපරාධ සිදු කරනු ලැබූයේ යැයි සැක කරන පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරනුයේ රජය විසිනි.
දණ්ඩ නීති සංග්‍රහය
1883 මුල් වරට සංග්‍රහ ගත කරන ලදි. මෙමගින් අපරාධ වැරදි යනු මොනවාද? ඒ සදහා නියමිත දඬුවම්ද අර්ථ දක්වා ඇත.
අපරාධ නඩු විධාන සංග්‍රහය
1898 වසරේදි සංග්‍රහ ගත කරන ලද අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් යම් අපරාධ නඩු විධාන සංග්‍රහය මගින් යම් අපරාධ වරදකට එරෙහිව නඩු පැවරීමේදි හා පරීක්‍ෂණ පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය දක්වා ඇත.
අපරාධ නීතියට අදාළ වෙනත් ඕනෑම පනතක්
යම් පනතක් සම්මත කර ගැනීමේදී එය අපරාධ නීතියට අදාළ බව සඳහන් කර ඇත්නම් මෙම ගණයට අයත් වේ.
සිවිල් නීතිය
සිවිල් ආරවුල් යනු අන්තර් පුද්ගල ආරවුල් වේ. සිවිල් ආරවුලකදී පුද්ගලයකුට තමා විසින්ම තමාගේ වියදමින්ම නඩු පැවරීමට සිදු වේ.
2.1 දේපළ නීතිය – (Law of property)
ඉඩම් සහ වෙනත් දේපළවල අයිතිය, කුළියට/බද්දට දීම සහ වෙනත් අයිතිවාසිකම් මෙම නීතියෙන්ආවරණය වේ.
2.2 පවුල් නීතිය – (Family law)
පවුල් ආරවුල් සම්බන්ධ ගැටළු, එනම් විවාහය, දික්කසාදය, දරැවන්ගේ නඩත්තුව,භාරකාරත්වය වැනි කරැණු මෙම නීතියෙන් ආවරණය වේ.
2.3 දිලික්ත නිතිය – (Law of delicts)
යම් පුද්ගලයෙකුට ඔහුට එරෙහිව කරනු ලබන ක්‍රියාවක් මගින් අලාභයක් හෝ හානියක් සිදු වේ නම් අලාභයෙන් වන්දි අය කරගැනීම මෙයට අදාළය.
2.4 ගිවිසුම් නීතිය (Law of obligation)
පුද්ගලයින් අතර බැඳීම් ඇති කරන ආකාරයේ එකඟතා මෙයට සම්බන්ධය.
2.5 වාණිජ නීතිය – (Commercial law)
සමාගම් නීතිය, රක්‍ෂණ නීතිය වැනි වර්තමාන තරඟකාරී ව්‍යාපාරික ලෝකයේ කටයුතු රැසක් මෙමගින් පාලනය කරයි.
2.6 පරිපාලන නීතිය – (Administrative law)
රාජ්‍ය නිලධාරින් හා ආයතන ස්වකීය බලතල ක්‍රියාවට නැංවීම පිළිබඳව අදාළ නීති අන්තර්ගතය.
2.7 කාර්මික නීතිය – ( Industrial law)
සේව්‍ය-සේවක ආරවුල් සම්බන්ධයෙන් මෙම නීතිය ක්‍රියාත්මක වේ.
2.8 වෙනත් නීති – (Other law)
ඉහත මූලික නීති වලට අමතරව ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය යටතේ තවත් අංශයන් කිහිපයක් දැක්විය හැක.
උදා:-
1.පරිසර නීතිය (Enviranmental law)
2.අනුප්‍රාප්ති නීතිය (Law of succession)
3.බදු නීතිය (Tax law)
4.ආයෝජන නීතිය (Investment law)
5.මානුෂවාදි නීතිය (Humanitarian law)
6.බුද්ධිමය දේපළ නීතිය (Interlectual property law)
වර්තමාන ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය සටහනක් ආකාරයෙන් පහත පරිදි ගෙනහැර දැක්විය හැකිය.
ශ්‍රී ලංකාවේ සිවිල් නීතිය
අතීතයේ සිට ආ ක්‍රමික විකාශනයේ ප්‍රතිඑලයක් ලෙස පුළුල් සහ සංකීර්ණ නීති පද්ධතියක් ශ්‍රී ලංකාවේ ඇත. ශ්‍රී ලංකාවේ පවත්නා නීතිය අතුරින් අපරාධ නීතිය,සිවිල් නිතිය,පුද්ගල නීතිය ආදී ක්ෂේත්‍රයන් පුද්ගලයින්ගේ අවශ්‍යතාවන් මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදෙනු වස් බිහි වි පවත්නා නීති පද්ධතීන් වේ. මේ අතුරින් සිවිල් නීතිය පිළිබඳව කෙටි විග්‍රහයක් මෙමගින් සිදුවන අතර,ඒ තුළින් සිවිල් නඩුවක් පවත්වාගෙන යායුතු ආකාරය, ඒ සඳහා නියමිතව ඇති අධිකරණයන් පිළිබඳව මෙන්ම පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ ඇකි සහ ඉවත දැමිය හැකි අවස්ථා යනාදිය පිළිබඳව ඉතා සරලව සළකා බැලේ.
ප්‍රථමයෙන් සිවිල් නඩුවක් පවත්වගෙන යා යුතු ආකාරය පිළිබඳව සළකා බැලීමේදී, යම් සිවිල් අධිකරණයක නඩුවක් පැවරීමේදි පැමිණිල්ල සැකසීම පිළිබඳවත්,පැමිණිල්ලට විරුද්ධව උත්තර සකස් කිරීමේදීත් ඉතාමත් සැළකිල්ලක් දැක්විය යුතුය.යම් යම් අඩුපාඩු හා දෝෂ සහිතව පැමිල්ලක් හෝ උත්තරයක් ඉදිරිපත් කළහොත් ඉන් අයහපත් ප්‍රතිඑල ඇතිවේ.එනම් අනවශ්‍ය ලෙස නඩුව ප්‍රමාදවීම හා වැඩිපුර මුදලක් ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. මනාව සකස් කළ පැමිණිල්ලක් යනු තම නඩුවෙන් අඩක්ම සාර්ථක ලෙස නිමවීමක් ලෙස සැළකේ.
සිවිල් නඩු වලදී නඩු පවත්වාගෙන යාමේ ක්‍රියාමාර්ග හෙවත් පටිපාටීන් දෙකක් පවතී.
1.ලඝුකාර්ය පටිපාටිය
2.සාමාන්‍යකාර්ය පටිපාටිය වශයෙනි.
මෙහිදී සළකා බැලිය යුතු කාරණය වන්නේ,නඩුව ඉදිරිපත් කළ යුත්තේ ඉහත පටිපාටීන් දෙක අතුරින් කුමන කාර්ය පටිපාටිය අනුවද යන්නයි.ඉඩම් නඩු,ගෙවල් කුලී හා නෙරපීම් නඩු, ඇතුළු ඇතැම් නඩු වලදි සාමාන්‍ය කාර්යපටිපාටිය අනුගමනය කළයුතු අතර,තෙස්තමේන්තු නඩු ආදියේදී අනුගමනය කරනුයේ ලඝුකාර්ය පටිපාටියයි. මේ පිළිබඳව ද සැළකිල්ලෙන් ක්‍රියා කළ යුතුය.
නියමිත අධිකරණය තුළ නඩුව පැවරීම ද ඉතා වැදගත්ය.නඩුව ඉදිරිපත් කළ යුත්තේ කවර උසාවියට දැයි නිශ්චය වශයෙන්ම දැන ගත යුතුය.ඒ පිළිබඳව සිවිල් නඩු විධාන සංග්‍රහයේ 9 වන වගන්තිය ද පැහැදිළි කරයි. නියමිත අධිකරණය පිළිබඳව සැළකීමේදි,පහත කරුණු විශේෂයෙන් සලකා බැලිය යුතුය.
1.විත්තිකාර පාර්ශවකරු පදිංචිව සිටින,
2.ඉඩමක් සම්බන්ධව නම්, ඒ ඉඩම සම්පුර්ණයෙන්ම හෝ එහි කොටසක් පිහිටි,
3.නඩු නිමිත්ත හටගත්,
4.ගිවිසුම් පිළිබඳව නඩුවක් නම්,ගිවිසුම ඇති කර ගත් ප්‍රදේශයේ
අධිකරණ බලය ඇති දිසා අධිකරණයේ නඩුව පැවරිය යුතුය.
පැමිණිල්ලක් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ හැකි හා ඉවත දැමිය හැකි අවස්ථාද බොහෝ පවතී.
1.පැමිණිල්ලේ සඳහන් කළ යුතු කරුණු වැරදි ලෙසත්,අවශ්‍ය විස්තර වලින් තොරවත්,ප්‍රකාශ කර තිබීම.
2.අනවශ්‍ය කරුණු ඇතුළත් කර තිබීම.
3.නඩු නිමිත්ත හෙළි දරව් කර නොතිබීම.
4.පැමිණිල්ලට අත්සන් කර නොතිබීම හා අත්සනෙහි නිරවද්‍යතාවය සහතික කර නොතිබීම.
යනාදිය එම බොහෝ කාරණා අතර කිහිප ආකාරයක හේතූන් වේ.
මේ ආකාරයට දක්වා ඇති කරුණු පිළිබඳව සළකා, නියමිත ආකාරයෙන් ගොනුකරන ලද නඩුවක් තුලින් සාර්ථකත්වය ලබා ගැනීමට ඇති බාධාවන් මඟහරින බව දැක්විය යුතුමය.
ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය
හැදින්වීම
ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයන් වශයෙන් අධිකරණමය ක්‍රමවේදය සහ අධිකරණමය නොවන (ව්කල්ප ආරවුල් නිරාකරණය කිරීමේ යාන්ත්‍රනය)ක්‍රමවේදය යනුවෙන් හදුනා ගැනීමේ හැකියාව ඇත.
අධිකරණම ක්‍රමවේදය යටතේ ශ්‍රී ලංකාවේ මහාධිකරණය, දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය සහ ප්‍රාථමි අධිකරණ පළමු අවස්ථා අධිකරණ වන අතර විනිසුරුවරයෙකු විසින් තීන්දුවක් ලබා දෙනු ලැබේ.යම් පාර්ශවයක් තීන්දුව සම්බන්ධයෙන් අතෘප්තිමත් නම් ඔහුට ඉහළ අධිකරණයට එනම් මහාධිකරණය,අභියාචනාධිකරණයට,හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නැවත නඩුව විමසන ලෙසට ඉල්ලුම් කළ හැකිය.බලන්න
අධිකරණය විසින් නඩු විසදීමේදී ප්‍රධාන වශයෙන් විමර්ශනවාදී පටිපාටිය සහ එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැක ගත හැකිය.විමර්ශනවාදී(inquisiitorial) පද්ධතිය සිවිල් නීති සම්ප්‍රධායට එදිරිවාදී පද්ධතිය (acquisitorial)පොදු නීති සම්ප්‍රධායටද දළ වශයෙන් යා කළ හැකිය.මෙම විභේදනය ද එකක් වන අතර සමහර අවස්ථාවන්හිදී විමර්ශනවාදී ලක්‍ෂණ පොදු නීතියේද දැකගත හැකිය.ශ්‍රී ලංකාවේ අධිකරණ තේරාවලියේදී විනිසුරුවරයා විසින්එදිරිවාදී පටිපාටිය අනුගමනය කරනු දැකිය හැක.
ප්‍රාථමික අධිකරණ
නඩුවක් විසදන පළමු අධිකරණයයි.දැනට ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රාථමික අධිකරණ දෙකක් ක්‍රියාත්මක වේ. අනෙක් ප්‍රදේශවල මහේස්ත්‍රාත් ප්‍රාථමික
අධිකරණ වල බලතල දරයි.ප්‍රාථමික අධිකරණයක කාර්යපටිපාටිය 1979අංක 44දරණ ප්‍රාථමික අධිකරණ සංවිධාන පනත මගින් පාලනය වේ.
ප්‍රාථමික අධිකරණයකට,
1.ණය අලාබ ඉල්ලීම හෝ හිමිකම් පෑම සම්බන්ධ ආරවුල් 2.රු1500නොඉක්මවන විටදී **ප්‍රාදේශීය ආයතන වලදී ආදායම් අයකර ගැනීමේ බලතල
3.අපරාධ කරුණු
4.ඉඩම් වල භුක්තිය සම්බන්ධ ආරවුල්.(66නඩු )
5.ව්‍යවස්ථාවලින් දක්වා ඇති ඕනෑම වරදවල් විමසිය හැක.
මහේස්ත්‍රාත් අධිකරණය
මහේස්ත්‍රාත් අධිකරණ 82 පමණ දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.සැම මහේස්ත්‍රාත් අධිකරණයකටම අපරාධ නඩු විමසීමට බලතල ඇති අතර රු100,000 දක්වා ප්‍රමාණයකට පීඩාවට පත් පාර්ශවයට වක්දිනියම කිරීමේ බලය ඇත.යම් පාර්ශවකරුවකු මහේස්ත්‍රාත් අධිකරණයේ වරදකරු කිරීම දඩුවම් හෝ නියෝග වලට අතෘප්තිමත් නම් ඊට එරෙහිව අභියාචනයක් අදාල පළාතේ මහාධිකරණයේ ගොනු කළ හැකිය.
දිසා අධිකරණය
සෑම දිස්ත්‍රික්කයකම අනුබද්ධිතව දිසා අධිකරණ පිහිටුවා ඇති අතරදැනට ශ්‍රී ලංකාව පුරාම දිසා අධිකරණ 57ක් පමණ ක්‍රියාත්මක වේ.නීතියෙන් අධිකරණයට යොමුකරන නඩුවලට අමතරව සියලු සිවිල්ආදායම් ,භාර,බංකොලොත්භාවය ,තෙස්තමේන්තු ප්‍රශ්න සදහා අධිකරණ බලය හා වාර්තාගත කිරීමේ බලය දිසා අධිකරණය සතුය.රු මිලියන තුනකට අඩු වටිනාකමක් ඇති වානිජ ආරවුල් විසදිය හැකි අතර අභියාචනා සම්බන්ධව අභියාචනාධිකරණයට යොමු විය හැක.
මහාධිකරණය
1.ශ්‍රී ලංකාවේ සෑම කලාපයකම මහාධිකරණ පිහිටුවා ඇත.
2.බරපතල අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරණ මුල් අවස්ථා අධිකරණය මෙයයි.
3.මහාධිකරණයේ අපරාධ නඩු ආරම්භ කරනුයේ නීතිපති වරයා විසින් වන අතර පැමිණිල්ල රජයේ නිතීඥවරු විසින් මෙහෙය වනු ලැබේ.
පළාත්බද මහාධිකරණය
පලාතතුල ක්‍රියාත්මක වන මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ, ප්‍රාථමික උසාවි, විනිශ්චය සභා, වල තීන්දු වලට එරෙහි අභියාචනා පළාත්බද
මහාධිකරණය විමසනු ලැබේ.මුල් අවස්ථා අධිකරණයක්, විනිශ්චය සභාවක් හෝ ආයතනයක් ලබාගෙන ඇති ඕනෑම නියෝගයක් හෝ තීන්දුවක් තහවුරු
කිරීමට ,නිශ්ප්‍රභා කිරීමට, නිවැරදි කිරීමට හෝ සංශෝධනය කිරීමටත් නව නඩු විභාගයකට යොමු කිරීමටත් පළාත්බද මහාධිකරණයට බලතල ඇත.
අභියාචනාධිකරණය
මහාධිකරණය,මුල් අවස්ථා අධිකරණ,මහේස්ත්‍රාත් අධිකරණ,දිසා අධිකරණ,විනිශ්චය සභා විසින් නීතිය පිළිබඳව සිදුකළ වැරදීම් නිවැරදි කිරීමේ
බලය.අභියාචනාධිකරණයට ඉන්ජන්ක්‍ෂන් හා රිට් ප්‍රදානය කිරීමේ බලතල ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය
1.දේශීය නීතිය තුල ඉහළම සහ අවසන් අධිකරණය වේ.
2.ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට යටත්ව ව්‍යවස්ථාවේ දක්වා ඇති බලතල &සම්බන්ධ කරුණු, මුලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම, අභියාචනා විමසීමේ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණය සතුය.
විකල්ප ආරවුල් නිරවුල් කිරීමේ යාන්ත්‍රණය
සමථකරණය යටතේ දෙපාර්ශවය විසින් අපක්‍ෂපාතීව ප්‍රශ්නගත පාර්ශවයන් සදහා අන්‍යෝන්‍යව පිළිගත හැකි එකගත්වයන් වර්ධනය කර ගැනීමටත්,
සාකච්ඡා කිරීමටත් සමථකරුවකු පත් කර ගනී.බලාත්මක තීරණ ලබා දීමේ කියාවෙන් තොරය.
සමථකරණ
AUTHOR – H.M.AMILA NUWAN JAYASENA ([email protected])