06/09/2026
දිස්ත්‍රික් අලි කළමනාකරණ කමිටුව - මොනරාගල දිස්ත්‍රික්කය
=================================
දිස්ත්‍රික්කය පුරා විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇති අලි මිනිස් ගැටුම අවම කිරීම උදෙසා ජාතික අලි කළමනාකරණ කමිටුට සමගාමීව දිස්ත්‍රික් අලි කළමනාකරණ කමිටුව පසුගිය (09) දින දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මැතිතුමා හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
පසුගිය කාලවලදී ඇති වූ සාකච්ඡා වලට අනුව,වනජීවී දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර සැලැස්ම මත අලි කොරිඩෝ යෝජනා 03 ක් අතරින් 02 ක් ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
වන අලි ප්‍රශ්නය විසඳීම උදෙසා නව විදුලි වැට ඉදිකිරීම,අලිවැට නඩත්තු කිරීම, අලි ගැවසෙන ප්‍රදේශවල මාර්ග දෙපස කැලෑ කොටස් ඉවත් කර හොඳින් මාර්ගය පෙන්නන ලෙස සැකසීම, අලි කොරිඩෝ ඇති කිරීම යන තීරණ ක්‍රියාත්මක කිරීමේදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවී පවතින බැවින්,ඒ පිළිබඳ සාකච්ඡා කිරීම උදෙසා මෙම සාකච්ඡාව පවත්වන ලදී.
අමාත්‍ය මණ්ඩල තීරණ වලට අනුව මෙම සීමාවන් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබියදී, ගැටලුකාරී තත්ත්වයක් මතු වීම හේතුවෙන් ඒ පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් එක්ව ගොවියන් සහ ඉඩම් පාර්ශව කරුවන් දැනුවත් කර ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව වාර්තාවක් ලබාදීම සුදුසු බවට සාකච්ඡා කරන ලදී.
වසර කිහිපයකට පෙර යොමු කර ඇති වන අලි හානි අයැදුම් පත් සදහා ගෙවීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස ද මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ශාන්ත ප්‍රියදර්ශන මැතිතුමා, මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මැතිතුමා,මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මැතිතුමිය, ඇතුළු දේශපාලන අධිකාරිත්වය සමගින් අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කේ.එච්.ඒ.කේ නිශාන්ත මහතා , ප්‍රාදේශීය ලේකම්වරුන්, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, දිසා වන නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වන ලදී.