NPP Monaragala

Directions

NPP Monaragala Official NPP Page of Monaragala District

මොනරාගල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ගේ  දූ දරුවන් හට පාසල් උපකරණ ප්‍රදානය කිරීම 2026/10/03 වන දින මොනරා...
09/10/2026

මොනරාගල දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ගේ දූ දරුවන් හට පාසල් උපකරණ ප්‍රදානය කිරීම 2026/10/03 වන දින මොනරාගල ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පවත්වන ලදි.

විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රධානත්වයෙන් සිදු කල මෙම වැඩසටහනේ දී දූ දරුවන් 338 දෙනෙකු සදහා රු.10,000.00 ක් වටිනා පාසල් උපකරණ කට්ටල බෙදාදීම සිදු විය. විදේශයන්හි රැකියාවල නිරතව මෙරටට විදේශ ප්‍රේෂණ ලබා දෙමින් අපගේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ඔවුන්ගේ පවුල් සුරක්ෂිතතාව වෙනුවෙන් මෙවැනි වැඩසටහන ක්‍රියාවට නංවනු ඇත.

මෙම අවස්ථාව සදහා වෙළඳ,වානිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි මහත්මිය, රාජ්‍ය ආයතන නියෝජනය කරමින් විදේශ රැකියා අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීන් ඌව පලාත් විගමනික සම්පත් මධ්‍යස්තානයේ ජ්‍යෙෂ්ඨ කලමනාකරු එස්.ගාල්ලගේ මහත්මිය ඇතුලු නිලධාරින්ද, මොනරාගල දිස්ත්‍රික් මධ්‍යස්තානයේ කාර්ය මණ්ඩලයද සහභාගි විය.

07/10/2026

විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ දිගින් දිගටම සිදු කරනවා - අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා.

🏠 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මොණරාගල කවුඩාව වසමේ නව නිවසක් ජනතා අයිතියට.“තමන්ගේම නිවසක් – ලස්සන ජීවිතයක්” යන සංකල්පය යටත...
05/10/2026

🏠 ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මොණරාගල කවුඩාව වසමේ නව නිවසක් ජනතා අයිතියට.

“තමන්ගේම නිවසක් – ලස්සන ජීවිතයක්” යන සංකල්පය යටතේ, ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් දිවයින පුරා නිවාස 5,000ක් ජනතා අයිතියට පත් කිරීමේ වැඩසටහනට සමගාමීව මොණරාගල කවුඩාව වසමේ ඉදිකරන ලද නව නිවසක් නිවැසියන්ගේ අයිතියට පත් කිරීම සිදු විය.

නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන් ඉදිකරන ලද මෙම නව නිවස මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිවැසියන් වෙත නිල වශයෙන් භාරදෙන ලදී.

තමන්ගේම නිවසක් යනු සෑම පවුලකම ආර්ථික හා සමාජීය ස්ථාවරත්වයට මෙන්ම දරුවන්ගේ අනාගතයටද විශාල ශක්තියක් ලබාදෙන සම්පතකි. එබැවින් නිවාස අවශ්‍යතාවයෙන් පෙළෙන ජනතාවට ස්ථිර හා සුරක්ෂිත නිවාසයක් ලබාදීම රජයේ සංවර්ධන වැඩපිළිවෙළේ වැදගත් අංගයක් වේ.

මෙම වැඩසටහන තුළින් නිවසක් පමණක් ලබාදීම නොව, ගෞරවාන්විත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය පසුබිම සහ තමන්ගේම නිවසක සුරක්ෂිතභාවය ජනතාවට ලබාදීම අරමුණු කර ගෙන තිබේ.

මෙම අවස්ථාව සඳහා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්, නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ නිලධාරීතුමා, ග්‍රාම නිලධාරීතුමිය, සංවර්ධන නිලධාරීතුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූහ.

ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කරමින්, “තමන්ගේම නිවසක් – ලස්සන ජීවිතයක්” යන බලාපොරොත්තුව තවදුරටත් යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මෙවැනි වැඩසටහන් ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට මහඟු පිටිවහලක් වනු ඇත.

🏠 නිවසක් යනු ගොඩනැගිල්ලක් පමණක් නොවේ.
එය පවුලක ආරක්ෂාව, සතුට, ගෞරවය සහ අනාගත බලාපොරොත්තුවයි.

අලුත් ගෙවල් 5000ක්...?ඔව්.. අලුත් ගෙවල් 5000ක් එක්ක ලස්සන වෙන ජීවිත දහස් ගණනක්..!
04/10/2026

අලුත් ගෙවල් 5000ක්...?
ඔව්.. අලුත් ගෙවල් 5000ක් එක්ක ලස්සන වෙන ජීවිත දහස් ගණනක්..!

03/10/2026

කුඩා ඔය ජලාශයයේ වාරි ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් වීමේ විශේෂ අවස්ථා..

විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.===================================කෘෂිකර්ම පසු සම්ප...
02/10/2026

විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම - මොනරාගල දිස්ත්‍රික්කය.
===================================

කෘෂිකර්ම පසු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මැතිතුමා හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් (2026/10/01) දින මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී .

කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් වන මොණරාගල දිස්ත්‍රික්කයේ,ගොවි ජනතාවගේ ජන ජීවිතය අභියෝගයට ලක්වී තිබීම,ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
ඒ අනුව,

● රක්ෂිත මායිම් ලෙස සලකුණු කර ඇතිි ඉඩම් කොටස්වල ගොවි ප්‍රජාව;හේන් වගාවන් සිදුකර තිබීම හේතුවෙන් මතුව පවතින ඉඩම් ගැටලු පිළිබඳ මෙහිදී සාකච්ඡා කළ අතර,වගා කර ඇති ගොවීන්ට මෙම කන්නයේ එම වගාව කරගෙන යෑම සඳහා අවස්ථාව ලබා දීමටත් නව වගා සඳහා අවසර ලබා නොදීමට මෙහිදී තීරණය කරන ලදී.

● මරගල සංවේදී පරිසර කලාපයක් ලෙස ගැසට් කිරීමේදී මොනරාගල නගරය,ප්‍රධාන මාර්ග,මහජනතාවගේ පෞද්ගලික ඉඩම් එම කලාපයට අයත් වී තිබීම,හේතුවෙන් එය ගැටලුකාරී තත්ත්වයක් වන බැවින් ගැසට් පත්‍ර සංශෝධනයක් සිදු කළ යුතු බව මෙහිදී සාකච්ඡා කරන ලදී.

● වන වගාවන්හි නිරත ගොවියන්ගේ ඉඩම්; වාණිජ වගා සඳහා වෙන්කර ගැනීමේ ගැටලුව පිළිබඳවත්, තණමල්විල නිකවැව කොහොඹ වගා බිමට පැමිණෙන අලින්ගෙන් සිදුවන තර්ජන හේතුවෙන් පවතින ගැටලුව පිළිබඳවත්,එම තර්ජන අවම කිරීම සඳහා එම කොහොඹ වගා භූමිය ප්‍රාදේශීය ලේකම් වෙත භාරදී යටිකැලේ ශුද්ධ පවිත්‍ර කිරීම සුදුසු බවත්ද මෙහිදී සාකච්ඡා කරන ලදි.

● දහයියාගල රක්ෂිතය සම්බන්ධව පවතින ගැටලුව පිළිබඳවත්,
● තණමල්විල ලුණුගම්වෙහෙර වනජීවී කලාපය ගැසට් කිරීම පිළිබඳව පවතින ගැටලු සම්බන්ධවත්
● කතරගම යෝජිත කඳ සුරිඳුගම රක්ෂිත මායිම් නිරවුල්කර නව මායිම් ගැසට් කිරීම පිළිබඳවත්
● බුත්තල තේක්ක වගා භූමියෙන් පොදු ක්‍රීඩාංගණය සඳහා අක්කර 10 ක් වෙන් කිරීම පිළිබඳවත්,
මෙහිදී සාකච්ඡා කරන ලදී.

කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමිවන පවුල් 301 ක් නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් ලබාදීමට සිදුවන බවත්,ඔවුන්ගේ රබර්,ගම්මිරිස්, රඹුටන් වැනි වගා ඉඩම් අහිමි වීම වෙනුවෙන් වගාව සඳහා ඉඩම් ලබාදීමට ද සිදුවන බවත්,ජලාශය ඉදිකිරීම සඳහා අක්කර 1100 ක භූමි භාගයක අවශ්‍යතාවය පිළිබඳවත්,මේ පිළිබඳව නැවත ක්ෂේත්‍ර පරික්ෂාවක් සිදු කිරීම සුදුසු බවත් මෙහිදී සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති,වෙළඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම් ජයවර්ධන මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර මැතිතුමා,මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම් සරත් කුමාර මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ශාන්ත ප්‍රියදර්ශන මැතිතුමා,පාර්ලිමේන්තු මන්ත්‍රීනී චතුරි ගංගානි මැතිතුමිය ඇතුළු මොණරාගල දේශපාලන අධිකාරිත්වය හා මොනරාගල දිස්ත්‍රික් ලේකම් ඒ.ජී.නිශාන්ත මහතා,අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන්,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී.සී.පී.උදය කුමාර මහතා,පරිසර අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය පෞද්ගලික ලේකම් අකලංක ඒකනායක මහතා,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එම්.එල්.ආර්.පී.මාරසිංහ මහතා,වන රක්ෂක දෙපාර්තමේන්තුවේ වන රක්ෂක ජනරාල් එස්.සී.පාලමකුඹුර මහතා,ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මින් පිරිසක් සහභාගි විය.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම පශු සම්ප...
01/10/2026

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කිරිඳි ඔය නිම්නයේ ඉදිකරන ලද කුඩා ඔය ජලාශය ජනතා අයිතියට පැවරීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩි ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2026/10/01) දින සිදු කෙරිණි.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද විදුලි බලාගාරයේ විදුලි උත්පාදනයෙන් පසු නිකුත් කරන ජලය කිරිඳි ඔය ගංඟා ද්‍රෝණියට හැරවීමෙන් පසු එම ජලය අලිකොටආර, හඳපානාගල හා කුඩා ඔය යන ප්‍රධාන ජලාශ ත්‍රිත්වය හා බැදුණු මහා වාරි පද්ධතියක් ඔස්සේ මොනරාගල දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික කටයුතු හා පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමයි.

මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත මුළු මුදල රුපියල් මිලියන 22,017කි වන අතර, ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 5000ක් පමණ වේ.

උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය මඟින් හඳපානාගල වම් සහ දකුණු ඉවුරු ඇළ, අලිකොටආර හැරවුම් ඇළ මාර්ගය හා කුඩා ඔය සිංහලයාගම හැරවුම් ඇළ මාර්ගය යටතේ යල සහ මහ කන්න සඳහා අක්කර 21,038ක් සඳහා වාරි ජලය සැපයෙන අතර, වාර්ෂිකව ඝන මීටර මිලියන 10ක පමණ ප්‍රමාණයක් පානීය ජල අවශ්‍යතාවය සඳහා වෙන්කර තිබේ.

වැල්ලවාය සහ තණමල්විල ප්‍රදේශයේ උමා ඔය පහළ නිම්න සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පෝෂක ඇළ පද්ධති ඉදිකිරිම, වැඩිදියුණු කිරීම හා ග්‍රාමීය වැව් 58ක් හා ඊට අදාළ වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම හා පුනරුත්ථාපනය කිරීම සිදු කෙරේ.

තවද හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාර්මික හා කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජල සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙන්ම ප්‍රධාන ජලාශවල ධීවර සමිති පිහිටුවා මිරිදිය මත්ස්‍ය කර්මාන්තය නඟා සිටුවීමට ද මෙම ව්‍යාපෘතිය කටයුතු කරයි.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් විතාරණ මහතා,වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන මහතා,පාර්ලිමේන්තු මන්ත්‍රිනි චතුරි ගංගානි මහත්මිය, ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ගොවිමහතුන් එක්ව සිටියා.
📌️👌

30/09/2026

සංවර්ධනයේ මාවත දිගහැරෙමින්

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්වේ මොණරාගල දිස්ත්‍රික් කාර්යාල⁣ය මගින් පැවැත් වූ රැකියා පොල හා වෘත්තිය පුහුණු වැඩමුළු (2028/0...
29/09/2026

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්වේ මොණරාගල දිස්ත්‍රික් කාර්යාල⁣ය මගින් පැවැත් වූ රැකියා පොල හා වෘත්තිය පුහුණු වැඩමුළු (2028/09/28) දින වැල්ලවාය ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වුණි.

අඩු ආදායම්ලාභි පවුල් වල දුවා දරුවන්ගේ අනාගත සුරක්ෂිතතාව වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය වෘතීය දැනුම ලබා දීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ප්‍රමුඛ රාජ්‍ය ආයතනයන් කටයුතු කරමින් සිටි. අප රජයේ ප්‍රමුඛතම ක්‍රියාන්විතයන්ගෙන් එකක් ⁣වන සවිබලගැන්වීමේ කාර්යයේ කොටසක් ලෙස මෙම දරුවන්ට වෘතීය අධ්‍යාපනය ලබා දී ඔවුන් රැකියාගත කිරීම සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාව සඳහා වෙළඳ, වානිජ,ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රීනි චතුරි ගංගානි මහත්මිය. වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති නිහාල් වලිමුණි සහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මොණරාගල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමන්, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් මහත්ම මහත්මීන් හා දුවා දරුවන් සහභාගි විය.

29/09/2026

මෙට්‍රො බස් ඇණියට තවත් බස් රථ 112ක්...

Address

Monaragala
91004

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share