Divisional Secretariat Monaragala

Divisional Secretariat Monaragala Monaragala Divisional Secretariat is the government Organization which administrates the Administrative area of Monaragala Division of Monaragala District.

මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

සිංහල රජ සමයේ ප්‍රාන්ත රාජ්‍යයක්ව පැවති ඌව පළාත ප්‍රාග් ‍ඓතිහාසික යුගයකට හිමිකම් කියන දීර්ඝ ඉතිහාසයකින් යුතු ප්‍රදේශයකි. මහවිජයබා නමින් පසු කළෙක ප්‍රකට වූ කීර්ති කුමරු “මූලාසල” නමැති ගමක වාසය කළ බව චූල වංශයේ 57 වැනි පරිච්ඡේදයේ 45 වන ගාථාවේ සඳහන්ව ඇත. “මූලාසල” යන්න සිංහල පත පොතෙහි “මුල්සල” ලෙස දක්වා ඇත. “උඳුන්දොර” යනුවෙන්ද හැඳින්වෙන මොනරාගල පොළොන්නරු යුග‍යේදී “මුල

්සල” නමින් ද පසුකාලීනව එම අරුතම දැක්වෙන “මුප්පණ”නමින්ද ව්‍යවහාරයේ තිබී ඇත. “මුල්ගල” ඇසුරින් පැවති ගම්මානය “මුප්පණේ”ලෙස මෑතක් වනතුරුම ගැමි වහරේ පැවතියද අද වන විට පැරණි වහරේ කියැවුණු “මයුරගිරි” යන්නේ බිඳී ආ මොණරාගල යන්න භාවිතා වේ. පහළ ඌවේ ජනකවි අතර දැක්වෙනුයේ මොණරාගල නම් පරිවර්තනය ඈත අතීතයේ “අමරගිරි” නම්න් පැවති බවය. මෙම ගිරිකුළ ආශ්‍රිතව “මයුරසක” නමැති හිමිනමක් වැඩසිටි හෙයින් මයුරගිරි නම යෙදී ඇති බව ජනකවියෙහි දැක්වේ.

ලංකාවේ පැරණි රුහුණ පෙදෙසට අයත්ව තිබූ ඌව පළාතේ පහළ ඌව ප්‍රදේශයේ පිහිටීම එහි වැදගත්කමට විශේෂිත වූ හේතුවක් වී තිබූ බව පෙනේ. රුහුණ හා රජරට වෙන්කරනු ලැබූ මහවැලි ග‍ඟේ පහළ කොටස ඌවට සම්බන්ධ සීමාවක් ලෙස පිහිටා ඇත. දුටුගැමුණු හා පැරකුම් රජ සමයේ මෙන්ම විදේශීය ජාතීන්ට එරෙහිවද පැන නැගුණ සංවිධාන කැරලි කෝලාහල නිදහස් සටන් ව්‍යාපාරයක උපත සිදු වූයේ මෙම පහළ ඌවට අයත් ප්‍රදේශවලය. එවැනි අවස්ථාවලදි රජරටට පිවසෙන තොටුපල ඇහිරි ගියවිට කුමන සේනාවකට වුවද පහළ ඌවේ රැ‍‍‍ඳෙන්නට වූවාට සැක නැත. දුටුගැමුණු රජ සමයේ දෙමළ පාලනයකට එරෙහිව පැන නැගී විරෝධතාවන්වල සිට 1818 බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව ක්‍රියාත්මක වූ විමුක්ති සටන දක්වා ඌවෙන් බිහි වූ නිදහස් සටන් ව්‍යාපාර ඒවාට නිදසුන් වේ.

“වෙල්ලස්ස” යන නමින් හැඩගැන්වුනු මොනරාගල දිස්ත්‍රික්කයේ අතීත ශ්‍රී විභූතිය සශ්‍රීක වෙල් ලක්ෂයකින් යුතු වු වාරි ශිෂ්ටාචාරයක් තුළින් නිරූපණය විය.1818 නිදහස් අරගලය තෙක් ඉතාමත් සශ්‍රීක සහ ජනාකීර්ණ ප්‍රදේශයක් ලෙස වෙල්ලස්ස පැවති බවට ඓතිහාසික තොරතුරු සාක්ෂි දරයි.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශ්‍රී විභූතිය මැනවින් පසක් කරන තවත් සුවිශේෂි පුරවරයක් ලෙස, ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ,මොනරාගල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය හදුනාගත හැකිය. ආර්ථික, සමාජීය, දේශපාලන හා සංස්කෘතික ආදි අංශයන්ගේ සැලකිය යුතු දියුණුවක් මේ ප්‍රදේශයේ අතීතයේ සිට තිබූ බවට සනාත කළ හැකි සාධක දැනුදු දක්නට ලැබේ.

පැරණි බිම් බෙදීම් අනුව, රුහුණූ රටට අයත් වු ඌව, වර්ග සැතපුම් 3271කපමණවිශාලත්වයකින්යුක්තවේ.කුඹුක්කන් ඔය, කිරිඳිඔය,මැණික් ගඟ, විල්ඔය, හැඩඔය, ගල්ඔය යන ප්‍රධාන ගංඟා පදනම් කරගත් ජලවහනය, ඌව සරුසාර බිමක් කිරීමට පෙරමුණ ගෙන සිටී. පුරාණයේ සිටම ගංඟා ආශ්‍රිතව හා ජල මාර්ග හරස් කරවා වැව් අමුණු බන්දවා කුඹුරු අස්වැද්දීම හේතු කොටගෙනඌව විශාල වෙල්යායක් බවට පරිවර්තනය වී තිබිණ. එක් එක් වැව් ආශ්‍රිතව වෙල් ලක්ෂයක් ඇති වු හෙයින් මෙම පෙදෙස වෙල්ලස්ස වු බව ප්‍රකට කරුණකි.සද්ධාතිස්ස කුමරු සිය සොයුරු දුටුගැමුණූ රජුගේ යුද ව්‍යාපාරයට අවශ්‍ය වු ආහාර සැපයීමට අස්වද්දන ලද්දේ මෙම වෙල්ලස්ස ඇතුළු දිගාමඩුල්ල ප්‍රදේශයයි.

මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මොනරාගල ප්‍රධාන නගරය පිහිටා ඇත. කහම්බාන ශ්‍රි තිස්ලෙන් විහාරය, ගනුල්පත රජමහා විහාරය, මුප්පනේ රජමහා විහාරය වැනි ඓතිහාසික වටිනාකමක් ඇති සිද්ධස්ථාන රාශියක් මෙම කොට්ඨාශයේ පිහි‍ටා ඇත. සුවිශේෂී ක්ෂුද්‍ර දේශගුණික ලක්ෂණ වලින් යුක්ත කළාපයක් ලෙස හදුනාගත හැකි ජීලෝන් කදුවැටිය මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනඟි සම්පතකි. දිස්ත්‍රික්කයේ සමස්ථ දේශගුණික ලක්ෂණ වලින්ම ඉතා විශාල අපගමනයක් පෙන්වන මෙම ප්‍රදේශය අන්තර් මාධ්‍ය මැදරට දේශගුණික ලක්ෂණ වලින් යුක්ත වේ.මෙම කලාපයට ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මි.මි.2500ට වඩා වැඩි වන අතර, ජෛව විවිධත්වය අතින් ඉතා ඉහළ වටිනාකමක් ඇති ප්‍රදේශයකි.

මෙම ප්‍රදේශයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ ජනතාවක් වෙසෙන අතර, මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ‍වී ගොවිතැනය. මීට අමතරව කෙටි කාලීන බෝග මහාපරිමාණයෙන් වගා කරන ප්‍රදේශ ද නගරයෙන් ඈතට වන්නට දක්නට ලැබේ. තවද ශ්‍රි ලංකාවේ ප්‍රධාන අපනයන බෝග අතුරින් එකක් වන රබර් ද විශාල වශයෙන් ව්‍යාප්තව ඇති අතර, එමඟින් මෙම රබර් වතු අශ්‍රිත ජනතාවගේ ජීවනෝපාය සකස් වී ඇත. එසේම නගරයට ආසන්න වන්නට ජනගහනය අධික වීමත් ඉඩකඩ සීමා වීමත් නිසා ගොවිතැනෙන් අත්මිදී වෙනත් වෘත්තීන්වල නියලෙන විශාල පිරිසක් ද දක්නට ලැබේ. මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භෞතික තොරතුරු

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම

උතුරු අක්ෂාංශ 6 º 45¹ හා 6 º 58 ¹ ත් නැගෙනහිර දේශාංශ 81 º 15 ¹ හා 81 º 26 ¹ ත් අතර පිහිටා ඇති මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය උතුරින් මැදගම හා මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලිනුත් දකුණින් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත්, නැගෙනහිරින් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත් බටහිරින් බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙනුත් මායිම් වේ.

ග්‍රාම නිලධාරි වසම් 26කින් සමන්විත වන මොනරාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය මුළු ඉඩම් හෙක්ටයාර් 26032කි. දිස්ත්‍රික්කයේ මුළු බිම් ප්‍රමාණයෙන් 4.7% කි. එසේම විවිධ භූ විෂමතා ලක්ෂණ දේශගුණික ලක්ෂණවලින් යුක්තවේ. උන්නතාංශය අඩි 500 සිට 3800 තෙක් විහිදී යයි. උසම ස්ථානය අඩි 3840ක් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මධ්‍යයේ පිහිටි ජීලෝන් කදු ප්‍රදේශයයි.

🏛️ සමථකරණ ක්‍රමවේදය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ IV අදියර සාර්ථකව පැවැත්වෙයි! 🤝✨සමථ මණ්ඩල කොමිෂන් සභා ප්‍රතිපා...
23/08/2026

🏛️ සමථකරණ ක්‍රමවේදය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ IV අදියර සාර්ථකව පැවැත්වෙයි! 🤝✨
සමථ මණ්ඩල කොමිෂන් සභා ප්‍රතිපාදනවලට අනුකූලව, ආරවුල් නිරාකරණයේදී සමථකරණ සංකල්පයේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව සහ එය ප්‍රජාව අතරට වඩාත් සමීප කරලීමේ අරමුණින් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ සිව්වන (04) අදියරේ වැඩසටහන සාර්ථකව පවත්වන ලදි. 🇱🇰🕊️

🔹 මගපෙන්වීම: මොනරාගල ප්‍රාදේශීය ලේකම්තුමන් 👔
🔹 සම්බන්ධීකරණය: මොනරාගල පොලිස් ස්ථානාධිපතිතුමා 👮‍♂️
🔹 ස්ථානය: මොනරාගල පොලිස් ස්ථාන ශ්‍රවණාගාරය 🏢
🔹 සංවිධානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමථ ඒකකය 📝
🔹 සම්පත් දායකත්වය: වැල්ලවාය සමථ සංවර්ධන නිලධාරීතුමන් 👨‍🏫

ප්‍රජා පොලිස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන හරහා, ජනතාව අතර ඇතිවන ආරවුල් සුහදව හා කාර්යක්ෂමව නිරාකරණය කරගැනීමට අවශ්‍ය දැනුම හා අවබෝධය නිලධාරීන් වෙත ලබා දෙන ලදි. 👥⚖️💡

🤝🇱🇰

📜 අනාගතයට එළියක්: මොනරාගලින් ඇරඹි අගනා ජාතික මෙහෙයුම! 🇱🇰✨"තහවුරු වූ නම - සුරක්ෂිත වූ අනාගතයක්!" 👶🏽🌱දරුවෙකු මෙලොවට බිහිවූ...
14/08/2026

📜 අනාගතයට එළියක්: මොනරාගලින් ඇරඹි අගනා ජාතික මෙහෙයුම! 🇱🇰✨

"තහවුරු වූ නම - සුරක්ෂිත වූ අනාගතයක්!" 👶🏽🌱

දරුවෙකු මෙලොවට බිහිවූ පසු ඔහුට හෝ ඇයට උපත් සහතිකයක් (උප්පැන්න සහතිකයක්) ලබාදීම යනු හුදෙක් පරිපාලනමය කාර්යයක් පමණක් නොව, එම දරුවාගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජාතික වගකීමකි.
නමුත් අවාසනාවකට මෙන්, විවිධ අපහසුතා සහ දැනුවත්භාවයේ මදකම නිසා උප්පැන්න සහතිකයක් නොමැතිව සමාජගත වන පිරිස අද වන විටත් අප අතර බහුලව දක්නට ලැබේ.

මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දෙමින්, මොනරාගල ප්‍රාදේශීය ලේකම්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ විශේෂ නියමු ව්‍යාපෘතියක් මේ වන විටත් සාර්ථකව ක්‍රියාත්මක වේ!

✳️මෙහෙයවීම: මොනරාගල ප්‍රාදේශීය ලේකම්තුමා
✳️සංවිධානය: ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරිනිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැපවූ කාර්ය මණ්ඩලය
✳️මූල්‍යදායකත්වය: එස්.ඕ.එස් ළමා ගම්මානය සහ සොබා පදනම.
✳️අරමුණ: කොට්ඨාසයේ කල්ගිය උපත් සියල්ල නිල වශයෙන් ලියාපදිංචි කිරීම

📅 2026/07/17 දින ආරම්භ කරන ලද මෙම කල්ගිය උපත් ලියාපදිංචි කිරීමේ වැඩසටහන ආරම්භයේ සිටම ඉතා සාර්ථක ලෙස ඉදිරියට ඇදේ.
විශේෂයෙන්ම, දිගු කලක් තිස්සේ මෙම පහසුකම් නිසි ලෙස ලබා ගැනීමට අපොහොසත් වූ වතු ආශ්‍රිත ජනතාවගේ විශාල සහභාගීත්වයක් සහ උනන්දුවක් මේ සඳහා ලැබීම මෙම ව්‍යාපෘතියේ ලැබූ ලොකුම ජයග්‍රහණයකි.

🤝 අපේ අනාගත පරපුරේ අනන්‍යතාවය සුරකිමු!
තම දරුවාගේ හෝ පවුලේ අයෙකුගේ කල්ගිය උපත් ලියාපදිංචියක් සිදුකර ගැනීමට අවශ්‍ය නම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙම සුහදශීලී සේවාව ලබාගැනීමට ඉදිරිපත් වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

🎓 උසස් පෙළින් පස්සේ ජීවිතේ ගොඩදාගන්න එන්න අපි ළඟට! 🚀2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්ම සංවිධානය කරන...
11/08/2026

🎓 උසස් පෙළින් පස්සේ ජීවිතේ ගොඩදාගන්න එන්න අපි ළඟට! 🚀

2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින ඔබ වෙනුවෙන්ම සංවිධානය කරනු ලබන විශේෂ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන - 2026

අනාගත වෘත්තීය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා ඔබව නිවැරදි වෘත්තීය අධ්‍යාපනය වෙත යොමු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලබන "Skills Vista - 2026" වැඩසටහනේ මෙනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ ලගදීම පැවැත්වේ.

📌 නොමිලේ ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න:

👉 https://forms.gle/nR8aUmWHk8mqWTFU7

ℹ️ වැඩිදුර තොරතුරු සඳහා:
ඔබට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී හා සම්බන්ධ වන්න.

(මෙය මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන අංශයේ පණිවිඩයකි)

🎓 ගෙදරට බරක් නොවී, ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මඟක්! 🎓2023, 2024 සහ 2025 වර්ෂයන්හි අ.පො.ස. උසස් පෙළ (A/L) විභාග...
11/08/2026

🎓 ගෙදරට බරක් නොවී, ඔබේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න මඟක්! 🎓

2023, 2024 සහ 2025 වර්ෂයන්හි අ.පො.ස. උසස් පෙළ (A/L) විභාගයට පෙනී සිටි ඔබට, පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හැදෑරීම සඳහා පිරිනැමෙන පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනට සම්බන්ධ වීමට මෙන්න වටිනා අවස්ථාවක්! ✨

මෙම විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන මොණරාගල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ සංවිධානය කරනු ලබයි.

📌 වැඩසටහනට නොමිලේ සම්බන්ධ වන්නේ කෙසේද?

1️⃣ පහත දක්වා ඇති Google Form සබැඳිය (Link) මගින් හෝ පෝස්ටරයේ ඇති QR Code එක Scan කර අදම ලියාපදිංචි වන්න.

2️⃣ ඉදිරියේදී ආරම්භ වන අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය පිළිබඳ සියලු තොරතුරු ඔබට ලබාදෙනු ඇත.

🔗 ලියාපදිංචි වීමට පිවිසෙන්න:

https://forms.gle/nKdPSVBNVr9Eh3zu6

💡 ඔබේ උසස් අධ්‍යාපන අනාගතය සාර්ථක කරගන්න
ලැබෙන මේ වටිනා අවස්ථාව මඟහැර ගන්න එපා! ඔබගේ යහළුවන් අතරත් මෙම තොරතුර Share කරන්න.

🏢 සංවිධානය:
නිපුණතා සංවර්ධන අංශය - මොණරාගල
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - මොණරාගල
දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - මොණරාගල

🌟 පාසල් දරුවන්ගේ අනාගතය එළිය කරන "නිපුණතා සායනය" විශේෂ  දෙවැනි(02)උපදේශන සහ මාර්ගෝපදේශන වැඩසටහන දෙබෙද්දේකිවුල කනිෂ්ඨ විද...
11/08/2026

🌟 පාසල් දරුවන්ගේ අනාගතය එළිය කරන "නිපුණතා සායනය" විශේෂ දෙවැනි(02)උපදේශන සහ මාර්ගෝපදේශන වැඩසටහන දෙබෙද්දේකිවුල කනිෂ්ඨ විද්‍යාලයේදී සාර්ථකව පැවැත්වෙයි! 🌟

දෙබෙද්දේකිවුල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන 6 -13 ශ්‍රේණි වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපනික හා අනාගත වෘත්තීය මාවත සාර්ථකව ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කෙරුණු විශේෂ උපදේශන හා ප්‍රායෝගික මාර්ගෝපදේශන වැඩසටහන පසුගියදා විද්‍යාල පරිශ්‍රයේදී අතිසාර්ථක ලෙස පැවැත්විණි. 🎓✨

විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ විශේෂ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, දරුවන්ගේ මානසික ඒකාග්‍රතාව, අධ්‍යාපනික උනන්දුව සහ පෞරුෂ වර්ධනය උදෙසා ප්‍රායෝගික ක්‍රියාකාරකම් (Guidance Activities) රැසකින් සමන්විත විය. 🏫🤝

📚 වැඩසටහනේ ප්‍රධාන තේමා සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්

🔹 ආතති කළමනාකරණය සහ මනස නිරෝගී කරගැනීම (Stress Management):
අධ්‍යාපනික කටයුතු වලදී ඇතිවන මානසික පීඩනය අවම කරගෙන නිරවුල් මනසින් අධ්‍යාපනයට යොමුවන ආකාරය.

🔹 කාර්යක්ෂම කාලසටහන් සහ අධ්‍යාපන සැලසුම්:
දෛනික වැඩකටයුතු සහ පාඩම් වැඩ නිසි ලෙස කළමනාකරණය කරගැනීමට ප්‍රායෝගිකව කාලසටහනක් සකස් කරගන්නා ආකාරය.

🔹 විභාග භීතිකාව (Exam Phobia) ජයගැනීම සහ මතක උපක්‍රම:
විභාග බිය නැති කරගනිමින් පාඩම් කරගන්නා කරුණු පහසුවෙන් මතක තබාගැනීමේ විශේෂ උපක්‍රම සහ ක්‍රියාකාරකම්.

🔹 මෘදු කුසලතා සහ අනාගත ඉලක්ක සකසා ගැනීම (Soft Skills & Goal Setting):
කුඩා අවධියේ සිටම තමන්ගේ දක්ෂතා හඳුනාගෙන, අනාගතය වෙනුවෙන් නිවැරදි ඉලක්ක තබාගැනීමට අවශ්‍ය පෞරුෂ වර්ධන ක්‍රියාකාරකම්.

👥 සම්පත් දායකත්වය දැක්වූ නිලධාරී මහත්මයින්

මෙම වැඩසටහන ඉතා ආකර්ෂණීය සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් මෙහෙයවීම සඳහා රාජ්‍ය අංශයේ නිලධාරී මහත්වරුන් දෙපළක් සිය වටිනා දායකත්වය ලබා දුන්හ:

👨‍💼 කේ.එම්.කේ.ජයසිරි මහතා (මෙනරගල දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන සම්බන්ධීකාරක)

👨‍💻 ඩිලාන් එදිරිසිංහ මහතා (නිපුණතා සංවර්ධන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලය - මොනරාගල )

💡 ඔබගේ පාසලේ දරුවන්ගේ අනාගතය සවිබල ගන්වන මෙවැනි විශේෂ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සංවිධානය කර ගැනීමට අවශ්‍ය නම්, මොනරාගල නිපුණතා සංවර්ධන අංශය හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

🌟 පාසල් දරුවන්ගේ අනාගතය එළිය කරන ‘නිපුණතා සයනය’ නියමු ව්‍යාපෘතිය මොනරාගල හුලංදාව වම විද්‍යාලයෙන් ඇරඹෙයි! 🌟මොනරාගල හුලංදා...
11/08/2026

🌟 පාසල් දරුවන්ගේ අනාගතය එළිය කරන ‘නිපුණතා සයනය’ නියමු ව්‍යාපෘතිය මොනරාගල හුලංදාව වම විද්‍යාලයෙන් ඇරඹෙයි! 🌟

මොනරාගල හුලංදාව වම මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසු සිසුවියන්ගේ අනාගත අධ්‍යාපනික හා වෘත්තීය මාවත සාර්ථකව පදම් කිරීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘නිපුණතා සයනය’ විශේෂ උපදේශන හා මාර්ගෝපදේශන නියමු ව්‍යාපෘතිය පසුගිය අගෝස්තු 06 වනදා අතිසාර්ථක ලෙස පැවැත්විණි. 🎓✨

විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ නර්තන ආචාරිණී ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලයේ විශේෂ ඉල්ලීමකට අනුව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, දරුවන්ගේ මානසික හා වෘත්තීය සංවර්ධනය උදෙසා ප්‍රායෝගික ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. 🏫🤝

📚 ශ්‍රේණි මට්ටමින් ක්‍රියාත්මක වූ වැඩසටහන්

🔹 6 සහ 7 ශ්‍රේණි:
🧘‍♂️ ආතති කළමනාකරණය (Stress Management): මනස නිරෝගීව තබාගන්නා ආකාරය.

📅 අධ්‍යාපන සැලසුම්: කාර්යක්ෂම ලෙස කාලසටහන් හා අධ්‍යාපනික සැලසුම් සකස් කිරීම පිළිබඳ ප්‍රායෝගික දැනුවත් කිරීම.

🔹 8 සහ 9 ශ්‍රේණි:

🎯 වෘත්තීය මාර්ගෝපදේශනය: අනාගත ලෝකයට ගැළපෙන මාවත් හඳුන්වා දීම.

🧠 වෘත්තීය ළැදියා මනෝමිතික පරීක්ෂණය (Psychometric Test): 9 ශ්‍රේණියේ සිසුන්ගේ වෘත්තීය ළැදියාවන් හඳුනාගෙන, 10 ශ්‍රේණියේදී තෝරාගත යුතු විෂය ධාරාවන් නිවැරදිව හඳුනා ගැනීමට මඟපෙන්වීම.

🔹 10, 11, 12 සහ 13 ශ්‍රේණි:

🔑 ‘වෘත්තීය යතුර’ මනෝමිතික පරීක්ෂණය:

11 ශ්‍රේණිය: උසස් පෙළ විෂය ධාරාවන් නිවැරදිව තෝරා ගැනීමට උපදෙස්.

13 ශ්‍රේණිය: උසස් අධ්‍යාපන අවස්ථා සහ අනාගත වැඩ ලෝකයට (Future World of Work) සාර්ථකව මුහුණ දෙන ආකාරය පැහැදිලි කිරීම.

💡 අතිරේක දැනුවත් කිරීම් සහ ප්‍රායෝගික පුහුණුව
සියලුම සිසුන්ගේ පොදු අභිවෘද්ධිය උදෙසා පහත ක්ෂේත්‍ර පිළිබඳව ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් දැනුවත් කෙරිණි:

🛡️ සමාජ ආරක්ෂණය: සමාජීය වගකීම් සහ ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීම.

📝 විභාග භීතිකාව (Exam Phobia) ජය ගැනීම: විභාග බිය නැති කරගැනීමේ සාර්ථක ක්‍රමවේද.

🧠 පාඩම් මතක තබා ගැනීම: කාර්යක්ෂම ලෙස මතකය වර්ධනය කරගන්නා ප්‍රායෝගික උපක්‍රම.

🤝 මෘදු කුසලතා (Soft Skills): අනාගත රැකියා
ලෝකයට අත්‍යවශ්‍ය පුද්ගල කුසලතා වර්ධනය කිරීම.

👥 සම්පත් දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්

මෙම තීරණාත්මක පියවර සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන් රැසක් සිය වටිනා දායකත්වය ලබා දුන්හ:

👩‍🏫 එල්.පී. ආශිංසා මධුශංඛනී මිය - උපදේශන ගුරු (මොනරාගල රාජකීය ජාතික පාසල)

👨‍💼 කේ. එම්. කේ. ජයසිරි මහතා - දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන සම්බන්ධීකාරක (මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය)

👨‍💻 ඩිලාන් එදිරිසිංහ මහතා - නිපුණතා සංවර්ධන නිලධාරී (මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

👩‍💼 කේ. එම්. මංගලිකා මහත්මිය - මානව සම්පත් නිලධාරිනී (මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

👨‍💼 අතුල දිසානායක මහතා - සමාජ ආරක්ෂණ නිලධාරී (මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය)

ඔබගේ පාසලේ දරුවන්ගේ අනාගතය සවිබල ගන්වන මෙවැනි ‘නිපුණතා සයනය’ උපදේශන හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් සංවිධානය කර ගැනීමට අවශ්‍ය නම්, මොනරාගල නිපුණතා සංවර්ධන අංශය හා සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

🌿🧹 පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර - "අත්තම" 🧹🌿අද දිනට යෙදුණු ජාතික පවිත්‍රතා දිනය වෙනුවෙන්, ප්‍රජා සහභා...
08/08/2026

🌿🧹 පවිත්‍ර දේශයක් උදෙසා එක්වන ජාතික පුරවැසි මෙහෙවර - "අත්තම" 🧹🌿

අද දිනට යෙදුණු ජාතික පවිත්‍රතා දිනය වෙනුවෙන්, ප්‍රජා සහභාගිත්වය තහවුරු කරමින් Clean Sri Lanka සංකල්පය යථාර්ථයක් කිරීමේ "අත්තම" ජාතික වැඩසටහන මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පන්සල්වත්ත ග්‍රාමයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී! 🇱🇰

🏛️ මූලිකත්වය සහ සංවිධානය:
මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

🤝 පූර්ණ සහයෝගය සහ සහභාගිත්වය:
👮‍♂️ මොනරාගල මූලස්ථාන පොලීසිය
🎖️ කුඹුක්කන 121 වන බලසේනා මූලස්ථානය
🛡️ සිවිල් ආරක්ෂක බලකාය
🏛️ ප්‍රාදේශීය සභාව
🤝 ප්‍රජා සංවර්ධන සභාව සමඟ සමස්ත ගම්වාසී ජනතාව!

මෙම ප්‍රධාන වැඩසටහනට සමගාමීව මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසම් 26 ම ආවරණය වන පරිදි වැඩසටහන් 26 ක් එකම දිනකදී සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවීම මහත් අභිමානයකි! 💚🌱
එක්වෙමු! පිරිසිදු, සුන්දර හා සුරක්ෂිත හෙට දවසක් වෙනුවෙන් එකමුතුවෙන් පෙරටම යමු! 🤝🏡✨

🎓 හෙට දිනන දරුවන් වෙනුවෙන් "වෘත්තීය මාර්ගෝපදේශනය" 🚀මදුරුකැටිය ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබන අ.පො.ස සා/පෙ සිසුන්ගේ අනාගතය සා...
07/08/2026

🎓 හෙට දිනන දරුවන් වෙනුවෙන් "වෘත්තීය මාර්ගෝපදේශනය" 🚀

මදුරුකැටිය ධර්මරාජ විදුහලේ ඉගෙනුම ලබන අ.පො.ස සා/පෙ සිසුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන ලද "වෘත්තීය යතුර" සමග වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන පසුගිය අගෝස්තු 04 වන දින ඉතා සාර්ථක ලෙස පැවැත්වුණා. 📚✨

මෙම වැඩසටහනේදී:
✅ උසස් පෙළ විෂය ධාරාවන් නිවැරදිව තෝරාගන්නා ආකාරය.
✅ අනාගත රැකියා ලෝකයට ගැලපෙන පරිදි තමන්ව සූදානම් කරගන්නා ආකාරය.
✅ වෘත්තීය නිපුනතාවයන් වර්ධනය කරගන්නා ආකාරය.
පිළිබඳව සිසුන් දැනුවත් කිරීම සිදු කෙරුණා. 💡🌟

මෙම වටිනා වැඩසටහන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී ඩිලාන් එදිරිසිංහ, මානව සම්පත් සංවර්ධන නිලධාරිනී කේ.එම්.මංගලිකා මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්‍යයාලයේ දිස්ත්‍රික් නිපුණතා සංවර්ධන සම්බන්ධීකාරක කේ.එම්.කේ.ජයසිරි මහතා, දිස්ත්‍රික් නිපුණතා නිලධාරිනී ජනනි වීරසූරිය මහත්මිය යන මහත්මිය මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී. 🤝💼

අපේ දරුවන්ගේ සිහින සැබෑ කරගන්නට පාර කියා දුන් සැමට අපගේ ප්‍රණාමය! 🙏🌈

🎓✨

🎯 සා/පෙළ ගොඩදාගන්න 10 වසර කාණ්ඩ විශයන් හරියට තෝරමු 📚✨මදුරුකැටිය ධර්මරාජ විදුහලේදී 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවා දරුවන් ...
07/08/2026

🎯 සා/පෙළ ගොඩදාගන්න 10 වසර කාණ්ඩ විශයන් හරියට තෝරමු 📚✨

මදුරුකැටිය ධර්මරාජ විදුහලේදී 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දුවා දරුවන් වෙනුවෙන්, 10 වන ශ්‍රේණියේදී තෝරාගත යුතු කාණ්ඩ විෂයයන් (Basket Subjects) නිවැරදිව තෝරාගැනීම පිළිබඳ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන අද(4) දින ඉතා සාර්ථකව පැවැත්විය. 🏫📖

මෙහි ප්‍රධාන අරමුණ වූයේ:
✅ තමන්ගේ දක්ෂතාවයට ගැලපෙන විෂයයන් තෝරාගැනීම.
✅ අනාගත වෘත්තීය ඉලක්කයක් (Future Goals) අද සිටම ගොඩනගා ගැනීම. 🏆
✅ හෙට දින රැකියා ලෝකය ජය ගැනීමට අවශ්‍ය මූලික පදනම සකස් කර ගැනීම. 💡

මෙම වැඩසටහන මොණරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී ඩිලාන් එදිරිසිංහ මහතා, මානව සම්පත් සංවර්ධන නිලධාරී කේ.එම්.මංගලිකා මහත්මිය, මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්‍යයාලයේ නිපුණතා සංවර්ධන සම්බන්ධීකාරක කේ.එම්.කේ. ජයසිරි මහතා, නිපුණතා සංවර්ධන නිලධාරිනී ජනනි වීරසූරිය මහ්ත්මිය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්‍යයාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී දිසානායක මහතා යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් සිදු කරන ලදී. 🤝💼

අපේ දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරගන්නට ශක්තියක් වූ සැමට ස්තූතියි! 🙏🌈

🎓🚀

🎓 හෙට දින දිනන මොනරාගල දරුවන් වෙනුවෙන් අරුත්බර මඟපෙන්වීමක්! 🌟රත්නාලෝක විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) සිසු සිසුවියන් වෙනුවෙන්...
07/08/2026

🎓 හෙට දින දිනන මොනරාගල දරුවන් වෙනුවෙන් අරුත්බර මඟපෙන්වීමක්! 🌟

රත්නාලෝක විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) සිසු සිසුවියන් වෙනුවෙන් සංවිධානය කරන ලද "අ.පො.ස (උ/පෙළ) විෂය ධාරාවන් තෝරාගැනීම සහ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන" පසුගිය දින(03) ඉතා සාර්ථක අයුරින් නිමාවට පත්විය. 🎯✨

මෙම වැඩසටහනේදී සිසුන්ගේ සහජ දක්ෂතා සහ රුචිකත්වයන් හඳුනාගැනීම සඳහා "වෘත්තීය යතුර" මනෝමිතිය පරීක්ෂණය (Psychometric Test) පවත්වා, එහි ප්‍රතිඵල නිවැරදිව අර්ථකථනය කිරීමට කටයුතු කරන ලදී. 📊🧠 එමඟින් දරුවන්ට තමන්ගේ අනාගත රැකියා ලෝකයේ ඇති අවස්ථා මෙන්ම, තමන්ට වඩාත්ම ගැලපෙන උසස් පෙළ විෂය ධාරාවන් නිවැරදිව තෝරාගැනීමට මනා පිටුවහලක් ලැබුණි. 💼🚀

🔹 සම්පත්දායක දායකත්වය:
මෙම වටිනා වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සම්පත්දායකත්වයෙන් දායක වූ:
🤵 මොනරාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරී ඩිලාන් එදිරිසිංහ මහතා,
👩‍💼 මානව සංවර්ධන නිලධාරිනී කේ.එම්.මංගලිකා මහත්මිය,
🤵 සමාජ ආරක්ෂණ නිලධාරී අතුල දිසානායක මහතා,
👩‍ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරිනී හේෂානි ජනනි මහත්මිය, වෙත අපගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටිමු! 🙏❤️

🔹 විශේෂ ස්තූතිය:
විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුභවතුන් ලබාදුන් උපරිම සහයෝගය සහ කැපවීම මෙම වැඩසටහනේ සාර්ථකත්වයට මහෝපකාරී විය. 🏫🤝

"මොනරාගල දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න අප සැමදා කැපවෙමු!" 💪🇱🇰✨

🙌

Address

Divisional Secretariat Monaragala
Monaragala

Alerts

Be the first to know and let us send you an email when Divisional Secretariat Monaragala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Divisional Secretariat Monaragala:

Shortcuts

Share