Department Of Civil Security - Sri Lanka

Department Of Civil Security - Sri Lanka Department of Civil Security is an auxiliary force comes under the purview of the Ministry of Defenc

ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සුවිශේෂී දායකත්වයක්.----------------------------------------...
23/07/2026

ඩෙංගු මර්දන ජාතික මෙහෙයුමට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සුවිශේෂී දායකත්වයක්.
----------------------------------------------------------------------------

ඩෙංගු රෝගය පැතිරයාමේ ඉහළ අවදානමක් ඇති ප්‍රදේශ ඉලක්ක කර ගනිමින්, මදුරු උවදුර මැඩපැවැත්වීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමඟාමීව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පුළුල් පරිසර පවිත්‍රතා සහ මදුරු මර්දන වැඩසටහන් මාලාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇත.
ඩෙංගු රෝගය පාලනය කිරීමේ එකම සහ වඩාත්ම ඵලදායී ක්‍රමය මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සහ පරිසරය පවිත්‍රව පවත්වා ගැනීම බව අවධාරණය කරමින් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සෞඛ්‍ය අංශ, රාජ්‍ය හා පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව මෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සමඟ අත්වැල් බැඳගනිමින් මෙම ජාතික මෙහෙයුම ක්‍රියාවට නංවා තිබේ.
ඒ අනුව මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීම සහ මහජන සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් දිවයින පුරා පිහිටුවා ඇති සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකා මූලස්ථාන හරහා මෙම පවිත්‍රතා වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බලකා ප්‍රධාන නියාමක පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිණි.--------------------------------...
22/07/2026

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බලකා ප්‍රධාන නියාමක පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කෙරිණි.
---------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය වැඩිදියුණු කර ගැනීම, බලකා අණ දෙන නිලධාරීන්ගේ පාලන කටයුතු පහසු කර ගැනීම සහ දීර්ඝ කාලයක් තුළ විශිෂ්ඨ සේවයක් කරන ලද සාමාජිකයින්ට නව අභිප්‍රේරණයක් ලබා දීමේ අරමුණින් "බලකා ප්‍රධාන නියාමක" තනතුර ස්ථාපිත කරන ලදී. මෙම තනතුරේ රාජකාරී සඳහා සුදුසුකම් ලත් ජ්‍යෙෂ්ඨ නියාමක, නියාමක හා උප නියාමකවරුන් 20 දෙනෙකුට න්‍යායාත්මක සහ ප්‍රායෝගික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් 2026 ජූලි මස 07 වන දින ගල්කිරියාගම උසස් පුහුණු පාසලේදී ආරම්භ කරන ලදී.

මෙම පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කර විසිර යන බලකා ප්‍රධාන නියාමකවරුන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීම, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් 2026 ජූලි මස 21 වන දින ගල්කිරියාගම උසස් පුහුණු පාසලේදී පැවැත්විණි.

පාඨමාලා කාලය තුළදී නිල ඇඳුම් රෙගුලාසි, ආචාර විධි, උත්සව විධි, චාරිත්‍රානුකූල රාජකාරි, ආයතන සංග්‍රහය, නිවාඩු ක්‍රමවේද, වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම්, මුදල් රෙගුලාසි හා මුදල් පරිහරණය කිරීමේ පිළිවෙත්, ව්‍යාපෘති පවත්වාගෙන යෑමේ ක්‍රමවේද, ලිපි ලේඛන පරිශීලනය සහ නඩත්තු කළ යුතු ලිපි ලේඛන යනාදිය සම්බන්ධයෙන් මෙන්ම, මත්ද්‍රව්‍ය නිවාරණය හා සමාජ මාධ්‍ය භාවිතය ආදී කරුණු ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ දේශන පවත්වා මනා නායකත්ව පුහුණුවක් ලබා දෙන ලදී.

අධ්‍යක්‍ෂ පිරිස් පාලන බ්‍රිගේඩියර් ඒඑම්ඒසීඒ ඌරාපොල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යක්ෂ පුහුණු කර්නල් ආර්ඒජේකේ රණසිංහ හා ගල්කිරියාගම උසස් පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ආර්ආර්පී ලක්සිරි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් මෙම පුහුණු පාඨමාලාව පැවැත්විය.

2026 ස්ටෑන් ලී අභියෝගතා විවෘත කරාටේ ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට.-------------------------...
15/07/2026

2026 ස්ටෑන් ලී අභියෝගතා විවෘත කරාටේ ශූරතාවලියේදී ජයග්‍රහණ රැසක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට.
----------------------------------------------------------------------------

ජාත්‍යන්තර ෂෝටෝකාන් කරාටේ දෝ සංවිධානය මගින් 16 වන වරටත් සංවිධානය කරන ලද "2026 ස්ටෑන් ලී අභියෝගතා විවෘත කරාටේ ශූරතාවලිය" 2026 ජූලි මස 12 වන දින කොළඹ 07 මහජන පුස්තකාල ශාලාවේදී පැවැත්විණි.

එම තරගාවලිය සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු කරාටේ සංචිතය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින්, ඉතා දක්‍ෂ ලෙස ක්‍රීඩා කරමින් පදක්කම් රැසක් දිනා ගැනීමට සමත් විය. ජයග්‍රහණය ලැබූ ක්‍රීඩකයින් 2026 ජූලි මස 14 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි හමුවු අවස්ථාවේදී, ක්‍රීඩකයින්ගේ දක්‍ෂතා අගය කරමින් සුභ පැතුම් පිරිනමන ලදී.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ක්‍රීඩා කර්නල් ජයන්ත කුමාර රණසිංහ, කරාතේ හා වූෂූ ක්‍රීඩා භාර නිලධාරී ලුතිතන් රන්දික බණ්ඩාර සහ කරාතේ පුහුණු උපදේශක උප නියාමක එන්වී අජිත් කුමාර ද සහභාගී වූහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආගමික අරමුදලේ 2026 වාර්ෂික මහසභා රැස්වීම පැවැත්විණි.---------------------------------------...
26/06/2026

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආගමික අරමුදලේ 2026 වාර්ෂික මහසභා රැස්වීම පැවැත්විණි.
-----------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආගමික අරමුදලේ වාර්ෂික මහසභා රැස්වීම ආගමික අරමුදලේ ප්‍රධාන අනුශාසක, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු සහ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී 2026 ජුනි මස 25 වන දින පවත්වන ලදී.

සභාවේ ප්‍රධාන අරමුණු වූයේ 2026 වර්ෂය සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීම, පසුගිය වර්ෂයේ අයවැය වාර්තාව සභාගත කිරීම සහ ඉදිරි කාලසීමාව සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ හා යෝජනා අදහස් සාකච්ඡා කොට සම්මත කර ගැනීමයි.

මෙම අවස්ථාව සඳහා ආගමික අරමුදලේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය, දෙපාර්තමේන්තුවේ සියලුම බලකායන්, පුහුණු පාසල් සහ විශේෂ ව්‍යාපෘතීන් නියෝජනය කරමින් කාරක සභිකයින් සහභාගී වූහ.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් සඳහා පැවැත්වූ පුහුණු වැඩසටහන් මාලාව සහ සහතික පත් ප්‍රදානය.-----------...
26/06/2026

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජික සාමාජිකාවන් සඳහා පැවැත්වූ පුහුණු වැඩසටහන් මාලාව සහ සහතික පත් ප්‍රදානය.
-----------------------------------------------------------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරීන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, සාමාජික සාමාජිකාවන්ගේ දැනුම හා කුසලතා වැඩිදියුණු කිරීම සඳහා වූ පුහුණු වැඩසටහන් මාලාවක් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී සාර්ථකව පවත්වන ලදී.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, පුහුණු අංශයේ සම්බන්ධීකරණයෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය, කටුනායක සහ වෙන්නවත්ත බලකායන්, සේරුපිට පුහුණු පාසල සහ වැලිසර උප බලකාය ආවරණයවන පරිදි එක් පුහුණු වැඩසටහනක් සඳහා සාමාජිකයින් 30දෙනෙකු බැගින් සහභාගී විය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සී/ස නිපුණතා සංවර්ධන අරමුදල (SDFL) සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ පවතින දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානය (DLC) යන ආයතනයන්හි සම්පත් දායකත්වයෙන් පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන් මාලාවේ සහතික පත් ප්‍රදානය කිරීම, අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බංඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2026 ජූනි මස 24 වන දින සිදු කෙරිණි.

රාජකාරී අවශ්‍යතාවයන් මත දැනුම වර්ධනය කළ යුතු ක්‍ෂේත්‍ර ඔස්සේ පහත විෂය මාලාවන් යටතේ පුහුණු වැඩසටහන් පැවැත්විය.

I. 2026.05.20 කාර්යාල කළමනාකරණය - චමින්ද අරුණ කුමාර පරණමාන (ශ්‍රී ලංකා පරිපාලන සේවය ජනාධිපති, මහජන සම්බන්ධතා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ)

II. 2026.05.25 සහ 26 මූලික විමර්ශනය - ලොකු හැන්නැදිගේ නිහාල්, (කථිකාචාර්ය ටයිටම්ස් ඇකඩමි (පුද්) සමාගම.)

III. 2026.06.05 ලිපිගොනුකරණය, සටහන් ලිවීම හා රාජකාරි ලිපි ලිවීම - එම්.ඒ. තිලක් සෙනරත්, (ලේකම්, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව.)

IV. 2026.06.16 සහ 17 ප්‍රසම්පාදන ලේඛන - (ජ.එස්.කේ.සමරතුංග, (ප්‍රධාන මූල්‍ය නිලධාරී ප්‍රසම්පාදන, ජනාධිපති ලේකම් කාර්යාලය.)

V. 2026.06.19 ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාපටිපාටිය - ඒඩීපීඅයි ප්‍රසන්න (ප්‍රසම්පාදන විශේෂඥ, ප්‍රසම්පාදන කොමිෂන් සභාව)

VI. 2026.06.23 සහ 24 මූලික ගබඩා කළමනාකරණය - සුමිත් ජේ. කුමාර, (ප්‍රධාන අභ්‍යන්තර විගණක, ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානය.)

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්----------------------------------------...
24/06/2026

ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩසටහනක්
---------------------------------------------------------------------------------

නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වයත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් පෙන්නුම් කිරීම හේතුවෙන්, "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව, 2026 ජුනි මස 14 වන දින සිට 20 වන දින දක්වා "ජාතික ඩෙංගු මර්දන සතියක්" ක්‍රියාත්මක කෙරිණි.
සෞඛ්‍ය අංශ, රාජ්‍ය සහ පළාත් පාලන ආයතන, ත්‍රිවිධ හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය සමඟ එක්ව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව ද මෙම ජාතික මෙහෙයුම සඳහා සිය උපරිම දායකත්වය ලබා දුන්නේය.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය, බලකා, පුහුණු පාසල් සහ විශේෂ ව්‍යාපෘතීන්හි අණදෙන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ දිවයින පුරා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වූ අතර, ඒ යටතේ පහත සඳහන් ප්‍රජා මට්ටමේ සේවාවන් සිදු කරන ලදී.

නගර, කාණු පද්ධති, බස් නැවතුම්පල, ආගමික ස්ථාන, වෙළඳ සැල්, පාසල් සහ රාජ්‍ය ආයතන පරිශ්‍ර පිරිසිදු කිරීම.

මදුරුවන් බෝවන ස්ථාන බවට පත්විය හැකි ඉවතලන ටින්, බෝතල් සහ පොල්කටු වැනි අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම.

ජල ටැංකි සහ භාජන මදුරුවන් ඇතුළු නොවන සේ ආවරණය කිරීම.

නිවාස ඒකක තුළ මදුරු කීටයන් බෝවන ස්ථාන පරීක්‍ෂා කිරීම සහ මහජනතාව ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රචාරණ වැඩසටහන් දියත් කිරීම.

බලකා නිරීක්ෂණ චාරිකාව-------------------------------------------------------- සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බලකායන්හි ර...
23/06/2026

බලකා නිරීක්ෂණ චාරිකාව
--------------------------------------------------------

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ බලකායන්හි රාජකාරි කටයුතු, සුභසාධනය සහ භටපිරිස් ස්ථානගත වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමේ අරමුණින්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී 2026 ජූනි මස 19, 20 සහ 21 යන තෙදින බලකා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

කල්පිටිය පුහුණු පාසලේ දෛනික රාජකාරී කටයුතු නිරීක්ෂණය කරමින් සංචාරය ආරම්භ කළ අධ්‍යක්‍ෂ ජනරාල්, පුත්තලම බලකාය ඇතුළු වනාතවිල්ලුව, කරුවලගස්වැව, නීලබැම්ම, රාජාංගනය, කටුපත්වැව සහ හොරුවිල යන අනුකලාපයන් නීරික්‍ෂණය කරන ලදී.

අනතුරුව, කොණ්ඩච්චි විශේෂ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කජු වගා ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සහ විල්පත්තුව බලකාය මගින් පවත්වාගෙන යනු ලබන ඇඟලුම් ශාලාව අධ්‍යක්ෂ ජනරාල් විසින් නිරීක්ෂණය කරන ලදී. එහිදී සිවිල් ආරක්‍ෂක සාමාජිකයන්ගේ නිල ඇඳුම්වල ප්‍රමිතිය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ එතුමා, නිමි නිල ඇඳුම්වල ගුණාත්මකභාවය ද පරීක්ෂාවට ලක් කළේය.

තන්තිරිමලය, මහවිලච්චිය, නොච්චියාගම උප බලකා සහ රනෝරාව අනුකලාපය ඇතුළු විල්පත්තු බලකායේ ව්‍යාපෘතීන් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධ්‍යක්‍ෂ ජනරාල් විසින් රාජකාරී නියුතු භට පිරිස් ඇමතීම ද කටයුතු කළේය.

බලකායන්හි සුභසාධන කටයුතු සහ මෙතෙක් විසඳී නොමැති පාලනමය ගැටළු පිළිබඳවද සොයා බලා ඒවා කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම් සිදු කළ අධ්‍යක්‍ෂ ජනරාල්, සිවිල් ආරක්‍ෂක සාමාජික සාමාජිකාවන්ගේ වගකීම් හා රාජකාරි පිළිබඳව දැනුවත් කර, දෙපාර්තමේන්තුවේ උන්නතිය වෙනුවෙන් තමන් වෙත පැවරී ඇති වගකීම් උපරිම කැපවීමෙන් සහ කාර්යක්ෂමව ඉටු කරන ලෙස සියලුම සාමාජික සාමාජිකාවන් වෙත උපදෙස් ලබා දෙන ලදී.

මෙම සංචාරය සඳහා බලකා අණදෙන නිලධාරින්, දිස්ත්‍රික් නිලධාරින් බලකා ජ්‍යෙෂ්ඨ නියයාමකවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ජ්‍යෙෂ්ඨ නියාමක තනතුරේ  නිල උසස්වීම් ලබා දීම...-------------------------------------------------------------------------...
12/06/2026

ජ්‍යෙෂ්ඨ නියාමක තනතුරේ නිල උසස්වීම් ලබා දීම...
------------------------------------------------------------------------------

2015 අප්‍රේල් 23 දින සිට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවය විශ්‍රාම වැටුප් හිමිකම් සහිත ස්ථිර සේවාවක් ලෙස PL-02-10-2025 වැටුප් කාණ්ඩය යටතේ ස්ථාපිත කළ මෙම දෙපාර්තමේන්තුවේ අනුමත උසස්වීම් පටිපාටියට අනුව, 2024 මැයි 06 දිනට බලපැවැත්වෙන පරිදි නියාමක I ශ්‍රේණියේ නිලධාරීන් 'නියාමක විශේෂ ශ්‍රේණිය' දක්වා උසස් කරන ලදී.
මෙලෙස නියාමක විශේෂ ශ්‍රේණියට උසස්වීම් ලැබූ 1249 දෙනෙකු අතුරින්, දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා අභ්‍යන්තර අනුමත ජ්‍යෙෂ්ඨ නියාමක තනතුරු 1000ක පවතින පුරප්පාඩු 530ක්, සපුරාලීම සඳහා නිලයේ ජ්‍යෙෂ්ඨතාවය මත උසස්වීම් පිරිනැමිණි.
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් නව උසස්වීම් ලත් ජ්‍යෙෂ්ඨ නියාමකයින් සංකේතවත් කරමින්, දෙපාර්තමේන්තුවේ සරඹ උපදේශකයින් සහ මූලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නියාමකයින් වෙත නව නිල ලාංජන පැළඳවීම 2026 ජූනි මස 12 වන දින සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කීර්ති බංඩාර, අධ්‍යක්‍ෂ පිරිස් පාලන සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ පිරිස් පාලන ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

බුද්ධ රශ්මී වෙසක් කලාපයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය---------------------------------------------------------...
05/06/2026

බුද්ධ රශ්මී වෙසක් කලාපයේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය
-----------------------------------------------------------------------------------------------

ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කළ "බුද්ධ රශ්මී" වෙසක් කලාපය 2026 මැයි මස 30 වන දින සිට ජුනි මස 02 වන දින දක්වා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

ශ්‍රී සම්බුදු තෙමඟුල සිහිකරමින්, සැදැහැවතුන්ගේ සිත්සතන් බොදු බැතියෙන් පහන් කිරීමේ අරමුණින්, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙවර ද වෙසක් උත්සවය වෙනුවෙන් සිය දායකත්වය ලබා දුන්නේය. එහිදී, බලකා සාමාජිකයින්ගේ නිර්මාණශීලී කෞශල්‍ය මැනවින් විදහා දක්වන දර්ශනීය සහ විචිත්‍රවත් පහන් කූඩු 10ක් මෙම වෙසක් කලාපයේදී ප්‍රදර්ශනය කෙරිණි.

එම ප්‍රදර්ශනයට එක්කළ නිර්මාණ අතුරින් උසස් නිර්මාණශීලීත්වයෙන් යුතු වැලිඔය බලකාය විසින් ඉදිරිපත් කරන ලද පහන් කූඩුව දෙවන ස්ථානය ද, කැබිතිගොල්ලෑව බලකාය විසින් ඉදිරිපත් කරන ලද පහන් කූඩුව හත්වන ස්ථානය හිමිකර ගන්නා ලදී.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ විශේෂ විධායක කමිටු රැස්වීම.------------------------------------------------...
01/06/2026

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකයේ විශේෂ විධායක කමිටු රැස්වීම.
---------------------------------------------------------------------------------

"පරත්ථං පටිපජ්ජථ" යන උදාර අරමුණ පෙරදැරි කරගත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය, සේවයේ නියුතු සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරන සුවිශේෂී සත්කාරක වැඩසටහන්වලට අමතරව, සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් වඩාත් ප්‍රතිඵලදායී හා කාර්යක්ෂම සුබසාධන සේවාවක් ලබා දීමේ අරමුණින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා වූ විශේෂ විධායක කමිටු සාකච්ඡාව, 2026 ජුනි මස 01 වන දින සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් සහ සේවා වනිතා ඒකකයේ ප්‍රධාන අනුශාසක මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු, සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිණි රේණුකා ප්‍රනාන්දු මහත්මිය, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සහ සේවා වනිතා ඒකකයේ උප අනුශාසක මේජර් ජෙනරල් කීර්ති බණ්ඩාර, සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සම්බන්ධීකරණ නිලධාරී ලුතිතන් කර්නල් ලයනල් හේමකුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විධායක කමිටු සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මෙහිදී, දේශගුණික විපර්යාස හේතුවෙන් ඇති වූ 'දිටිවා' සුළි කුණාටු තත්ත්වයෙන් හානියට පත් සිවිල් ආරක්ෂක සාමාජික සාමාජිකාවන් 37 දෙනෙකුගේ නිවාස නැවත පිළිසකර කිරීම සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සේවා වනිතා ඒකකය මගින් මූල්‍ය පරිත්‍යාග කිරීම ද සංකේතාත්මකව සිදු කෙරිණි.

Address

Jaya Mawatha, Katubedda
Moratuwa
12000

Alerts

Be the first to know and let us send you an email when Department Of Civil Security - Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Department Of Civil Security - Sri Lanka:

Shortcuts

Share