Moratuwa Municipal Council

Moratuwa Municipal Council “සියළුම පුරවැසියන්ට යහපත් ජන ජීවිතයක්” Moratuwa municipal council is one of the major municipal council in Sri Lanka.

It is located in Colombo District, Western Province, Sri Lanka.

📚 පෙර පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණිමොරටුව මහා නගර සභාව මගින් පාලනය වන පෙර පාසල්වල දරු...
10/07/2026

📚 පෙර පාසල් දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහන සාර්ථකව පැවැත්විණි

මොරටුව මහා නගර සභාව මගින් පාලනය වන පෙර පාසල්වල දරුවන් සඳහා පොත් කට්ටල බෙදාදීමේ වැඩසටහන 2026 ජූලි 06 වන දින මොරටුව බෞද්ධ මන්දිර ශ්‍රවණාගාරයේදී, ගරු නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය නගරාධිපති ගරු ප්‍රභාශිණී වික්‍රමසිංහ මැතිනිය, නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන්, නාගරික කොමසාරිස්තුමිය, නියෝජ්‍ය නාගරික කොමසාරිස්තුමා, මොරටුව මහා නගර සභාවේ නිලධාරීන්, පෙර පාසල් ගුරුභවතුන්, දෙමාපියන් සහ දූ දරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

පෙර පාසල් දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය මූලික අධ්‍යාපනික සම්පත් ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනේදී දරුවන් වෙත පොත් කට්ටල ප්‍රදානය කරන ලදී. එමඟින් ඔවුන්ගේ අධ්‍යාපනික ගමනට ශක්තිමත් පදනමක් සකස් කිරීම සහ ගුණාත්මක පෙර පාසල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගන්නා ලදී.

📚 முன்பள்ளி மாணவர்களுக்கு புத்தகத் தொகுப்புகள் வழங்கும் நிகழ்ச்சி வெற்றிகரமாக நடைபெற்றது

மொரட்டுவை மாநகர சபையின் நிர்வாகத்தின் கீழ் இயங்கும் முன்பள்ளிகளில் கல்வி கற்கும் மாணவர்களுக்கான புத்தகத் தொகுப்புகள் வழங்கும் நிகழ்ச்சி, 2026 ஜூலை 06 அன்று மொரட்டுவை பௌத்த மண்டப அரங்கில், மொரட்டுவை மாநகர முதல்வர் கௌரவ நிஷாந்த பிரதிநாண்டு அவர்களின் தலைமையில் வெற்றிகரமாக நடைபெற்றது.

இந்நிகழ்வில் பிரதி முதல்வர் கௌரவ பிரபாஷினி விக்ரமசிங்க அவர்கள், மாநகர சபை உறுப்பினர்கள், மாநகர ஆணையாளர், பிரதிப் மாநகர ஆணையாளர், மொரட்டுவை மாநகர சபை அதிகாரிகள், முன்பள்ளி ஆசிரியர்கள், பெற்றோர்கள் மற்றும் ஏராளமான மாணவர்கள் கலந்து கொண்டனர்.

முன்பள்ளி மாணவர்களின் கல்விப் பயணத்திற்கு தேவையான அடிப்படை கல்வி வளங்களை வழங்கும் நோக்கில் ஏற்பாடு செய்யப்பட்ட இந்நிகழ்வில், மாணவர்களுக்கு புத்தகத் தொகுப்புகள் வழங்கப்பட்டன. இதன் மூலம் அவர்களின் கல்விக்கான வலுவான அடித்தளத்தை அமைப்பதுடன், தரமான முன்பள்ளிக் கல்வியை மேம்படுத்துவதும் நோக்கமாகக் கொண்டது.

📚 Book Distribution Programme for Preschool Children Successfully Held

A book distribution programme for children attending preschools administered by the Moratuwa Municipal Council was successfully held on 06 July 2026 at the Moratuwa Buddhist Hall Auditorium, under the patronage of His Worship the Mayor, Mr. Nishantha Ferdinando.

The event was attended by Deputy Mayor Mrs. Prabhashini Wickramasinghe, members of the Municipal Council, the Municipal Commissioner, the Deputy Municipal Commissioner, officials of the Moratuwa Municipal Council, preschool teachers, parents, and a large number of preschool children.

The programme was organized to provide essential educational resources to preschool children by distributing book sets, thereby helping to build a strong foundation for their educational journey while promoting quality early childhood education.

මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ ඩෙංගු මර්දන සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කෙරේමොරටුව මහා නගර සභ...
10/07/2026

මොරටුව මහා නගර සභා බල ප්‍රදේශයේ ඩෙංගු මර්දනය සඳහා විශේෂ ඩෙංගු මර්දන සම්බන්ධීකරණ කාර්යාලයක් ස්ථාපිත කෙරේ

මොරටුව මහා නගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දන කටයුතු වඩාත් විධිමත්ව හා කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් විශේෂ ඩෙංගු මර්දන සම්බන්ධීකරණ කාර්යාලයක් 2026 ජූලි 08 වන දින මොරටුව මහා නගර සභාවේ ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයේදී ස්ථාපිත කරන ලදී.

මෙම අවස්ථාව මොරටුව මහා නගර සභාවේ ගරු නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, නාගරික කොමසාරිස්තුමිය, මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමා, මොරටුව සහ එගොඩඋයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ සම්බන්ධීකරණ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම විශේෂ සම්බන්ධීකරණ කාර්යාලය මඟින් ඩෙංගු මර්දන වැඩසටහන් සම්බන්ධීකරණය, ක්ෂේත්‍ර පරීක්ෂණ, ජනතාව දැනුවත් කිරීම සහ ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

🚨 ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන, පිරිසිදු නොකළ පරිශ්‍ර හෝ ඩෙංගු ව්‍යාප්තියට හේතු විය හැකි ස්ථාන පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා ඩෙංගු මර්දන සම්බන්ධීකරණ කාර්යාලය අමතන්න.

📞 070 654 5472 | 071 545 3312 | 075 365 0450

மொரட்டுவை மாநகர சபை எல்லைக்குள் டெங்கு கட்டுப்பாட்டிற்கான சிறப்பு டெங்கு கட்டுப்பாட்டு ஒருங்கிணைப்பு அலுவலகம் நிறுவப்பட்டது

மொரட்டுவை மாநகர சபை எல்லைக்குள் டெங்கு ஒழிப்பு நடவடிக்கைகளை மேலும் ஒழுங்குமுறையுடனும் திறம்படவும் முன்னெடுக்கும் நோக்கில், சிறப்பு டெங்கு கட்டுப்பாட்டு ஒருங்கிணைப்பு அலுவலகம் 2026 ஜூலை 08 அன்று மொரட்டுவை மாநகர சபையின் பொருள் மீட்பு மையத்தில் நிறுவப்பட்டது.

இந்நிகழ்வு மொரட்டுவை மாநகர சபையின் கௌரவ மேயர் நிஷாந்த பிரதிநாண்டு அவர்களின் தலைமையில் நடைபெற்றது. மாநகர ஆணையாளர், மொரட்டுவை பிரதேச செயலாளர், மொரட்டுவை மற்றும் எகொடஉயன சுகாதார மருத்துவ அதிகாரிகள் உள்ளிட்ட அரச அதிகாரிகள் மற்றும் ஒருங்கிணைப்பு அதிகாரிகள் கலந்து கொண்டனர்.

இந்த சிறப்பு ஒருங்கிணைப்பு அலுவலகம் டெங்கு ஒழிப்பு நடவடிக்கைகளை ஒருங்கிணைத்தல், கள ஆய்வுகள் மேற்கொள்ளல், பொதுமக்கள் விழிப்புணர்வை மேம்படுத்தல் மற்றும் டெங்கு பரவலைத் தடுக்கும் அவசர நடவடிக்கைகளை மேற்கொள்ளும்.

🚨 டெங்கு கொசுக்கள் பெருகும் இடங்கள் அல்லது டெங்கு பரவக்கூடிய அபாயகரமான இடங்கள் குறித்து தகவல் வழங்க கீழ்க்கண்ட தொலைபேசி இலக்கங்களை தொடர்பு கொள்ளவும்.

📞 070 654 5472 | 071 545 3312 | 075 365 0450

Special Dengue Control Coordination Office Established for the Moratuwa Municipal Council Area

A Special Dengue Control Coordination Office was established on 08 July 2026 at the Moratuwa Municipal Council Material Recovery Centre to strengthen and coordinate dengue prevention and control activities within the Moratuwa Municipal Council area.

The event was held under the patronage of Hon. Nishantha Ferdinando, Mayor of Moratuwa, with the participation of the Municipal Commissioner, the Divisional Secretary of Moratuwa, the Medical Officers of Health of Moratuwa and Egoda Uyana, together with other government and coordinating officials.

The Coordination Office will facilitate the implementation of dengue prevention programmes, field inspections, public awareness initiatives, and prompt response measures to minimise the spread of dengue.

🚨 To report mosquito breeding sites, unhygienic premises, or locations that may contribute to the spread of dengue within the Moratuwa Municipal Council area, please contact the Dengue Control Coordination Office.

📞 070 654 5472 | 071 545 3312 | 075 365 0450

2026 පොසොන් පොහොය නිමිත්තෙන් මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ මිහින්තලා අනුරුව හා ධාතු වන්දනාව ජුනි මස 29 ව...
06/07/2026

2026 පොසොන් පොහොය නිමිත්තෙන් මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලැබූ මිහින්තලා අනුරුව හා ධාතු වන්දනාව ජුනි මස 29 වන දින ගෞරවණීය මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

මෙම අවස්ථාවට නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා, නියෝජ්‍ය නගරාධිපතිතුමිය ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්, නාගරික කොමසාරිස්තුමිය, ප්‍රාදේශීය ලේකම්තුමා, වැඩ බලන මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වූහ.

ජුනි 29, 30 හා ජූලි 01, 02, 03 යන දින පහක් පුරා විවෘතව පැවති මෙම මිහින්තලා අනුරුව තරණය කිරීම සහ ධාතු වන්දනාව සඳහා විශාල ජනතාවක් සහභාගී වූහ.

2026 பொசோன் பௌர்ணமி தினத்தை முன்னிட்டு மொரட்டுவை மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட மிஹிந்தலை பிரதியுருவம் மற்றும் புனித தாதுப் பூஜை

2026 ஆம் ஆண்டு பொசோன் பௌர்ணமி தினத்தை முன்னிட்டு மொரட்டுவை மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட மிஹிந்தலை பிரதியுருவம் மற்றும் புனித தாதுப் பூஜை நிகழ்வு, ஜூன் 29 ஆம் நாள் மதிப்பிற்குரிய மகா சங்கத்தினரின் வருகையுடன் ஆரம்பிக்கப்பட்டு, நீதித்துறை மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் கௌரவ ஹர்ஷண நாணயக்கார அவர்களின் தலைமையில் உத்தியோகபூர்வமாக திறந்து வைக்கப்பட்டது.

இந்நிகழ்வில் மொரட்டுவை மாநகர மேயர் திரு. நிஷாந்த பிரதிநாண்டு, பிரதி மேயர், ஆளும் மற்றும் எதிர்க்கட்சிகளைச் சேர்ந்த மாநகர சபை உறுப்பினர்கள், மாநகர ஆணையாளர், பிரதேச செயலாளர், பதில் நிலைய பொலிஸ் பொறுப்பதிகாரி மற்றும் பல அரச அதிகாரிகள் கலந்து கொண்டனர்.

ஜூன் 29, 30 மற்றும் ஜூலை 1, 2, 3 ஆகிய ஐந்து நாட்கள் பொதுமக்களுக்காக திறந்து வைக்கப்பட்டிருந்த இந்த மிஹிந்தலை பிரதியுருவத்தையும் புனித தாதுப் பூஜையையும் தரிசிக்க பெருமளவிலான பக்தர்கள் கலந்து கொண்டனர்.

Replica of Mihintale and Sacred Relic Veneration Ceremony Organized by the Moratuwa Municipal Council to Mark Poson Poya 2026

To commemorate Poson Poya 2026, the Moratuwa Municipal Council organized a Replica of Mihintale and Sacred Relic Veneration Ceremony. The event was ceremonially inaugurated on 29 June following the arrival of the Most Venerable Maha Sangha and was officially declared open under the patronage of the Hon. Harshana Nanayakkara, Minister of Justice and National Integration.

The occasion was attended by the Mayor of Moratuwa, Mr. Nishantha Ferdinando, the Deputy Mayor, members of both the governing and opposition parties of the Municipal Council, the Municipal Commissioner, the Divisional Secretary, the Acting Officer-in-Charge of the Police Station, and other government officials.

The Replica of Mihintale and the Sacred Relic Veneration were open to the public for five days, from 29 and 30 June and 1, 2 and 3 July. A large number of devotees and visitors participated in the religious observances throughout the exhibition period.

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරන නැග වන්දනා කළ හැකි මහින්තලා අනුරුව සහ ධාතු ප්‍රදර්ශනය 2026 ජූනි මස 29, 30 හා ජූල...
26/06/2026

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරන නැග වන්දනා කළ හැකි මහින්තලා අනුරුව සහ ධාතු ප්‍රදර්ශනය 2026 ජූනි මස 29, 30 හා ජූලි 01 වන දින රාත්‍රී 7.00 සිට වීර පුරන් අප්පු එළිමහන් වේදිකා පරිශ්‍රයේදී පැවැත්වේ.

උතුම් පොසොන් පුන් පොහෝ දිනයේ ශ්‍රී ලංකාවට බුදු දහම වැඩම කිරීම සිහිපත් කරමින්, ආගමික වටිනාකම් රැසක් විදහා දක්වන මෙම මහින්තලා අනුරුව සහ ධාතු ප්‍රදර්ශනය ඔබගේ පවුලේ සැම සමඟ පැමිණ නැරඹීමට එක්වන්න.

ඔබ සැමට බැතිබර ආරාධනා! 🙏

නාගරික කොමසාරිස්
මොරටුව මහා නගර සභාව

மொரட்டுவை மாநகர சபை ஏற்பாடு செய்யும் மகிந்தலை பிரதியுருவம் மற்றும் புனித தாது கண்காட்சி, 2026 ஜூன் 29, 30 மற்றும் ஜூலை 01 ஆகிய தினங்களில் மாலை 7.00 மணி முதல், வீர புரண் அப்பு திறந்தவெளி அரங்க வளாகத்தில் நடைபெறும்.

இலங்கைக்கு புத்த மதம் அறிமுகமானதை நினைவுகூரும் புனித போசோன் பௌர்ணமி தினத்தை முன்னிட்டு, மத மற்றும் ஆன்மீக பாரம்பரியத்தை எடுத்துக்காட்டும் இந்த மகிந்தலை பிரதியுருவம் மற்றும் புனித தாது கண்காட்சியை, தங்கள் குடும்பத்தினருடன் வந்து தரிசிக்க அன்புடன் அழைக்கிறோம்.

அனைவரையும் அன்புடன் வரவேற்கிறோம்! 🙏

மாநகர ஆணையாளர்
மொரட்டுவை மாநகர சபை

The Mahinthalaya Replica and Sacred Relics Exhibition, organized by the Moratuwa Municipal Council, will be held on 29, 30 June and 01 July 2026, from 7.00 p.m. onwards at the Veera Puran Appu Open-Air Theatre.

In commemoration of the sacred Poson Full Moon Poya, which marks the introduction of Buddhism to Sri Lanka, we warmly invite you and your family to visit this special exhibition showcasing the Mahinthalaya replica and sacred relics, reflecting our rich religious and cultural heritage.

You are warmly invited! 🙏

Municipal Commissioner
Moratuwa Municipal Council

📍සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරයිමොරටුව මහා නගර සභාව මගින් පුරවැසි සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරනු...
06/06/2026

📍සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරයි

මොරටුව මහා නගර සභාව මගින් පුරවැසි සුබසාධනය උදෙසා ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන ව්‍යාපෘති මාලාව යටතේ ස්ථාපිත කරන ලද සොයිසාපුර දිවා සුරැකුම් මධ්‍යස්ථානය, 2026 ජූනි 03 දින ගරු නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පවරන ලදී.

මෙම අවස්ථාවට නාගරික කොමසාරිස් එල්. පී. මනෝජා එස්. පතිරණ මෙනවිය, මහජන උපයෝගිතා හා ප්‍රජා සංවර්ධන කමිටුවේ සභාපති සෙව්වන්දි නිලංගිකා මහත්මිය, පරිසර හා සෞඛ්‍ය කමිටු සභාපති සුදෙශ් ඉන්ද්‍රජිත් මහතා, මහා නගර සභා මන්ත්‍රී යෝගේෂ් ප්‍රියදර්ශන මහතා, නියෝජ්‍ය නාගරික කොමසාරිස් තාරක මුණසිංහ මහතා, ප්‍රජා සංවර්ධන නිලධාරිනී තුල්සිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු නිලධාරීන්, පෙර පාසල් දරුවන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

මෙම දිවා සුරැකුම් මධ්‍යස්ථානය මගින් ප්‍රදේශයේ දරුවන්ට සුරක්ෂිත, හිතකාමී සහ ගුණාත්මක පෙර ළමාවිය සංවර්ධන පරිසරයක් ලබාදීමට අපේක්ෂා කරන අතර, පුරවැසි සුබසාධනය හා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් මොරටුව මහා නගර සභාව දරන කැපවීම තවදුරටත් තහවුරු කරයි.

මොරටුව මහා නගර සභාව
ජනතා සේවය වෙනුවෙන් කැපවූ නගර පාලනයක්

📍 சொய்சாபுர பகல் பராமரிப்பு நிலையம் பொதுமக்கள் பயன்பாட்டிற்கு ஒப்படைப்பு

மொரட்டுவை மாநகர சபையினால் குடிமக்கள் நலனுக்காக முன்னெடுக்கப்படும் அபிவிருத்தித் திட்டங்களின் ஒரு பகுதியாக நிறுவப்பட்ட சொய்சாபுர பகல் பராமரிப்பு நிலையம், 2026 ஜூன் 03 ஆம் திகதி கௌரவ மேயர் திரு நிஷாந்த பிரதிநாண்டோ அவர்களின் தலைமையில் பொதுமக்கள் பயன்பாட்டிற்கு உத்தியோகபூர்வமாக ஒப்படைக்கப்பட்டது.

இந்நிகழ்வில் மாநகர ஆணையாளர் திருமதி எல். பி. மனோஜா எஸ். பதிரண, பொது பயன்பாடுகள் மற்றும் சமூக அபிவிருத்திக் குழுத் தலைவி திருமதி செவ்வந்தி நிலங்கிகா, சுற்றுச்சூழல் மற்றும் சுகாதாரக் குழுத் தலைவர் திரு சுதேஷ் இந்திரஜித், மாநகர சபை உறுப்பினர் திரு யோகேஷ் பிரியதர்ஷன, பிரதித் மாநகர ஆணையாளர் திரு தாரக முனசிங்க, சமூக அபிவிருத்தி உத்தியோகத்தர் திருமதி துல்சிகா மல்லவஆரச்சி ஆகியோருடன் அதிகாரிகள், முன்பள்ளி குழந்தைகள், பெற்றோர்கள் மற்றும் பிரதேச மக்கள் பலரும் கலந்து கொண்டனர்.

இப்பகல் பராமரிப்பு நிலையம், பிரதேசக் குழந்தைகளுக்குப் பாதுகாப்பான, குழந்தை நட்பு மற்றும் தரமான ஆரம்பக் குழந்தைப் பருவ வளர்ச்சி சூழலை வழங்கும் என எதிர்பார்க்கப்படுகிறது. மேலும், குடிமக்கள் நலன் மற்றும் சமூக அபிவிருத்திக்காக மொரட்டுவை மாநகர சபை மேற்கொள்ளும் அர்ப்பணிப்பை இது மேலும் உறுதிப்படுத்துகிறது.

மொரட்டுவை மாநகர சபை
மக்கள் சேவைக்காக அர்ப்பணிக்கப்பட்ட நகர நிர்வாகம்

📍 Soysapura Day Care Centre Handed Over to the Public

The Soysapura Day Care Centre, established under the series of development projects implemented by the Moratuwa Municipal Council for the welfare of citizens, was officially handed over to the public on 03 June 2026 under the patronage of His Worship the Mayor, Mr. Nishantha Ferdinando.

The event was attended by Municipal Commissioner Ms. L. P. Manoja S. Pathirana, Chairperson of the Public Utilities and Community Development Committee Mrs. Sewwandi Nilangika, Chairman of the Environment and Health Committee Mr. Sudesh Indrajith, Municipal Councillor Mr. Yogesh Priyadarshana, Deputy Municipal Commissioner Mr. Tharaka Munasinghe, Community Development Officer Mrs. Thulsika Mallawarachchi, along with officials, preschool children, parents, and residents of the area.

The Day Care Centre is expected to provide a safe, child-friendly, and quality early childhood development environment for children in the community. It further reflects the Moratuwa Municipal Council’s commitment to citizen welfare and community development.

Moratuwa Municipal Council
A Dedicated Local Authority for Public Service

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද 2026 වෙසක් සැමරුම් වැඩසටහන් මාලාව යටතේ, මොරටුව එක්සත් වෙළඳ සංගමයේ දායකත්වයෙන්...
06/06/2026

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරන ලද 2026 වෙසක් සැමරුම් වැඩසටහන් මාලාව යටතේ, මොරටුව එක්සත් වෙළඳ සංගමයේ දායකත්වයෙන් පැවැත්වූ බත් දන්සල සහ සමාධි අරණ ප්‍රජා මණ්ඩලය හා මොරටුවැල්ල සමුදුර කලා පෙළ විසින් ඉදිරිපත් කරන ලද බෞද්ධ නාට්‍ය ප්‍රදර්ශනය, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 මැයි 31 දින, වීර පුරන්අප්පු චතුරස්‍රය හිදී සාර්ථකව පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ගරු නගරාධිපතිතුමා, නාගරික කොමසාරිස්තුමිය, මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමා, මහා නගර සභා මන්ත්‍රීවරුන්, මොරටුව එක්සත් වෙළඳ සංගමයේ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් සහභාගී වූහ.

மொறட்டுவை மாநகர சபையினால் ஏற்பாடு செய்யப்பட்ட 2026 வெசாக் விழா நிகழ்ச்சித் தொடரின் ஒரு பகுதியாக, மொறட்டுவை ஐக்கிய வர்த்தக சங்கத்தின் அனுசரணையில் நடைபெற்ற அன்னதானம் மற்றும் சமாதி அரண சமூக மன்றம் மற்றும் மொறட்டுவெல்ல சமுதுர கலைப் பேரவை வழங்கிய புத்த மத நாடக நிகழ்ச்சி, நீதித்துறை மற்றும் தேசிய ஒருமைப்பாட்டு அமைச்சர் கௌரவ ஹர்ஷண நாணாயக்கார அவர்களின் தலைமையில் 2026 மே 31 ஆம் திகதி வீர புரண் அப்பு சதுக்கத்தில் வெற்றிகரமாக நடைபெற்றது. இந்நிகழ்வில் கௌரவ மேயர், மாநகர ஆணையாளர், மொறட்டுவை பிரதேச செயலாளர், மாநகர சபை உறுப்பினர்கள், மொறட்டுவை ஐக்கிய வர்த்தக சங்கத்தின் அதிகாரிகள் மற்றும் பல முக்கிய பிரமுகர்கள் கலந்துகொண்டனர்.

As part of the Vesak Celebrations Programme 2026 organized by the Moratuwa Municipal Council, an Alms Giving (Bath Dansala) sponsored by the Moratuwa United Traders’ Association and a Buddhist Drama Performance presented by the Samadhi Arana Community Society and the Moratuwella Samudura Kala Pela were successfully held on 31 May 2026 at Veera Puran Appu Square under the patronage of Hon. Minister of Justice and National Integration, Harshana Nanayakkara. The event was attended by the Hon. Mayor, the Municipal Commissioner, the Divisional Secretary of Moratuwa, Municipal Council Members, officials of the Moratuwa United Traders’ Association, and other distinguished guests.

2026 වෙසක් ⁣උත්සවය නිමිත්තෙන් මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කල  "බුද්ධාභිවන්දනා බැති ගි සරණිය" 2026.05.30 දින මොරට...
02/06/2026

2026 වෙසක් ⁣උත්සවය නිමිත්තෙන් මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කල "බුද්ධාභිවන්දනා බැති ගි සරණිය" 2026.05.30 දින මොරටුව විරපුරන්අප්පු එළිමහන් රංග පිඨයේදි පවත්වන ලදි.
මෙම බැති ගි සරණිය මොරටුව මහා නගර සභා බැති ගි කණ්ඩායම, මොරටුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලිය බැති ගි කණ්ඩායම,මොරටුව මහා විද්‍යාලයිය බැති ගි කණ්ඩායම හා නර්තන කණ්ඩායමේ නිර්මාණ දායකත්වයෙන් සමන්විත විය.
ගරු නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මැතිතුමා, නියෝජ්‍ය නගරාධිපති ප්‍රභාෂණි වික්‍රමසිංහ මැතිතුමිය , නාගරික කොමසාරිස් එල්.පි.මනෝජා එස් . පතිරණ මෙනවිය ,මහා නගර සභා මන්ත්‍රිවරුන්,මොරටුව මහා නගර සභා නිළධාරින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.

වෙසක් පොහොය දින මොරටුව බෞද්ධ මන්දිරයේ සිල් සමාදන් වු උපාසක උපාසිකාවන්  වෙනුවෙන් හිල් දානය පිරිනැමිම මොරටුව මහා නගර සභාවෙ...
01/06/2026

වෙසක් පොහොය දින මොරටුව බෞද්ධ මන්දිරයේ සිල් සමාදන් වු උපාසක උපාසිකාවන් වෙනුවෙන් හිල් දානය පිරිනැමිම මොරටුව මහා නගර සභාවෙි දායකත්වයෙන් සිදුකරන ලදි.

🐶🐱 ජලභීතිකා මර්දන එන්නත්කරණ වැඩසටහන – 2026📢 මොරටුව මහා නගර සභාවේ  නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන සු...
29/05/2026

🐶🐱 ජලභීතිකා මර්දන එන්නත්කරණ වැඩසටහන – 2026

📢 මොරටුව මහා නගර සභාවේ නාගරික පශු වෛද්‍ය දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරන සුරතල් සතුන් සඳහා ජලභීතිකා මර්දන එන්නත්කරණ වැඩසටහන.

ලියාපදිංචි ගාස්තුව - රු. 100/-

🗓️ පැවැත්වෙන දිනයන්
2026 ජුනි 03, 04, 05, 06, 09, 10, 11 සහ 12

⏰ වේලාවන්
පෙ.ව. 9.00 – ප.ව. 12.00
ප.ව. 1.30 – ප.ව. 3.30

📍 2026.06.03
පෙ.ව. 9.00 – ප.ව.12.00
• මැල්වින් වත්ත ප්‍රජා ශාලාව අසල
• ලුනාව සමුපකාරය අසල

ප.ව.1.30 – ප.ව.3.30
• වෙරළ රක්ෂණ මධ්‍යස්ථානය, ලුනාව (ග්‍රාම නිලධාරී කාර්යාලය අසල)
• අංක 76/4, ද සොයිසා ද මෙල් මාවත, ප්‍රේමලාල් මහතාගේ නිවස අසල

📍 2026.06.04
පෙ.ව.9.00 – ප.ව.12.00
• ගුණවර්ධනාරාම විහාරස්ථානය
• විද්‍යාල මාවත ප්‍රජා ශාලාව අසල

ප.ව.1.30 – ප.ව.3.30
• අංක 42, සමාජවාදී නිවහන් පෙදෙස, සුනිමල් අපොන්සු මහතාගේ නිවස අසල
• අංක 534, ආසිරි පෙදෙස, ලක්ෂිරි මහතාගේ නිවස අසල

📍 2026.06.05
පෙ.ව.9.00 – ප.ව.12.00
• කොරළවැල්ල සුසාන භූමිය අසල
• අංක 17, කොන්සෙප්ෂන් පාර, රංජිත් ජයසිංහ මහතාගේ කඩය අසල

ප.ව.1.30 – ප.ව.3.30
• කොරළවැල්ල ද මෙල් මාවත, ලයනල් ප්‍රනාන්දු මහතාගේ නිවස අසල
• ක්‍රීඩාංගණ මාවත, ප්‍රජා ශාලාව

📍 2026.06.06
පෙ.ව.9.00 – ප.ව.12.00
• ජනප්‍රිය මාවත
• සද්ධර්මෝදය මාවත, අංක 206/11, ලියන් ප්‍රනාන්දු මහතාගේ නිවස අසල

ප.ව.1.30 – ප.ව.3.30
• මෝසෙස් ලේන්, වාලුකාරාම විහාරස්ථානය
• රොබට් පෙදෙස අංක 36/1 C, ගුණතිලක මහතාගේ නිවස අසල

📍 2026.06.09
පෙ.ව.9.00 – ප.ව.12.00
• මහ හුඟ සෙවණ, සමෘද්ධි අරණ විහාරස්ථානය අසල
• සෙන්ට්‍රල් පෙදෙස අංක 27, ඩී.එස්. පීරිස් මහතාගේ නිවස අසල

ප.ව.1.30 – ප.ව.3.30
• ජය මාවත අංක 35/5, දිලිප් පීරිස් මහතාගේ නිවස අසල
• කටුකුරුන්ද දේවස්ථානය අසල

📍 2026.06.10
පෙ.ව.9.00 – ප.ව.12.00
• සුභාෂිතෝදය විදුහල අසල
• ආනෝල්ඩ් පාර කෙළවර, ධර්මි මහත්මියගේ කඩය අසල

ප.ව.1.30 – ප.ව.3.30
• එගොඩඋයන සුසාන භූමිය පාර, අංක 46/8, සුනන්දා මහත්මියගේ නිවස අසල
• ජයන්ති මාවත අංක 56/19, දුමින්ද මහතාගේ නිවස අසල

📍 2026.06.11
පෙ.ව.9.00 – ප.ව.12.00
• එගොඩඋයන උතුර, නාලන්දාරාම විහාරස්ථානය
• ජස්ටින් ඩයස් මාවත, ලී මෝල අසල

ප.ව.1.30 – ප.ව.3.30
• එගොඩඋයන විදර්ශනාරාම විහාරස්ථානය
• ගාලු පාර, ඥානාලෝක මාවත, අංක 29/1A, ඩෙල්ෆි මහතාගේ නිවස අසල

📍 2026.06.12
පෙ.ව.9.00 – ප.ව.12.00
• එගොඩඋයන බෝධිරාජාරාම විහාරස්ථානය
• මහවත්ත, ජෝසප් වාස් දේවස්ථානය

ප.ව.1.30 – ප.ව.3.30
• මෝදර, ජයගත්පුර ප්‍රජා ශාලාව
• මෝදර තුඩුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසල

⚠️ ඔබගේ සුරතල් සතුන් ජලභීතිකා රෝගයෙන් ආරක්ෂා කර ගැනීම සදහා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න.

විමසීම : 011 265 5299

2026 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සංවිධානය කල ධර්ම දේශනය  බම්බලපිටිය වජිරාරාමවාසි පුජ්‍ය දියතලාවේ පියදස්සි ස්වාමි...
28/05/2026

2026 වෙසක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සංවිධානය කල ධර්ම දේශනය බම්බලපිටිය වජිරාරාමවාසි පුජ්‍ය දියතලාවේ පියදස්සි ස්වාමින්වහන්සේගේ වැඩමවිමෙන් 2026.05.27 දින මොරටුව මහා නගර සභාවේදි පවත්වන ලදි . ගරු නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතා නාගරික කොමසාරිස් එල්.පි.මනෝජා එස් පතිරණ මෙනවිය, මහා නගර සභා මන්ත්‍රිවරු සහ සභා කාර්යය මණ්ඩලය මෙම පිංකම සදහා සහභාගි විය.

Address

Moratuwa Municipal Council
Moratuwa
10400

Opening Hours

Monday 08:00 - 04:15
Tuesday 08:00 - 04:15
Wednesday 08:00 - 04:15
Thursday 08:00 - 04:15
Friday 08:00 - 04:15

Telephone

+94112645251

Alerts

Be the first to know and let us send you an email when Moratuwa Municipal Council posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Moratuwa Municipal Council:

Shortcuts

Share