Industry Development Board

Call Directions Website Contact the organization

Industry Development Board Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Industry Development Board, Public & Government Service, 615, Galle Road, Katubadda, Moratuwa.
(1)

Industrial Development Board of Ceylon (IDB) is the apex organization established to develop & promote industries island wide and also to bring the expected digital transformation among industries.

07/10/2026

🍃 තේ සහ තේ ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව 🍵

💰 පාඨමාලා ගාස්තුව: රු. 30,000/-
📅 දින: 2026 ඔක්තෝබර් 8, 23 සහ නොවැම්බර් 5, 19, 27 (කර්මාන්තශාලා චාරිකාවක් ද ඇතුළත් වේ)
⏰ වේලාව: පෙ.ව. 8.30 සිට ප.ව. 4.00 දක්වා
📍 ස්ථානය: තාක්ෂණික සේවා අංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අංක 615, ගාලු පාර, කටුබැද්ද, මොරටුව

💳 ගෙවීම් විස්තර:
🏦 ලංකා බැංකුව (Bank of Ceylon) – මොරටුව ශාඛාව
ගිණුමේ නම: කාර්මික සංවර්ධන මණ්ඩලය (Industrial Development Board)
ගිණුම් අංකය: 4204245
📌 ගෙවීම සිදු කිරීමෙන් පසු, ඔබගේ ලියාපදිංචිය තහවුරු කර ගැනීම සඳහා බැංකු ගෙවීම් රිසිට්පත WhatsApp හරහා එවන්න.

📞 වැඩි විස්තර සඳහා:
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp පණිවිඩ පමණි)

----------------------------------------

🍃 Certificate Course in Tea & Value Added Products 🍵

💰 Course Fee: Rs. 30,000/-
📅 Dates: 8th, 23rd October, 5th, 19th & 27th November 2026 + Factory Visit
⏰ Time: 8.30 a.m. – 4.00 p.m.
📍 Venue: Technical Services Division, Industrial Development Board, No. 615, Galle Road, Katubedda, Moratuwa

💳 Payment Details:
🏦 Bank of Ceylon – Moratuwa Branch
Account Name: Industrial Development Board
Account No: 4204245
📌 After making the payment, please send the bank payment receipt via WhatsApp to confirm your registration.

📞 For further information:
☎️ 011-2605278
📱 WhatsApp: 070-6531201 (WhatsApp messages only)

⚠️ Seats are limited. Register today to secure your place!

06/10/2026

🔬 ශ්‍රී ලංකාවේ නවීනතම ලෝහ විශ්ලේෂණ තාක්ෂණය – IDB වෙතින්

ශ්‍රී ලංකාවේ ලෝහ විද්‍යාත්මක විශ්ලේෂණ පරීක්ෂණාගාරයක් සතු එකම නවීන Spectrometer උපකරණය Industrial Development Board (IDB) ලෝහ විශ්ලේෂණ පරීක්ෂණාගාරයේ පවතී.

මෙම අති නවීන උපකරණය මඟින් ලෝහයක අඩංගු මූලද්‍රව්‍ය 25ක් දක්වා, 1 ppm (0.0001%) තරම් ඉහළ නිරවද්‍යතාවයකින් හඳුනාගැනීමට හැකියාව ඇත.

🏭 ඔබේ කර්මාන්තයට වැදගත් ප්‍රතිලාභ රැසක්!

✅ නිෂ්පාදන කර්මාන්ත සඳහා භාවිත කරන ලෝහ සහ අමුද්‍රව්‍යවල ප්‍රමිතිය තහවුරු කිරීම
✅ ඉතා කෙටි කාලයක් තුළ නිවැරදි පරීක්ෂණ වාර්තා ලබා ගැනීම
✅ ඉදිකිරීම් කර්මාන්තයේ භාවිත කරන ලෝහවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය තහවුරු කිරීම
✅ නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත වන ලෝහ අමුද්‍රව්‍යවල සංයුතිය විශ්ලේෂණය කිරීම

ඔබේ කර්මාන්තයේ ලෝහ අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය පිළිබඳ විශ්වාසය තහවුරු කරගන්න.

📞 වැඩිදුර විමසීම් සඳහා: 011 260 5886

💬 මෙම සේවාව පිළිබඳ ඔබගේ අදහස් සහ යෝජනා අප සමඟ බෙදාගන්න.
--------------------------------

🔬 இலங்கையின் நவீன உலோகப் பகுப்பாய்வு தொழில்நுட்பம் – IDB இல்

இலங்கையில் உள்ள உலோகவியல் பகுப்பாய்வு ஆய்வகங்களில் காணப்படும் தனித்துவமான நவீன Spectrometer உபகரணம் கைத்தொழில் அபிவிருத்திச் சபையின் (IDB) உலோகப் பகுப்பாய்வு ஆய்வகத்தில் உள்ளது.

இந்த நவீன உபகரணத்தின் மூலம் ஒரு உலோகத்தில் உள்ள 25 வகையான மூலக்கூறுகள் வரை, 1 ppm (0.0001%) என்ற மிக உயர்ந்த துல்லியத்துடன் கண்டறிய முடியும்.

🏭 உங்கள் கைத்தொழிலுக்கு துல்லியமானதும் நம்பகமானதுமான பகுப்பாய்வு சேவைகள்!

✅ உற்பத்திக் கைத்தொழிலில் பயன்படுத்தப்படும் உலோகங்கள் மற்றும் மூலப்பொருட்களின் தரத்தை உறுதிப்படுத்துதல்
✅ சில நிமிடங்களுக்குள் துல்லியமான பரிசோதனை அறிக்கைகளைப் பெற்றுக்கொள்ளுதல்
✅ கட்டுமானக் கைத்தொழிலில் பயன்படுத்தப்படும் உலோகங்களின் தரநிலைகள் மற்றும் தரத்தை உறுதிப்படுத்துதல்
✅ தொழில்துறை உற்பத்தியில் பயன்படுத்தப்படும் உலோக மூலப்பொருட்களின் மூலக்கூறு கலவையைப் பகுப்பாய்வு செய்தல்

உங்கள் கைத்தொழிலில் பயன்படுத்தப்படும் உலோக மூலப்பொருட்களின் தரம் மற்றும் தரநிலைகளை IDB இன் நவீன பரிசோதனை வசதிகள் மூலம் உறுதிப்படுத்திக் கொள்ளுங்கள்.

📞 மேலதிக தகவல்களுக்கு: 011 260 5886

💬 இந்த சேவை தொடர்பான உங்கள் கருத்துகள் மற்றும் ஆலோசனைகளை எங்களுடன் பகிர்ந்து கொள்ளுங்கள்.

--------------------------------

🔬 Advanced Metal Analysis Technology – Exclusively at IDB

The only advanced Spectrometer of its kind available in a metallurgical analysis laboratory in Sri Lanka is located at the Industrial Development Board (IDB) Metal Analysis Laboratory.

This state-of-the-art equipment is capable of detecting up to 25 elements present in a metal, with an exceptional accuracy of 1 ppm (0.0001%).

🏭 Supporting your industry with accurate and reliable analysis!

✅ Verification of the quality and standards of metals and raw materials used in manufacturing industries
✅ Obtaining accurate analysis reports within a few minutes
✅ Verification of the standards and quality of metals used in the construction industry
✅ Analysis of the elemental composition of metal raw materials used in industrial production

Ensure the quality, standards and reliability of the metal materials used in your industry with IDB’s advanced testing facilities.

📞 For more information: 011 260 5886

💬 Share your thoughts and suggestions about this service with us.

🇱🇰 **දේශීය කර්මාන්ත සඳහා ලෝහ අබලි හා අතුරු නිෂ්පාදන ද්‍රව්‍ය**  **තොරතුරු හා යෝජනා කැඳවීම**ශ්‍රී ලංකාවේ දේශීය ලෝහ කර්මාන...
03/10/2026

🇱🇰 **දේශීය කර්මාන්ත සඳහා ලෝහ අබලි හා අතුරු නිෂ්පාදන ද්‍රව්‍ය**
**තොරතුරු හා යෝජනා කැඳවීම**

ශ්‍රී ලංකාවේ දේශීය ලෝහ කර්මාන්තයේ සංවර්ධනය සඳහා කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, නිෂ්පාදකයින්, ආයෝජකයින්, තාක්ෂණික ආයතන සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් තොරතුරු හා යෝජනා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) විසින් කැඳවනු ලැබේ.

📌 **යෝජනා ඉදිරිපත් කළ හැකි ක්ෂේත්‍ර**

⚙️ අගය එකතු කිරීමේ අවස්ථා
🏭 ආනයන ආදේශන අවස්ථා
📈 අපනයනය සඳහා අගය එකතු කළ නිෂ්පාදන
💡 තාක්ෂණික හා ආයෝජන අවශ්‍යතා
🔗 දේශීය ලෝහ කර්මාන්තය හා අගය එකතු කිරීම ශක්තිමත් කිරීමට අදාළ යෝජනා

📨 **ඔබගේ තොරතුරු හා යෝජනා ඉදිරිපත් කරන්න**

▸ **QR කේතය** Scan කර Online Form එක සම්පූර්ණ කිරීමෙන්
▸ **විද්‍යුත් තැපෑලෙන්:** [email protected]
▸ **ලියාපදිංචි තැපෑලෙන්:**
සභාපති,
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,
අංක 615, ගාලු පාර,
කටුබැද්ද, මොරටුව.

ℹ️ **වැඩිදුර තොරතුරු:** [email protected]

━━━━━━━━━━━━━━━━━━━━

🇱🇰 **உள்நாட்டு தொழில்துறைகளுக்கான உலோகக் கழிவுகள் மற்றும் துணை உற்பத்திப் பொருட்கள்**
**தகவல்கள் மற்றும் முன்மொழிவுகளுக்கான அழைப்பு**

இலங்கையின் உள்நாட்டு உலோகத் தொழில்துறையின் அபிவிருத்தியை ஆதரிக்கும் நோக்கில், தொழிலதிபர்கள், தொழில்முனைவோர், உற்பத்தியாளர்கள், முதலீட்டாளர்கள், தொழில்நுட்ப நிறுவனங்கள் மற்றும் ஆர்வமுள்ள ஏனைய தரப்பினரிடமிருந்து தகவல்கள் மற்றும் முன்மொழிவுகளை இலங்கை கைத்தொழில் அபிவிருத்திச் சபை (IDB) வரவேற்கிறது.

📌 **முன்மொழிவுகளைச் சமர்ப்பிக்கக்கூடிய துறைகள்**

⚙️ பெறுமதி சேர்ப்பு வாய்ப்புகள்
🏭 இறக்குமதி மாற்றீட்டு வாய்ப்புகள்
📈 ஏற்றுமதிக்கான பெறுமதி சேர்க்கப்பட்ட தயாரிப்புகள்
💡 தொழில்நுட்ப மற்றும் முதலீட்டுத் தேவைகள்
🔗 உள்நாட்டு உலோகத் தொழில்துறையையும் பெறுமதி சேர்ப்பையும் வலுப்படுத்துவதற்கான தொடர்புடைய முன்மொழிவுகள்

📨 **உங்கள் தகவல்கள் மற்றும் முன்மொழிவுகளைச் சமர்ப்பிக்கவும்**

▸ **QR குறியீட்டை** Scan செய்து Online Form-ஐ பூர்த்தி செய்வதன் மூலம்
▸ **மின்னஞ்சல்:** [email protected]
▸ **பதிவுத் தபால் மூலம்:**
தலைவர்,
இலங்கை கைத்தொழில் அபிவிருத்திச் சபை,
இல. 615, காலி வீதி,
கட்டுபெத்த, மொரட்டுவ, இலங்கை.

ℹ️ **மேலதிக தகவல்களுக்கு:** [email protected]

━━━━━━━━━━━━━━━━━━━━

METAL SCRAP AND BY-PRODUCT MATERIALS FOR LOCAL INDUSTRIES
**Invitation for Information & Proposals**

The Industrial Development Board of Ceylon (IDB) invites industrialists, entrepreneurs, manufacturers, investors, technical institutions and other interested parties to submit information and proposals to support the development of Sri Lanka’s local metal industry.

📌 **Areas for Proposals**

⚙️ Value-Addition Opportunities
🏭 Import Substitution Opportunities
📈 Value-Added Products for Export
💡 Technology & Investment Needs
🔗 Related initiatives to strengthen the local metal industry and value addition

📨 **Submit Your Information & Proposals**

▸ **Scan the QR code** and complete the online form
▸ **Email:** [email protected]
▸ **Registered Post:**
Chairman,
Industrial Development Board of Ceylon,
No. 615, Galle Road,
Katubedda, Moratuwa, Sri Lanka.

ℹ️ **For further information:** [email protected]

29/09/2026

ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණයේ නව පරිවර්තනය

අද අපි කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ගැන කතා කරන විට, මුලින්ම අපි තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. මේ ආයතනය ආරම්භ කළ මූලික අරමුණ වුණේ රටේ කාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, ප්‍රතිපත්තිමය පසුබිම සහ නිවැරදි වැඩපිළිවෙළක් ගොඩනැගීමයි.

නමුත් පසුගිය වසර ගණනාව දෙස ආපසු හැරී බැලුවොත්, අපිට පැහැදිලිව පෙනෙනවා අපේ ගමනේ යම් යම් තැන්වල අපට මාර්ගය වැරදුණු බව. ආයතනවලට වැරදුණු තැන් සහ රටක් ලෙස අපට වැරදුණු තැන් එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා අද අපේ වගකීම වන්නේ ඒ වැරදි හඳුනාගෙන, රටට අවශ්‍ය පරිවර්තනය මොකක්ද කියන එක පැහැදිලි කරගෙන, අනාගතය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමයි.

ඒ සඳහා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය අද ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියකට යොමුවෙමින් සිටිනවා. අපේ මුල් අරමුණ නැවත ශක්තිමත් කරමින්, අනාගත පරිවර්තනයට අවශ්‍ය ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදුකිරීම එහි ප්‍රධාන අරමුණයි.

මෙහිදී පිටතින් නොපෙනෙන, නමුත් ඉතාම වැදගත් වැඩක් සිදු වෙනවා. ඒ තමයි ආයතනයේ “චැසිය” නැවත හදන එක. දශක ගණනාවක් පැරණි නීතිමය සහ ව්‍යුහාත්මක පදනම් මත අනාගතයට ගැළපෙන ආයතනයක් ගොඩනගන්න බැහැ. ඒ නිසා පනත, ආයතනික ව්‍යුහය, අවශ්‍ය කුසලතා සහ දැනුම යන සියල්ලම නැවත සකස් කළ යුතුයි.

අපි යන්නේ කොහෙද කියන එක පැහැදිලි නැතිනම්, අපි නොකළ යුතු වැඩ ගොඩක් කරන්න පුළුවන්. කුඩා කුඩා වැඩසටහන් විශාල සංඛ්‍යාවක් කිරීමෙන් පමණක් රටක් කාර්මීකරණය වෙන්නේ නැහැ. අපට අවශ්‍ය වන්නේ පැහැදිලි අරමුණක් සහ ඒ අරමුණ වෙත ගෙනයන සංවිධිත ක්‍රමවේදයක්.

ඒ වගේම අපේ කාර්මික අපනයන ඉතා ඉහළ මට්ටමකට ගෙනයාම සඳහා පැහැදිලි දැක්මක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් නීතිමය පදනම, ආයතනික ව්‍යුහය, මානව සම්පත්, කුසලතා සහ තාක්ෂණය එකම දිශාවකට ගෙන යා යුතුයි.

මෙය එක් ආණ්ඩුවකට හෝ එක් කාලසීමාවකට පමණක් සීමා වන වැඩපිළිවෙළක් නොවිය යුතුයි. ආණ්ඩු වෙනස් වුණත් රටේ කාර්මික සංවර්ධන දිශාව ඉදිරියට ගෙන යා හැකි ශක්තිමත් පද්ධතියක් අපි ගොඩනගන්න ඕන.

තාක්ෂණය කියන්නේ ඩිජිටල්කරණය පමණක් නොවේ

අපි බොහෝ වෙලාවට “තාක්ෂණය” කියන වචනය ඩිජිටල්කරණය සහ IT සමඟ පමණක් සම්බන්ධ කරනවා. නමුත් කර්මාන්තයක තාක්ෂණය කියන්නේ ඊට වඩා විශාල දෙයක්.

Automation, manufacturing technology, engineering, advanced machinery, prototyping, material technologies සහ production processes සියල්ලම ඒ තුළට ඇතුළත් වෙනවා.

අද කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ වැදගත් කාර්යයක් වන්නේ අපේ රට නැවත කාර්මීකරණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පදනම ශක්තිමත් කිරීමයි.

යම් තරුණයෙකුට හෝ ව්‍යවසායකයෙකුට හොඳ අදහසක් තිබිය හැකියි. නමුත් ඒ අදහස නිෂ්පාදනයක් බවට පත් කිරීමට අවශ්‍ය engineering knowledge එක, machinery එක හෝ prototype එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය පහසුකම් ඔහුට නොතිබිය හැකියි.

එතන තමයි කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ Engineering Services වැදගත් වෙන්නේ.

විශේෂයෙන් metal engineering වැනි ක්ෂේත්‍රවල prototype එකක් හදන්න, පළමු sample එක නිර්මාණය කරන්න, නිෂ්පාදනය export-ready තත්ත්වයට ගෙන යන්න අවශ්‍ය තාක්ෂණික පසුබිම අපි ගොඩනගන්න ඕන.

අපේ Engineering Service Centres නවීන තාක්ෂණයෙන් ශක්තිමත් කළ යුතුයි. ඒ පහසුකම් කොළඹට හෝ එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී මාතර, යාපනය ඇතුළු රටේ අනෙකුත් ප්‍රදේශවලටත් ගෙන යා යුතුයි.

පාසල් ශිෂ්‍යයෙක් වුණත්, engineering student කෙනෙක් වුණත්, නව නිර්මාණකරුවෙක් වුණත් CNC machine එකක්, metal 3D printer එකක් හෝ advanced engineering facility එකක් භාවිත කිරීමට හැකි පරිසරයක් රටේ තිබිය යුතුයි.

අද ලෝකය සමඟ බලන විට සමහර තාක්ෂණික ක්ෂේත්‍රවල අපි සැලකිය යුතු තරම් පසුපසින් සිටිනවා. ඒ පරතරය පියවන්න නම් නිවැරදි තැන්වලට තාක්ෂණික ආයෝජන යොමු කළ යුතුයි.

අපේම සාර්ථක කර්මාන්තවලින් ඉගෙන ගනිමු

ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය අපට හොඳ benchmark එකක්.

දශක ගණනාවක් තුළ එම කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමේ global industry එකක් බවට පත්වුණා. ඔවුන් ලෝක වෙළඳපොළ සමඟ සෘජුව තරඟ කරනවා. නව තාක්ෂණය භාවිත කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව ක්‍රියා කරනවා.

නමුත් ඒ හා සමගාමීව තිබෙන සමහර අනෙකුත් කර්මාන්ත තවමත් තාක්ෂණිකව බොහෝ පසුපසින් සිටිනවා.

ඒ නිසා knowledge transfer සහ industrial linkages ඉතාම වැදගත්.

එක් ක්ෂේත්‍රයක ඇති දැනුම, තාක්ෂණය සහ අත්දැකීම් අනෙකුත් කර්මාන්ත සමඟ සම්බන්ධ කරන ව්‍යුහයක් රටට අවශ්‍යයි.

ව්‍යවසායකයාට සේවාවක් දීලා නවතින්න බැහැ

අපේ ආර්ථිකයේ ඉතා වැදගත් කොටසක් තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්.

නමුත් අපි අතීතයේ බොහෝ අවස්ථාවල කළ වැරැද්දක් තිබෙනවා. ඒ තමයි හැමෝටම එකම විසඳුම දීම.

සියලුම ව්‍යාපාර එක වගේ නැහැ. ජීවනෝපාය සඳහා ක්‍රියාත්මක වන ව්‍යාපාරයක්, වර්ධනය විය හැකි ව්‍යවසායක් සහ කාර්මික ව්‍යාපාරයක් එකම ආකාරයෙන් සැලකිය නොහැකියි.

අපි ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා සහ කර්මාන්තකරුවා නිවැරදිව හඳුනාගන්න ඕන.

ඒ නිසා අපට නව framework එකක් අවශ්‍යයි.

අතීතයේ කෙනෙක් අපේ ආයතනයට ආවම ඔහුට අවශ්‍ය සේවාවක් ලබාදී අපේ වැඩේ අවසන් කළා. නමුත් අලුත් ක්‍රමය එහෙම වෙන්න බැහැ.

ව්‍යවසායකයෙක් අප වෙත පැමිණි පසු ඔහුගේ වර්ධනයත් සමඟ අපි ගමන් කළ යුතුයි.

ඔහු Level Up කරන තැනටත්, Scale Up කරන තැනටත්, අවසානයේ Export Ready වන තැනටත් ගෙන යන ක්‍රමවේදයක් අවශ්‍යයි.

ඒ ගමනේදී නිලධාරියා සේවාවක් සපයන පුද්ගලයෙක් පමණක් නොවී, ව්‍යවසායකයා සමඟ relationship එකක් කළමනාකරණය කරන, ඔහුගේ වර්ධනයට වගකීමක් දරන පුද්ගලයෙක් බවට පත්විය යුතුයි.

අපේ සීමිත සම්පත් “spray and pray” ක්‍රමයකින් හැම තැනම බෙදාහැරීමෙන් අපට අවශ්‍ය ප්‍රතිඵල ලබාගන්න බැහැ.

වර්ධනය විය හැකි, scale කළ හැකි සහ export potential තිබෙන ව්‍යාපාර හඳුනාගෙන, ඒවාට නිවැරදි සේවා, දැනුම, තාක්ෂණය සහ වෙළඳපොළ සම්බන්ධතා ලබාදිය යුතුයි.

ඒ ව්‍යාපාර විශාල වන විට ඒවා වටා supply chains සහ value chains ගොඩනැගෙනවා. එවිට කුඩා සහ micro enterprises පවා ඒ value chain එකට සම්බන්ධ වෙනවා.

ඒ නිසා අපට විශාල growth engines අවශ්‍යයි.

Global Standard එකට යන්නම ඕන

අනාගත ශ්‍රී ලංකාවේ කර්මාන්තයක් දේශීය වෙළඳපොළ පමණක් සිතලා ගොඩනගන්න බැහැ.

ලෝකය open. තරඟකාරීත්වය කොහෙන් එයිද කියලා අපට පාලනය කරන්න බැහැ.

ඒ නිසා අපි World-Class Standard එකට එන්නම ඕන.

දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීම සඳහා restrictions, taxes සහ tariff barriers මත පමණක් දිගුකාලීනව රඳා සිටින්න බැහැ. අවසානයේ අපේ නිෂ්පාදනය quality, productivity සහ cost කියන තුනෙන්ම තරඟකාරී විය යුතුයි.

Export mindset එකක් තිබෙන ව්‍යවසායකයෙක් ඉතා ඉක්මනින් මේ යථාර්ථය තේරුම් ගන්නවා.

ඔහු තමන්ගේ සැබෑ production cost එක දැනගන්නවා. Productivity වැඩිකරගන්නවා. Quality standards හඳුනාගන්නවා. අවශ්‍ය නම් තමන්ගේ business model එක diversify කරනවා.

ඒ තමයි export market එකේ යථාර්ථය.

Quality Infrastructure එක අත්‍යවශ්‍යයි

ලෝක වෙළඳපොළට යන්න නම් අපට international standards සහ testing facilities අවශ්‍යයි.

Food products export කරන කෙනෙකුට අවශ්‍ය accredited laboratory facilities තිබිය යුතුයි. Metal product එකක් නිර්මාණය කරන කෙනෙකුට material testing සහ advanced engineering facilities තිබිය යුතුයි.

නව නිර්මාණකරුවෙකුට අදහසක් තිබුණත් prototype එක හදාගන්න බැරි නම්, test කරගන්න බැරි නම්, certification එකක් ලබාගන්න බැරි නම්, ඒ අදහස බොහෝ විට නිෂ්පාදනයක් බවට පත්වෙන්නේ නැහැ.

ඒ නිසා laboratories, engineering facilities, prototyping facilities සහ international-standard testing infrastructure එකක් රට පුරා ගොඩනැගීම අත්‍යවශ්‍යයි.

එය එක් ආයතනයකට පමණක් කළ හැකි වැඩක් නොවේ. රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය, ආයෝජකයන් සහ අනෙකුත් පාර්ශ්ව එකට සම්බන්ධ විය යුතුයි.

Productivity නැතිව Export කරන්න බැහැ

Export ගැන කතා කරන විට productivity ගැන කතා නොකර බැහැ.

International market එකේ ඉතා සුළු margins මත පවා රටවල් සහ සමාගම් එකිනෙකා සමඟ තරඟ කරනවා.

අපේ manufacturing process එකේ productivity වැඩි කළ යුතුයි.

Time management එකේ සිට stock management දක්වා, production planning එකේ සිට quality management දක්වා සියලුම ක්‍රියාවලි efficient වෙන්න ඕන.

එය ව්‍යවසායකයෙකුගේ ගමනක්.

Business එකකින් පටන්ගෙන entrepreneurship වෙත යනවා.

Entrepreneurship එකෙන් scale-up වෙනවා.

එතැනින් export-ready enterprise එකක් බවට පත්වෙනවා.

ඒ එක් එක් අදියර සඳහා නිර්ණායක, සේවා සහ සහාය පද්ධතියක් තිබිය යුතුයි.

අපි අනාගතය හදන්න කලින් අපි කවුද කියලා මතක් කරගන්න ඕන

අනාගතය ගැන කතා කරන විට අපේ ඉතිහාසය අමතක කරන්න බැහැ.

මම මේ ආයතනයට පැමිණි මුල් අවස්ථාවේ ගෙනා එක් සංකේතයක් තමයි ජේතවනාරාමය.

ඒක අපට ඉතා වැදගත් පණිවිඩයක් දෙනවා.

වසර දහස් ගණනකට පෙර අපේ රටේ මිනිසුන් දැවැන්ත පරිමාණයේ ඉංජිනේරු සහ නිෂ්පාදන හැකියාවන් ප්‍රදර්ශනය කළා. ජේතවනාරාමය වැනි නිර්මාණ බිහි කළ සමාජයක් අපට තිබුණා.

ඒ නිසා අපි මුලින්ම තේරුම් ගන්න ඕන — අපි කවුද? අපිට මොනවා කරන්න පුළුවන්ද?

කාර්මික විප්ලවයේ විවිධ අදියර අපට සම්පූර්ණයෙන් අල්ලාගන්න බැරි වුණා වෙන්න පුළුවන්. Industry 2.0, 3.0, 4.0 කියන පරිවර්තනවලදී අපිට අහිමි වූ අවස්ථා තිබෙනවා.

නමුත් දැන් අප ඉදිරියේ තවත් අවස්ථාවක් තිබෙනවා.

ඒ තමයි Industry 5.0.

Industry 5.0 කියන්නේ machines දාලා මිනිස්සු ගෙදර යවලා profit එක උපරිම කරන එක පමණක් නොවේ.

එහි මූලික අදහස් අතර sustainability, resilience සහ human-centric development තිබෙනවා.

මෙන්න මේ තැනේදී ශ්‍රී ලංකාවට විශේෂ අවස්ථාවක් තිබෙනවා.

අපිට scale එකෙන් ලෝකයේ විශාල රටවල් එක්ක තරඟ කරන්න අමාරු වෙන්න පුළුවන්.

නමුත් අපේ මිනිස් හැකියාව, craftsmanship, අපේ භූමිය, ස්වභාවික සම්පත්, සංස්කෘතිය සහ අනන්‍යතාව නිෂ්පාදනයකට එකතු කළ විට ඒකට ලෝක වෙළඳපොළේ premium value එකක් ලබාගන්න පුළුවන්.

අපේ wellness products, coconut-based products සහ අනෙකුත් value-added products තුළ ඒ හැකියාව අපි දැනටමත් දකිනවා.

ඒ නිසා අපේ අනාගතය sustainability agenda එකත් සමඟ සම්බන්ධයි.

සුළු, මධ්‍ය සහ විශාල ව්‍යාපාර සියල්ලම අනාගතයට සූදානම් කිරීම අපේ අරමුණයි.

Industry 5.0 කියන සංකල්පය තුළින් technology, human capability, sustainability සහ resilience එකට සම්බන්ධ කරමින් නව කාර්මික පරිසරයක් ගොඩනැගිය යුතුයි.

අපිට අවශ්‍ය වන්නේ තවත් වැඩසටහන් කිහිපයක් පමණක් නොවේ.

අපට අවශ්‍ය වන්නේ පද්ධතියක්.

නිවැරදි ප්‍රතිපත්තියක්.

ශක්තිමත් ආයතනික ව්‍යුහයක්.

නවීන තාක්ෂණයක්.

දක්ෂ මානව සම්පතක්.

ලෝක මට්ටමේ quality infrastructure එකක්.

වර්ධනය විය හැකි ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන් scale-up කරන ක්‍රමවේදයක්.

ඒ වගේම දේශීය ව්‍යාපාරයක්, ව්‍යවසායකත්වයක් බවටත්, එතැනින් කර්මාන්තයක් බවටත්, අවසානයේ ලෝක වෙළඳපොළට තරඟ කළ හැකි export-ready enterprise එකක් බවටත් ගෙන යන පරිසරයක්.

අපි අතීතයේ අහිමි වූ අවස්ථා ගැන පමණක් කතා කරමින් ඉන්න අවශ්‍ය නැහැ.

අපේ ඉතිහාසයේ තිබූ නිර්මාණශීලීත්වය, ඉංජිනේරු හැකියාව සහ කාර්මික ශක්තිය නැවත හඳුනාගෙන, ඒවා නවීන තාක්ෂණය හා සම්බන්ධ කරමින් ඉදිරියට යා හැකියි.

අපේ අරමුණ කර්මාන්ත කිහිපයක් සංවර්ධනය කිරීම පමණක් නොවෙයි.

අපේ අරමුණ ශ්‍රී ලංකාව නැවත කාර්මීකරණය කිරීමයි.

දේශීය හැකියාවෙන්, නවීන තාක්ෂණයෙන්, ලෝක මට්ටමේ ප්‍රමිතියෙන් සහ තිරසාර දැක්මකින් — ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණයේ මීළඟ පරිච්ඡේදය අපි ගොඩනගමු.

---------------------------------------------------

இலங்கையின் தொழில்மயமாக்கலின் புதிய மாற்றம்

இன்று நாம் கைத்தொழில் அபிவிருத்திச் சபையைப் பற்றிப் பேசும்போது, முதலில் ஒரு முக்கியமான விடயத்தைப் புரிந்துகொள்ள வேண்டும். இந்த நிறுவனம் ஆரம்பிக்கப்பட்டதன் அடிப்படை நோக்கம், நாட்டின் கைத்தொழில் அபிவிருத்திக்குத் தேவையான உட்கட்டமைப்பு வசதிகள், கொள்கை அடித்தளம் மற்றும் முறையான செயல் திட்டத்தை உருவாக்குவதாகும்.

ஆனால் கடந்த பல ஆண்டுகளைத் திரும்பிப் பார்க்கும்போது, எமது பயணத்தின் சில கட்டங்களில் நாம் சரியான பாதையிலிருந்து விலகியிருப்பதைத் தெளிவாகக் காண முடிகிறது. நிறுவனங்கள் தவறிய இடங்களும், ஒரு நாடாக நாம் தவறிய இடங்களும் ஒன்றோடொன்று தொடர்புடையவை. எனவே இன்று எமது பொறுப்பு, அந்தத் தவறுகளை அடையாளம் கண்டு, நாட்டிற்குத் தேவையான மாற்றம் என்ன என்பதைத் தெளிவுபடுத்தி, எதிர்காலத்திற்கான வலுவான அடித்தளத்தை உருவாக்குவதாகும்.

அதற்காக கைத்தொழில் அபிவிருத்திச் சபை இன்று மறுசீரமைப்புச் செயன்முறையில் ஈடுபட்டு வருகிறது. எமது ஆரம்ப நோக்கத்தை மீண்டும் வலுப்படுத்துவதோடு, எதிர்கால மாற்றத்திற்குத் தேவையான கட்டமைப்பு மற்றும் கொள்கை மாற்றங்களை மேற்கொள்வதே இதன் முக்கிய நோக்கமாகும்.

இங்கே வெளியில் உடனடியாகத் தெரியாத, ஆனால் மிகவும் முக்கியமான ஒரு பணி நடைபெற்று வருகிறது. அதாவது நிறுவனத்தின் “chassis” அல்லது அடிப்படைக் கட்டமைப்பை மீண்டும் உருவாக்குவது. பல தசாப்தங்களுக்கு முன்பு உருவாக்கப்பட்ட சட்ட மற்றும் நிறுவன அடித்தளங்களை மட்டும் வைத்துக்கொண்டு எதிர்காலத்திற்குப் பொருத்தமான நிறுவனத்தை உருவாக்க முடியாது.

எனவே சட்டம், நிறுவனக் கட்டமைப்பு, தேவையான திறன்கள் மற்றும் அறிவு ஆகிய அனைத்தையும் புதுப்பிக்க வேண்டும்.

நாம் எங்கு செல்கிறோம் என்பது தெளிவாக இல்லாவிட்டால், செய்ய வேண்டாத பல செயல்களில் ஈடுபடும் அபாயம் உள்ளது. ஏராளமான சிறிய திட்டங்களைச் செய்வதால் மட்டும் ஒரு நாடு தொழில்மயமாகிவிடாது. நமக்கு ஒரு தெளிவான இலக்கும், அந்த இலக்கை நோக்கி நாட்டை அழைத்துச் செல்லும் ஒழுங்கமைக்கப்பட்ட செயல்முறையும் தேவை.

அதேபோல் எமது கைத்தொழில் ஏற்றுமதியை மிகவும் உயர்ந்த நிலைக்கு கொண்டு செல்லவும் தெளிவான தொலைநோக்கு தேவை. அதற்காக சட்ட அடித்தளம், நிறுவனக் கட்டமைப்பு, மனிதவளம், திறன்கள் மற்றும் தொழில்நுட்பம் ஆகிய அனைத்தும் ஒரே திசையில் நகர வேண்டும்.

இது ஒரு அரசாங்கத்திற்கோ அல்லது ஒரு குறிப்பிட்ட காலப்பகுதிக்கோ மட்டும் உரிய திட்டமாக இருக்கக்கூடாது. அரசாங்கங்கள் மாறினாலும் நாட்டின் கைத்தொழில் அபிவிருத்திப் பாதையைத் தொடர்ந்து முன்னெடுத்துச் செல்லக்கூடிய வலுவான அமைப்பை நாம் உருவாக்க வேண்டும்.

தொழில்நுட்பம் என்பது டிஜிட்டல்மயமாக்கல் மட்டுமல்ல

நாம் பல சந்தர்ப்பங்களில் “தொழில்நுட்பம்” என்ற சொல்லை டிஜிட்டல்மயமாக்கல் மற்றும் IT உடன் மட்டுமே இணைத்துப் பார்க்கிறோம். ஆனால் ஒரு கைத்தொழிலின் தொழில்நுட்பம் அதைவிட மிகவும் விரிவானது.

Automation, manufacturing technology, engineering, advanced machinery, prototyping, material technologies மற்றும் production processes ஆகிய அனைத்தும் இதன் பகுதிகளாகும்.

இன்று கைத்தொழில் அபிவிருத்திச் சபையின் முக்கியமான பொறுப்புகளில் ஒன்று, நாட்டை மீண்டும் தொழில்மயமாக்குவதற்குத் தேவையான தொழில்நுட்ப அடித்தளத்தை வலுப்படுத்துவதாகும்.

ஒரு இளைஞருக்கோ அல்லது தொழில்முனைவோருக்கோ சிறந்த யோசனை இருக்கலாம். ஆனால் அந்த யோசனையை ஒரு உண்மையான தயாரிப்பாக மாற்றுவதற்குத் தேவையான engineering knowledge, machinery அல்லது prototype உருவாக்கும் வசதிகள் அவரிடம் இல்லாமல் இருக்கலாம்.

அங்கேதான் கைத்தொழில் அபிவிருத்திச் சபையின் Engineering Services முக்கியத்துவம் பெறுகின்றன.

குறிப்பாக metal engineering போன்ற துறைகளில் prototype ஒன்றை உருவாக்குவதற்கும், முதல் sample ஒன்றை தயாரிப்பதற்கும், தயாரிப்பை export-ready நிலைக்கு கொண்டு செல்வதற்கும் தேவையான தொழில்நுட்ப சூழலை நாம் உருவாக்க வேண்டும்.

எமது Engineering Service Centres நவீன தொழில்நுட்பங்களால் வலுப்படுத்தப்பட வேண்டும். அந்த வசதிகள் கொழும்பு அல்லது ஒரு குறிப்பிட்ட பகுதிக்குள் மட்டும் மட்டுப்படுத்தப்படாமல், மாத்தறை, யாழ்ப்பாணம் உள்ளிட்ட நாட்டின் பிற பகுதிகளுக்கும் விரிவுபடுத்தப்பட வேண்டும்.

ஒரு பாடசாலை மாணவராக இருந்தாலும், engineering student ஆக இருந்தாலும், புதிய கண்டுபிடிப்பாளராக இருந்தாலும், CNC machine, metal 3D printer அல்லது advanced engineering facility போன்றவற்றைப் பயன்படுத்தக்கூடிய சூழல் நாட்டில் இருக்க வேண்டும்.

இன்று உலகத்துடன் ஒப்பிடும்போது, சில தொழில்நுட்பத் துறைகளில் நாம் குறிப்பிடத்தக்க அளவில் பின்தங்கியுள்ளோம். அந்த இடைவெளியை நிரப்ப வேண்டுமெனில் சரியான இடங்களில் தொழில்நுட்ப முதலீடுகளை மேற்கொள்ள வேண்டும்.

எமது வெற்றிகரமான கைத்தொழில்களிலிருந்து கற்றுக்கொள்வோம்

இலங்கையின் ஆடைத் தொழில் நமக்கு ஒரு சிறந்த benchmark ஆகும்.

பல தசாப்தங்களுக்குள் அது சர்வதேச மட்டத்தில் செயல்படும் global industry ஆக வளர்ந்துள்ளது. அவர்கள் உலக சந்தையில் நேரடியாகப் போட்டியிடுகின்றனர். புதிய தொழில்நுட்பங்களைப் பயன்படுத்துகின்றனர். சர்வதேச தரநிலைகளுக்கு ஏற்ப செயல்படுகின்றனர்.

ஆனால் அதனுடன் ஒப்பிடக்கூடிய சில பிற கைத்தொழில்கள் தொழில்நுட்ப ரீதியாக இன்னும் மிகவும் பின்தங்கியுள்ளன.

எனவே knowledge transfer மற்றும் industrial linkages மிகவும் முக்கியமானவை.

ஒரு துறையில் உள்ள அறிவு, தொழில்நுட்பம் மற்றும் அனுபவத்தை மற்ற கைத்தொழில்களுடன் இணைக்கக்கூடிய கட்டமைப்பு நாட்டிற்கு அவசியம்.

தொழில்முனைவோருக்கு ஒரு சேவையை வழங்கிவிட்டு நிறுத்த முடியாது

எமது பொருளாதாரத்தின் மிக முக்கியமான பகுதியாக சிறிய மற்றும் நடுத்தர அளவிலான தொழில்முனைவோர் உள்ளனர்.

ஆனால் கடந்த காலத்தில் நாம் பலமுறை செய்த ஒரு தவறு இருக்கிறது. அதாவது அனைவருக்கும் ஒரே தீர்வை வழங்க முயன்றது.

எல்லா வணிகங்களும் ஒரே மாதிரியானவை அல்ல. வாழ்வாதாரத்திற்காக நடத்தப்படும் ஒரு வணிகம், வளர்ச்சித் திறன் கொண்ட ஒரு enterprise மற்றும் ஒரு industrial business ஆகியவற்றை ஒரே முறையில் அணுக முடியாது.

வணிகர், தொழில்முனைவோர் மற்றும் கைத்தொழிலதிபர் ஆகியோருக்கிடையிலான வேறுபாடுகளை நாம் சரியாக அடையாளம் காண வேண்டும்.

அதற்காக ஒரு புதிய framework தேவை.

கடந்த காலத்தில் ஒருவர் எமது நிறுவனத்திற்கு வந்தால் அவருக்குத் தேவையான ஒரு சேவையை வழங்கியவுடன் எமது பணி முடிந்துவிட்டதாகக் கருதப்பட்டது. ஆனால் புதிய அணுகுமுறை அவ்வாறு இருக்க முடியாது.

ஒரு தொழில்முனைவோர் எம்மிடம் வந்த பின்னர், அவரது வளர்ச்சிப் பயணத்தில் நாமும் அவருடன் பயணிக்க வேண்டும்.

அவர் Level Up செய்யும் நிலையிலிருந்து, Scale Up செய்யும் நிலைக்கும், இறுதியில் Export Ready ஆகும் நிலைக்கும் அவரை வழிநடத்தும் முறையான அமைப்பு தேவை.

இந்தப் பயணத்தில் அதிகாரி ஒரு சேவை வழங்குபவராக மட்டும் இருக்கக்கூடாது. தொழில்முனைவோருடன் நீண்டகால relationship ஒன்றை நிர்வகித்து, அவரது வளர்ச்சிக்குப் பொறுப்பேற்கும் ஒருவராக மாற வேண்டும்.

எமது வரையறுக்கப்பட்ட வளங்களை “spray and pray” முறையில் எல்லோருக்கும் சிதறவிட்டு எதிர்பார்த்த விளைவுகளைப் பெற முடியாது.

வளரக்கூடிய, scale செய்யக்கூடிய மற்றும் export potential கொண்ட வணிகங்களை அடையாளம் கண்டு, அவற்றிற்கு சரியான சேவைகள், அறிவு, தொழில்நுட்பம் மற்றும் சந்தைத் தொடர்புகளை வழங்க வேண்டும்.

அந்த நிறுவனங்கள் வளரும்போது அவற்றைச் சுற்றி supply chains மற்றும் value chains உருவாகும். பின்னர் சிறிய மற்றும் micro enterprises கூட அந்த value chain உடன் இணைக்கப்படும்.

அதனால் நமக்கு வலுவான growth engines தேவை.

Global Standard நிலைக்கு நாம் செல்ல வேண்டும்

எதிர்கால இலங்கையின் கைத்தொழிலை உள்நாட்டு சந்தையை மட்டும் மையமாகக் கொண்டு உருவாக்க முடியாது.

உலகம் திறந்திருக்கிறது. போட்டி எங்கிருந்து வரும் என்பதை நாம் கட்டுப்படுத்த முடியாது.

எனவே நாம் World-Class Standard நிலையை அடைய வேண்டும்.

உள்நாட்டு கைத்தொழில்களைப் பாதுகாக்க restrictions, taxes மற்றும் tariff barriers ஆகியவற்றில் மட்டும் நீண்டகாலமாக சார்ந்திருக்க முடியாது. இறுதியில் எமது தயாரிப்புகள் quality, productivity மற்றும் cost ஆகிய மூன்றிலும் போட்டித்திறன் கொண்டதாக இருக்க வேண்டும்.

Export mindset கொண்ட தொழில்முனைவோர் இந்த யதார்த்தத்தை மிக விரைவாகப் புரிந்துகொள்கிறார்.

அவர் தனது உண்மையான production cost ஐ அறிந்துகொள்கிறார். Productivity ஐ மேம்படுத்துகிறார். Quality standards ஐ அடையாளம் காண்கிறார். தேவையானபோது தனது business model ஐ diversify செய்கிறார்.

அதுவே export market இன் உண்மையான நிலை.

Quality Infrastructure இன்றியமையாதது

உலக சந்தைக்கு செல்ல வேண்டுமெனில் international standards மற்றும் testing facilities தேவை.

Food products ஏற்றுமதி செய்பவருக்கு accredited laboratory facilities தேவை. Metal product உருவாக்குபவருக்கு material testing மற்றும் advanced engineering facilities தேவை.

ஒரு புதிய கண்டுபிடிப்பாளரிடம் சிறந்த யோசனை இருந்தாலும், prototype உருவாக்க முடியாவிட்டால், அதை test செய்ய முடியாவிட்டால் அல்லது certification பெற முடியாவிட்டால், அந்த யோசனை பல சந்தர்ப்பங்களில் தயாரிப்பாக மாறாது.

எனவே laboratories, engineering facilities, prototyping facilities மற்றும் international-standard testing infrastructure ஆகியவற்றை நாடு முழுவதும் உருவாக்குவது அவசியம்.

இது ஒரு நிறுவனத்தால் மட்டும் செய்யக்கூடிய பணி அல்ல. அரச நிறுவனங்கள், தனியார் துறை, முதலீட்டாளர்கள் மற்றும் ஏனைய பங்குதாரர்கள் ஒன்றிணைய வேண்டும்.

Productivity இல்லாமல் Export செய்ய முடியாது

Export பற்றி பேசும்போது productivity பற்றி பேசாமல் இருக்க முடியாது.

International market இல் மிகச் சிறிய margins க்குள் கூட நாடுகளும் நிறுவனங்களும் ஒன்றுடன் ஒன்று போட்டியிடுகின்றன.

எமது manufacturing process இன் productivity ஐ அதிகரிக்க வேண்டும்.

Time management முதல் stock management வரை, production planning முதல் quality management வரை அனைத்து செயல்முறைகளும் efficient ஆக இருக்க வேண்டும்.

இது ஒரு தொழில்முனைவோரின் வளர்ச்சிப் பயணம்.

ஒரு Business ஆக ஆரம்பிக்கிறது.

அதிலிருந்து entrepreneurship நோக்கி நகர்கிறது.

Entrepreneurship நிலையிலிருந்து scale-up ஆகிறது.

அங்கிருந்து export-ready enterprise ஆக உருவாகிறது.

இந்த ஒவ்வொரு கட்டத்திற்கும் தெளிவான அளவுகோல்கள், சேவைகள் மற்றும் ஆதரவு அமைப்பு இருக்க வேண்டும்.

எதிர்காலத்தை உருவாக்குவதற்கு முன் நாம் யார் என்பதை நினைவுபடுத்திக்கொள்ள வேண்டும்

எதிர்காலத்தைப் பற்றி பேசும்போது எமது வரலாற்றை மறக்க முடியாது.

நான் இந்த நிறுவனத்திற்கு வந்த ஆரம்ப நாட்களில் எடுத்துவந்த முக்கியமான ஒரு சின்னம் ஜேதவனாராமய ஆகும்.

அது நமக்கு மிக முக்கியமான செய்தியை வழங்குகிறது.

ஆயிரக்கணக்கான ஆண்டுகளுக்கு முன்பே எமது நாட்டின் மக்கள் மிகப்பெரிய அளவிலான engineering மற்றும் production capabilities ஐ வெளிப்படுத்தியுள்ளனர். ஜேதவனாராமய போன்ற மகத்தான படைப்புகளை உருவாக்கிய ஒரு சமூகப் பின்னணி நமக்கு இருந்தது.

எனவே முதலில் நாம் புரிந்துகொள்ள வேண்டியது:

நாம் யார்? நம்மால் என்ன செய்ய முடியும்?

தொழில்துறை புரட்சியின் பல கட்டங்களை முழுமையாகப் பயன்படுத்திக் கொள்ள முடியாமல் போயிருக்கலாம். Industry 2.0, 3.0 மற்றும் 4.0 மாற்றங்களின்போது நாம் இழந்த வாய்ப்புகள் இருக்கலாம்.

ஆனால் இன்று நமக்கு முன்னால் இன்னொரு வாய்ப்பு இருக்கிறது.

அதுதான் Industry 5.0.

Industry 5.0 என்பது இயந்திரங்களை நிறுவி, மனிதர்களை வீட்டிற்கு அனுப்பிவிட்டு, profit ஐ அதிகப்படுத்துவது மட்டுமல்ல.

அதன் மையக் கருத்துகளில் sustainability, resilience மற்றும் human-centric development அடங்குகின்றன.

இந்த இடத்தில்தான் இலங்கைக்கு ஒரு தனித்துவமான வாய்ப்பு உள்ளது.

Scale அடிப்படையில் உலகின் மிகப்பெரிய நாடுகளுடன் போட்டியிடுவது நமக்கு கடினமாக இருக்கலாம்.

ஆனால் எமது மனிதத் திறன், craftsmanship, எமது நிலம், இயற்கை வளங்கள், கலாசாரம் மற்றும் தனித்துவத்தை ஒரு தயாரிப்புடன் இணைக்கும்போது, உலக சந்தையில் அதற்கான premium value ஐ உருவாக்க முடியும்.

வலுவான நிறுவனக் கட்டமைப்பு.

நவீன தொழில்நுட்பம்.

திறமையான மனிதவளம்.

உலகத் தரத்திலான quality infrastructure.

வளரக்கூடிய தொழில்முனைவோரை அடையாளம் கண்டு அவர்களை scale-up செய்யும் முறையான செயல்முறை.

அத்துடன் ஒரு உள்ளூர் business ஐ entrepreneurship ஆகவும், அங்கிருந்து ஒரு industry ஆகவும், இறுதியில் உலக சந்தையில் போட்டியிடக்கூடிய export-ready enterprise ஆகவும் மாற்றக்கூடிய சூழல்.

கடந்த காலத்தில் நாம் இழந்த வாய்ப்புகளைப் பற்றி மட்டும் தொடர்ந்து பேசிக்கொண்டிருக்க வேண்டியதில்லை.

எமது வரலாற்றில் இருந்த படைப்பாற்றல், engineering capability மற்றும் industrial strength ஆகியவற்றை மீண்டும் அடையாளம் கண்டு, அவற்றை நவீன தொழில்நுட்பத்துடன் இணைத்து முன்னேற முடியும்.

எமது இலக்கு சில கைத்தொழில்களை மட்டும் அபிவிருத்தி செய்வது அல்ல.

எமது இலக்கு இலங்கையை மீண்டும் தொழில்மயமாக்குவதாகும்.

உள்ளூர் திறன், நவீன தொழில்நுட்பம், உலகத் தரம் மற்றும் நிலையான தொலைநோக்கு ஆகியவற்றின் மூலம் — இலங்கையின் தொழில்மயமாக்கலின் அடுத்த அத்தியாயத்தை நாம் ஒன்றிணைந்து உருவாக்குவோம்.

---------------------------------------------

The New Transformation of Sri Lanka’s Industrialisation

When we speak about the Industrial Development Board today, there is one fundamental point we must first understand. The original purpose of establishing this institution was to create the infrastructure, policy framework, and systematic approach required for the industrial development of our country.

However, when we look back over the past several years, it becomes clear that at certain points along this journey, we lost our way. The areas where our institutions went wrong and the areas where we, as a country, went wrong are interconnected. Therefore, our responsibility today is to identify those shortcomings, clearly understand the transformation the country requires, and build a strong foundation for the future.

For this reason, the Industrial Development Board is now undergoing a process of restructuring. The objective is to return to and strengthen our original purpose while introducing the structural and policy changes necessary for the transformation ahead.

One of the most important tasks currently taking place may not be immediately visible from the outside. We are rebuilding the “chassis” of the institution itself. We cannot build an institution capable of meeting the demands of the future while relying solely on legal and structural foundations created decades ago.

Therefore, the legislation, institutional structure, required competencies, and knowledge base must all be renewed.

If we are not clear about where we are going, we can easily spend our time doing many things that should not be our priorities. A country does not become industrialised simply by implementing a large number of small, disconnected programmes. We need a clear objective and an organised mechanism capable of taking us towards that objective.

Likewise, we need a clear vision to take Sri Lanka’s industrial exports to a significantly higher level. To achieve that, the legal foundation, institutional structure, human resources, skills, and technology must all move in the same direction.

This cannot be a programme that belongs to one government or one particular period. We need to create a strong system through which Sri Lanka’s industrial development agenda can continue even when governments change.

Technology Is More Than Digitalisation

We often make the mistake of associating the word “technology” only with digitalisation and IT. But technology in an industrial context is much broader than that.

Automation, manufacturing technology, engineering, advanced machinery, prototyping, material technologies, and production processes are all part of industrial technology.

One of the most important responsibilities of the Industrial Development Board today is to strengthen the technological foundation required to industrialise Sri Lanka once again.

A young person or an entrepreneur may have an excellent idea. But that person may not have the engineering knowledge, machinery, or facilities required to turn that idea into a prototype and eventually into a real product.

That is where the Engineering Services of the Industrial Development Board become critically important.

Particularly in areas such as metal engineering, we need to create the technological environment necessary to develop a prototype, manufacture the first sample, and eventually take that product to an export-ready stage.

Our Engineering Service Centres need to be strengthened with modern technology. These facilities should not remain concentrated only in Colombo or in one region. They need to be expanded to other parts of the country, including Matara and Jaffna.

Whether someone is a school student, an engineering student, or a young innovator, there should be opportunities in this country to access equipment such as CNC machines, metal 3D printers, and advanced engineering facilities.

When we compare ourselves with the rest of the world today, we are considerably behind in certain technological areas. If we are to close that gap, we need to direct technological investment to the right places.

Learning From Our Own Successful Industries

Sri Lanka’s apparel industry provides an excellent benchmark.

Over several decades, it has developed into an industry operating at an international and global level. Companies in the sector compete directly in the global marketplace. They adopt new technologies and operate according to international standards.

At the same time, however, some parallel industries in Sri Lanka remain many years behind technologically.

That is why knowledge transfer and industrial linkages are so important.

We need a structure capable of transferring the knowledge, technology, and experience available in one industry to other sectors of the economy.

We Cannot Simply Provide a Service to an Entrepreneur and Walk Away

Small and medium-sized entrepreneurs represent a critically important part of our economy.

However, one of the mistakes we repeatedly made in the past was attempting to give everyone the same solution.

Not every business is the same. A livelihood-oriented business, an enterprise with the potential to grow, and an industrial business cannot all be treated in exactly the same way.

We need to correctly distinguish between a businessperson, an entrepreneur, and an industrialist.

That requires a new framework.

Previously, when a businessperson came to our institution, we might provide the requested service and consider our responsibility complete. That approach must change.

Once an entrepreneur comes to us, we need to travel with that entrepreneur through the growth journey.

We need a system that supports the entrepreneur to Level Up, then Scale Up, and ultimately become Export Ready.

Within that journey, an officer cannot simply be a person who delivers a service. That officer should become someone capable of managing a long-term relationship with the entrepreneur and taking responsibility for supporting that entrepreneur’s growth.

We cannot distribute our limited resources everywhere using a “spray and pray” approach and simply hope that something succeeds.

We must identify businesses that have the potential to grow, scale, and enter export markets, and then provide them with the right services, knowledge, technology, and market connections.

As those businesses grow, supply chains and value chains develop around them. When that happens, smaller and micro enterprises can also become connected to those value chains.

That is why we need powerful growth engines within the economy.

We Must Reach Global Standards

Sri Lanka’s industries of the future cannot be developed with a mindset focused only on the domestic market.

The world is open. We cannot control where tomorrow’s competition will come from.

Therefore, we must reach world-class standards.

We cannot depend indefinitely on restrictions, taxes, and tariff barriers to protect domestic industries. Ultimately, our products must become competitive in three fundamental areas: quality, productivity, and cost.

An entrepreneur with an export mindset understands this reality very quickly.

Such an entrepreneur learns the true production cost, improves productivity, understands the necessary quality standards, and, when required, diversifies the business model.

That is the reality of competing in export markets.

Quality Infrastructure Is Essential

If we want to enter global markets, we need international standards and appropriate testing facilities.

Someone exporting food products needs access to accredited laboratory facilities. Someone manufacturing a metal product needs material-testing and advanced engineering facilities.

An innovator may have an excellent idea. But if that person cannot create a prototype, test it, or obtain the necessary certification, that idea may never become a commercial product.

Therefore, Sri Lanka needs laboratories, engineering facilities, prototyping facilities, and international-standard testing infrastructure that can be accessed across the country.

This is not something that one institution can accomplish alone. Government institutions, the private sector, investors, and other stakeholders need to work together.

There Is No Export Growth Without Productivity

We cannot speak about exports without speaking about productivity.

In international markets, countries and companies compete against each other even on extremely narrow margins.

Therefore, we need to improve productivity throughout our manufacturing processes.

From time management to stock management, and from production planning to quality management, every process needs to become more efficient.

This is also the growth journey of an entrepreneur.

You begin with a business.

You move from business into entrepreneurship.

From entrepreneurship, you scale up.

And from there, you develop into an export-ready enterprise.

At each stage of that journey, there must be clear criteria, appropriate services, and an effective support system.

Before We Build the Future, We Must Remember Who We Are

When discussing the future, we should not forget our history.

One of the symbols I brought with me when I first came to this institution was an image of the Jetavanaramaya.

It carries a very important message for us.

Thousands of years ago, the people of this country demonstrated extraordinary engineering and production capabilities on a massive scale. We came from a civilisation capable of creating extraordinary structures such as the Jetavanaramaya.

Therefore, the first thing we need to understand is:

Who are we, and what are we capable of?

We may not have fully captured the opportunities presented by different stages of the Industrial Revolution. We may have missed opportunities through Industry 2.0, Industry 3.0, and Industry 4.0.

But another opportunity now stands before us.

That opportunity is Industry 5.0.

Industry 5.0 is not simply about installing machines, sending people home, and maximising profits.

Its core principles include sustainability, resilience, and human-centric development.

And this is precisely where Sri Lanka has a unique opportunity.

It may be difficult for us to compete with the world’s largest economies purely on scale.

But when we combine our human capabilities, craftsmanship, land, natural resources, culture, and unique identity with the products we create, we have the potential to command a premium in the global marketplace.

We can already see this potential in our wellness products, coconut-based products, and other value-added products.

That is why our future is closely connected to the sustainability agenda.

Our objective must be to prepare small, medium, and large businesses alike for the future.

Through the principles of Industry 5.0, we need to bring together technology, human capability, sustainability, and resilience to build a new industrial ecosystem.

What we need is not simply another collection of programmes.

What we need is a system.

The right policy framework.

A strong institutional structure.

Modern technology.

A skilled workforce.

World-class quality infrastructure.

A systematic mechanism for identifying entrepreneurs with growth potential and helping them scale.

And an ecosystem capable of taking a local business into entrepreneurship, developing that entrepreneurship into an industry, and ultimately transforming it into an export-ready enterprise capable of competing in global markets.

We do not have to spend our future merely talking about the opportunities we missed in the past.

We can rediscover the creativity, engineering capability, and industrial strength that existed throughout our history and combine those strengths with modern technology to move forward.

Our objective is not merely to develop a few industries.

Our objective is to industrialise Sri Lanka once again.

Through local capability, modern technology, world-class standards, and a sustainable vision, let us build the next chapter of Sri Lanka’s industrialisation.

Address

615, Galle Road, Katubadda
Moratuwa
10400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112605372

Alerts

Be the first to know and let us send you an email when Industry Development Board posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Industry Development Board:

Shortcuts

Share