Morawaka - මොරවක

Morawaka - මොරවක මොරවක්කෝරළයේ අභිමානය ජාත්‍යන්තරයට ?
(1)

ශාන්ත මාමා 🖤පටන් ගත්ත දවසේ ඉඳලා මේ බස් එක දුවනවට ගොඩක් අය කැමති නෑ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. කොටින්ම කිව්වොත් අනිත් බස්...
30/06/2026

ශාන්ත මාමා 🖤

පටන් ගත්ත දවසේ ඉඳලා මේ බස් එක දුවනවට ගොඩක් අය කැමති නෑ. සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. කොටින්ම කිව්වොත් අනිත් බස් කාරයෝ 🥲

ඕන නම් උගුල් අටවන සෙට් එක මෙන්ශන් කරන්නත් පුලුවන් 🥲

මොනවා උනත් අපි ශාන්ත මාමා එක්ක 🩷🖤

ගිං නිල්වලා මිටියාවතේ මහා සංස්කෘතික මංගල්‍යයඔබ සැමට තෙරුවන් සරණයි.....!ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි! 🙏🙏🙏
26/06/2026

ගිං නිල්වලා මිටියාවතේ මහා සංස්කෘතික මංගල්‍යය

ඔබ සැමට තෙරුවන් සරණයි.....!
ගැටබරු රජ්ජුරුබණ්ඩාර දෙවි පිහිටයි!
🙏🙏🙏

07/06/2026

මොරවක ප්‍රසිද්ධ බොරු කාරයෙක් මෙන්ශන් කරන්න

"ශ්‍රී සදහම් උරුමය" වෙසක් කලාපයේ අවසන් දිනය අදයි.බැති සිතින් සැමට ආරාධනා....🙏
02/06/2026

"ශ්‍රී සදහම් උරුමය" වෙසක් කලාපයේ අවසන් දිනය අදයි.බැති සිතින් සැමට ආරාධනා....🙏

උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනසෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය පුරාවට මොරවක නගරය කේන්ද්‍ර කරගනිමින් ස...
27/05/2026

උතුම් දම් සිසිලෙන් සියල් සිත් නිවී සැනසෙන උතුම් වෙසක් පොහොය නිමිත්තෙන් වෙසක් සතිය පුරාවට මොරවක නගරය කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන වැඩසටහන් පිළිබඳ දැනුම් දීමයි.
සැදැහැ සිතින් ඔබ සියලු දෙනාට කෙරෙන ගෞරවණීය ආරාධනයයි....🙏🙏🙏

13/05/2026

මොරවකට තද වැසි 🌧️☔️

26/02/2026

🔴🔰 2028 උසස් පෙළ කාලා,වාණිජ, තාක්ෂණවේදය,විද්‍යා/ගණිත වලට අකුරැස්සේ හොඳම තැන.

✴️ සියාත්රා උසස් අධ්‍යාපන ආයතනය

🔴🔴 ආරම්භක සම්මන්ත්‍රණ මාලාව

🔷 කලා අංශය
( මාර්තු 09 සදුදා පෙ.ව 8.30 )

🔷 වාණිජ අංශය
( මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 )

🔷 තාක්ෂණවේදය අංශය
( මාර්තු 06 සිකුරාදා පෙ.ව 8.30 )

🔷 විද්‍යා/ගණිත අංශය
( මාර්තු 03 අගහරුවාදා පෙ.ව 8.30 )

🟣 වැඩි විස්තර සඳහා අමතන්න
0766955700 / 0765582206 / 0778927645

#පරපුරෙන්_පරපුරට_හොඳම_දැණුම_ලබාදෙන
#නිල්වලා_නිම්නයේ_විශිෂ්ටතම_ඇදුරු_මඩුල්ල_සමගින්
#සියාත්රා_අපි••

Siyathra Higher Education Institute





🔴🔴
Join With Whatsapp ••
Message Siyathra Higher Education Institute on WhatsApp. https://wa.me/94766955700

🔴🔴
Following Tiktok ••

https://www.tiktok.com/?_t=ZS-8uTZAuewYmm&_r=1

කොටපොල සමුපකාරයේ කෝටි දෙකක මෘදුකාංග වංචාවක්. හිටපු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වසර 7ක සමූපකාර තහනමක්------------------...
14/02/2026

කොටපොල සමුපකාරයේ කෝටි දෙකක මෘදුකාංග වංචාවක්. හිටපු සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට වසර 7ක සමූපකාර තහනමක්
------------------

සීමාසහිත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ පාරිභෝගික අංශය සඳහා පරිගණක මෘදුකාංගයක් මිලදී ගැනීමේදී සිදු වූ රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් එම සමිතියේ හිටපු සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හත් දෙනෙකුට වසර හතක කාලයක් යනතුර කිසිම සමුපකාර සමිතියක තනතුරු දැරීම තහනම් කිරීමට දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය පියවර ගෙන ඇත. දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ රෙජිස්ට්‍රාර් චන්ද්‍රිකා වික්‍රමසිංහ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ 2026 පෙබරවාරි 06 වන දින ගාල්ලේදීය.
මෙම දඬුවමට යටත් වී ඇති පිරිස වන්නේ සීමාසහිත කොටපොල විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති ප්‍රියන්ත මනෝජ් ජයවර්ධන සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන කේ. සෝමසිරි, මෙත්සිරි කුමාර අබේවික්‍රම, නිසංක දිල්ශාන් අනුරාධ මදරසිංහ, ජී. චමිලි ප්‍රියංකර පෙරේරා, එම්.පී.ජී. සුපුන් තාරක සහ කේ. ලලිත් දේශප්‍රිය යන මහත්වරුන්ය. මොවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ සමිතියේ අනුමත අතුරු ව්‍යවස්ථාවන් සහ නෛතික විධිවිධාන උල්ලංඝනය කරමින්, රුපියල් 25,380,000.00 ක දැවැන්ත මුදලකට පරිගණක පද්ධති මිලදී ගැනීම සඳහා තීරණය කර අක්‍රමවත් ලෙස කටයුතු කිරීමයි.
සීමාසහිත කොටපොල විවිධ සේවා සමුපකාර සමිතියේ පාරිභෝගික අංශයේ සියළුම වෙළඳ ඒකක සඳහා නියමිත පිරිවිතර වාර්ථාවක් හෝ සමිති අවශ්‍යතාවය ඉදිරිපත් කිරීමකින් තොරව පරිගණක මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමට 2023.07.14 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර, එහිදී මිළ ගණන් කැඳවීමට ද තීරණය කර නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකරමින් අවිධිමත් දැනුම් දීම මත ආයතන 03 කින් මිල ගණන් සමිතියට ලැබුණු පසු 2023.09.14 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මිල ගණන් විවෘත කිරීමෙන් අනතුරුව එකී මිල ගණන් 03 මත පදනම්ව නියමිත නිර්දේශයන්ගෙන් තොර තාක්ෂණික වාර්ථාවක් පරිගණක මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමෙන් පසුව එනම් 2024.11.08 දින තාක්ෂණික නිලධාරියෙකුගෙන් ලබා ගනිමින්, නමුත් 2023.12.21 දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ලබා ගන්නා ලද තාක්ෂණික වාර්ථාවට අනුව යැයි " සටහන් කරමින් LGO Technologies (Pvt) Ltd. ආයතනයෙන් පරිගණක මෘදුකාංග හා දෘඩාංග රුපියල් දෙකෝටි පනස්තූන් ලක්ෂ අසූ දහසක (රුපියල් 25,380,000.00) මුදලකට මිලදී ගැනීමට තීරණය කර 2023.12.29 දින එම ආයතනය සමඟ නිත්‍යානුකුලනොවන පරිදි ගිවිසුම් ගත වී ඇති අතර එදිනම ප්‍රථම වසර සඳහා වාරිකය ලෙස රුපියල් අසූ හතර ලක්ෂ හැට දහස (රුපියල් 8,460,000.00) මුදලක් වවුචර් අංක 87803 (ඉන්වොයිස් = HWSWPOS1324) යටතේ LGO Technologies (Pvt) Ltd. ආයතනයට ගෙවීම් සිදු කර ඇත. මෙම මිලදී ගැනීම සඳහා 2024.09.29 පැවැති මහා සභා රැස්වීමේදි අනුමැතිය ලැබී ඇති අතර
සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්ගේ (දකුණු පළාත) අංක "පොදු චක්‍රලේඛන/02/2018" දරණ 2018.05.18 දිනැති චක්‍රලේඛනයේ 4.11.4 හෝ 4.11.6 යටතේ ක්‍රියා නොකරමින්, කූට ලේඛණ පිලියෙල කරමින්, නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකරමින්, පරිගණක මෘදුකාංග හා දෘඩාංග මිලදී ගැනීමෙන් පසුව නියමිත නිර්දේශයන්ගෙන් තොර තාක්ෂණික වාර්ථාවක් ලබා ගනිමින්, නීත්‍යානුකූල නොවන පරිදි සමිතිය LGO Technologies (Pvt) Ltd ආයතනය සමඟ ගිවිසුම් ගත වීම සහ එවකට ක්‍රියාත්මක 1973 සමුපකාර සමිති රීති මාලාවේ රීති 48.(1) අනුව සමුපකාර සංවර්ධන කොමසාරිස්/ රෙජිස්ට්‍රාර්ගේ පූර්ව අනුමැතිය ලිඛිතව ලබා ගැනීමකින් තොරව රුපියල් අසූ හතර ලක්ෂ හැට දහස (රුපියල් 8,460,000,00) ක් වැය දරා සීමාසහිත කොට පොල විවිධ සේවා සමුපකාර සමිතියේ පාරිභෝගික අංශයේ සියළුම වෙළඳ ඒකක සඳහා පරිගණක මෘදුකාංග හා දෘඩාංග අවිධිමත් මිලදී ගැනීම ක්‍රියාවලිය තුලින් සමිතියේ ඉහත නම් සඳහන් කාරක සභාව අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් දකුණු පළාතේ පළාත් සභාවේ 2019 අංක 06 දරණ සමුපකාර සමිති ප්‍රඥප්තිය යටතේ පනවන ලද රීති මාලාවේ 25 රීතිය ප්‍රකාරව සහ සමිතියේ අනුමත අතුරු ව්‍යවස්ථාවේ 62 වගන්තිය ප්‍රකාරව තම කාර්යය හා යුතුකම් බුද්ධිමත්ව ඉටු නොකිරීම තුලින් වරදක් සිදු කිරීම
විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ආයතන තුනකින් පමණක් මිල ගණන් කැඳවා ඇත. වඩාත් බරපතල කරුණ වන්නේ තාක්ෂණික වාර්තාවක් ලබාගෙන ඇත්තේ භාණ්ඩ මිලදී ගැනීමෙන් පසුව 2024 නොවැම්බර් මාසයේදී වීමත්, එහෙත් 2023 දෙසැම්බර් මාසයේ පැවැති රැස්වීමකදී තාක්ෂණික වාර්තාවකට අනුව කටයුතු කරන බව පවසමින් ව්‍යාජ ලේඛන සකස් කර තිබීමත්ය. මීට අමතරව, සමුපකාර රෙජිස්ට්‍රාර්වරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව රුපියල් අසූ හතර ලක්ෂ හැට දහසක මුදලක් LGO Technologies (Pvt) Ltd ආයතනය වෙත ගෙවා ඇති බව ද අනාවරණය වී ඇත.
මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුව, දකුණු පළාත් සභාවේ 2019 අංක 06 දරන සමුපකාර සමිති ප්‍රඥප්තියේ 43(1) වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, අදාළ නිලධාරීන් සියලු දෙනා වරදකරුවන් බවට තීරණය කර ඇත. ඒ අනුව මෙම නියෝගය නිකුත් කළ දින සිට වසර හතක් ගතවන තුරු මොවුන්ට කිසිදු සමුපකාර සමිතියක කිසිදු නිලයක් දැරීමට හෝ පත්වීමට නුසුදුස්සන් වන අතර, ඔවුන් දැනට දරන සියලු තනතුරු ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි වේ. මේ සම්බන්ධයෙන් සමිතියේ මහා සභාව දැනුවත් කරන ලෙස ද දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය සමිතියේ ලේකම්වරයාට වැඩිදුරටත් නියෝග කර ඇත.
උපුටා ගැනීම 👇
#මාතර

මොරවක්කෝරලයට වහින සදහම්  අමා වැස්ස උතුම් වූ  ධර්ම දේශනාව පූජ්‍යපාද කත්නොරුවේ සිරිධම්මස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන...
12/02/2026

මොරවක්කෝරලයට වහින සදහම් අමා වැස්ස
උතුම් වූ ධර්ම දේශනාව
පූජ්‍යපාද කත්නොරුවේ සිරිධම්ම
ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන්
පෙබ : 19 බ්‍රහස්පතින්දා සවස 4 .00ට
දෙනියාය ශ්‍රී පුෂ්පාරාම මහා විහාරස්ථානයේ දී
සත්පුරුෂ ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.!

Social Mediya Partner :
Herabal Balance Distributers
MahaBala Herbal Manufacturing Company #

Address

Morawaka
81470

Website

Alerts

Be the first to know and let us send you an email when Morawaka - මොරවක posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category