Office of MOH, Mulatiyana

Office of MOH, Mulatiyana To contribute to social and economic development of Sri Lanka by achieving the highest attainable he

21/08/2026

මව්කිරි මගින් ඔබේ දරුවා ට වඩාත්ම ගැලපෙන පෝෂණය ලබා දෙයි. ළමා කාලයේදී වැළඳෙන ආසාදන සහ රෝග රැසකින් දරුවා ආරක්ෂා කරයි. මව්කිරි දීම මගින් දරුවාට උණුසුම සහ සුරක්ෂිතභාවය ලැබෙනවා සේම, මව සහ දරුවා අතර ඇති බැඳීමද තවත් වර්ධනය වේ.
මව්කිරි දීම මවටද එකසේ වැදගත් වේ. දරු ප්‍රසූතියෙන් පසු කඩිනමින් යථා තත්ත්වයට පත් වීමට සහාය වෙයි; දිවා රාත්‍රී ඕනෑම වේලාවක පහසුවෙන් දරුවා පෝෂණය කිරීමට අවස්ථාව සැලසේ; පියයුරු සහ ඩිම්බ කෝෂ පිළිකා ඇතිවීමේ අවදානමෙන් මව ආරක්ෂා කිරීමට උපකාරී වේ.
මව්කිරි දීම මුළු පවුලටම වාසිදායකය. ළදරු කිරි පිටි, බෝතල් සහ අනෙකුත් උපකරණ මිලදී ගැනීමට වැයවන මුදල් මෙන්ම, කිරි පිළියෙළ කිරීමට සහ ජීවානුහරණය කිරීමට ගතවන කාලයද ඉන් ඉතිරි වේ.
මව්කිරි දීම, හුදෙක් දරුවාගේ කුසගිනි නිවීම සඳහා පමණක් නොවේ. එය දරුවාගේ, මවගේ මෙන්ම මුළු පවුලේම සෞඛ්‍යය සහ යහපැවැත්ම සුරක්ෂිත කිරීමට සහය වේ.

01/08/2026
25/06/2026
25/06/2026

🦟 සුළු ‍ක්‍රියා වලින් ජීවිත බේරා ගත හැකිය - ඒ නිසා ඒවා දැන්ම කළ යුතුයි ‼️

සෑම සතියකම මිනිත්තු කිහිපයක් ⏱️ වෙන් කර, ඔබේ නිවස සහ අවට පරිසරයේ මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලන්න. ජලය රැස්වන ඕනෑම දෙයක් හිස් කර පිරිසිදු කරන්න. ජලය එකතු විය හැකි දේවල් ආවරණය කරන්න හෝ ඉවත් කරන්න.

කල් නොදමා දැන්ම ක්‍රියා කර, ඩෙංගු රෝගයෙන් ඔබේ පවුල, අසල්වැසියන් සහ ප්‍රජාව ආරක්ෂා කරමු 🚨

17/06/2026

⚠️ ඔබත් ඔබේ පවුලේ අයත් ඩෙංගු අනතුරේද? වහාම ක්‍රියාත්මක වන්න!
රට පුරා ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිරෙන නිසා, මේ මදුරුවාට ඔබේ නිවසේ හෝ රැකියා ස්ථානයේ ඉඩක් දෙන්න එපා!

අදම, මේ දැන්ම මේ කියන තැන් ටික පරීක්ෂා කරලා වතුර රැඳෙන තැන් නැති කරමු. සෑම සතියකම අවම වශයෙන් එක් වරක්වත් මේ දේ අනිවාර්යයෙන්ම කරන්න මතක තියාගන්න.

📌 අනිවාර්යයෙන්ම පරීක්ෂා කර පිරිසිදු කළ යුතු තැන්:
ගෙවත්ත සහ වටපිටාව: මල් පෝච්චි අඩි, හිස් පොල් කටු, ටයර්, ප්ලාස්ටික් කෝප්ප, යෝගට් කෝප්ප, හිස් බෝතල් සහ ටින්.

නිවස ඇතුළත: ගෘහස්ථ මල් පෝච්චි (Indoor plants), ශීතකරණය පිටුපස ඇති වතුර එකතු වන තැටිය (Fridge tray), වතුර එකතු කර තබන බාල්දි සහ බැරල්.

වහල සහ වැහි පීලි: කොළ රොඩු හිරවී වතුර පිරී පවතින වැහි පීලි (Gutters).

රැකියා ස්ථානය සහ පාසල: ඔබ වැඩ කරන ඔෆිස් එකේ, කර්මාන්තශාලාවේ හෝ දරුවන් යන පාසල් වටපිටාවේ මෙලෙස වතුර රැඳෙන ඕනෑම තැනක්.

🤒 උණක් ආවොත් සැහැල්ලුවෙන් හිතන්න එපා!
ඔබට හෝ පවුලේ අයෙකුට පැය 48 කට වඩා (දින 2ක්) උණ පවතින්නේ නම්, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබාගන්න. එය ඩෙංගු රෝගය විය හැකියි.

🛑 විශේෂයෙන්ම අවදානම වැඩි පිරිස්: ගර්භණී මව්වරුන්, කුඩා දරුවන්, වැඩිහිටියන් සහ වෙනත් නිදන්ගත රෝග ඇති අය උණ වැළඳුණු වහාම (පැය 48ක් යනතුරු නොසිට) ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.

ලෙඩ වුණාට පස්සේ දුක් වෙනවාට වඩා, අදම අපේ වටපිටාව සුරක්ෂිත කරගනිමු! 💪

28/05/2026
07/05/2026

2026 වසරේ ලෝක ප්‍රතිශක්තීකරණ සතිය අප්‍රේල් 24 සිට 30 දක්වා පැවැත්වෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා පවසයි.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා මේ බව පැවසුවේ (22) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි

1978 වසරේ සිට මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවද, එමනිසා එන්නත් මගින් දරුවන් රෝග වලින් ආරක්ෂා වී ඇතැයිද පැවසුවේය. මේ හේතුවෙන් පෝලියෝ වැනි රෝග ලංකාවෙන් තුරන් කිරීමට හැකියාවක් ලැබී ඇතැයිද එන්නත් මගින් විශාල වශයෙන් බොහෝ රෝග වළක්වා ගැනීමට හැකියාවක් ලැබී ඇතැයිද සඳහන් කළේය.

Address

Mulatiyana
81070

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Office of MOH, Mulatiyana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category