17/08/2026
🏠 මතින් මිදුණු ජීවිතයකට නව නිවහනක්… නව ආරම්භයක්… 💙💚
මාතර කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැකෙනදුර බටහිර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි, ප්‍රජා විශෝධන ආඥාලාභියකු ලෙස යහපත් ලෙස සමාජගත වෙමින් සිටින ජනිත කුමාර මහතා වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රුපියල් ලක්ෂ 10ක නිවාස ආධාරයක් ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලදී.
එහි පළමු අදියර ලෙස, අයහපත් කාලගුණික තත්ත්වයක් මධ්‍යයේ වුවද නව නිවස සඳහා මුල්ගල් තැබීමේ කටයුතු සාර්ථකව සිදු කරන ලදී. 🏠🙏
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා කැපවීමෙන් කටයුතු කළ මාතර සංවර්ධන නිලධාරීන්(ප්‍රජා විශෝධන) වන ආර්. කේ. නිමාලි මහත්මිය සහ නිලංකා ඉඳුනිල් මහත්මියගේ උත්සාහය විශේෂයෙන් අගය කළ යුතුය. එසේම, මෙම කාර්යය සඳහා නිරන්තර මඟපෙන්වීම් හා සහයෝගය ලබාදුන් ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක මහතා, මාතර ප්‍රජා විශෝධන කාර්යාලයේ ප්‍රජා විශෝධන නිලධාරී අනුර රෝහන් මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් වී. ජී. අනුර මහතා වෙතත් ගෞරවනීය කෘතඥතාව පළ කරමු.
මෙම අවස්ථාවට සහභාගී වූ ග්‍රාම නිලධාරිනිය, මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රජා විශෝධන දිස්ත්‍රික් සම්බන්ධීකාරක චතුරි නිසංසලා මහත්මිය, වසමේ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරිනිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය, ප්‍රභූන් සහ මෙම කාර්යය සඳහා සහයෝගය ලබාදුන් සියලු දෙනා වෙත අපගේ ස්තූතිය පුද කරමු. 🙏
#මතින්මිදෙමු #යහපත්පුරවැසියෙක්