Tower Hall Theatre Foundation

Tower Hall Theatre Foundation Tower Hall Theatre Foundation

ටවර් නාට්‍ය හා රංගකලා පාසලදෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව11 වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයටවර් නා...
03/07/2026

ටවර් නාට්‍ය හා රංගකලා පාසල
දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාව
11 වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය

ටවර් නාට්‍ය හා රංගකලා පාසල මගින් ආරම්භ කර පවත්වාගෙන යනු ලබන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ 11 වැනි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය, ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (2026.02.23) කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. “ශ්‍රී ලංකාවේ නාට්‍ය හා රංගකලා ගුරුවරයා හා අනාගත අභියෝග“ යන මැයෙන් මෙදින මුඛ්‍ය දේශනය පවත්වනු ලැබූයේ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මහතා විසිනි.

2022/2023 අධ්‍යයන වර්ෂයේ සිසු සිසුවියන් 60 ක් මෙවර ඩිප්ලෝමාව හිමිකරගනු ලැබූ අතර, අධ්‍යයන දෙවර්ෂයේ සුවිශේෂි දක්ෂතා දැක් වූ සිසු සිසුවියන් සිව්දෙනෙකු සඳහා පදක්කම් හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා රුපියල් 50,000/- බැගින් මුදල් ත්‍යාගත්, අධ්‍යයන දෙවර්ෂයේ සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබා ගනිමින් නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්ම සම්මානය වන ටවර් හෝල් රඟහල පදනම පදක්කම හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා රුපියල් 55,000/- අධි ශිෂ්‍යත්වයත් මෙහි දී ප්‍රධානය කෙරිණි.

ඒ අනුව, දොරණෑගොඩ මුදියන්සේලාගේ සචිනි තක්ෂිලා පුෂ්පකුමාර ශිෂ්‍යාව විසින් සී. දොන් බස්තියන් ජයවීර බණ්ඩාර අනුස්මරණ පදක්කමත්, කහගල්ලේ ගෙදර මල්ෂි තරංගා ජයරත්න ශිෂ්‍යාව විසින් නීතිඥ ජෝන් ද සිල්වා අනුස්මරණ පදක්කමත්, වනසිංහ මුදියන්සේලාගේ හිමාෂා කාවින්දි වනසිංහ ශිෂ්‍යයාව විසින් නීතිඥ චාල්ස් ඩයස් අනුස්මරණ පදක්කමත්, දෙහිගස්පිටියේ ගෙදර අනුපමා ප්‍රියදර්ශනී ශිෂ්‍යයාව විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර අනුස්මරණ පදක්කමත් දිනා ගන්නා ලද අතර, අධ්‍යයන දෙවර්ෂයේ සියලු විෂයන් සඳහා වැඩිම ලකුණු ලබා ගනිමින් නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමා පාඨමාලාවේ වැදගත්ම සම්මානය වන ටවර් හෝල් රඟහල පදනම පදක්කම හා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීම සඳහා රුපියල් 55,000/- අධි ශිෂ්‍යත්වය හිමිකරගනු ලැබූයේ ඌරලලියනගේ දොන් නදීෂා කාංචනී ගුණසිංහ ශිෂ්‍යාවයි.

මෙම අවස්ථාව සඳහා ඩිප්ලෝමාලාභී සිසු සිසුවියන්, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, අමාත්‍යාංශ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා, අතිරේක ලේකම් (පාලන), එස්.ජී. පල්ලියගුරුගේ මහත්මිය, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්, ප්‍රේමරත්න තෙන්නකෝන් මහතා, ටවර් නාට්‍ය හා රංගකලා පාසලේ අධ්‍යයන කළමනාකරණ මණ්ඩලය නියෝජනය කරමින්, සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය ඉන්දික ෆර්ඩිනෑන්ඩු මහතා, එම විශ්ව විද්‍යාලයේ නාට්‍ය, පෙරදිග මුද්‍රා නාට්‍ය හා නූතන නර්තන අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය තරංග චින්තන දන්දෙණිය මහතා, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ පිඨාධිපතිනි ආචාර්ය ඩී.වී.එම්. ද සිල්වා මහත්මිය, අධ්‍යාපන පීඨයේ ද්විතීයික හා තෘතීයික අධ්‍යයනාංශයේ වැඩබලන අංශාධිපතිනි ආචාර්ය අයෝමි ඉරුගල්බණ්ඩාර මහත්මිය, නාට්‍ය හා රංගකලා උපාධි වැඩසටහනේ සම්බන්ධීකාරිනී කේ.ඒ.ඩී. සඳමාලි මහත්මිය, ඩිප්ලෝමාලාභී සිසු සිසුවියන්ගේ දෙමව්පියන්, ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

“කාන්තා විමුක්තිය, පුරුෂාධිපත්‍ය සහ නූතන ජීවන රටාව සමඟ නුරා තවමත් අප අතර ජීවත් වේ“Art & Lifeමාර්තු සංකතනය (රූකඩ ගෙදර)
03/07/2026

“කාන්තා විමුක්තිය, පුරුෂාධිපත්‍ය සහ නූතන ජීවන රටාව සමඟ නුරා තවමත් අප අතර ජීවත් වේ“

Art & Life
මාර්තු සංකතනය (රූකඩ ගෙදර)

ඇන්ටන් චෙකොෆ්ගේ “චෙරිවත්ත“ ලාංකික ඌනිත අර්ථකථනයෙන් නිදහස් කර ගැනීම Art & Life පෙබරවාරි සංකතනය
03/07/2026

ඇන්ටන් චෙකොෆ්ගේ “චෙරිවත්ත“
ලාංකික ඌනිත අර්ථකථනයෙන් නිදහස් කර ගැනීම

Art & Life
පෙබරවාරි සංකතනය

26/06/2026
ආරාධනා ........!බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයසංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවශ්‍රී ලංකා කලා මණ්ඩලය සහර...
10/06/2026

ආරාධනා ........!

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා කලා මණ්ඩලය
සහ
රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරන

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ - 2025

2026 ජුනි මස 01 දින සිට 15 වෙනි දින දක්වා
ප.ව. 4.00 සිට
මරදාන ටවර් රඟහලේදී පැවැත්වේ.

මේ අවස්ථාවට සහභාගී වන මෙන් ඔබට
ගෞරවයෙන් ආරාධනා කරමු!

Address

TowerHall Theater Foundation, Sawsiripaya, Ground Floor No123,Wijerama Road
Narahenpita
07

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94112682324

Alerts

Be the first to know and let us send you an email when Tower Hall Theatre Foundation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Tower Hall Theatre Foundation:

Shortcuts

Share