18/02/2026
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මාතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලේ
================================
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් 2025 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් දේශිය ව්‍යවසායකයින් දේශිය හා ජාත්‍යන්තර වෙළදපොළ වෙත ප්‍රවේශ කිරීමට සහ ගෝලීය ව්‍යාපාරික ජාලයට සම්බන්ධ කිරීම අරමුණුකර ගනිමින් වැලිගම දී පවත්වන ලද Made in Sri Lanka වෙළද ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලීම හා 2026 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම මාතර දිස්ත්‍රික් ලේකම් / දිසාපති චන්දන තිලකරත්න මහතාගේ සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දී පැවැත්විණි.
මෙහි දී පසුගිය වසරේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සහ වැලිගම දී පවත්වන ලද Made in Sri Lanka වෙළද ප්‍රදර්ශනය සදහා සක්‍රියව දායකත්වය සැපයූ නිලධාරීන් ඇගයීම සිදු කරන ලදි.
මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසලක නානායක්කාර මහතා, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කාංචනා තල්පාවිල මහත්මිය, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ධනුක ලියනගම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.